කෘෂ්ණ වස්තු

විකිපීඩියා වෙතින්
උෂ්ණත්වය අඩුවත්ම, කෘෂ්ණ-වස්තු විකිරණ වක්‍රයන්හී මුදුන්, අඩු තීව්‍රතාවයන් හෝ විශාල තරංග ආයාමයන් වෙත ගමන් කරයි. කෘෂ්ණ-වස්තු විකිරණ ප්‍රස්තාරයක් රේලෙ සහ ජීන්ස් සම්භාව්‍ය ආකෘතීන් හා සමග සසඳනු ලැබේ.

කෘෂ්ණ වස්තුවක් යනු එය මත පතිත සියළු විද්‍යුත්චුම්බක විකිරණ, ඒවායේ සංඛ්‍යාතය හෝ පතන කෝණය නොසලකමින්, අවශෝෂණය කරන පරිපූර්ණ භෞතික වස්තුවකි.

තාජන සමතුලිතතාවයක (එනම්, නියත උෂ්ණත්වයක පැවතීම) පවතින කෘෂ්ණ වස්තූන්, කෘෂ්ණ වස්තු විකිරණ නම්වූ විද්‍යුත්චුම්බක විකිරණ විමෝචනය කරයි. මෙම විකිරණ විමෝචනය සිදුවන්නේ ප්ලෑන්ක්ගේ නියමය අනුව වන අතර, එයින් ගම්‍ය වන්නේ, වස්තුවෙහි හැඩය හෝ සංයුතිය අනුව නොව, එහි උෂ්ණත්වය අනුව පමණක් තීරණය වන වර්ණාවලියක් සහිතව (දකුණෙහි ඇති රූපය බලන්න) බවයි.

තාපජ සමතුලිතතාවයෙහි පවතින කෘෂ්ණ වස්තුවක් සතුව සංගණ්‍ය ගුණාංග දෙකක් ඇත:[1]

  1. එය පරිපූර්ණ විමෝචකයකි: එම උෂ්ණත්වයෙහිම පවතින වෙනත් කිසියම් වස්තුවකට වඩා, සෑම සංඛ්‍යාතයකදීම, වඩාත් ප්‍රමාණයක ශක්තිය එය විසින් විමෝචනය කරයි.
  2. එය විසිරි විමෝචකයකි: ශක්ති විකිරණය සිදු වන්නේ සමාවර්තනිකව වන අතර, දිශාවෙන් ස්වායත්තව වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

උපන්‍යාස[සංස්කරණය]

  1. මහමුඩ් මසූඩ් (2005). "§2.1 බ්ලැක්ඩොඩි රේඩියේෂන්". ඉන්ජිනියරිං තර්මොෆ්ලුයිඩ්ස්: තර්මොඩයිනමික්ස්, ෆ්ලුයිඩ් මිකැනික්ස්, ඇන්ඩ් හීට් ට්‍රාන්ස්ෆර්. ස්ප්‍රින්ගර්. p. 568. ISBN 3-540-22292-8.
"https://si.wikipedia.org/w/index.php?title=කෘෂ්ණ_වස්තු&oldid=268010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි