එස්පෙරාන්තො
| එස්පෙරාන්තො | ||
|---|---|---|
| එස්පෙරාන්තො කොඩිය | ||
| Created by | L. L. Zamenhof | |
| Date founded | 1887 | |
| Setting and usage | International auxiliary language | |
| කතා කරන ජනගහනය | Native: 200 to 1000 (1996, est.); (# fluent: unknown) | |
| Category (purpose) | constructed language
|
|
| Category (sources) | Vocabulary from Romance and Germanic languages; phonology from Slavic languages | |
| Regulated by | Akademio de Esperanto | |
| භාෂා සංකේත | ||
| ISO 639-1 | eo | |
| ISO 639-2 | epo | |
| ISO 639-3 | epo | |
| Linguasphere | ||
| Note: This page may contain IPA phonetic symbols in Unicode. | ||
එස්පෙරාන්තො (උදවු·info) (Esperanto) යනු වඩාත්ම ප්‍රචලිත, මිනිසුන් විසින් නිර්මිත ජාත්‍යන්තර උපකාරක භාෂාවයි.එයට එම නම දෙන ලද්දේ එල්. එල්. සාමෙන්හොෆ් විසිනි. ඔහු 1887 දී උනූඅ ලිබ්රෝ නම් එස්පෙරාන්තො විස්තර කරන ප්‍රථම පොත දොක්තොරො එස්පෙරාන්තො යන අන්වර්ථ නාමයෙන් පළ කළේය.එම භාෂාවෙන්ම එස්පෙරාන්තො යන්නෙහි තේරුම "බලාපොරොත්තුවන්නා" යන්නයි. මෙම භාෂාවෙහි නිල නාමය "ලා ඉන්තෙර්නාත්සියා ලින්ග්වෝ" (La Internacia Lingvo) යන්නයි. ජාත්‍යන්තර අවබෝධයට සහ සාමයට ආධාර වන විශ්ව දෙවන භාෂාවක් ලෙස ක්‍රියාකරන දේශපාලනිකව මධ්‍යස්ථ සහ ඉගෙනීමට පහසු භාෂාවක් නිර්මාණය කිරීම සමෙන්හොෆ්ගේ ඉලක්කය විය. ස්වභාෂාව ලෙස එස්පෙරාන්තො භාවිතා කරන්නෝ දළ වශයෙන් දහසක් පමණ සිට්ති. එනම් තම දෙමව්පියන්ගෙන් එක් ස්වභාෂාවක් ලෙස එස්පෙරාන්තො උගත් අයයි. චතුර ලෙස එස්පෙරාන්තො භාවිතා කරන්නන් සංඛ්‍යාව කොතෙක්දැයි මතභේදයක් පවතී. ඇස්තමේන්තු කිරීම් 10,000 සිට මිලියන දෙකක් වැනි ඉහළ අගයක් දක්වා විහිදේ. එස්පෙරාන්තො භාවිතා කරන්නෝ රටවල් 115ක පමණ පැතිරී සිටිති.