ස්නායු පද්ධතිය
| ස්නායු පද්ධතිය | |
|---|---|
| මිනිසාගේ ස්නායු පඬතිය |
මිනිස් ස්නායු පද්ධතිය දල ආකාරයෙන් ද (පියවි ඇසින් දැකිය හැකි කොටස්) සහ ක්ෂුද්‍ර ආකාරයෙන් ද, (සෛල මට්ටමින් ද) ගවේෂණය කළ හැක. දළ ව්‍යුහය අනුව ස්නායු පද්ධතිය වෙන වෙනම ඉන්ද්‍රියවලට කාණ්ඩ කළ හැක. මේවා ඇත්තෙන්ම ස්නායු පථ මාර්ගයේ එක් එක් මං සන්ධි වේ. මධ්‍ය හා පර්යන්ත ස්නායු පද්ධතිය ලෙස මෙය ඉගෙනීමේ පහසුව තකා තැන අනුව වර්ග කෙරේ. මධ්‍ය ස්නායු පද්ධතිය, ස්නායු පද්ධතියේ විශාලතම කොටසයි. මොළය හා සුෂුම්නාව අඩංගුය. කපාල කුහරය තුළ (මොළය අඩංගු) හා සුෂුම්නාව අඩංගු සුසුම්නා කුහරය තුල මධ්‍ය ස්නායු පද්ධතිය අඩංගුය. මෙනින්ජි පටල මඟින් ආවරණය වන මධ්‍ය ස්නායු පද්ධති කාපලය මඟින් මොළය ද කොදු ඇට මඟින් සුෂුම්නාව ද ආරක්ෂා වේ. එක්ව ක්‍රියා කළ හැකි පද්ධති ගණනාවකට මිනිස් ස්නායු පද්ධතිය සම්බන්ධ වේ.
සැකැස්ම [සංස්කරණය]
ස්නායු පද්ධතියේ මූලික තැනුම් ඒකකය ස්නායු සෛල හෙවත් නියුරෝන වේ. නියුරෝන ප්‍රධාන කොටස් තුනකි.
- සංවේදක නියුරෝන
- සංවේදී ඉන්‍ද්‍රීයවල සිට මධ්‍ය ස්නායු පද්ධතිය දක්වා ආවේග යැවේ.
- චාලක නියුරෝන
- මධ්‍ය ස්නායු පද්ධතිය සිට කාරක වෙත ආවේග යැවේ.
- අන්තර් මධ්‍ය නියුරෝන
- අන්තර් මධ්‍ය හා සංවේදක නියුරෝන අතර ආවේග සම්ප්‍රේෂණයට උපයෝගී වේ.
මධ්‍ය ස්නායු පඬතිය [සංස්කරණය]
මධ්‍ය ස්නායු පඬතිය යනු මොළය හා සුෂුම්නාවයි. ඇස, කන, නාසය, දිව, සම යන සංවේදී ඉන්‍ද්‍රීයයන්ගෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග කෙළින් ම එම ඉන්‍ද්‍රීයවල සිට මොළයට ලැබේ. සමෙන් ලැබෙන උත්තේජ පිළිබඳ ආවේග ප්‍රථමයෙන් සුෂුම්නාව වෙත යැවෙන අතර ඉන්පසු සුෂුම්නාවේසිට මොළය වෙත යැවේ. ශරීරයේ විවිධ අවයවවල ක්‍රියාකාරීත්වය පාලනය කරනුයේ මධ්‍ය ස්නායු පඬතිය මගින් වන අතර හිස් කබලේ කපාලය තුළ මොළය ද කශේරුව තුළ සුෂුම්නාව ද ආරක්‍ෂිතව පවතී.
මොළය හා සුෂුම්නාව වටා ආරක්‍ෂිත ආවරණ තුනකි.
- වරාශිකාව (බාහිර ආවරණය)
- ජලාකාර පටලය (අතර මැද ආවරණය)
- වීනාංශුකාව (අභ්‍යන්තර ආවරණය)
පර්යන්ත ස්නායු පද්ධතිය [සංස්කරණය]
මධ්‍ය ස්නායු පද්ධතියට අයත් නොවන අන් සියලු කොටස් පර්යන්ත ස්නායු පද්ධතියට අයත්ය. මෙහි බොහෝ කොටස් ස්නායු ලෙස හඳුන්වයි. ඇත්ත වශයෙන්ම මෙය ස්නායු සෛලවල ඇකිසෝන දිගු වේ.