සන්‍යාස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හින්දුසමය අනුව සන්‍යාස යනු ගෘහස්ත ජීවිතය අතහැර දැමීමේ ප‍්‍රතිපදාවය. මෙය වර්ණධර්ම හා ආශ‍්‍රම ධර්ම පද්ධතියේ උසස්තම සහ අවසන් අදියර වෙයි. සාම්ප‍්‍රදායිකව මෙම තත්වයට පත්වනුයේ වයස අවුරුදු පනහක් හෝ එයට වඩා වයස්ගත වූ පුද්ගලයෝ ය. නොඑසේ නම් සිය ඉදිරි ජීවිතය සම්පූර්ණයෙන් ම අධ්‍යාත්මික ගවේෂණය සදහා කැප කිරීමේ අභිප‍්‍රායයෙන් යුතු තරුණ තවුසෝ ය. සන්‍යාස දිවියට පත්වන පුද්ගලයින් සන්‍යාසී ලෙස හෝ සන්‍යාසින් යනුවෙන් හදුන්වනු ලැබේ.

සන්‍යාස යන සංස්කෘත වදනෙහි අරුත වනුයේ ගිහිගෙය අතහැර යාම හෝ අතහැර දැමීම ය.[සංස්කරණය]

සමාජ ආගමික සන්දර්භය තුළ සන්‍යාසී වර්ග ගණනාවක් ඇත. සාම්ප‍්‍රදායිකව විවිධ මට්ටමේ පිළිවෙත් පුරණ ආරණ්‍යවාසී තවුසන් සතර වර්ගයකි. මෑත ඉතිහාසය තුළ ඒකදණ්ඩ සහ ති‍්‍රදණ්ඩ යනුවෙන් හැදින්වෙන කහ සිවුරු හැදගත් තවුසන් වර්ග දෙකකි. මෙයින් පළමුවැන්න ශංඛකරාචාර්ය සම්ප‍්‍රදායට අයත් වන අතර දෙවැන්න විවිධ වෛශ්නව සම්ප‍්‍රදායවලට අයත් වූවෝ වෙති. ප‍්‍රතිසංස්කරණවාදියෙකු වූ සිද්ධාන්ත සරස්වතී විසින් මෙකී සම්ප‍්‍රදායයන් බටහිර ලෝකයට හදුන්වා දෙනු ලැබ ඇත.

සන්‍යාසී ජීවිතය කිසිදු වස්තුවක් හිමිකරගැනීමෙන් තොරව යෝග භාවනා ප‍්‍රගුණ කිරීමෙන් ගතවෙයි. කෙසේවෙතත් ඇතැම් සම්ප‍්‍රදායනට අනුව තෝරාගත් දෙවි කෙනෙක් විෂයයෙහි යාඥාකිරීම මගින් භක්තිය හෙවත් භක්ති භාවනාව ප‍්‍රගුණ කිරීමෙන් ගතකරනු ලැබේ. භක්තිපූර්වක සම්ප‍්‍රදායයන්හි විමුක්තිය ලැබෙනුයේ දෙවියන් හා එක්වීමෙන් වන අතර යෝග පූර්වක සම්ප‍්‍රදායයන්හි විමුක්තිය වනාහි ඉහල ම චිත්ත සමාධිය පිළිබද අනුභූතිය යි. අද්වෛත සම්ප‍්‍රදාය අනුව සියලූ ම අවිද්‍යා දුරලීම සහ බ‍්‍රහ්මන් හා ආත්මන් එකක් ම බව අවබොධ කර ගැනීම විමුක්තිය වන්නේ ය.

කි‍්‍රෂ්ණ විසින් භගවද්ගීතාවේදී සනයාස යන්න විස්තර කරනු ලබනුයේ මෙසේ ය.[සංස්කරණය]

ලෞකික ආශා පදනම් කරගත් සියලූම කි‍්‍රයා අතහැර දැමීම ප‍්‍රාඥයෝ සන්‍යාස යනුවෙන් හදුන්වති. සියලූ ම කි‍්‍රයාවන්ගේ ප‍්‍රතිඵල අතහැර දැමීම ත්‍යාග යනුවෙන් ද ප‍්‍රඥාවන්තයෝ හදුන්වති.

"http://si.wikipedia.org/w/index.php?title=සන්‍යාස&oldid=250178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි