දිවාලි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
දිවාලි
දිවාලි
Diyas (oil lamp) during Diwal
මෙලෙසද හැඳින්වේ pTranslation: Row of Lights; Diwali, Festival of Lights
සමරනු ලබන්නේ හින්දුs, Sikhs, Jains, Buddhists
වර්ගය Religious, India, Nepal, Sri Lanka, Myanmar, Mauritius, Guyana, Trinidad & Tobago, Surinam, Malaysia, Singapore, and Fiji (National holiday in these countries)
දිනය Decided by the luni-solar Hindu calendar
2013 දිනය 3 November
2014 දිනය 23 October
2015 දිනය meow meow
උත්සවාංග Decorating homes with lights, Fireworks, distributing sweets and gifts
ව්‍රතයන් Prayers, Religious rituals (see puja, prashad)
දීවාලි සමයේ දක්නට ලැබෙන රන්ගොලි මත තබා ඇති දියා (පොල්තෙල් පහන)

දිවාලි,දීපවාලි පහන් වැළක්,දිවාල් චාරිත්‍රයේ කොටසක් මෙසේද හැඳින්වේ - පහන් වැල,දීපවාලි ආලෝක උත්සවය

උත්සවය පවත්වනු ලබන්නේ ආගමිකව - හින්දු,සීක් සහ ජෛනවරු - අනිකුත් ඉන්දියන්වරු සහ ඵහි සංස්කෘතිකමය පාර්ශවය

  • ස්වරූපය - ඉන්දීය-ආගමික
  • අභිප්‍රාය - නරකට ඵරෙහිව ජයග්‍රහණය සැමරීම, අධ්‍යාත්මික ප්‍රබෝධය
  • දිනය - කාර්තික මාසයේ නව සඳ පායන දිනය උත්සව-ඊට දින දෙකකට පසු අවසාන වෙයි
  • 2007 දිනය - නොවැම්බර් 9
  • 2008 දිනය - ඔක්තෝබර් 30
  • 2009 දිනය - නොවැම්බර් 15
  • සැමරීමේ උත්සවය - පහන්වලින් නිවෙස් සැරසීම, ගිනි කෙළි, තෑගි සහ රසකැවිලි බෙදා දීම
  • චාරිත්‍ර පිළිපැදීම - යාඥා කිරීම,ආගමික වතාවත් (බලන්න-පූජා-ප්‍රසාද්)


දිවාලි හෝ දීපවාලී (නේපාලයේ දී තිහාර් සහ ස්වාන්ති ලෙස ද හැඳින්වේ. (මර්කිස්කරාලි)) යනු ඉන්දියාවේ හා නේපාලයේ ප්‍රධාන පෙළේ ප්‍රීතිමත් නිවාඩු දිනයයි. ඵමෙන්ම හින්දු, සීක, ජෛන ආගම්වල ඉතා වැදගත් උත්සවයකි. දීපවාලී උත්සවය වටා බොහෝ පුරාවෘතයන් ගොඩ නැගී ඇත. වර්තමානයේ ලොව වටා හින්දු ජෛන සහ සීක් ආදී ආගම් අදහන්නන් "ආලෝකයේ උත්සවය" වශයෙන් ඵය සමරති. මෙහිදී පහන සංකේතවත් කරන්නේ මිනිසුන් තුළ තිබෙන නරක අභිබවා හොඳ ජයග්‍රහණය කිරීමය. මෙම උත්සවය නේපාලයේ බෞද්ධයින් විශේෂයෙන් නේවාර් බෞද්ධයින් විසින් සමරනු ලැබේ.

ඵක් මතයකට අනුව දීපවාලි ඇරඹී ඇත්තේ ශීත සෘතුවට පෙර අවසාන අස්වැන්න ලබා ගැනීම මුල්කර ගනිමින් පැවැත්වෙන අස්වනු උත්සවයක් ලෙසිනි. කෘෂිකාර්මික සමාජයේ දී මෙය හරියට ව්‍යාපාරිකයෙකු අවුරුද්දේ ගිණුම් පියවා නව ගිණුම් වර්ෂයක් ආරම්භ කළාක් මෙනි. ඵබැවින් ධනයට අධිපති ලක්ෂ්මී දේවියට මෙහිදි තුති පුද කරන අතර ඉදිරි වර්ෂය සුභදායි වේවායි ප්‍රාර්ථනා කරති. මෙය ඉන්දියානු උපමහාද්වීපය තුළ සියළු හින්දු බැතිමතුන්ගේ සාමාන්‍ය ක්‍රියාවලියයි.

උතුරු ඉන්දියාවේදී මෙය රාම රජු 14 වසරක් වනගතව පිටුවහල් වී සිට නැවතත් අයෝධ්‍යාවට පැමිණීම සනිටුහන් කෙරේ. රාමාගේ අගනගරය වූ අයෝධ්‍යාවේ ජනතාව රාමා පිළිගත්තේ පහන් වැලක් දල්වමිනි. පහන් (දීප) වැල (වලි) අනුව ඵය දීපවාලි විය. ඵය කෙටි කර ඇත්තේ දිවාලි යනුවෙනි. දකුණු ඉන්දියාවේදී මෙය සමරනු ලබන්නේ ක්‍රිෂ්ණ දෙවිඳු 'නරකසුර' නැමති යක්ෂයා පරාජය කළ දිනය වශයෙනි. බටහිර ඉන්දියාවේ මෙය සැමරෙන්නේ විෂ්ණු දෙවියන්ගේ අණ පරිදි 'බාලි' රජු පාතාල ලෝකය පාලනය කිරීමට ගිය දිනය වශයෙනි.(මෙම පුරා වෘතය සිහි කරමින්) අගෝස්තු මාසයේදී 'ඕනම්' නමින් තවත් උත්සවයක් කේරළයෙහි පැවැත්වේ.

දිවාලි ඵළඹෙන්නේ ඔක්තෝබර් මාසයෙහි හෝ නොවැම්බර් මාසයේදී ය

Diwali Diya.jpg

ජෛනාගමෙහි මෙය සැමරෙන්නේ ක්‍රි.පූ 527 ඔක්තෝබර් 15 දින සිදු වූ 'මහා වීර' තුමාගේ නිර්වාණය සිහිකිරීම වෙනුවෙනි. සීක්වරුන් අතර දිවාලී සැමරීම පෙර සිටම නොකඩවා සිදු විය. ඵහෙත් මෙය ඔවුන් වඩාත් වැදගත් ලෙස සැලකීමට තවත් කරුණක් මුල් විය. සීක්වරුන්ගේ 6 වැනි ගුරු-ගුරු හර්ගෝබින්ද්ජි තවත් හින්දු රජවරු 52 කු සමග සිරෙන් නිදහස් වීම ඵ් කරුණයි. මොවුන් දේශපාලන සිරකරුවන් වූ අතර මොවුන් නිදහස් කර ගැනිමට ඔහු විසින් කටයුතු කරනු ලැබ තිබුණි. ඉන්දියාවේ 'දිවාලි' උත්සවය ජාතික උත්සවයක් ලෙස සළකනු ලැබේ. භක්තිය ගැන එතරම් අවධානයක් නැති වුවද මෙම උත්සවයේ සුන්දර පැත්ත ඉන්දියානුවන් විසින් වින්දනය කරනු ලැබේ.

දිවාලි දින සැන්දෑවේ තෙල් පහන්[සංස්කරණය]

නරක අභිබවා හොඳ සහ අධ්‍යාත්මික ගුණධර්ම නගාලීම මෙම උත්සවයේ අරමුණයි. රාමායනයේ සඳහන් වන අන්දමට මෙම උත්සවයෙන් සනිටුහන් වන්නේ මෙතෙක් නොතිබුණු හොඳ හිත, ආශිර්වාදය නැවත නිවසට කැඳවීමයි.

දිවාලි දිනයේ සැවොම සුදු වස්ත්‍රාභරණයෙන් සැරසෙති. රසකැවිලි බෙදා ගනිති. සමහර උතුරු ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව දිවාලි දිනය යන වර්ෂයේ ආරම්භය ලෙස සලකා මුදල් තැන්පත් කිරීමට අලුත් ගිණුම් පොත් පවා විවෘත කරති.


කථා[සංස්කරණය]

මේ හා බැඳුනු සිද්ධීන් අඩංගු පුරාණ දේව කථා හින්දූන් සතුව තිබේ.


රාමා අයෝධ්‍යාවට පැමිණීම

අවුරුදු 14 ක් පිටුවහල් වී සිටි රාමා ඔහුගේ රාජධානිය වූ අයෝධ්‍යා නගරයට තම බිරිඳ වූ සීතා සහ සහෝදරයා වූ ලක්ෂ්මන් සමග නැවත පැමිණිම සහ රාක්ෂ රජු වූ රාවණා සමග සටන් කොට ඔහු මරා දැමීම දිවාලි උත්සවයෙන් සැමරෙයි. අයෝධ්‍යාවේ වැසියන් ඔවුන් ඵන මග දෙපස පහන් දල්වා ආලෝකමත් කරන ලදැයි විශ්වාස කෙරේ. රාම දකුණු ඉන්දියාවේ සිට උතුරු ඉන්දියාවේ පිහිටි තම රාජ ධානියට ඵන විට ඔහු පළමුවෙන් පසු කළේ දකුණු ඉන්දියාවයි. දකුණු ඉන්දියාවේ දිවාලි උත්සවය දිනකට කලින් පැවැත්වීමේ හේතුව ඵයයි. උතුරු ඉන්දියාවේ උත්සවය පැවැත්වෙන්නේ වික්‍රම් දින දර්ශනයේ අන්තිම දිනයේය. ඊලඟ දිනය උතුරු ඉන්දියාවේ නව වසර ආරම්භ වන දිනය ලෙස සැළකේ. ඵය හඳුන්වනු ලබන්නේ 'අන්නාකුම්' යනුවෙනි.

නරකුසර මැරීම[සංස්කරණය]

මෙය "නරක චතුර්දාසි" යනුවෙන් සමරනු ලබන්නේ දිවාලි දිනයට දින දෙකකට පෙර දිනයේය. මෙයින් සිහිපත් කරනු ලබන්නේ නරකුසර මරා දැමීමයි. ඔහු මරා දමන ලද්දේ ක්‍රිෂ්ණා දෙවිඳුගේ බිරිඳ සත්‍යභාම විසිනි.මෙය සිදු වූයේ ද්වාපර් යුගයෙහිදී ය. එය ක්‍රිෂ්ණ දෙවිඳුගේ 'අවතාර්' නම් කාලයයි. තවත් විස්තරයක ක්‍රිෂ්ණ දෙවිඳු විසින් යක්ෂයා මරා දමනු ලැබූ බව කියැවේ. (මෙය කරනු ලබන්නේ ක්‍රිෂ්ණ දෙවිඳුට තුවාල කරන ලදැයි ක්‍රිෂ්ණ දෙවිඳුගේ බිරිඳවන සත්‍යභාමාට කියා ඇය කුපිත කරවීමෙනි.) නරකුසර මැරීමට හැක්කේ ඔහුගේ මවට පමණි. ඔහුගේ මව සත්‍යභාමාය. ඔහුගේ මරණයට පළමු ඔහු තම මව වූ සත්‍යභාමා ගෙන් වරයක් ඉල්ලීය. ( නරකුසරගේ මව බූදේවියගේ අවතාරයයි කියනු ලැබේ) ඵම වරය නම් ඔහුගේ මරණය සමරමින් සියලු දෙනා පහන් දැල්විය යුතු බවයි.


ශක්ති දේවියගේ තපස[සංස්කරණය]

ස්කන්ධ පුරාණයට අනුව ශක්ති දේවිය ශුක්ලා පක්ෂයේ (පුර පක්ෂයේ අටවෙනි දිනය) අෂාත්මි දිනයේ සිට දින 21 ක් තපස් රැක්කේ ශිව දෙවිඳුගේ සිරුරෙන් අඩක් ලබා ගැනීමටයි. මෙම තාපස වෘතය හඳුන්වනු ලබන්නේ කේධර වෘතය නමිනි. දීපවාලිය යනු මෙම වෘතය සම්පූර්ණ වන දිනයයි. මෙම දිනයේ ශිව දෙවිඳු තම සිරුරේ අනෙක් භාගය ලෙස ශක්ති දේවිය භාර ගත්තාය. ඉන්පසු ශිව පෙනී සිටියේ "අර්ධනාරිශ්වර" වශයෙනි. උග්‍ර බැතිමතුන් දින 21 ක වෘතයක් රකින්නේ නූල් 21 කින් යුත් කලාෂයක් තනමින් සහ පූජා විධි වර්ග 21 ක් දින 35 ක කාලයක් කරමින්ය. එහි අවසාන දිනය කේසර ගෞරි-වෘතය යනුවෙන් සැමරේ.


ක්‍රිෂ්ණ විසින් ඉන්ද්‍ර පරාජය කිරිම[සංස්කරණය]

ගෝවර්ධන පූජාව සමරනු ලබන්නේ දීවාලි දිනයට පසු දිනයේය. මෙම දිනය ක්‍රිෂ්ණ දෙවිඳු-වැස්සට හා අකුණුවලට අධිපති ඉන්ද්‍ර දෙවියන් පරාජය කළ දිනයයි. ඵම කථාව පරිදි ඉන්ද්‍ර දෙවියන් වෙනුවෙන් කෙරෙන වාර්ෂික පූජාව සඳහා විශාල සූදානමක් කෙරෙන බව ක්‍රිෂ්ණ දෙවියන් දැක ඵ් මක් නිසාදැයි තම පියාවන නන්දගෙන් විමසා ඇත. ඔහු ගම්මුන්ගෙන් ඔවුන්ගේ සත්‍ය ධර්මය කුමක්දැයි විමසා තර්ක කළේය.

ඔවුහු ගොවියෝය. ඔවුන් ඔවුන්ගේ ගොවිතැන් සහ ගවයින් ආරක්ෂා කිරීම ගැන කැපවෙමින් රාජකාරි කළ යුතු විය. සියලුම මනුෂ්‍ය ප්‍රජාව හැකි පමණ හොඳින් ඔවුන්ගේ 'කර්ම' කළ යුතු බවත් ස්වභාවයෙන් සිදුවන දේවල් සඳහා බැගෑපත්ව යාඥා නොකළ යුතු බවත් කියා සිටියේය. ගම්මු ක්‍රිෂ්ණගේ මෙම කථාව තේරුම් ගෙන විශේෂ පූජා කිරීම නතර කළහ. ඉන්ද්‍ර ඵවිට කේන්තියට පත් විය. ඔහු ගම ගංවතුරකට ගොදුරු කළේය. ගම්මුන් සහ ඔවුන්ගේ ගවයින් වැස්සෙන් හා ගංවතුරෙන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රිෂ්ණ කළේ ගෝවර්ධන් කඳු වැටිය ඔසවා අල්ලාගෙන සිටීමයි. ඉන්ද්‍ර පසුව පරාජය වී ක්‍රිෂ්ණ දෙවිඳුගේ අති ශ්‍රේෂ්ඨත්වය ද පිළිගත්තේය. ක්‍රිෂ්ණගේ ජීවිතයේ මෙම පාර්ශවය ඔපදමා විස්තර කර ඇත. ඵහෙත් භගවත් ගීතාවේ වඩා හොඳින් විස්තර කර තිබෙන 'කර්ම' පිළිබඳ දර්ශනය ඵයින් ඇති විය.


පාතාල ලෝකයට බාලිගේ ආපසු යාම[සංස්කරණය]

භවිෂ්‍යෝත්තර සහ බ්‍රහ්ම වයිවර්ත පුරාණවල 'දිවාල්' උත්සවය දායිත්‍ය රජ බාලි හා සම්බන්ධ වෙයි. ඵම රජු අවුරුද්දකට වරක් පෘථිවියට ඵ්මට අවසර ලද්දෙකි. කෙසේ වෙතත් කේරළයේ මෙය 'ඔනම්' සැමරීමේ හේතුවයි. අගෝස්තු-සැප්තැම්බර් මාසයන්හි "ඕනම්" සැමරිම සිදුවේ.

අධ්‍යාත්මික ගුණධර්මවල වැදගත්කම 'දිවාල්' දින සැන්දෑවේ හින්දු පූජා

"දීපවාලි" ආලෝක උත්සවයක් ලෙස ජනතාව අතර ජනප්‍රිය විය. ඵහි අධ්‍යාත්මික වශයෙන් වැදගත් ලක්ෂණයක් වූයේ අභ්‍යන්තර ආලෝකය පිළිබඳව අවබෝධයයි.

හින්දු දර්ශනයේ ප්‍රධාන වශයෙන් කියවෙන්නේ භෞතික ශරීරයට හා මනසට විෂය නොවන යම් දෙයක් තිබෙන බවයි. ඵය පිරිසිදුය. සීමා නොමැත. සදා කාලිකය. ඵය හැඳින්වෙන්නේ 'ආත්මය' යනුවෙනි. අප අපගේ භෞතික ජීවිතයේ උපත සමරන්නේ යම්සේ ද දීපවාලියෙන් කෙරෙන්නේ ද අභ්‍යන්තර ආලෝකය ගැන සැමරීමයි. වඩාත් විස්තර කළහොත් මෙය තේරුම් ගැනීමෙන් සියලු දුක ඳුරුවී පහ වී යයි. සියලු බාධාවන් දුරු වෙයි. අඥාණ භාවය පළවා හරියි. මෙය ආනන්දය (නොහොත් අභ්‍යන්තර සතුට හා ශාන්තිය) යනුවෙන් හැඳින්වේ. වඩාත් විස්තර කරන්නේනම් මේ ගැන අධ්‍යයනය කිරීමෙන් කෙනෙකුගේ අභ්‍යන්තර අඳුර දුරු වී ආලෝකමත් වෙයි. සියලු බාධාවන් දුරු වෙයි. අඥාණ භාවය පළවා හරියි. ආත්මය යනු කුමක්දැයි වටහා ගැනීම සමග විශ්වීය වශයෙන් අනුකම්පාව, ආදරය, සහ සියලු දෙයකම අසදෘශ භාවය පිළිබඳ අවබෝධය ළඟා වෙයි. (සර්වඥ වෙයි)මෙයින් ආනන්දය (නොහොත් අභ්‍යන්තර ප්‍රීතිය) ඇති වෙයි.

දීපවාලිය සැමරීම සඳහා ගිණිකෙළි, ආලෝකය, සහ මල් උපයෝගී කර ගනී. රස කැවිලි එකිනෙකා අතර බෙදා ගනු ලැබෙයි. පුද පූජා පැවැත්වෙයි. දීපවාලිය පිළිබඳ පසුබිම් කථාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුවත් මූලික හරය වෙනස් නොවේ. මූලික හරය යනු අභ්‍යන්තර ආලෝකය පුබුදු වීම සහ සියලු දේ ගැන යථා ස්වභාවය දැන ගැනීම යි.


දින හය

tiny globe
දීවාලි සමයේ ආලෝකවත් කර ඇති නිවෙස්

උතුරු ඉන්දියාවේ සහ මහා රාෂ්ට්‍රයේ බොහෝ ප්‍රදේශවල දීපවාලී සැමරුම දින 6 ක් මුළුල්ලේම සිදු වේ. දිවාලි හැරුණු විට අනෙකුත් සියලු දවස් හින්දු දින දර්ශනයට අනුව නම් කර ඇත්තේ ඒවාටම විශේෂ වූ නම් වලිනි. දිවාලි යනු ආලෝකය හා සම්බන්ධ උත්සවයක් හෙයින් ඉන්දියාව පුරා ජනතාව එය සමරන්නේ දියාස් නැතහොත් කන්දිලිස් (වෛවර්ණ කඩදාසි පහන්) උපයෝගී කර ගනිමිනි. මෙය දිවාලි සැරසිලි සඳහා අඛණ්ඩව යොදා ගැනේ.

1. වායු බාරා: මෙහි තේරුම: බාරා යනු 12 වැනි දිනය යන්නයි. වායු යනු එළදෙනයි. මෙම දිනයේ එළදෙන සහ වසු පැටියාට පුද පූජා පවත්වනු ලැබේ. එළදෙන යනු ගණ දෙවියන්ගේ සංකේතයක් යයි විශ්වාස කරන බැවින් එළදෙනට හා වසු පැටියාට පුද පූජා කිරීමෙන් දිවාලි අරඹනු ලැබේ.
2. ධනත්‍රයෝදාසි නැතහොත් ධන් තෙරා: ධන යනු ධනයයි. ත්‍රයෝදාසි යනු 13 වෙනි දිනයයි. මෙම නමෙන් ඇඟවෙන පරිදි මෙම දිනය එළඹෙන්නේ චන්ද්‍ර මාසයේ දෙවැනි අර්ධයේ 13 වෙනි දිනයටයි. මෙදින ගෙදර දොර බඩු මුට්ටු උපකරණ සහ රත්‍රන් ආභරණ මිළ දී ගැනීම සඳහා සුභ දිනයක් ලෙස සහ සුර හා අසුරයින් විසින් මහ සාගරය කළඹද්දී මතු වුණු ධන්වන්ත්‍රී දෙවියන්ගේ ජයන්තිය ලෙස ද සළකනු ලැබේ.
3. නරකචතුර්දාසී: චතුර්දාසි යනුවෙන් හැඳින්වෙන්නේ නරකසුර නමැති අසුරයා මරනු ලැබූ දාහතරවෙනි දිනයයි. නරක පරයා හොඳ ජය ගැනීමත්, අඳුරට එරෙහිව ආලෝකයත් මෙයින් දක්වනු ලැබේ. (ගුජරාට - කාලි චවුදාස්) දකුණු ඉන්දියාවේ මෙය උත්සවශ්‍රීයෙන් ඇළළුණු දිනයයි. මෙදින හින්දූහු උදෑසන එළිවන්නට පළමු එනම් රාත්‍රී 2.00 ට පමණ පිබිදී සුවඳ තෙලින් ස්නානය කර අලුත් ඇඳුම් හඳිති. ඔව්හු ගේ වටා කුඩා පහන් දල්වා ගෙයින් පිටත අලංකාර කෝලම් සහ රංගෝලි චිත්‍රණය කරති. ශ්‍රී ක්‍රිෂ්ණා දෙවිඳු හෙවත් විෂ්ණු දෙවිඳුට පිදවිලි සහිත විශේෂ පූජාවක් පවත්වති. එසේ කරන්නේ මෙම දිනයේ ඔහු විසින් නරකුසර නමැති රකුසාගෙන් ලෝකය මුදා ගත් හෙයිනි. අහසේ තරු පායා තිබෙන අතරේ හිරු නැගෙන්නට පෙර ස්නානය කිරිම, ශුද්ධ වූ ගංගා නදියෙන් ස්නානය කිරීම හා සමාන යයි විශ්වාසයක් පවතී. මිනිසුන් එකිනෙකා උදෑසන සුභ පතා ගන්නා විට "ගංගා ස්නානම්" චාරිත්‍රය පැවැත්වූවාදැයි විමසන්නේ එබැවිනි. පූජාවෙන් පසු ළමෝ රතිඤ්ඤා දල්වති. ඒ රකුසා පැරදවීම සිහි කිරීම පිණිසයි. මෙදින ඉතා ප්‍රීතිමත් දිනයක් හෙයින් සියලු දෙනා පාහේ විසිතුරු ලෙස පිළියෙල කළ උදෑසන සහ දහවල් ආහාර ගනිති. පවුලේ නෑ හිත මිතුරන් හමු වන සැන්දෑවේදී නැවත පහන් දල්වනු ලැබේ. ලක්ෂ්මී දේවියට පුද පූජා හා විශේෂ ආහාර පාන පිරි නමති. මෙදින අමාවක දිනයක් හෙයින් බොහෝ දෙනා ඔවුනගේ මුතුන් මිත්තන්ට 'තර්පන' (තල සහ ජලය) පූජා කරති. මෙම දිනය "රූප් චතුර්දාසි" යනුවෙන්ද හැඳින්වේ.
4. ලක්ෂ්මී පූජා: දිවාලි උත්සවවල දී ලක්ෂ්මී පූජාවට ලැබෙන්නේ ඉතා වැදගත් තැනකි. හින්දු නිවැසියන් ධනයට අධිපති ලක්ෂ්මී දේවියට ද සුභ කාර්යයන් ආරම්භ කිරීමේ දී මුලින් සිටින දෙවියන් වූ ගනේෂ්ට ද, වන්දනාමාන කරති. ඉන් පසු වීථි පුරා සහ නිවෙස්වල පහන් දල්වා සෞභාග්‍යය සහ නිරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරති.
5. ගෝවර්ධන් පූජා: අන්නාකුට් යනුවෙන්ද හැඳින්වෙයි. මේ සඳහා උත්සව පවත්වනු ලබන්නේ ක්‍රිෂ්ණා විසින් ඉන්දු පරාජය කිරීම සැමරීම සඳහාය. කඳු වැටි මිහිකතට වර්ෂාව ගෙනෙන බව කියමින් ස්වභාව ධර්මයාට වැඳුම් පිදුම් කළ යුතු යයි ක්‍රිෂ්ණා ජනතාවට ඉගැන්වූයේය. ඉන්ද්‍රට වැඳුම් පිදුම් කිරීම නතර කිරීමට එය හේතුවක් විය. අප සොබා දහම රැක ගත යුතු යයි යනු ක්‍රිෂ්ණාගේ පණිවුඩය විය. අන්නාකුට් (උත්සවය) සඳහා ආහාරවලින් කන්දක් සාදා එය මෝස්තර යොදා අලංකාර කරනු ලැබේ. මෙසේ කරනු ලබන්නේ ක්‍රිෂ්ණා විසින් ඉහළට එසවූ ගෝවර්ධන් කඳු වැටිය සංකේතවත් කිරීමටයි. මහා රාෂ්ට්‍රයේ පවත්වනු ලබන මෙම උත්සවය හඳුන්වනු ලබන්නේ 'පද්වා' නොහොත් 'බලිප්‍රතිපාද' යන නම් වලිනි. බාලි රජු සමරන දිනයේ පිරිමි අය ඔවුන්ගේ භාර්යාවන්ට තෑගි පිරිනමති. ගුජරාටයේ මෙම උත්සව පවත්වන්නේ අලුත් අවුරුද්ද ලෙසයි. ඒ 'වික්‍රම් සම්පත්' ඇරඹෙන්නේ එදින හෙයිනි.
6. භායිදූජ්: (භයියාදූජ්,බෞබීජ් නොහොත් භායිතිකා ලෙසින්ද හැඳින්වේ) මෙම දිනයේ සහෝදර සහෝදරියන් එකට හමු වී ඔවුනොවුන් හා ආදරය, දයාව ප්‍රකාශ කර ගනිති. (ගුජරාටි, භායිබීජ්, - බෙංගාලි, භායි පෝතා) බොහෝ ඉන්දියන් උත්සව හේතු කොට ගෙන පවුල් එකට එක් වෙයි. භායිදූජ් උත්සවයෙන් විවාහක සහෝදර සහෝදරියන් එක් කරන අතර එය ඔවුනට ඉතා වැදගත් උත්සව දිනයකි. මෙම උත්සවය වර්තමානයේ "රාක්ෂ බන්ධන්" නමින් පැවැත්වෙන උත්සවයට වඩා පැරණිය. "රාක්ෂ බන්ධන් ද සහෝදර - සහෝදරියන්ගේ උත්සවයකි.

ලක්ෂ්මී පූජා: ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල අස්වනු කාලය නිමාවීම 'දිවාලි' උත්සවයෙන් සනිටුහන් වේ. ගොවීහු ගෙවුණු වසරේ ලැබුණු බොහෝ දේ ගැන ස්තුතිය පුද කරති. ලබන වසරේ සරු අස්වැන්නක් ලැබේවායි ප්‍රාර්ථනා කරති. කෘෂිකර්මය හා සම්බන්ධ වැඩ කටයුතුවල ගිණුම් පියවීමක් වැනි මෙම උත්සවය සහ ශීත සෘතුවට පෙර පවත්වන ප්‍රධාන උත්සවය ලෙසද සැලකේ. ලක්ෂ්මී දේවිය ධනය සහ සෞභාග්‍යය සංකේතවත් කරයි. මෙදින ඉදිරි වසර යහපත් ලෙස ගත කිරීමට ඇයගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරති. මෙදින ලක්ෂ්මී දේවියට පුද පූජා පැවැත්වීමට අදාළ පුරාණ කථා දෙකක් තිබේ. පළමුවැන්නට අනුව දිවාලි දිනයේ කිරි සයුර කළඹද්දී ලක්ෂ්මී දේවිය මතු වී ඇත. ඒ කැළඹීම හඳුන්වනු ලබන්නේ 'සමුද්‍ර මන්තම්' යනුවෙනි. දෙවැනි කථාවේ (මෙය බටහිර ඉන්දියාවේ වඩාත් ජනප්‍රියයි.) විෂ්ණු වාමන ආත්මභාවය ලබා ගෙන රකුසු රජෙකු වූ බාලි මරුමුවට පත් කළේය. ඉන් පසු එදිනම විෂ්ණු ඔහුගේ වාසස්ථානය වන වෛකුන්තයට පැමිණියේය. ‍එමෙන්ම ලක්ෂ්මියට වන්දනාමාන කරන සැවොම ඇය‍ෙග් කරුණාවන්ත භාවයේ අනුග්‍රහය ලබා ගනිති. එමෙන්ම මානසික, ශාරීරික, සෞඛ්‍යය ලඟා වේවායි ආශීර්වාද ලබා ගනිති.


tiny globe
දීවාලි රන්ගොලි

අධ්‍යාත්මික පැත්තෙන් ගත් කල මෙදින ලක්ෂ්මිය පන්චායතන් විශ්වයට ඇතුළු වෙයි. (පන්චායතන් යනු කොටස් පහකින් යුතු කණ්ඩායම යන අර්ථයයි.) මෙම පන්චායතන නම්, ශ්‍රී විෂ්ණු, ශ්‍රී ඉන්ද්‍ර, ශ්‍රී කුබෙර, ශ්‍රී ගජේන්ද්‍ර, සහ ශ්‍රී ලක්ෂ්මී යනාදී දෙවි දේවතාවුන් වෙති. මෙම පංචායතනයන්හි කාර්ය භාරය පහත දැක්වේ.

  • විෂ්ණු - සතුට (ප්‍රීතියට හා තෘප්තියට පත්වීම)
  • ඉන්ද්‍ර - සමෘද්ධිය (ධනය නිසා ඇති වන තෘප්තිමත් බව)
  • කුබෙර - ධනය (ත්‍යාගශීලී භාවය - ධනය අනුනට දෙන්නා)
  • ගජේන්ද්‍ර - ධනය රැගෙන යයි.
  • ලක්ෂ්මී - දිව්‍යමය ශක්තිය.


සටහන්[සංස්කරණය]

Deepavali
"http://si.wikipedia.org/w/index.php?title=දිවාලි&oldid=305705" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි