සාකච්ඡාව:සිංහල භාෂාව
මම හිතන්නේ මේක අපේ සිංහල භාශාවට ලොකු ශක්තියක් කියලා.
"අඩවියෙන් බැහැර පිටු" යටතේ ඇති පරිගණක යෙදුම් (applications) හා සබැඳි යොමු (links) වෙනම පිටුවකට (සිංහල පරිගණක යෙදුම්) ගෙන යාම සුදුසු බව පෙනේ. ඒවා සිංහළ බස ගැන වන මෙම ප්‍රධාන පිටුවට නොගැලපෙන බව මගේ හැඟීමයි. (මේවන විට ඇති ඒවා අලුත් පිටුවට පිටපත්ද කළෙමි.) --Damithsenaratne 06:43, 26 May 2007 (UTC)
[සංස්කරණය] අක්ෂර වින්‍යාස දෝෂ බහුලයි!
සිංහල භාෂාවෙන් ඇති බොහෝ ලිපි වල අක්ෂර වින්‍යාස දෝෂ බහුලව දක්නට ලබේ.
මීට එක් හේතුවක් ලෙස මා දකින්නේ කොම්බුව වැනි කොටස් (ෙ, ේ, ෛ, ො, ෝ, ෞ) ප්‍රාණාක්ෂරයට පසුව නොයොදා, එය අකුරට පෙර අතුලු කිරීමයි.
(මේවා අකුරට කලින් දිස් විය මුත් ටයිප් කළ යුත්තේ අකුරට පසුවයි)
උදා :-
ෙ + ම → ෙම X
ම + ෙ → මෙ √
ෝ + ස → ෝස X
ස + ෝ → සෝ √
Akila DJ - අදජ
අදජ - Akila DJ
අඛිල දජ - ADJ
[සංස්කරණය] කල් ඉකුත් වූ සැබැඳි
මෙම ලිපියේ තැනින් තැන කල් ඉකුත් වූ සබැඳි තිබීම මා නිරීක්ෂණය කළා. පරිගණකයේ භාවිතාකරණ සිංහල වචන (The Sinhala Word Site) එවැන්නක්. යවත්කාල් කළ යුතු සබැඳි/ සබැඳි ලැයිස්තු ගැන යමක් සාකච්ඡා කරමු ද? --සමීර ශාකුන්තල | Sameera Shaakunthala 08:39, 3 මැයි 2010 (යූටීසී)