හින්දු ප්‍රතිමා ශිල්පය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හින්දු ප්‍රතිමා ශිල්පය : සංකේත

හින්දු ප්‍රතිමා ශිල්පයෙහි දැක්වෙන හින්දු දෙවිදේවතාවෝ, පුරාණෝක්තීන්හි පිළිබිඹුවන චරිත සහ ඒ හා සබැඳි සංකේත කිහිපයක් පහත දැක්වෙයි.

දෙවියා හෝ දේවතාවා අදාල සංකේතය සටහන

බ්‍රහ්ම පියුම,හංසය ලෝක නිර්මාණය පිළිබද සංකේතය

විෂ්ණු පියුම,නාග,චක‍්‍රය,සක්ගෙඩිය, යගදාව,නිල් පැහැය

ශිව තෙවැනි ඇස,නාගයා, අඩසඳ, බෙරය, දිවිසම, ත්‍රිශුලය,ශිවලිංගය,


ලක්ෂ්මී පියුම, බකමූණා ධනය හා සෞභාග්‍ය පිළිබඳ සංකේතය

පාර්වතී සිංහයා සරුබව පිළිබද සංකේතය,

ශිවගේ භාර්යාව සරස්වතී පියුම, මයුරා, හංසයා. වීණාව, සුදු පැහැය ඉගෙනුම සහ කලාවපිළිබඳ සංකේතය

රාමා දුන්න සහ ඊතලය ධාර්මිකත්වය පිළිබඳ සංකේතය,

විෂ්ණුගේ අවතාරය ක්‍රිෂ්ණා ගවදෙන, කිරි, වස්දණ්ඩ මයුර පිහාටු, නීලකාල වර්ණය

විෂ්ණු ගේ අවතාරය ගනේෂ මූෂිකයා (මීයා ) ශුභ අනාගතය පිළිබඳ සංකේතය

හනුමන් යගදාව භක්තිය පිළිබඳ සංකේතය,

ශිවගේ අවතාරය

හින්දු සක්‍රමේන්තු[සංස්කරණය]

හින්දු සක්‍රමේන්තු යනු හින්දු භක්තිකයින්ට උතුම් වු භෞතික වස්තූන් හෝ සළකුණුයි. බොහෝ විට මේවා පූජා කටයුතු ඇතුළු ආගමික කටයුතු වලට යොදා ගන්නා ද්‍රව්‍ය වේ.

තිලකය[සංස්කරණය]

නළලේ හෝ ශරීරයේ වෙනත් තැනක අඳිනු ලබන සළකුණකි. මෙය ආගමික භක්ති පෙන්නුම් කරන ලකුණක් සේ සැළකේ. හින්දු භක්තිකයන් නිතරම තිලක තබන අතර, උත්සව අවස්ථාවලදී විශේෂයෙන්ම තිලක තබයි. තිලකයේ හැඩය අදහනු ලබන දේවතාව අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස "U" හැඩති තිලකය විෂ්ණු භක්තිකයන් තබනු ලබන අතර, ශිව භක්තිකයන් සමාන්තර ඉරි තුනක් ලෙස තිලක තබනු ලබයි. මේවා කහ, සාදිලිංගම්, අරන් කහ, මැටි හා අළු භාවිතා කර තබනු ලබයි.


විවාහක හින්දු කතුන් විවාහය හැඟවීමට අලංකාර සාදිලිංගම් තිත් හෝ බිංදු නළල මත තබනු ලබයි. මෙය බටහිර රටවල භාවිතා වන මඟුල් මුදුවට සමාන වේ. දකුණු ඉන්දියානුවන් මෙය "පොට්ටු" ලෙස හඳුන්වනු ලබයි. "පොට්ටු" හෝ "තිලක" තබන ස්ථානය, හැඩය, ප්‍රමාණය අදහනු ලබන දෙවියන් අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස උතුරු ඉන්දියානු තිලකය කොණ්ඩය සමඟ මදක් පහළින් තබනු ලබන අතර දකුණු ඉන්දියානුවන් එය ඇහිබැමි අතර මැදින් තබයි. නැගෙනහිර ඉන්දියාවේ (වි‍ශේෂයෙන් බටහිර බෙංගාලයේ) විශාල තිලක දුර්ගා දේවියට ඇති භක්තිය පෙන්නුම් කිරීමට නළල මත තබනු ලබයි.


විභූති[සංස්කරණය]

විභූති යනු ගින්දර සම්බන්ධ වන්නා වු පූජා ක්‍රම වලින් ලබාගන්නා ශුද්ධ අළුයි. ගින්දරෙන් ඇතිවන්නා වු අළු ස්වභාවිකවම පවිත්‍ර ලෙස සැළකේ. මෙම අළුවලින් නළලේ සමාන්තර ඉරි තුනක් අදිනු ලැබේ. ඉන් පෙන්නුම් කරන්නේ ශිව භක්තියයි. සමහරක් හින්දු බැතිමතුන් මෙම ඉරිතුන මත "U" සළකුණක් තබයි. මෙය මිශ්‍ර ලෝහයෙන් අඳිනු ලැබේ. මෙමඟින් ශිව - විෂ්ණු සංයෝගය දැක්වේ.


ශරීරයෙහි හටගැන්ම දුවිලි හා අළුවලින් බවද, එය නැවතත් අළු හා දුවිලි බවට පත්වන බවද, අළු ශරීරයේ ආලේපයෙන් පෙන්නුම් කරයි. අළු යනු අස්ථිරත්වයේ සළකුණයි. මේ අතර ඇති අන්සියල්ල මායාවකි.


විභූති ගැල්වීමෙන් පෙන්වනුයේ එම පුද්ගලයා නරක සිතුවිලි මැඬලන බවත්, (රාගය,වෛරය, ඊර්ෂ්‍යාව, තණ්හාව) එසේ නොකලහොත් දුක් කරදර ඇතිවන බවත් දන්නා බවයි.


රුද්‍රාක්ෂ[සංස්කරණය]

මේවා රුද්‍රාක්ෂ ගසෙන් ලබා ගන්නා ඇටවේ. හින්දු පුරාණ කතා අනුව මෙය ශිව දෙවියන්ගේ (රුද්‍ර ලෙසද හඳුන්වයි) කඳුළු නිරූපණය කරයි. මේවා මාලයක් ලෙස අමුණා සකසා ගන්නා කොන්තය (අක්ෂමාලාව) යාතිකා කිරීමේදී හෝ භාවිතා කිරීමේදි භාවිත කරයි.

"http://si.wikipedia.org/w/index.php?title=හින්දු_ප්‍රතිමා_ශිල්පය&oldid=250159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි