සිංහල අක්ෂර වින්‍යාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න

සිංහල භාෂාව යනු මදක් සංකීර්ණ අක්ෂර වින්‍යාසයක් සහිත භාෂාවකි. ලේඛනයේදී නිවැරදි ලෙස අකුරු භාවිත කිරීම අක්ෂර වින්‍යාසයයි. මෙහිදී ප්‍රධානතම වෙනස්කම දක්නට ලැබෙන්නේ න, ණ, ල, ළ යන අක්ෂර භාවිතය පිළිබඳවයි. මෙම එක් අක්‍ෂරයක ඇතිවියහැකි වැරදි භාවිතයක් නිසා සම්පුර්ණ තේරුම වෙනස්විය හැක. එම නිසා සිංහල ලේඛනයේදී ඉතා ප්‍රවේසම් විය යුතුය.

පටුන

[සංස්කරණය] සිංහල වර්ණ මාලාව

සිංහල වර්ණ මාලාව යනු ස්වර සහ ව්‍යංජන සමග සිංහල භාෂාවේ සියලුම අක්ෂර හෝඩියයි.

Sinhala Warna Malawa

[සංස්කරණය] පිල්ලම්

සිංහල භාෂාවේ පිල්ලම්

[සංස්කරණය] ස්වර හෙවත් ප්‍රාණාක්ෂර

තනිව ශබ්ද කළහැකි අක්ෂර ස්වර නමවන අතර එම අකුරු හල් කළ නොහැකිය. මෙම අකුරු ලේඛනයේදී පණකුරු හෙවත් ප්‍රනාක්ෂර ලෙස හැඳින්වෙයි. සාමාන්‍යයෙන් ප්‍රනාක්ෂරයක් ප්‍රකෘති රුපයෙන් පදයක ආරම්භයේදී පමණක් භාවිතා කරයි. පදයක මැදින් එන ප්‍රාණාක්ෂරයක් ඇත්නම් එය මුලින් ඇති ගාත්‍රාක්ෂරය හා සංයුක්ත කිරීමෙන් සිංහල ලේඛනයේදී භාවිත කරයි.

[සංස්කරණය] පදයක ආරම්භයේ ප්‍රාණාක්ෂර යෙදීම

අ - අම්මා

ආ - ආච්චි

ඇ - ඇතා

ඌ - ඌරා

උ - උයන

ඉ - ඉම

[සංස්කරණය] ව්‍යංජනාක්ෂර හෙවත් ගාත්‍රාක්ෂර

තනිව උච්චාරණය කළ නොහැකි අක්ෂර ව්‍යංජනාක්ෂර නම් වේ. එම අක්ෂර උච්චරනයෙදී ස්වර අක්ෂරවල උපකාරය අවශ්‍ය වේ. ලිවීමේදී සාමාන්‍යයෙන් ව්‍යන්ජනාක්ෂරයක් හල් අකුරක් ලෙස පිහිටයි.

[සංස්කරණය] මුර්ධජ "ණ" කාරය සහ දන්තජ "න" කාරය

1. මාතෘ භාෂාගත වචන වල "ර" කාරයට පසුව සැමවිටම යෙදෙන්නේ මුර්ධජ "ණ" කරයි.

උදාහරණ: පරිහරණය, කාරණය, තරණය, තරුණයා

2. "ර" කාරය වෙනුවට යෙදෙන රකාරාංශය හි දී ද "ණ" යොදාගනියි.

උදාහරණ : මන්ත්‍රණ, ප්‍රණාම, සංකීර්ණ, ශ්‍රේණිය, ප්‍රාණවාචී

3. වර්තමානයේදී "ර" කාරයට පසුව "ණ" කාරය යෙදෙන්නේ නාම පදවල සහ විශේෂණ පද වල පමණි. ක්‍රියාපද වලදී, "ර" කාරයට පසුව දන්තජ "න' යොදා ගනියි.

උදාහරණ : මෝරනවා, කනවා, අසුරනවා, හදාරනවා, දුවුරනවා

[සංස්කරණය] මුර්ධජ "ළ" කාරය සහ දන්තජ "ල" කාරය

  • 'පිළි' යන උපසර්ග පදය සැමවිටම "පිළි" යන්නෙහි "ළි" මුර්ධජ වේ.

පිළිමය, පිළිබඳ, පිළිරුව, පිළිගත්, පිළිතුර, පිළිවෙල, පිළිකුල්

  • මුර්ධජ "ළ" කාරය බොහෝවිට පදයක ආරම්භයේදී යොදා ගනියි. තවද මෙම අක්ෂරය කිසිවිටෙක 'හල්' නොකරයි.
  • 'ර' කාරයෙන් සෑදෙන අතීත කාල ක්‍රියා වල කෘදන්ත රූප වල 'ර' කාරය වෙනුවට බොහෝවිට මුර්ධජ 'ළ' කාරය යෙදෙයි

කර - කරයි = කළේය/කළෝය

මතුර - මතුරයි = මතුළේය

හදාර - හදාරයි = හදාළෝය

ගුගුර - ගුගුරයි = ගුගුළෝය

[සංස්කරණය] ස, ශ, ෂ අක්ෂර භාවිතය

[සංස්කරණය] තවද බලන්න

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න