අග්නි (දෙවියන්)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Agni god of fire.jpg


පෘථිවිය

හින්දු ආගම - (තත්ව) සහ බුද්ධාගම - (මහා භූත) පෘථිවි/ භූමි - පෘථිවිය

ආප්/ජල ආකාශ අග්නි/තේජ ජලය අහස ගින්දර වායු/ පවන් / වාතය වාතය

ජපන් භාෂාව (ගොදයි)

පොළව ජලය වාතය ගින්දර අහස

චීන (වූ ක්ෂිංග්)

ජලය ඝණ වස්තු පෘථිවිය කැලය ගින්දර

අග්නි = යනු හින්දු සහ වෛදික දෙවියෙකි. අග්නි යන සංස්කෘත වචනයෙහි තේරුම ගින්දර යන්නයි. ලතින් බසින් 'ඉග්නිස්' (ignis) (ඉංග්රීසි ignite) යන්නෙන් බිඳී ආවකි. රුසියන් බසින් ඔගොන් (ogon) සහ ඇගොන් සහ ඔග්නි. අග්නි, ආකාර 3 කින් යුක්තය. ගින්දර, අකුණු සැර, හා හිරු වශයෙනි.

වෛදික දෙවිවරුන් අතර "අග්නි" දෙවියන්ට ඉතා වැදගත් තැනක් හිමි වේ. ඔහු ගින්දරට අධිපති දෙවියාය.බිලි පුද පූජා භාර ගන්නෙකි. අග්නි දෙවියන්ට කරන පුද පූජාවන් අනෙකුත් දෙවියන් කරා යොමු වෙයි. ඒ කෙසේදැයි කිවහොත් අග්නි, අනෙකුත් දෙවියන් අතරේ පණිවුඩ හුවමාරු කරන්නාය. ඔහු සදාකාලිකවම තරුණය. එමෙන්ම අමරණීයය.එයට හේතුව අග්නි හෙවත් ගින්දර සෑම දිනකම දැල්වෙන හෙයිනි.

පුරාණ වෛදික ගිනි දෙවියා ඇදහීමේ සිට වර්තමානයේ පවතින හින්දු ආගම දක්වා අග්නි දෙවිඳු ඇදහීමේ සිරිත අඛණ්ඩව පැවතෙන්නේය. ඝර්ෂණය කිරීමෙන් ගින්දර ලබා ගැනීම සඳහා කෝවිල්වල තිබෙන පූජනීය වස්තුවක් ලෙස සැළකෙන ගිණි තොරපනය නම් උපකරණය (අග්නි දෙවිඳුගේ දෛනිකව සිදු වන උපත සංකේතවත් කරමින්) කෝවිල්වල තවමත් ප්රයෝජනයට ගැනේ.




විස්තර දැක්වීම[සංස්කරණය]

හින්දු කලාවෙහි අග්නි දෙවියන් චිත්රණය කර ඇත්තේ අත් දෙකක් හෝ හතක් ද, හිස් දෙකක්ද, පාදයන් තුනක්ද, ඇත්තෙකු ලෙසිනි. සෑම හිසක්ම භයංකර දිවවල් හතකින් යුත්කය. එම දිවවල් වලින් කෙරෙන්නේ පූජා කරන ලද ගිතෙල් ලෙව කෑමයි. ඔහු බැටලුවෙකු තම වාහනයලෙස යොදා ගනී. නැතහොත් කෝපාග්නියෙන් දැවෙන අශ්වයින් යෙදූ රථයක් යොදා ගනී. ඔහු පොරවක්, ගිනි පන්දමක්, පබලු මාලයක්, ගිනි ඇවිලුනු හෙල්ලක් ද, සංකේතවත් කරන්නේය.

රතු පාටින් සහ හිස් දෙකක් ඇත්තෙකු ලෙස අග්නි නිරූපණය වන්නේ ඔහු සතුව පවත්නා විනාශ කිරීමේ බලය හා ගුණවත්කම ද පෙන්නුම් කරමිනි. ඔහු කළු පැහැති දෙනෙත් සහ හිසකේ ද, පාද තුනක් සහ අත් හතක් ඇත්තෙකු ලෙස ද නිරූපිතයි. ඔහු බැටලුවෙකු පිට හෝ එළුවන් හෝ කලාතුරකින් ගිරවුන් යෙදූ රථයක ගමන්කරයි. ඔහුගේ සිරුරෙන් ආලෝක කිරණ හතක් නිකුත් වෙයි. ඔහු "සප්ත ජිව්හා" යන නමින්ද හැඳින්වේ. එහි තේරුම දිවවල් හතක් ඇත්තා යනුයි.

වෙනත් විශ්වාසයන් හා ආගම් තුළ අග්නි[සංස්කරණය]

ඉන්දු - ටිබෙට් බුද්ධාගමේ ඔහු ගිණිකොන දිග ආරක්ෂා කරන 'ලෝකපාලකයාය.' "ජිග්ටෙන් ලග්ස්කයිබ්ස්ටන් බ්කොස් - jigten lugs kyi bstan bcos යන පාඨයෙහි තේරුම "ඔබේ උදුන ඔබේ නිවසේ ගිණිකොන දෙසින් පිහිටුවන්න. එය අග්නි වෙනුවෙන් වූ ස්ථානයයි" යනුවෙනි. ඔහු බෞද්ධ "හෝම" නම් ගිනි පූජා පිළිවෙත්හි ප්රධාන භූමිකාවක්ද රඟ දක්වයි.

"http://si.wikipedia.org/w/index.php?title=අග්නි_(දෙවියන්)&oldid=250002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි