ආලෝකය
|
|
මෙම ලිපිය අසම්පූර්ණ වෙයි. |
ආලෝකය නොහොත් දෘෂ්‍ය ආලෝකය යනු විද්‍යුත් චුම්බක වර්ණාවලියේ මිනිස් ඇසට සංවේදී වන තරංග පරාසයයි. මෙම තරංග නිසා දෘෂ්ටිය නම් සංවේදනය ඇති වේ. දෘෂ්‍ය ආලෝකයේ තරංග ආයාමය නැනෝමීටර 380 හෝ 400 සිට නැනෝමීටර 760 හෝ 780 දක්වා විහිදෙයි. ඒ අනුව එය ටෙරාහර්ට්ස් 405 සිට 790 පමණ වූ සංඛ්‍යාත පරාසයක පිහිටයි. කෙසේ වෙතත් භෞතික විද්‍යාවේදී ආලෝකය යන වදන දෘෂ්‍ය ආලෝකය මෙන් ම ඒ දෙපස ඇති මිනිස් ඇසට සංවේදී නොවන අධෝරක්ත සහ පාරජම්බුල තරංග කලාප සඳහා ද යෙදේ.
තීව්‍රතාවය, සම්ප්‍රේෂණ දිශාව, සංඛ්‍යාතය හෝ තරංග ආයාමය, ධ්‍රැවීකරණය යන රාශි ආලෝකයේ ප්‍රධාන ලාක්ෂණික වේ. රික්තයකදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් වේ.
ආලෝකය අවශෝෂණය සහ විමෝචනය වන්නේ ෆෝටෝන නමින් හැඳින්වෙන ශක්ති පැකැට්ටු ලෙස ය. ආලෝකය තරංගමය ලක්ෂණ මෙන් ම අංශුමය ලක්ෂණ ද පෙන්වයි. මෙම හැසිරීම තරංග-අංශු ද්වෛතය ලෙස හැඳින්වේ. ආලෝකයේ හැසිරීම පිළිබඳ ප්‍රකාශ විද්‍යාවේ දී හැදෑරේ.