ඉන්දු නිම්න ශිෂ්ටාචාරය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිරතිබූ ප්‍රදේශය

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය යනු ඉන්දු ගං නිම්නයේ වැජඹුන ඓතිහාසික ශිෂ්ටාචාරයක්. එය වර්තමාන පකිස්ථානයේ සින්ද් ප්ර දේශයේ සිට බටහිර බලාචිස්ටන් පලාතටත්, ඊසාන දිගින් සහ බටහිරින් ඉන්දියාවටද මායිම් . ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ නශ්ටාවශේෂ වර්තමාන ඇෆ්ගනිස්ථානයේ හා ඉරානයේ දකින්න පුළුවන. මෙම ශිෂ්ටාචාරයේ පරිනත කොටස හරප්පන් ශිෂ්ටාචාරය ලෙස හඳුන්වයි. මෙහි පළමු නගරයේ කැණීම් පටන් ගත්තාට පසු හරප්පා කැණීම් 1900 සිට සිදුවූ අතර වර්තමාන වැදගත් සොයා ගැනීම් 1999දී සිදුකෙරුණි. මෙම ශිෂ්ඨාචාරය ඉන්දු ගඟ හක්රා ශීෂ්ඨාචාරය හා ඉන්දු සරස්වතී ශිෂ්ඨාචාරය යනුවෙන්ද හඳුන්වයි. එසේ හඳින්වීමට හේතු වී ඇත්තේ සෘග් වේදයේ සරස්වතී නදිය යනුවෙන් සඳහන් වන නිසා විය හැක. නමුත් මෙය භූගෝලත්මකව හා වාග් විද්‍යාත්මක තර්කයට හේතු වෙයි.

කාල වකවානු[සංස්කරණය]

කැණීම් වලින් මතුකරගත් මොහෙන්ද‍ජාරෝ හි නටබුන්- "මහා නාන තටාකය රුපයේ ඉදිරියෙන්

හරප්පන් ශිෂ්ටාචාරයේ පරිනත කොටස වසර 2600 සිට ක්රිත.පූ. 1900 දක්වා පැවතුන පූර්ව හරප්පන් සහ පසු හරප්පන් යන පූර්වික සහ අනුප්රාතප්තික සංස්කෘතීන් දෙකත් සමග ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කාලගත කිරීම සඳහා අවධිය සහ යුගය යන නියම දෙකක් භාවිතා කරන ලදී. පූර්ව හරප්පන්, පරිනත හරප්පන්, සහ පසු හරප්පන් අවධි ප්රනදේශවාසී, සමෝධායන සහ ස්ථානීකරණ යුග ලෙස පිළිවෙලින් හඳුන්වයි. මෙහර්ග්රාපහ් සොයාගැනීම් සමග ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ සංකල්පය වෙනස් වනවා. ඉස්ලාමාබාද් හි කිවිඩ්-ඊ-අසාම් විශ්ව විද්යාමලයේ මහාචාර්ය අහමඩ් හසන් දානිට අනුව අපට ආරම්භයේ ස්ථාවර වූ ග්රාකමීය ජීවිතයේ සිට මුළු පරම්පරාවක්ම තිබෙනවා.

දින පරාසය (BCE) අවධිය යුගය

5500 - 3300 මහ්ර්ගාර් II – IV (මැටි බදුන් නියෝලිතික්)

3300 – 2600 මුල්හරප්පානු (මුල් ලෝකඩ යුගය)
3300 – 2800 හරප්පානු I (රවි අවධිය) ප්‍රාදේශණන යුගය
2800 – 2600 හරප්පානු II (කොට් ඩිජි අවධිය, නෞශාරෝ I, මහ්ර්ගාර් VII)

2600 – 1900 මේරූ හරප්පානු (මධ්‍යතන ලෝකඩ යුගය)
2600 – 2450 හරප්පානු 03A (නෞෂාරෝ II)
2450 – 2200 හරප්පානු 03 B එකතු කිරීමේ යුගය
2200 – 1900 හරප්පානු 03 C

1900 – 1300 පසු හරප්පානු (සුසාන භූමි H, පසු ලෝකඩ යුගය)
1900- 1700 හරප්පානු 04 දේශීය කරණ යුගය
1700 – 1300 හරප්පානු 05

මෙම ශිෂ්ඨාචාරය සුවේරියන් වාර්තා වලට අනුව මෙලුමහා ලෙස හදුන්වයි. මෙම එලමි, මිනොන්, ක්‍රීට් ශිෂ්ඨාචාර වලට සමාන කර ඇත. ඉන්දු නිම්න අතර පිහිටි පැරණි හරප්පා ශිෂ්ඨාරය. තඹ යුගය එලමයිට් යුගය ‍මෙපො‍ටේමියා හා සමාන්තර වශයෙන් මිනොන් ක්‍රීට් හා ඊජිප්තු පැරණි රාජධානියට සමාන කර ඇත. 1920 ඉන්දු නිම්න සොයා ගැනිමත් සමග ස්වදේශිය දස්යු ජන කොටස සහය වී ඇත. මොහෙන්ද‍ජාරෝහරප්පා සොයා ගැනුනු මල සිරැරැ වල යුද්ධමය සටහනක ලකුණු තිබෙන අතර එය ඉන්දු නැමැති සංහාරයක ප්‍රතිඵයක් වී ඇත. දස්යුස් නටඹුන් විදහා පාන්නේ ඉන්දු ආර්ය සංක්‍රමණය ඉන්දු නිම්න ශිෂ්ඨාචාර‍යේ ඉන්දියාව තුල පහල යාමත් සමගඉන්දු නිම්න ශිෂඨාචාරයේ ඉන්දියාව තුල පහල යාමත් සමග නැති විය. පුරාථන යුගයේ ඉන්දු නිම්න සොයා ගැනීම 19 වන ශතවර්ෂයේ මුල් භාගයේ අර්ය සංක්‍රමණය ප්‍රරාථන ඇබ්‍රොජියානු සංස්කෘතිය නොමැඩික් බාබේරියන්ස් වරැන්ගේ දියුණු නාගරිකයක් වු අතර මෙය රෝමය බිද වැටුනු පසු ජර්මනියා සංස්කරණියක් හා බැබලෝනියන් අසයනි ආක්‍රමණය සැසදිය හැකි මෙම වෙස්විම් මත භාෂා පරිවර්ථනය සහ ජනගහන වෙනස්විම් පොදුවේ බලපෑ ඇත. ඉන්දු සරස්වති මෙම ශිෂ්ඨචාරය හින්දුන්වා කණ්ඩායම් විසින් සරස්වතීශිෂ්ඨාචාරය ලෙස හදුන්වයි.

මුද්‍රා හා නටබුන්[සංස්කරණය]

ඉන්දු නිම්න මුද්‍රා, British Museum

මෙම ශිෂ්ටාචාරයෙන් හමුවූ කුඩා පිලිම විශාල ප්‍රමාණය දෙස බලන කළ පැහැදිලි වන්නේ හරප්පා ජනයා විසින් සරුසාර බව උදෙසා මාතෘ දේවියන් වන්දනා මාන කරනු ලැබ ඇත. එස්. ක්ලාක් මෙම මතය තර්කයට ලක්කරන අතර සමහර මුද්‍රාවල ස්වස්ථික දක්නට ඇති අතර මෙය ඉන්දියානු ආගම් වන හින්දු, බෞද්ධ හා‍ ජෛන ආගම් වල ආගමික සංකේතයක් විය. හින්දු ආගමේ මූලයන් මුල් හරප්පා යුගයේද තිබුණි. එහෙත් හින්දු ශිව ලිංගය හරප්පා නටබුන් තුළින් හමු වී නැත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් නටබුන් වල සිතුවමට නැගූ සතුන් දක්නට ඇත. එක් ප්‍රධාන මුද්‍රාවක නෙළුම් මලක් ලෙස හිඳගෙන, සතුන් පිරිවරා සිටින අයුරු පිළිඹිබු වේ. එම මුද්‍රාව ශිව හා රුද්‍රාවගේ විශේෂණයන් වන පුෂ්පාති ලෙස දක්වා ඇත. හරප්පා මුල් සංස්කෘතියේ මානව වර්ගය මළවුන් මිහිදන් කළ අතර, සොහොන් තුළ මලවුන් ආදහනය කරනු ලැබුහ. භෂ්මාවශේෂ බඳුන් තුලට බහාලූ හ.

ඉතිහාසය හා භාෂා අධ්‍යයනය[සංස්කරණය]

සුවේරියන් වාර්තාවලට අනුව මෙම ශිෂ්ටාචාරය මෙලුහා නමින්ද හඳුන්වයි. එම වාර්තාවලට අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය එලමි, මිනොන්, යනාදි ක්‍රීට් ශිෂ්ටාචාර වලට සමාන කර ඇත. හරප්පා යනු ඉන්දු නිම්නයේ පිහිටි පැරණි ශිෂ්ටාචාරයකි. තඹ යුගය, එලමයිට් යුගය යන ‍මෙපො‍ටේමියා හා සමාන්තර වශයෙන් මිනොන් ක්‍රීට් හා ඊජිප්තු පැරණි රාජධානිය හා සමානව ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පැවතිණි. 1920 දී ඉන්දු නිම්න සොයා ගැනිමට ස්වදේශි දස්යු ජන කොටස සහය වී ඇත. මොහෙන්ද‍ජාරෝ හි සොයා ගැනුණු මළ සිරුරුවල යුද්ධයකදී මියගියවුන් බවට සාක්ෂි තිබෙන අතර එය ඉන්දු නමැති යුද සංහාරයක ප්‍රතිඵලයකි. දස්යුස් නටඹුන් විදහා පාන්නේ ඉන්දු ආර්ය සංක්‍රමණ නිසා ඉන්දියාව තුළ ඉන්දු නිම්න ශිෂ්ටාචාර‍යේ පිරිහීමට ලක්විය. පුරාතන යුගයට අයත් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය 19 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ දී සොයා ගැනිණි. ඇබ්‍රොජියානු සංස්කෘතිය, නොමැඩික් බාබේරියන්ස්වරුන්ගේ දියුණු නාගරීකරණය රෝමය බිද වැටුණු පසු ඇතිවුණු ජර්මන් සංක්‍රමණ, බැබිලෝනියන් සංචාරක ආක්‍රමණ ආදි වශයෙන් වරින්වර ඇතිවුණු ආර්ය සංක්‍රමණ හා ආක්‍රමණ මෙම ශිෂ්ටාචාරයේ භාෂාවට මෙන්ම ජනගහන වෙනස්විම්වලට පොදුවේ බලපා ඇත. ඉන්දු සරස්වති ශිෂ්ටාචාරය හින්දුන්වා කණ්ඩායම් විසින් සරස්වතී ශිෂ්ටාචාරය නමින් හඳුන්වනු ලබයි.

අක්‍ෂර සහ සංකේත පද්ධතිය[සංස්කරණය]

ඩොලවිරාහි උතුරු ද්වාරය අසලින් සොයාගත් ඉන්දු අක්ෂර දහය (ක්‍රි.ව 2000)


එකිනෙකට වෙනස් ඉන්දු අක්ෂර සංඛ්‍යාව 400 කට වඩා වැඩි ප්‍රමාණයක් (600 කට ඉහළ බවට මතයක් පවති) වේ.එම අක්ෂර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් මුද්‍රා, කුඩා ‍පුවරු හා පිඟන් භාණ්ඩවල මෙන්ම ඉන්දු නගරයක් වු ඩොලාවිරා හි බලකොටුවක ඇතුල් ද්වාරයක එල්ලා තිබු නාම පුවරුවකද සටහන්ව ඇත. සාමාන්‍යයෙන් ඉන්දු අක්ෂර ගණනින් 4 කට හෝ 5 කට වඩා වැඩි නොවන අතර එයින් බොහොමයක්ම (ඩොලවිර සංඥා පුවරුවේ හැර) ඉතා කුඩා ප්‍රමාණයේ ඒවාය. පෘෂ්ඨයක් මත ලියන ලද වැඩිම අක්ෂර ප්‍රමාණය වන්නේ ඒකක ප්‍රමාණය වර්ග අඟලකට වඩා කුඩා වු සංකේත 17 ක් සහිත වුවකි.ඒ හැර සංකේත 26 කින් යුත් භාණ්ඩයක් ද හමුවි තිබේ.


මෙම ශිලා ලේඛන වලට අනුව දියුණු සාක්ෂරතාවයකින් හෙබි සමාජයක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති බවට පිළිගැනේ. නමුත් මෙය කථන හැකියාව හෝ පුරාවිද්‍යාත්මක සාධක මඟින් හෝ පිළිගැනීමකට ලක්ව නැත. එම මතය තහවුරු කිරීම සඳහා මෙවැනි ලේඛන හා සමගාමීවන වෙනත් කිසිම සාක්ෂරතාවයෙන් හෙබි සමාජයක් හමු වි නොමැති බවට කරුණු ඉදිරිපත්ව තිබේ. මෙම සාක්ෂිය මත පදනම්ව ආන්දෝලනාත්මක ලිපියක් ඉදිරිපත් කළ ස්ප්‍රාට් හා විට්සෙල් (2004) දක්වන පරිදිට අනුව ඉන්දුනිම්න වාසීන් භාෂාව ලේඛනගත නොකළහ.වෙනත් නැගෙනහිර සමාජ මෙන්ම සංඥා පද්ධතියක් පමණක් ලියා දැක්වුහ. තවත් මතයක් වුයේ මෙම සංකේත වෙළඳ ගනුදෙනු සඳහා පමණක් යොදා ගත් බවයි. මෙම සංකේත අච්චු මඟින් නිර්මාණය කරන ලද පුජනීය භාණ්ඩ විශාල ප්‍රමාණයක ද මෙම සංකේත දක්නට ලැබිණි.ඒ හේතුවෙන් එම මතය බිද වැටිණි. මෙවැනි මහා පරිමාණ නිෂ්පාදන වල සංකේත යෙදීම මීට සමගාමි වෙනත් කිසිදු පැරණි ශිෂ්ටාචාරයක දක්නට නොලැබිනි.


2009 දී පී. එන්.රාඕ ඇතුළු පිරිසක් විසින් මෙම සංකේත රටා විවිධ භාෂාවල ලියවිලි හා භාෂාමය අරුතක් රහිත ලියවිලිද ගෙන, DNA රටා හා පරිගණක ඇසුරින් ක්‍රමලේඛන භාෂා සන්සන්දනයක් සිදුකළහ. ඒ අනුව ඉන්දු ලියවිලි රටා කථා කරන භාෂාවක රටාවට සමාන වන අතරම එය තවමත් හදුනා නොගත් භාෂාවක් විය හැකි බවට මතයක් ඉදිරිපත් කෙරිණි. නමුත් මෙම මතයට විරුද්ධ වු ෆාර්මර්, ස්ප්‍රේට් හා විට්සල් පැවසුයේ රාඕ ඇතුළු පිරිස සිදුකළේ ඉන්දු සංකේත හා භාෂා, අර්ථයක් නොමැති සංකේත පද්ධතියක සංසන්දනය කරනු වෙනුවට නොව පර්යේෂකයන් විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම භාෂා දෙකක් සංසන්දනයෙන් සිදුකළ බවයි. එයින් එකක පිළිවෙලක් රහිත සංකේත 200,000 කි.එහි පිළිවෙලකට සකස් කරන ලද සංකේත 200,000 ක් පමණ වු අතර පිළිවෙලට සකස් කරන ලද කොටස භාෂාමය අර්ථයක් නොමැති සංඥා පද්ධතියන් ලෙස රාඕ ඇතුළු පිරිස හැඳින්විය. ෆාර්මර් ඇතුළු පිරිස භාෂාමය අර්ථයක් නොමැති මධ්‍යතන හෙරල්ඩින් සංකේත හා සාමාන්‍ය භාෂා සංසන්දනයෙන් ද මෙයට සමාන ප්‍රතිඵල පෙන්වූහ. ඔවුන්ගේ අවසාන නිගමනය වුයේ රාඕ ඇතුළු පිරිස‍ගේ ක්‍රමයට භාෂාමය හැකියාවක් සහිත හා රහිත සංකේත පද්ධති වෙන්කර හඳුනාගත නොහැකි බවයි.

නගර සැලසුම[සංස්කරණය]

ක්‍රි. පූ.2600 දී හරප්පා වැසියන් ඉතා විශාල නාගරික ප්‍රදේශ කරා ඇදුණහ.හරප්පා ,පාකිස්ථානයේ මොහෙන්දජාරෝ සහ ඉන්දියාවේ ලෝතාල් මෙවැනි නාගරික ප්‍රදේශවලට අයත්ය.එකතුවක් ලෙස ගත් විට 1052 කට වැඩි නාගරික ප්‍රදේශ සහ මිනිසුන් සමූහ ජීවත් වූ ප්‍රදේශ ප්‍රධාන වශයෙන් සොයා ගැනුණේ ගැගාර්හි සාමාන්‍ය ප්‍රදේශ වලින් සහ ඉන්දු ගංගා නිම්න සහ ඒවයේ අතු ගංගා ආශ්‍රිතවයි. ක්‍රි. පූ. 2500 දී පමණ වාරිමාර්ග කටයුතුවලින් මෙම ප්‍රදේශය වෙනස් විය.

සංකිර්ණ හා තාක්ෂණානුකූල නාගරික සංස්කෘතියක් මේ තුළ විය. නගර ආකෘතිවල තත්ත්වය නගර සභා සැලසුම් හා නගර පරිපාලනය පිළිබඳ මොවුන්ගේ දැනීම විදහා පායි. මේ නගරවල පිරිසිදු බවට විශේෂ තැනක් දුන් අතර හා ආගමානුකූල චාරිත්‍ර වලට මඟ පෑදිය. මෑතක කැණීම් කරන ලද රකිගාරි නගර සැලසුම ලෝකයේ හමුවු ප්‍රථම නගර සනීපාරක්ෂක පද්ධතිය විය. මෙහි නෑම සඳහා වෙන්වු නිවෙස් තිබු අතර අපවිත්‍ර ජලය, ආවරණය වු කාණු පද්ධතියකට යොමු කරන ලදි. නිවෙස් ඇතුලු මැද මිදුලු වලට හා කුඩා මාවත්වලට විවර විය. මෙම ශිෂ්ටාචාරයේ ජලවහන පද්ධතිය හා කාණු පද්ධතිය වර්තමාන පකිස්ථානය හා මැද පෙරදිග නාගරීකරණය තුළ අද පවතින පද්ධතින්ට වඩා බොහෝ සෙයින් උසස් විය. හරප්පා ශිෂ්ටාචාරයේ ගෘහ නිර්මාණ ශිල්පය නැව් තටාකාංගන, ධාන්‍යාගාර, ගබඩා, ගඩොල් වේදිකා සහ ආරක්ෂිත තාප්ප මේ බව විදහා දක්වයි. මෙම විශාල තාප්ප හේතුවෙන් නගරය ගංවතුර හා හමුදා අරගලවලින් ආරක්ෂා විය. මෙම ශිෂ්ටාචාරය මෙසපොතේමියාව හා පුරාණ ඊජිප්තුව හා සසදන විට විශාල එම ශිෂ්ටාචාරවල මෙන් ස්මාරක මෙහි ඉදි නොවුණි. මෙහි මාලිගා හෝ දේවස්ථාන පිළිබඳ සාක්ෂි වේ. එක් අවස්ථාවක විශාල නාන තටාක හමුවු අතර එය ජනතාව සඳහා භාවිතා වුවකැයි කිය හැකිය. නගර බලකොටු තාප්ප වලින් වටවු අතර හුදෙක්ම එය නගර ආරක්ෂාව සඳහා ගංවතුර වෙන දිශාවකට යොමු කිරීමට යොදා ගත් උපක්‍රමයක් විය. බොහෝ නගර වැසියන්ගෙන් බහුතරයක් දෙනා වෙළෙන්ඳන් හෝ කළමනාකරුවන් වුණි. මේ නිර්මාණ සඳහා යොදාගත් ද්‍රව්‍ය ඈත ප්‍රදේශයන්ගෙන් ගෙනෙන්නට ඇත. කැණීම් වලින් සොයාගත් පෞරාණික භාණ්ඩ අතර ගයෙන්ස් පබළු ද

තද පැහැති අකුරු පෙළ== විද්‍යාව ==

කණින ලද නටබුන් Mohenjo-daro, පකිස්ථානය

ඉන්දු නිම්න වාසීන් දිග, ස්කන්ධය හා කාලය මැනීම සඳහා නිරවද්‍ය ක්‍රම සොයාගෙන තිබුණි. පළමුවරට ස්කන්ධය පිළිබඳව පරිමාණයක් සොයාගත් මොවුන් විසිනි. ඔවුන්ගේ මිනුම් ක්‍රම අතිශයෙන්ම නිරවද්‍ය බව සඳහන් වේ. නමුත් දැනට සොයාගෙන ඇති සාක්ෂි අනුව ඉන්දු රාජ්‍ය අතර පරිමාණයන්හි ‍විශාල වෙනස්කම් දක්නට ලැබුණි. ලොතාල්හි හමුවු ඇත්දළ දර්ශකයක සටහන් කර තිබුණු පරිදි ඔවුන් දිග මැනීමට භාවිත කළ කුඩාම මිනුම් ඒකකය වුයේ ආසන්න වශයෙන් 1.704mm පමණ වූ දිග ප්‍රමාණයකි. මෙය තඹ යුගයේ පරිණාමයක සටහන් වු කුඩාම අගයයි. හරප්පා ඉංජිනේරුවන් ස්කන්ධය මැනීම වැනි ප්‍රායෝගික මිනුම්කරණයේදී දශමස්ථාන ද සැලකිල්ලට ගත්හ. එය ඔවුන් භාවිතා කළ මෙම තිරුවාණ පඩි 4: 2:1 වැනි ඉතා නිරවද්‍ය අනුපාතයෙන් පැහැදිලි වේ.ඒවා 0.05, 0.1, 0.2, 0.5,1,2,5,20,50,100,200 හා 500 යන බර ප්‍රමාණ වලින් පැවතිණි. එහි එකකයක් 28g පමණ බරකින් යුක්ත විය. එය බ්‍රිතාන්‍ය අවුන්සයක් හෝ ග්‍රීසියේ භාවිතා කළ උන්ඩියාවේ බරට සමාන විය. වඩා කුඩා වස්තූන්වල ස්කන්ධය මනින ලද්දේ ඒකකයක් 0.871 වු පඩි භාවිතයෙනි. නමුත් වෙනත් සංස්කෘතවල පැවති අන්දමින් මුළු ප්‍රදේශය පුරාම එකම පරිමාණයක් යොදා ගැනීම මෙහිදි දක්නට නොවීය. කෞටිල්‍යයගේ අර්ථ ශාස්ත්‍රය (ක්‍රි.පු 4 වන සියවස) ග්‍රන්ථයේ ද භාවිතා කර ඇත්තේද ලෝතල්හි මිනුම් ක්‍රමය වේ.

හරප්පාවට ආවේණික වු නිපැයුම් අතර මුළු ක්ෂිතිජයම කොටස් වශයෙන් මැනිය හැකි උපකරණ ද, උදම් ඇළ දොර ද විශේෂිත වේ. හරප්පාවරු ලෝහ කර්මයේ දී යොදාගන්නා ක්‍රම වැඩි දියුණු කළ අතර ඒ ආධාරයෙන් තඹ, පිත්තල, ඊයම් හා ටින් ලෝහය නිපදවූහ. උදම් රළ පහර හා දියවැල් අධ්‍යයනයෙන් අනතුරුව වරායන් තැනීමේ සුවිශේෂි හැකියාවක් හරප්පාවරුන්ට තිබිණි.

2001 දී පුරාවිද්‍යාඥයින් විසින් පාකිස්ථානයේ Mehrgarh ප්‍රදේශයෙන් සොයාගත් මනුෂ්‍ය ඇට සැකිලිවලින් යමක් තහවුරු විය.එනම් මේ ඇට සැකිලි දෙක පිළිබදව අධ්‍යනයෙන් පසු පැහැදිලි වූයේ හරප්පා යුලයේ සිටම ඉන්දු නිම්න වැසියන්ට ප්‍රාග් දන්ත විද්‍යාව පිළිබදව අවබෝධයක් තිබූ බවයි.ශිලා යුගයේ දත් බද්ධ කිරීම සම්බන්ධයෙන්ද මුල් වරට සාක්ෂි සොයා ගෙන ඇත්තේද මේ ප්‍රදේශයෙනි. නව ශිලා යුගයට අයත් සොහොනකින්, මීට වසර 7500-9000 කට පමණ පෙර විසූ වැඩිහිටි මිනිසුන් 9 දෙනෙකුට බද්ධ කරන ලද චාර්වක දත්මුල් 11 ක් හමුවිය. මෙය ආදිතම ගොවි යුගයේ ප්‍රාග් දන්ත විද්‍යාව පිළිබඳව ඇති වැදගත් සාක්ෂියකි. තවද රන්වල සංශුද්ධතාවය පරික්ෂා කිරීමට භාවිත කරන ලද රන් රේඛාවන් සහිත උරගල් බනවාලි ප‍්‍රදේශයෙන් හමුවිය. (මෙම ක්‍රමය අද ද ඉන්දියාවේ සමහර ප්‍රදේශ වල භාවිත වේ.)

භූ‍ගෝල විද්‍යාව[සංස්කරණය]

ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ප්‍රධාන ස්ථාන සහ පැතිරීම. . වැඩි විස්තර සදහා [1].

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය වත්මන් පකිස්ථානය සිට බලුකිස්ථානය හා සින්ද් සිට වර්තමාන ඉන්දියානු ප්‍රදේශ වන ගුජරාට්, රාජස්ථානය හර්යානා හා පන්ජාබ් හා ඉහළ දෙසට පිහිටි රූපා හා සම්බන්ධ වේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය භූගෝලීය වශයෙන් ඊජිප්තු හා පේරු ප්‍රදේශවලට සමාන වන අතර, කෘෂිකාර්මික ප්‍රදේශ වටවී ඇත්තේ උස්බිම්, කාන්තාර හා සාගර වලිනි. මෑතකදි මෙම ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශයක් පකිස්ථානයේ වයඹ දිගින් ද සොයා ගෙන ඇත. අනෙකුත් ප්‍රදේශ වන්නේ ඇෆ්ගනිස්ථානය, ටර්න්ටෙනිස්ථානය සහ ගුජරාට් වේ. වෙරළ ආශ්‍රිත ප්‍රදේශ වන්නේ බටහිර බලුකිස්ථානයේ සුට්න්ඩෝ, ලෝතාල් හා ගුජරාට් වල හා වයඹ දිග පකිස්ථානයේ ගොමාල් නදිය වේ. ටැන්ඩාහි බිස් නදිය අසල ජාමු, ඉන්දියාව, හින්ඩොන් නදියේ අලම්ගිපුර් ප්‍රදේශද මෙම ශිෂ්ටාචාරයට ඇතුලත්ය. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අදාල පුරාවිද්‍යාත්මක නටබුන් හා පුරාවස්තු බොහෝ දුරට හමු වි ඇත්තේ ගංගාවන් ආශ්‍රිතය. පුරාතන වෙරළ තීරයන් වන බලකොට් දුපත් හා ඩොලවිරා දුපත්ද ඊට අයත් වේ. බොහේ ඉන්දු නිම්න ප්‍රදේශ ගගුරා හත්රා බිම් ආසන්නයෙන් සොයාගෙන ඇත. ඒවායින් සමහරක් නම් රූපා, රනිගානි, සෝනි තලිබන්ගන් හා ගංවර්බල වේ. පුරාවිද්‍යාඥයින් පවසන පරිදි හරප්පා බිම් ප්‍රදේශ 500 ක් පමණ ගග්රා හක්රා ගංතීරු අසලින් සොයාගෙන ඇත. සමහර පුරාවිද්‍යාඥයින් පවසන අන්දමට මෙම ප්‍රදේශ ජනාවාස හෝ කෘෂිකාර්මික අතින් හෝ ස්ථාපනය නොවු ප්‍රදේශ වන අතර, ගග්රා හත්රා ගංතීරු අසල මෙම බිම් කොටස ව්‍යාප්ත වී ඇත. මෙය ඉන්දු නිම්නයට පෙනෙන අයුරින් පවති. කෙසේ වෙතත් හරප්පා ශිෂ්ටාචාරය නිවැරදි ලෙස ස්ථාපනය වී ඇත.

කෘෂිකර්මය[සංස්කරණය]

1980ට පෙර අධ්යන හෙළිකරන්නේ ආහාර නිශ්පාදනය දේශීය ලෙසම ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය තුල කරගත් බවයි. මෙහර්හාර් වල මිනිසුන් ගෘහාස්රිතව තිරිඟු හා බාර්ලි වගා කල තිබෙනවා. පුරාවිද්යාඥ ජිම් එච් ෂැෆර් කියන ආකාරයට එම ප්රදේශයේ එම ආහාර ගෘහාශ්රිතව එම ආහාර වගා කිරීම දකුණු ආසියානු ආශ්චර්යක්. කොහොම උනත්, වසර 2000ට පෙර මධ්ය ඊසාන තිරිඟු ආසියානු තත්වයන්ට හැඩ ගැසී තිබෙනවා.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ කෘෂිකර්මය ඉතා ඵලදායී විය යුතුයි. එය කෘෂිකර්මයට යොමු නොවූ දහස් ගණනක් නාගරික නිවෙස් වලට ඇතිතරම් ආහාර සැපයීමට සමත් උනා. එය නඟුල වැනි පූර්ව හර්ප්පන් සංස්කෘතියේ තාක්ෂණික නිර්මාණ මත පදනම් උනා. තවමත් ගොවියන් හෝ ඔව්න්ගේ කෘෂි උපක්රම දන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. එව්න එක් ක්රමයක් නම් ගංවතුර බැසගිය පසු ඉතිරිවන සාරවත් පොහොරමය දියළු පස වගාවට යොදාගැනීමයි. නමත් වාරිමාර්ග ගැන සාකිෂි මෙයින් හමුවන්නේ නෑ. සමහරවිට නැවත නැවත ඇතිවන විනාශකාරී ගං වතුරෙන් ඒවා මකා දැමුවා විය හැකියි.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ශිෂ්ඨාචාරයක් ජලය මත රඳා පවතිනවාය යන උපකල්පනයට විරුද්ධ බව පෙනී යනවා. මේ උපකල්පනයට අනුව සියළු විශාල ප්රමානයේ ශිෂ්ඨාචාරයන් විශාල වශයෙන් ජලය සැපයිය හැකි වාරිමාර්ග පද්ධතියක් අසල ඇතිවුනා.


සෞන්දර්යය හ සංස්කෘතිය[සංස්කරණය]

"පූජක රජතුමා" යැයි හදුනවන පිලිමය, මොහෙන්දජාරෝ වකවානුව, --- ජාතික කෞතුකාගාරය, කරච්චි, පාකිස්තානය
"මොහෙන්දජාරෝවේ නටන කෙල්ල"

මැටි, තඹ, රත්තරන් වැනි අමුද්‍රව්‍ය යොදා ගෙන තැනු මූර්ති, මුද්‍රා, කුඹල් ආදී කර්මාන්තයන්හි නිපදවන ලද නොයෙක් දෑ කැණීම් තුළින් සොයාගෙන ඇත. රත්තරං, මැටි හා ගල් වලින් තැනු නර්තනයේ යෙදෙන ළඳුන්ගේ පිළිමවලින් මොනයම් ආකාරයේ හෝ නර්තන ශෛලීයක් පැවති බව පවසයි. මේවා අතර ගවයන්, වලසුන්, වදුරන් සහ සුනඛයින්ගේ මුර්ති ද වේ. මොහෙන්දජාරෝ හි සොයා ගත් නර්තනයේ යෙදෙන ළඳකගේ පිළිමයක් දැකීමෙන් සර් ජෝන් මාර්ශල් විෂ්මයට පත් වි ඇත. මා මෙය මුලින් දුටු විගස, එය ප්‍රාග් ඓතිහාසික යුගයට අදාල ද යන්න පිළිබඳව සැකයක් ඇති විය. මෙය පුරාතන සෞන්දර්යය පිළිබඳව පැවති චින්තනය වෙනස් කළ අතර, ‍ ග්‍රීසියේ හෙලනිස්ටින් යුගයට පෙර මෙබදු නිමැවුම් පිළිබඳ අසන්නට නොලැබුණි. මෙම ප්‍රතිමා අවුරුදු 3000 ක් දක්වා කාලයක් තුල විකාශනය වි ඇත. ග්‍රීක සෞන්දර්යය පුරාතන ඉන්දු නිම්න ආශ්‍රයෙන් පැවැත එන්නක් බව කිව හැකිය. සිප්පි කටු නිර්මාණ, මැටි, අගස්ති හා පබලු භාවිතා කර තැනු මාල, වළලු සහ නොයෙක් ආභරණ හරප්පා භූමි තුළින් සොයා ගෙන ඇත. වර්තමානයේ ද මෙම සමහර අර්ධද්වීපවල ජනයා මෙම ආභරණ භාවිතා කරයි. සමහර වැසිකිලි සඳහා භාවිතා කළ තාක්ෂණය වර්තමානයේ ද ඉන්දියාවේ දක්නට ඇත. මැටියෙන් තැනු ස්ත්‍රි රූපවල හිසකෙස්වල රතු ආලේපයන් ගලවා ඇති අතර, ඒවා (CA 2800-2600 BC) දක්වා පැරණිය. මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරයට අයත් ප්‍රදේශවල හිස බිම තබා සිටගෙන සිටින මානව රූප හමු වී ඇති අතර, තවත් ඒවායේ යෝග ආසනයෙන් සිටිනා රූපද හමු වී ඇත. ලොතාල් වෙතින් හමුවු භාණ්ඩ දෙකකින් තන්තු යොදාගත් තත් සංගීත භාණ්ඩ තිබු බව කියැවේ. හරප්පාවරුන් නොයෙක් ක්‍රිඩා භාණ්ඩ නිෂ්පාදනය කර ඇති අතර, මොහෙන්දජාරෝ ශිෂ්ටාචාර ප්‍රදේශයකින් දාදු කැට ස්වරූප ගත් භාණ්ඩයක් හමු වී ඇත.

ආගම්[සංස්කරණය]

ඉන්දු නිම්නයෙන් හමුවූ පිළිම විශාල ප්‍රමාණයක් මගින් හරප්පන් ජනතාව මව් දෙවියන් සෟභාග්‍යවත් බව නිරූපනය කිරීම වන්දනා කල බව පෙනී යයි. නමුත් එය දැන් එස්. ක්ලාක් විසින් මතභේදයට පත් කර තිබෙනවා. සමහර ඉන්දු නිම්න ම්‍රද්‍රා පසුව ඉන්දියානු සහ හින්දු ආගම් සහ වන්දනා වලින් හමුවූ ස්වස්තිකය නිරූපනය කරනවා. හින්දු දහම පිළිබඳ මුල්ම සාක්ෂි පූර්ව හරප්පනන් යුගයේ සහ ඊට පෙර දකින්න ලැබෙනවා. ඔවුන්ගේ සංස්කෘතියේ මුල් යුග වල හරප්පන් වරුන් ඔවුන්ගේ මියගිය අය පිළිස්සුවා නමුත් පසුව ඔවුන් මළවුන් පිළිස්සූ අතර ඒ අළු භාජනයක තැම්පත් කර වළදැම්මා. බොහෝ ඉන්දු නිම්න මුද්‍රා වල සතුන් සිටිනවා. යෝග ආකාරයට හිඳගෙන සිටින සතුන් පිරිවරාගත් මුද්‍රාව පූර්ව හරප්පන් වෙඩික්(සතුන්ගේ රජු) පශුපති ට සම්බන්ධ කමක් දක්වයි. පශුපති මුද්‍රාව සමකාලීන හින්දු බ්‍රාමා-විශ්නු-ශිව ත්‍රිමූර්තිට ආසන්න බවක් දක්වනවා. කොහොම උනත් කතෝලික දෙවි සෙර්නුන්නොස් නිරූපනය කරන සමාන ආකෘතියක් ඩෙන්මාර්කයේ ගන්ඩෙස්ට්‍රැප් ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා



වෙලදාම හා ප්‍රවාහනය[සංස්කරණය]

ඉන්දු නිමින ශිෂ්ටාචාරයේ ආර්ථිකය වෙ‍ළෙඳාම මත සැලකිය යුතු ලෙස රදා පැවතුණු අතර ප්‍රවාහන තාක්ෂණයේ පැවති විශාල දියුණුව මෙයට උපකාරි විය. මෙම ප්‍රවාහන මාධ්‍ය අතර වර්තමානයේ පවා දකුණු ආසි‍යාවේ දක්නට ලැබෙන ගවයන් බැඳි කරත්ත හා බෝට්ටුද විය. මෙම බෝට්ටු වලින් බොහොමයක් අද ද ඉන්දු නදියේ ගමන් කරනා කුඩා, පැතලි පතුලක් සහිත රුවලක් මඟින් ගමන් කළ ඒවා විය හැකි බවට විශ්වාස කෙරේ.ඒ අතර මුහුදු යාත්‍රා ද පැවති බවට සාක්ෂි ලැබී තිබේ. පුරා විද්‍යාඥයින් විසින් බටහිර ඉන්දියාවේ (ගුජරාට් ප්‍රාන්තය) ‍වෙරළබඩ නගරයක් වන ලෝතාල් හි විශාල මඩ ඉවත් කරන ලද ඇල මාර්ගයක් සොයාගෙන ඇති අතර එය නැව් තටාංගනයක් ලෙස විශ්වාස කෙරේ.එමෙන්ම එච්. පී. ෆ්‍රැන්ක්ෆර්ට් විසින් වාරිමාර්ග ජාලයක් ලෙස භාවිතා වු ඇල මාර්ග රාශියක්ද සොයාගෙන තිබේ.


ක්‍රි.පු 4300-2300 දක්වා පැවති කැල්කොශිලා කාලපරිච්ඡේදයේ (තඹ යුගය) දී ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැවති පිඟන් කර්මාන්තය දකුණු මර්ත්මෙනිස්තාන හා ඉරාන පිඟන් කර්මාන්තයට සමානකමක් දක්වයි.මේ හේතුවෙන් මෙම රාජ්‍ය අතර ගමන් බිමන් හා වෙළෙඳ සබඳතා පැවති බව පැහැදිලි වේ. මුල් හරප්පන් යුගයට (ක්‍රි.පු 3200-2600) අයත් මැටි බඳුන්, මුර්ති හා විසිතුරු භාණ්ඩ අතර මකිනට ලැබෙන සමානකම් හේතුවෙන් ඉන්දු නිම්න වැසියන් මධ්‍යම ආසියාව හා ඉරානය සමඟද ගැල් මඟින් ගොඩබිමින් වෙළෙඳාම සිදුවූ බව තහවුරු වේ.ඉන්දු ශිෂ්ටාචාරයේ කලා කෘතිවල ව්‍යාප්තිය සැලකූවිට මෙම වෙළෙද ජාලයෙන් ඇෆ්ගනිස්ථානයට අයත් ප්‍රදේශයත්,පර්සියාවේ මුහුදු බඩ ප්‍රදේශත්,උතුරු හා බටහිර ඉන්දියාව හා මෙසපොතේමියාවට අයත් විශාල ප්‍රදේශයකුත් ආර්ථික වශයෙන් ‍බැඳි පැවතුණි. හරප්පාව හා මෙසෙපොතේමියාව අතර මධ්‍යම හරප්පා යුගයේ සිට මුහුදු මාර්ගය ඔස්සේ වෙළෙඳ ගනුදෙනු සිදු වුණි. අතර මෙම වාණිජ කටයුතු වලින් වැඩි ප්‍රමාණයක් සිදුවුයේ ඩිල්මුන් (වර්තමාන පර්සියන් බොක්කේ පිහිටි බහරේන් හා ෆයිලාතා) හි අතරමැදි වෙළෙඳුන් හරහාය. මෙවැනි මුහුදු මාර්ගය ඔස්සේ දුර ගමන් යෑමට ලෑලිවලින් තැනූ තනි කුඹ ගසක් යොදන ලද පන්වලින් වියාගත් රුවලක් සහිත යාත්‍රා භාවිතා කෙරුණි.


සොම්කාගෙන්- ඩොර් (ජිවානි හි උතුරින් පිහිටි ඩැෂ්ට් ගංගාව), සොක්ටාකෝ (පසානි හි උතුරින් පිහිටි ෂාදි ගංගාව), බැලකොට් (සොත්මිතානි අසල) හා ලොතල් යනු හරප්පාවේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථාන විය. මුහුදට විවෘත වු ගංමෝයන්හි පිහිටි නොගැඹුරු වරායන් මගින් මෙසපොතේමියාව හා මුහුදු මඟින් වෙළඳ ගනු දෙනු කිරීමට ඉඩ සැලස්විය.


පසු කාලීන හරප්පා ශිෂ්ටාචාරය[සංස්කරණය]

BCE 1800 පමණ වන විට හරප්පා ශිෂ්ටාචාරය ක්‍රමක්‍රමයෙන් පිරිහීමට පටන් ගත් අතර BCE 1700 වන විට බොහෝ නගර අත්හැර දමා තිබින. එසේ වුවද ඉන්දු නිම්න ශිෂ්ටාචරය හදිසියේ මැකී ගියා නොව පසු කාලීන ශිෂ්ටාචාරයන්හිද ඉන්දු ශිෂ්ටාචාරයේ යම් කොටස් දැකිය හැකිය. වර්තමාන පුරාවිද්‍යා දත්ත දක්වනුයේ පසුකාලීන හරප්පා ශිෂ්ටාචාරය(Painted grey ware culture) අඩුම වශයෙන් BCE 1000-900 දක්වා පවතින්නට ඇති බව සහ අර්ධ වශයෙන් පේන්ටඩ් ග්‍රේ වෙයාර් ශිෂ්ටාචාරය හා සමතාලීන බවය. පුරා විද්‍යාඥයින් අවධාරණය කරනුයේ ලෝකයේ සෑම ප්‍රදේශයකදී මෙන් මෙහිදීද දිගටම සිදු වූ සංස්කෘතික සංවර්ධනයක් වූ බවය. මේවා දකුණු ආසියාවේ ඊනියා නාගරීකරණය පිළිබද ප්‍රධාන අදියරයන් දෙක බැද තබයි.

ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිරිහීමට හේතු වූ ස්වාභාවික හේතු දේශගුණික තත්ත්වයන් හා බැදුනු අතර එය අසල්වැසි මැදපෙර දිග ප්‍රදේශයන්ටද සංඥාවක් විය. ඉන්දු නිම්නයේ දේශගුණය සැලකිය යුතු ලෙස ශීතල තත්ත්වයට හා වියළි ස්වාභාවයට, BCE 1800 පමණ සිට පත් වූයේ එම කාලයේ මෝසම් තත්ත්වය දුර්වල වීම හේතු කොට ගෙනය. ඒ හා සමගම තීරණාත්මක කරුණක් වූයේ ගාගර් හක්රා පද්ධතියෙහි සෑහෙන කොටසක් ඉවත් විය හැකිය.

ගාගර් හක්රා ගංගා ධාරයෙහි නැවත පදිංචි කර වීමේ දිනය පිළිබද අස්ථීරත්වයක් තිබුනද භූ චලන සම්බන්ධ කරුණක් පද්ධතියේ ප්‍රභවයන් ගංජිස් ගගේ තැනිතලාව වෙන යොමු කලා විය හැක. මෙම විශේෂ කරුණු කල්පිත සහ සාමාන්‍ය යෙන් පිළිගත නොහැකි වුවද වෙනත් ඉන්දු ශිෂ්ටාචාරයක සේම ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පරිහානියද බොහෝ කරුණු නිසා සිදු වූවකි. ඇබර්ඩීන් විශ්වවිද්යාාලයේ පීටර් ක්ලිෆ් මහතා ගේ නායකත්වය යටතේ වූ කණ්ඩායමක් විසින් නව භූ විද්යාටත්මක පර්යේෂණ දැනට කෙරීගෙන යන අතර එය සිදු කරනුයේ අවු: 8000කට පෙර මෙම ප්‍රදේශයේ ගංගා වල මාර්ග වෙනස් වී ඇති අයුරු විමර්ශණය කිරීමට, දේශගුණය හෝ ගංගා ප්‍රතිසංවිධානය වීම සහ හරප්පා ශිෂ්ටාචාරයේ පරිහානියට හේතු වීද යන්න සොයා බැලීමටය. 2004 ලිපියක් දක්වන ලද්දේ සමස්තානික වශයෙන් ගාගර්-හක්රා පද්ධතිය හිමාලයේ ග්ලැසියර්ස් වලින් පැවත නොඑන බව සහ වැසි දියෙන් පොෂිත වූ බවද, වන අතර එය හරප්පා සමයේ ප්‍රබල සරස්වතී ගංගාව පිළිබදව පරස්පර විරෝධි අදහසකි.

"http://si.wikipedia.org/w/index.php?title=ඉන්දු_නිම්න_ශිෂ්ටාචාරය&oldid=306837" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි