ද්වාරය:නවීන විද්‍යාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ද්වාරය:විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න


මුල් පිටුව අදාළ ප්‍රවර්ග හා
ප්‍රධාන මාතෘකා
ද්වාර හා විකිව්‍යාපෘති ඔබට කළහැකි දේ

විද්‍යාව ද්වාරය

Icon

නවීන විද්‍යාව හෙවත් බටහිර විද්‍යාව යනු සාක්ෂි සහිතව ගොඩනැගූ/ගොඩනගන ඕනෑම දැනුම් සම්භාරයක එකතුවකි. එනම් විද්‍යාව සෑදී ඇත්තේ ග්‍රහණය කරගත හැකි කරුණු සහ පරීක්ෂණ මත පදනම් වීමෙනි. සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් නැත්නම් විශ්වය පිලිබදව කරන ගවේශණයෙන් ලබාගන්නා දැනුමයි. විද්‍යාත්මක දැනුම රැස් කිරීමේදි පිලිපදින්නේ විද්‍යාත්මක ක්‍රමයයි. එබැවින් විද්‍යාව උත්ස්වාභාවික සිද්ධීන් මඟහරී.

විද්‍යාව මූලික වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන්කරයි. එනම්,

  • ඔප්පු කරනලද විද්‍යාව
  • උපකල්පන විද්‍යාව

විද්‍යාත්මක උපකරන උපයෝගි කරගෙන පරියේෂණ මගින් ඔප්පුකරගත් දෑ පලමු වර්ගයට අයත් වේ. උපකල්පන විද්‍යාව යන්න ඔප්පු කරන ලද දෑ නොවේ. ඒවා උපකල්පනයන් පමණි. මේවා කාලයත් සමග සත්‍ය වීමටද හැක, අසත්‍ය වීමටද හැක. උදාහරණයක් මෙම පෘථිවිය ගෝලාකාරයි යන්න ඔප්පුකල දෙයකි එය පලමු වර්ගයට අයත්වේ. මෙම විශ්වය බිහිවුයේ කෙසේද? එහි වයස කීයද? යන්න පැවසීම ඔප්පුකල දෙයක් නොවේ විශ්වයේ බිහිවීම පිලිබදව පැවසීමේදී. ආරම්භයේ නෙබියුලා “Nebulae” යයි පවසන ආකාරයේ පැවතී වස්තුව පිපිරීම නිසා තරු බිහිවු බවත්, එම තරු පිපිරීමෙන් ග්‍රහ වස්තු බිහිවු බවත්, එම ග්‍රහයේ උපග්‍රහයන් වන චන්ද්‍රයන් බිහිවු බවත්, පවසන ලදී. පසුව මෙය සම්පුර්ණයෙන් වැරදි බවත් ග්‍රහයින් සුර්යයා ඇති නොවු බවත් සුර්යයාත්, ග්‍රහයිනුත්, චන්ද්‍රයාත් සහා අනිකුත් ග්‍රහ වස්තුන් සියල්ල එකවිට ඇතිවු බව පවසන ලදී. මෑතක් වනතුරු පැවසුවේ ″විශ්වය සදාකල් පැවතුනු බවත් ඉදිරියටත් එසේම සදාකල් පවතින බවත්ය″ මෙය නොසැලෙන අවස්ථාවාදය “Steady state theory” නමින් හැදින්විය. පසුව එය ප්‍රතික්‍ෂේප කොට මහා පිපිරුම් වාදය “Big bang theory” ඉදිරිපත් කරන ලදී. මේ වනතුරු මෙම වාදයන් ඔප්පුකොට නැත. මේවා උපකල්පනයන් පමණි. මෙය දෙවනි වර්ගයට අයත්වේ.

තෝරාගත් ලිපිය

Carbon nanotube
නැනෝ තාක්ෂණය 1959 දී රිචඩ් ෆෙමන් නම් භෞතික විද්‍යාඥයා හ‍රහා ආරම්භ විය. ඔහු ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබුවේය.

කුඩා බව, වේගවත් බව හා ලාභදායිකම නිසා නැණෝ තාක්‍ෂණය ලොව පුරා ජනප‍්‍රියව පවතී. නැණෝ මීටරය එහි වූ මිණුම් දණ්ඩයි.

අප හඳුනන මීටරයකින් බිලියනයකින් එක් කොටසක් වූ නැණෝ මීටරයක විෂ්කම්භය අපගේ කෙස් ගසක විෂ්කම්භයට වඩා 50,000 වාරයකින් කුඩා ය. නැණෝ අංශුවක් එල්ලේ ක‍්‍රීඩා කරන පන්දුවක් සමඟ සසදා බලන්නේ නම් එල්ලේ පන්දුව නැණෝ අංශුව මෙන් 107 වාරයක් (10,000,0000) විශාලය.

ප‍්‍රමාණය එසේ වුවද, නැණෝ තාක්‍ෂණික නිමැයුම් හා ද්‍රව්‍ය ගැන සලකා බැලීමේ දී, ඒවායේ වු සැහැල්ලූ බව, ශක්තිමත් බව, විනිවිදභාවය සහ කි‍්‍රයාශීලිභාවය, ඉක්මන් ප‍්‍රතික‍්‍රියාකාරීභාවය වැනි ගුණාංග සහ වෙනත් ද්‍රව්‍ය හා මිශ‍්‍ර කිරීමෙන් පසු එකී ද්‍රව්‍යයන්ට ලබාදෙන අතිමහත් ශක්තිය හා කර්යක්‍ෂම බව නැණෝ තාක්‍ෂණය කෙරේ ලෝකයේ ම අවධානය යොමු වීමට හේතු විය.

තෝරාගත් රූපය

කළු කුහර

කළු කුහරයක් යනු කිසිදු පදාර්ථයකට මෙන්ම ආලෝකයට පවා පිටවිය නොහැකි අභ්‍යවකාශයේ ප්‍රදේශයකි. එය ඉතාමත් ඝන වූ ස්කන්ධයක් විසින් අවකාශ-කාල විරූපී කිරීමේ ප්‍රතිඵලයකි. කළු කුහරය වටා පවතින්නේ හඳුනා ගත නොහැකි, event ක්ෂිතිජය යනුවෙන් හැඳින්වෙන, නැවත නොපැමිනී‍මේ සීමාව ලකුණු කරන මතුපිටයි. එය කළු ලෙස හඳුන්වන්නේ එය මතට පතිත වන සියළු ආලෝකය නැවත පරාවර්ථනය නොකර සම්පූර්ණයෙන් උරා ගන්නා නිසාය (thermodynamics වල එන black body වැනිය). ක්වොන්ටම් විද්‍යාවට අනුව කළු කුහර, සීමිත උෂ්ණත්වයකින් යුතු වස්තුවක් මෙන්, හෝකින් කිරණ විහිදුවයි. මෙම උෂ්ණත්වය කළු කුහරයේ ප්‍රමාණය අනුව අඩු වන බැවින් විශාල ස්කන්ධයකින් යුතු කළු කුහර නිරීක්ෂණය කිරීම අපහසුය.

එය අදෘශ්‍ය වුවත්, වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා මගින් කළු කුහර හඳුනාගත හැකිය. අවකාශයේ ප්‍රදේශයක් වටා පරිභ්‍රමණය වන තරු පොකුරක චලන රටා අධ්‍යනය කිරීමෙන් කළු කුහරයක පිහිටීම හඳුනාගත හැකිය. එමෙන්ම, තරු යුග්මයකින් විශාල කළු කුහරයකට පදාර්ථය ඇදගන්නා විට, එම වායු සර්පිලාකිරව හැඩගැසී, අධි උෂ්ණත්වයකට භාජනය වී නිකුත් කරන විකිරණය, ප්‍රථිවි-ගත දුරෙක්ෂක මගින් හඳුනාගත හැක.

තාරකා විද්‍යාඥයින් විසින් කළු කුහර තිබිය හැකි ස්ථාන විශාල ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර, චක්‍රාවාට ම්‍ධ්‍යයේ supermassive කළු කුහර පැවතිය හැකි බවට සාධක සොයාගෙන ඇත.

විද්‍යා ප්‍රවෘත්ති

  • නැනෝ විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ආයතනය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අතින් විවෘත විය.
  • ශ්‍රී ලංකාවේ පළමු නැනෝ තාක්ෂණ ආයතනය හෝමාගම පිටිපන අක්කර පනහක භූමි භාගයක පිහිටා තිබේ.
  • කොළඹ විශ්ව විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය කේ.එම්.නලින් ද සිල්වා නැනෝ තාක්ෂණ ආයතනයේ විද්‍යා අංශයේ ප්‍රධානියායි.

තෝරාගත් චරිතාපදානය

ඇල්බට්‍ අයින්ස්ටයින්
ඇල්බට්‍ අයින්ස්ටයින් ජර්මනියේ උපත ලද සෛද්ධාන්තික භෞතිත විද්‍යාඥයෙක් විය. ඔහු සිය සාපේක්ෂතා වාදය හා ස්කන්ධ - ශක්ති තුල්‍යතාව ( E = mc2) සඳහා වඩාත් ප්‍රසිද්ධ ‍වී ඇත. අයින්ස්ටයින් “ඔහුගේ සෛද්ධන්තික භෞතික විද්‍යාව සදහා වු සේවය හා විශේෂයෙන්ම ප්‍රකාශ විද්‍යුත් ආචරණ නියම වල සොයා ගැනීම්‍” නිසා 1921 දී භෞතික විද්‍යාව සදහා වු නොබෙල් තග්‍යායෙන් පිදුම් ලැබීය.

යාන්ත්‍ර විද්‍යාව සහ විද්‍යුත් චුම්භකත්වය නැවත සම්බන්ධ කරමින් ඉදිරිපත් කළ විශේෂ සාපේක්ෂතාවාදය සහ නව ගුරුත්වාකර්ෂණ වාදයකට නිර්මාණය කරමින් සාපේකෂතාවාදී මූලධර්ම ඒකාකාරී නොවන චලිතවලට ද අදාල කරමින් ඉදිරිපත් කළ සාමාන්‍ය සාපේක්ෂතාවාදය ද භෞතික විද්‍යාවට අයින්ස්ටයින් දැක්වු ප්‍රධාන දායකත්වන් වේ. ඔහුගේ අනෙකුත් දායකත්වයන් අතරට සාපේක්ෂවාදී තාරකා විද්‍යාව, විශ්ව න්‍යාය විද්‍යාව, කේශික ක්‍රියාව, අවධි උපලනය, ස්ථිතිමය යාන්ත්‍ර විද්‍යා‍වේ ගැටළු හා ඒවායේ ක්වොන්ටම්‍විද්‍යාත්මක යෙදීම්‍, අණුක බ්‍රවුනිය චලිතය පිළිබඳ විවරණය, සංක්‍රමණ සම්‍භාවිතාව, ඒක පරමාණුක වායු පිළිබඳ ක්වොන්ටම්‍වාදය, අඩු විකිරණ ඝනත්වයක් සහිත ආලෝකයේ තාප ගුණ (මෙය ෆෝටෝන වාදයයට මුලික පදනම විය) උත්තේජිත විමෝචනය ඇතුලත් විකිරණ වාදය, ඒකීකෘත ක්ෂේත්‍රවාද සංකල්පය, භෞතික විද්‍යා‍වේ ජ්‍යාමිතිකකරණය ආදිය අයත්ය.

ඔබ දන්නවාද...

1903 Shape of Red Blood Cells.jpg
  • තත්පරයකට රතු රුධිරාණු සෛල මිලියන 15ක් නිපදවීමට මිනිස් සිරුර සමත්ය.
  • දිනකට 50
    Lion waiting in Namibia.jpg
    වතාවක් සංසර්ගයේ යෙදෙන්නට සිංහයාට හැකියාවක් ඇත්තේය.
  • පැස්බරාගේ ඇස උගේ මොළයට වඩා විශාලය.
  • මිනිසුන් සදහා නිශ්පාදනය කළ උපත් පාලන පෙති ගෝරිල්ලන් සදහාද භාවිතා කළ හැකිය.
  • ගොළුබෙල්ලාට එක දිගට අවුරුදු 3ක් නිදාගන්නට හැකියාව ඇත.
  • මිහිමත ඇති විශාලතම වන උද්‍යානය ලෙස
    Greenland National Park locator map.svg
    සැලකෙන්නේ, ග්‍රීන්ලන්තයේ ඊසානදිග පිහිටි Greenland Park ය. වර්ග සැතපුම් 375,000ක් ඉක්මවන භුමි භාගයක පිහිටි මේ උද්‍යානය කැලිෂෝනියා ප්‍රාන්තය මෙන් දෙගුණයක් විශාල යැයි ගණන් බලා ඇත.
  • සෑම දිනකම ලොවපුරා දරු උපත් 400,000ක් සිදුවේ. එමෙන්ම, ලොවපුරා සෑම දිනකම 140,000ක මරණ සංඛ්‍යාවක් සිදුවේ.
  • එක් කණක් තුල 32 බැගින්, බළලෙකුගේ කන් යුගලය තුල මාංශපේශි 64ක් පිහිටා ඇත.
Siberischer tiger de edit02.jpg
  • ව්‍යාඝ්‍රයන්ට ඇත්තේ රටාවකට ඉරි වැටුනු සමක් මිස, එසේ ඉරි වැටුනු ලෝම වැටියක් නොවේ.
 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

Purge server cache

"http://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:නවීන_විද්‍යාව&oldid=319626" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි