වේද

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

දැනුම යන තේරුම සඳහා සංස්කෘති භාෂාවේ භාවිතා වන්නේ “වේද” යන වචනයයි. එමෙන්ම මෙම වේදය පුරාණයේ ඉන්දියාවේ බිහි වූ මහා ග්‍රන්ථ කාණ්ඩයක් වේ. පැරණිම සංස්කෘත සාහිත්‍යයද වේද ග්‍රන්ථ වේ. එසේම ‍මේවා හින්දු ධර්මයේ පූජනීය ග්‍රන්ථ වේ.

සම්ප්‍රදායික හින්දු විශ්වාසය අනුව වේදය මිනිසුන් විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ. මේවා සෘජුව ම ලැබී ඇති දේව වාක්‍යයක් වේ. එම නිසා ඒවා ' අසන ලද පරිදි ' යන තේරුම ඇති ස්‍රෘති (sruthi) යනුවෙන් හඳුන්වනු ලබයි. වේද මන්ත්‍ර නැතිනම් සූත්‍ර හින්දු සුත්‍ර, ආගමික කටයුතු සහ අනෙකුත් සුභ අවස්ථාවන් හීදි ගායනා කරනු ලැබේ. විවිධ වර්ගයේ වේද ග්‍රන්ථ ඒකාබද්ධ කොට චතුර් මහා සාහිත්‍ය නැතිනම් මහා වේදය වශයෙන් කාණ්ඩ 4 කින් සකසා ඇත. මේවායින් තුනක් ඇති පුරාණ පුද පුජා නැතහොත් යාඥාවන්ට සම්බන්ධ වූ ඒවා වේ.

1. සෘග් වේදය - ප්‍රධාන පූජක ගායනා කරන ලද භක්ති ගීත

2. සෘජු වේදය - පාලක පූජක විසින් ගායනා කළ සුත්‍ර

3. සාම වේදය - සංගායනා කරන පූජක විසින් ගායනා කළ සූත්‍ර

හතරවෙනි වේදය ආතර්ව වේදය වේ. මෙය විජ්ජා වසුං සහ ප්‍රවකිෂිවේ කාර්ය්‍ය සඳහා භාවිතා කරනු ලබන මන්ත්‍ර විශේෂයක එකතුවකි.

ඉන්දියාව තුළ බිහිවු විවිධ දර්ශක කණ්ඩායම් සහ නිකා‍යන් 'වේදය' පිළිබඳ විවිධ අදහස් දරයි. තමන්ගේ දාර්ශණික මතවාද වල පදනම නැතිනම් බලය වේදය ලෙස පිළිගන්නා දුර්ගනයන් සම්මුතික දාර්ශණික නිකායන් ලෙස සැළකේ. වේදාන්තය මෙන්ම විමුක්තිය පිළිබඳ ඉගැන්වීම් ඇතුලත් බුද්ධාගම හෝ ජෛනාගම දේව ප්‍රකාශිතයින් ලෙස නොසැලකේ. උසස් තලයේ මනුෂ්‍ය ප්‍රඥයින් ලෙස සැලකෙන මනුෂ්‍යයන් විසින් ඉදිරිපත් කර ඇති නිසා මෙම ආගම් දෙකෙහි ඉගැන්වීම් දිව්‍යමය සම්මුතියක් ලෙස නොසැළකේ. මෙම ආගමික ඉගැන්වීම් පිළිගත් සම්මුතියෙන් බාහිර ආගමික විශ්වාසයක් ලෙස සැලකේ. බෞද්ධාගම, ජෛනාගම මෙන්ම ශිව ආගමද වේද ග්‍රන්ථවලින් ඉදිරිපත් කෙරෙන සම්මුතියක් බලයක් ලෙස පිළිනොගනී.


වේද ග‍්‍රන්ථ[සංස්කරණය]

‘වේද ග‍්‍රන්ථ’ යන්න අර්ථ දෙකකින් භාවිත කෙරේ. ඒ

1. වෛදික යුගයේදී වෛදික සංස්කෘත භාෂාවෙන් සම්පාදිත කෘති.

2. වේදය හා සම්බන්ධ යැයි සළකනු ලබන කවර හෝ කෘති යනුවෙනි.

වෛදික සංස්කෘත සාහිත්‍යය

වෛදික සංස්කෘත සාහිත්‍යය පහත දැක්වෙන කාතිවලින් සමන්විත වෙයි.

  • සංහිතා : ඍග්වේද, සාමවේද, යජූර්වේද සහ අථර්වන්වේද යනුවෙන් වෛදික සංහිතා සතරකි. වේද යන වදන භාවිතවනුයේ මෙම සංහිතා හැඳින්වීම පිණිස ය. මෙම ග‍්‍රන්ථ වෛදික සාහිත්‍යයේ පැරණිතම ස්ථරය වන අතර ඍග්වේදය කි‍්‍රස්තු පූර්ව 1200 දී පමණ සම්පාදනය වූයේයැයි සැළකේ.
  • බ‍්‍රාහ්මණ යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ ගද්‍යමය ඒවා වේ. විවිධ යාතුකර්ම සහ ඒ හා සම්බන්ධ තේමා පිළිබඳව කෙරෙන දීර්ඝ විස්තර ඒවායෙහි අන්තර්ගත වෙයි.
  • ආරණ්‍යක යනුවෙන් හැඳින්වෙන ග‍්‍රන්ථ සමූහය බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවල අන්තර්ගත චින්තනය ඉදිරියට ගෙනයාමක් සේ සැළකිය හැකිය. ඒවා තුළ ඇතැම් දාර්ශනික සංකල්පයන්ගේ මූල අවස්ථාව අපට දැකගත හැකිය.
  • උපනිෂද් ග‍්‍රන්ථවල දාර්ශනික වශයෙන් ඉතා උසස් මට්ටමේ අදහස් අන්තර්ගත වෙයි. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථවලට වඩා උපනිෂද් ග‍්‍රන්ථවල ඇති සුවිශේෂත්වය වනුයේ බාහිර නිර්මාණකරුවෙකු පිළිබඳ සංකල්පය කෙමෙන් වෙනස් වී "ආත්මය නමැති පදාර්ථය ලෝකයේ ප‍්‍රතිෂ්ඨාව සහ පරම යථාර්ථය වන්නේය" යන අදහස ඉදිරිපත්කිරීම පිණිස ඒවා සම්පාදනය කළ මුනිවරු යොමු වීමය. උපනිෂද් ග‍්‍රන්ථ වේදයේ අන්තය හෙවත් වේදාන්ත ලෙස සැළකේ. සමස්තයක් වශයෙන් ගත්කල්හි උපනිෂද් ග‍්‍රන්ථ 108 ක් පමණ වෙතැයි සැළකේ.

සාම වේදය (හින්දු ග්‍රන්ථ)

සාමවේදය යනු චතුර් වේදයන්ගේ තුන්වැන්නයි. චතුර්වේදය යනු පැරණි හින්දු ග්‍රන්ථ පෙළකි. මෙහි ආරම්භක කොටස් ක්‍රි.පු 1000 දී පමණ ලියැවුණු බව විශ්වාස කරයි.


සාමවේදය, ශුද්ධවන්තකම හා දේව ඇඳහිලි ක්‍රම ගැන ලියවී ඇති කරුණු සෘග් වේදයේ ඇති කරුණුවලට දෙවැනිවේ. සාමවේදියෙහි 'සමීතා' හෙවත් පද්‍යමය කොටසෙහි ප්‍රධාන වශයෙන්ම ඇත්තේ 'උද්ගාඨාර' පුජකතුමන් විසින් වැදගත් බිලි පූජා වලදී ගායනා කළ යුතු ස්තෝත්‍ර වේ.


මෙම එකතුව ස්තෝත්‍රතා, ස්තෝත්‍ර කොටස්, ශ්ලෝක කොටස් ආදියෙන් සමන්විතවේ. මින් 75 ක් හැර අන් සියල්ල සෘග් වේදයෙන් ලබාගන්නා ඒවා වේ. මේවා පිළිවෙල මාරුකර, නැවත සකසා සාමවේදයට ඇතුළත් කර ඇති අතර, දෙවෙනි පිළිවෙල පිළිබඳ සඳහන් කොට නොමැත. මේවා අවශ්‍ය පරිදි විවිධ පිළිවෙත් වලදී යොදා ගැනීමට මෙසේ නැවත සකස් කොට ඇත. මෙම ශ්ලෝක කියවීමට නොව ගායනා කිරීමට සකසා ඇත. ගායනා කිරීමේදි ස්වප්ත ස්වරයට අන්තර්ගත වන විශේෂයෙන් ඇති කාල වලට අනුව ගායන කළ යුතුය. මෙවැනි ගී "සාමගානා" ලෙස හැඳින්වේ.


මෙම නැවත සකස් කරන ලද "සාමානා" සෘග්වේදයේ ඇති ඒවායෙන් බොහෝ ලෙස වෙනස්වේ. සමහර අවස්ථාවලදී මෙම වෙනස්කම් වාක්‍යාත්මක වේ. නමුත් සමහර ස්ථානවල සම්ප්‍රදායික උච්චාරණයට වඩා පැරණි උච්චාරණ ඇත. "සාමානා" ගායනයේදී මෙම ශ්ලෝක විකෘති වේ. දීර්ඝ ගායනය නැවත නැවත ගැයීම, විවිධ ස්වර එක් කිරීම, ආදි දේ නිසා මෙය සිදුවේ. මේ නිසා මේවා ගායනයට අදාළ රෙගුලාසි "ගානා" හෙවත් ගීත පොත් වල ඇතුළත් වේ. මේවාට උදාහරණ ලෙස "ග්‍රාමගෙය ගානා" හා 'ආරන්‍යාගානා" දැක්විය හැක.

වේද සාහිත්‍යය - වේදාන්ග (Vedanga)[සංස්කරණය]

සම්ප්‍රදායික වශයෙන් වේද ශාස්ත්‍රයට සම්බන්ධව සැකසුන ශිල්පීය විෂයන් හයක් ඇත. මේවා වේදාන්ග වශයෙන් හදුන්වයි. වී.එස්. අප්තේ විද්වතා විසින් වේදාන්ග නිර්වචනය කරන ලද්දේ ‍මෙසේය.

නිවැරදි උච්චාරණය නිවැරදි අර්ථ දැක්වීම සහ උත්සව අවස්ථාවන්හිදි උචිත ලෙස මන්ත්‍ර ගායනා කිරීමට උපකාරි වන සේ පිළියෙළ කර ඇති වර්‍ග කිහිපයකට අයත් උපකාරී සංග්‍රහ ග්‍රන්ථය වේ" වේද යුගයේ අවසානයේ සිට මෙගසී යුගය දක්වා මෙම විෂයන් සූත්‍ර සාහිත්‍යයෙහි ඇතුලත්ව ඇත. වෛධික සංස්කෘත භාෂාවේ සිට ශාස්ත්‍රි සංස්කෘති භාෂාව දක්වා භාෂා විකාශයද දක්නට ලැබේ. වේදාන්ග විෂය හය මෙලෙස දැක්විය හැකිය

  • ශබ්ද /වාග් විද්‍යාව
  • කාව්‍ය චන්දස්
  • ව්‍යාකරණ
  • නිරුක්තිය
  • ජ්‍යෝතිෂ්‍ය
  • ඇදහිලි වත් පිළිවෙත්
  • කල්ප

සංශෝධනය[සංස්කරණය]

R.T.A. ග්‍රිෆ්ත් ට අනුව සාමවේදය සමිතාවේ සංශෝධන තුනක් ඇත.


1. කෞතුම සංශෝධනය - ගුජරාති වල ඇති අතර එය ධර්භන්ග හා බිහාර් වලට පසුව ව්‍යාප්ත විනි.


2. ජෛමිනිය සංශෝධනය - කාර්ණාටක, තමිල්නාඩු හා කේරල


3. රානායනීය සංශෝධනය - මහාරාශ්ත්‍ර


කෞතුම සංශෝධනය ප්‍රකාශ කරන අවධියේ ජෛමිනිය සම්ප්‍රදායේ සමහර කොටස් ප්‍රකාශයට පත්ව නොතිබිණි. සමිතාවේ පළමු කොටසේ සංස්කාරණයක් W. කාලන්ඩ් විසින්ද, රඝු වීරා හා ලෝකේෂ් චන්ද්‍රා විසින් බ්‍රාහ්මණ කොටස් සංස්කරණයක්ද ඇත. එසේම අතහැර දමන ලද උපනිශද සංස්කාරයක්ද ඇත. ගීත පොත් ප්‍රකාශයට පත්ව නොමැත. මෙම සියලු සම්ප්‍රදායන් දැන් මැකී යමින් පවතී. කෙසේ වෙතත් සාමවේද විශේෂඥයන් විසින් නව සංස්කරණය සකසමින් පවති.

19 වන සියවස මුල් කාලයේ දෙවනශාරි රිග්වේද[සංස්කරණය]

සම්මතයට අනුව වේද ප‍්‍රධාන කොටස හතරකට බෙදිය හැක. 1. රිග් වේද :ඍඪ* 2. යජුර්වේද :ශඪ* 3. සාම වේදය :ීඪ* 4. අනර්ව වේද :්ඪ*

මේවායින් පළමු තුන ප‍්‍රධාන මුලික කොටසට අයත් වන අතර ඒවා ලෙස හදුන්වයි. මෙම ත‍්‍රිත්ව විද්‍යා වලට ‘ශුද්ධ වු ත‍්‍රිත්ව විද්‍යා වලට දේව ගිතිකා සජ්ජායනය :ඍඪ* යාග පැවැත්වීම :ශඪ* යන සජ්ජායනා :ීඪ* වේ. මෙම පිටපත් තුන බ‍්‍රාහ්මනයන් විසින් හදුන්වා දුන් අතර :ී්‍යඊල ්ඊඍ වන යනකුත්* රිග් වේදය අනිකුත් වේද තුනෙන් පැරණිම එක වන අතර යාතුව යන කල්පිත මන්ත‍්‍ර වලින් ස්වාධීන වේ.

තවද මන්ත‍්‍ර තන් ආකාරයෙන් පවති. ඍසජ මෙහිදි පැදියේ කාවග රිද්මය ප‍්‍රශංසා කරන අතර, හඩ ඉහලින් සජ්ජායනය කරයි. යජුස්, මේවා ගැදි වන අතර යාග පවතින විට අඩු හඩකින් සජ්ජායනය කරනු ලබයි. මේවා කාව්‍ය රිද්මය වන අතර සෝම උත්සව වලදි ගායනා කිරිමට බලාපොරොත්තු වේ. යජ්ර්වේද, සාමවේද යන අතර්ථවේද මන්ත‍්‍රවල හා දේවගිතිකා වල ස්වාධින එකතුවක් වන අතර ්ායඩ්රහහල ඹාට්එරල සහ ඊර්යප්බ යන ප‍්‍රජාවකුත් පිළිවෙලත් අත්පොත ලෙස සලකන ලදි. අතර්වේද යනු හතරවන වේදයයි. එහි තත්ත්වය ඇතැම් විට අර්ථ කිහිපයක් සහිත වේ. එය සමහර විට රෝග සුවකිරිමට යන ධාතුවේ දී භාවිතා කරයි. කෙසේ නමුත් එහි ආදි වේදික භාෂාවේ ඇති පරණ ද්‍රව්‍ය අඩංගු වේ.

වර්ණ (කුල) පසුබිම[සංස්කරණය]

මිනිසුන් පළමුවතාවට කෘෂිකර්මය යන වෙළද සමාජ වල පදිංචි වු විට සමජිය සම්බන්ධතා විශාල වශයෙන් වෙනස් වූ අතර විශාල ලෙස කම්කරුවන් විශේෂ සුදුසුකම් ලැබුන් විය. මහජනයා ශිෂ්ට ව්‍යුහයකට සංවිධානය වු අතර එය යගයි සහ විවිධ වු රැකියා කරන විවිධ පුද්ගලයන්ගෙන් සමන්විත විය. සමාජයන් ව්‍යවස්ථාදායක වන අතර සියල්ල විවිධ කණ්ඩායම් වල ස්වයං උන්දුවක් මගින් සමාජ යහ පැවැත්ම යන වැඩිම ඇති කරනු ලබයි.

බොහෝ රාජධානි (උදාහරණ සට වාහන) ධුරාවලියක් ලෙස ගොඩ නැගි ඇති අතර සමාජයේ විවිධ වු මිනිස් කණ්ඩායම් වලට විවිධ වු භුමිකා සහ වගකිම් පවරා දි ඇත. මෙම භූමිකා සහ වගකිම් වසර කිහිපයක් පුරා උරුමයෙන් පැවත එන ඒවාය.

රාජධානි අධිරාජ්‍යයන්ගෙන් පැවතෙන අතර පරම්පරා කිහිපයකට පසුව නැති වි යන ලදි. ප‍්‍රධාන වශයෙන් බ‍්‍රාහ්මණයන්ට ේව හා ආගමික කටයුතු වලදි උත්තරිත්වය තිබිනි. කෙසේ නමුත් හින්දු ධර්මට අනුව අඩු තත්ත්වයේ අයට සැලකිල්ලක් නොදැක්විය. උදාහරණයක් ලෙස වෛශයව මසුන් මරනන් ලෙස වේද සහ පුරාණ සහ මහාභාරත ග‍්‍රන්ථයන් සම්පාදනයට සම්මාන ලද හා අලූත් උපන් දරුවෙකුගේ කුලය ඔහුගේ පියාගේ කුලය අනුව තිරණය විය. බ‍්‍රාහ්මන, ක්ෂේත‍්‍රය, වෛශය යන කුල අපානනයන යන දෙවන උත්සවයක් පවත්වනු ලැබේ. බ‍්‍රාහ්මණ ග‍්‍රන්ථ වලට අනුව කුලය යනු ක‍්‍රියාකාරි ධුරාලි පද්ධතියක් වන අතර එමගින් මාජය සංවිධානය කරනු ලැබේ. එය පරමාදර්ශි පද්ධතියක් වන අතර යථාර්ථයක් ලෙස එමේ කුමන ප‍්‍රදේශයකවත් නොපවති. ජෙසින්ට අනුව ඉන්දියානු සමාජය 300 ක්‍ සිට එනම් ගුප්ත කාලයේ සිට සංවිධානය කරන ලදි. කුල පද්ධතිය පිළිබදව ආදිතම සටහනට අනුව රිග් වේදයේ පුරුෂ සුත‍්‍රය 1090.12 මෙසේ සදහන් කරයි. බ‍්‍රහ්මයින් පුරුෂගේ කටින් ද ජනයා (ක්ෂේත‍්‍රයන්) ඔවුන්ගේ අත් වලින් ද වෛශ්‍යයන් කලවයෙන්ද ශුද්‍රයන් ඔහුගේ පාදයෙන් ද ඇතිවේ.


සටහන්[සංස්කරණය]

Vedas
විකිමාධ්‍ය කොමන්ස් වෙත මෙය ආශ්‍රිත මාධ්‍ය සතු වෙයි: Vedas
"http://si.wikipedia.org/w/index.php?title=වේද&oldid=269294" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි