යාග

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හින්දු ධර්මයේ යාග[සංස්කරණය]


හින්දු ධර්මයේ යාජ්න (සංස්කෘත यज्ञ wikt:yajna; යාජ්න, යාඩ්න ලෙස ඉංග්‍රීසිකරණය කල) යනු යාග පැවැත්විම පිළිබද පුද සිරිත් ක‍්‍රමයයි, (වොනියර්- විලියම්ස්) මේ සම්බන්ධව පිදිම, යැදුම, ප‍්‍රශංසාව, පිදවිල්ල, දේව පුජාව, යාග පැවැත්වීම* ව්දික කාලයේත් ප‍්‍රායෝගිකව ව්‍යුත්පන්න කරන ලදි. ඒවා දෙවියන්ගේ කැමැත්ත ලබා ගැනිම හෝ එක්තරා බලාපොරොත්තු ලබා ගැනිමට (තරම පුද සිරිත්) සිදුකරන ලදි. ගිනි පුජාවේ ඇති වැදගත්ම සංඝමය (අග්නි දෙවිය) ගිනි දෙවියාට සියල්ල පුජා කර දේවත්යට ලගා විමයි.

වෛදික යාගය අපේක්ෂිත ලෙස පුජකවරයෙකු විසින් සිදු කරන අතර අමතර පුජකවරුන් වන හොටර් උසගාඞ්ර් විශේෂ භුමිකාවන් සිදුකරයි. මෙහිදි ඔවුන්ගේ සහායකයින් වෛදිය හය සජ්ජායනය හෝ ගායනා කිරිම සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් දේව පුජාව පවත්වන භුමිය මැද ගිනි ගොඩවල් එකක් හෝ තුනක් ඇති අතර ඒවා ගින්නට පුදනු ලැබේ. පුදනු ලබන ද්‍රව්‍ය දේව පුජා ලෙස සලකනු ලබන අතර ඒවාට විශාල ප‍්‍රමාණයේ ගිතෙල්, කිරි, ධාතුං, කෙකේ සත්ව මාංශ හෝ දේහයන් අයත් වේ. යාග සදහා ගතවන කාලය යාග වල වර්ගය මත රදා පවති. සමහරක් ඒවා මිනිත්තු කිහිපයකදි පැය හෝ දින ගනන් වල ද අවසාන වන අතර සමරහක් වා වසර ගණනක් පුරා පවති. මෙහිද පුජකවරුන් දෙවියන් සදහා පුජාවන් දිගටම සිදු කරන අතර ශුද්ධ වු පැදි ගායනා කරනු ලැබේ. සමහර යාග පුද්ගලිකව සිදුකරන අතර අනිත්වා විශාල පුද්ගලයන් සමුහයකගේ සහභාගිත්වය අනුව සිදු කෙරේ. සපු වෛදික යාජක වල කිරි නිෂ්පාදන (ගිතෙල් සහ යෝගට්) පළතුරු, මල් රෙදි යන මුදල් පිදිම සිදු කරනු ලැබේ. මේවා යාග, හෝම හෝ හවනට ලෙස හදුන්වයි.

අපේක්ෂිත හින්දු විවාහයන් ද යාජන ක‍්‍රමයකි. මක්නිසාද යත් ගිනි දෙවියන් සියලූ විවාහයන් සදහා සාක්ෂිකරුවෙකු ලෙස සැලකේ. බ‍්‍රාහ්මයින් සහ එක්තරා අනිකුත් කුලයන් සාථතංපවිත (ශුද්ධ වු නුල) උපනයන යන දිවියාවතේ අවස්ථාචෝචිත සිරිත් විරිත් පිලිවෙත් පිලිගනු ලබයි. යජංපවිත මගින් වේද හැදැරිමට යන යාග හෝ භෝම පැවැත්විමට පුද්ගලයන්ට ඇති අයිතිය නිරුපණය කරයි.

කෝවිලේ සිදුකරන පිදිම ආගමික :්ටපසජ* ලෙස හදුන්වන අතර දේවත්වය ගිනි දෙවියා තුලින් සන්නිවේදනය වේ. අග්නි වෛදික ලෙස සලකනු ලැබේ. නුතනයේ කෝවිලෙහි පුද සිරිත් වෛදික සහ ආගමික පුද සිරිත් විල සංකලනයකි. හින්දු ධර්ම වල යාග සම්බන්ධ කොටස් වන කර්ම කන්ද කොටස මගින් බොහෝ යාග පිලිබද විස්තර කිරිම හෝ සාකච්ඡුා කිරිම සිදු කෙරේ. කේරලයේ සිට හම්බුදිරි බ‍්‍රාහ්මනයා මෙම පුරාණ පුද සිරිත් පැවැත් වු බ‍්‍රාහ්මනයෙකු ලෙස ප‍්‍රසිද්ධ වේ. අද පුද්ගලයින් සිය ගණනක් පමණක් මෙම යාග පැවැත්වීමට දන්නා අතර ඉතා සුලූ සංඛයාවක් ශුද්ධ වු ගිනි අඛන්ඩව පවත්වා ගැනිම සහ සාරවුට පුද සිරිත් පැවැත්විම හැකිව තිබේ. දහස් ගණනක් අග්නිනේරු හෝ මුලික අප්පසන ගිනි යාග දිනපතා පවත්වනු ලැබේ.

යාගය - ගිනිදෙවියන් පිදීම - විවිධ පූජනීය අග්නි (ගිනි)[සංස්කරණය]

Yajna1.jpg

විවාහ මංගල්‍ය අවස්ථාවේදී මනාලයා විසින් දල්වනු ලබන පූජනීය අග්නිය (ගින්න) "අග්න්‍යධන" යනුවෙන් හැඳින්වේ. අනතුරුව සිදු කෙරෙන යාග කර්මයේදී එය ඉන් කොටස් දෙකකට බෙදනු ලැබේ. එක් කොටසක් ගෘයාග්නි යනුවෙන් ද අනෙක් කොටස ශ‍්‍රෟතාග්නි යනුවෙන් ද හඳුන්වයි. ගෘයාග්නිය සම්බන්ධයෙන් වන පුදපූජා විධි පිළිබඳව ගෘහ්‍යසූත‍්‍ර නමැති ග‍්‍රන්ථයෙහි විස්තර කර ඇත.

ශ්‍රෞතාග්නිය හා සම්බන්ධ පූජාවිධි විස්තර කර ඇත්තේ ශ්‍රෞතසූත‍්‍රයෙහි විස්තරය. එම පුදපූජා මෙහෙයවන්නෝ ශ්‍රෞතීන් යනුවෙන් හැඳින්වෙති.

අත්‍යවශ්‍ය යාග 21 කින් 14 ක් ශ්‍රෞතාග්නියෙන් සිදු කෙරේ. එම යාග ගර්හපත්‍ය , ආහවනිය සහ දක්ෂිනාග්නි යනුවෙන් හැඳින්වෙයි. ගර්හපත්‍ය අග්නිය චක‍්‍රාකාර හැඩයක් ගන්නා අතර එය පූජා භූමියෙහි බටහිර පෙදෙසේ පිහිටුවනු ලැබේ. ගර්හපත්‍යයෙන් ලබාගන්නා අග්නියෙන් ඉතිරි අග්නිද්වය දල්වනු ලැබේ. දක්ෂිණාග්නිය අර්ධ කවාකාර වන අතර එය පූජා භූමියේ දකුණු පස පිහිටුවනු ලැබේ. එය භාවිතා කෙරෙන්නේ මියගිය පුද්ගලයින් වෙනුවෙන් සිදු කෙරෙන පූජා විධි සදහාය. ආහවනිය අග්නිය චතුරස‍්‍රාකාර වන අතර එය පූජා භූමියේ නැගෙනහිර පස පිහිටුවනු ලැබේ. හවීර් යාගය සහ සෝමයාග යනුවෙන් හැඳින්වෙන පූජාවන් විශේෂයෙන් ඉදිකෙරෙන යාඥා ආසන මත සිදු කෙරේ.

පඤ්ච මහා යාග[සංස්කරණය]

හින්දු සම්ප‍්‍රදායයෙහි (තෛතී‍්‍රය ආරණ්‍යක2.10) සඳහන් පරිදි පඤ්ච මහායාග හෙවත් මහායාග පහ මෙසේය

  • දේව යාගය - දෙවියන් උදෙසා කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • පීතෘ යාගය - මියගිය අය වෙනුවෙන් කෙරෙන පූජාවන්ගෙන් සමන්විතය.
  • භූත යාගය - මියගිය සියලූ දෙනා වෙනුවෙන් කෙරෙන බලි හෝ ආහාර පූජාවන්ගෙන් සමන්විතය.
  • මනුෂ්‍ය යාගය - අමුත්තන්ට ආහාර පාන වලින් කෙරෙන සංග‍්‍රහවලින් සමන්විතය.
  • බ‍්‍රහ්ම යාගය - චතුර්වේද මන්ත‍්‍ර ගායනා කිරීමෙන් සමන්විතය.


ජ්‍යොතිෂ්තෝම - යාග කර්මය දෙව්ලොව දක්වා ඉහල මට්ටමකින් සිදුකිරීම මෙයින් අදහස් කෙරේ.

පීතෘලෝක යාගය - මුතුන්මිත්තන්ගේ ලෝකය සහ යම වෙනුවෙන් සිදුකෙරෙන යාගය.

පඤ්චාග්නි යාගය - මෙය ඡාන්දොග්‍ය උපනිෂදයෙහි සඳහන්වන යාගයකි. බ‍්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මෙය හේතු වේ.

ද්‍රව්‍යමය යාගය - ධර්මශාලා, අන්නක්ෂේත‍්‍ර, අතිථිශාලා, අනාථාල්‍ය, විස්ය පිථා යන ශාලා ඒවා අවශ්‍ය පුද්ගලයින් වෙනුවෙන් විවෘත කිරීමදී සිදු කෙරේ.


තපෝමය යාගය - චන්ද්‍රයාන සහ චතුර්මාස්‍ය[සංස්කරණය]

උග‍්‍ර තපෝවෘත අනුව ජීවත්වීම සදහා කැපවීම මෙහිදී සිදුවෙයි. නිදසුන් වශයෙන් මාස සතරක් තිස්සේ කොණ්ඩය සහ රැවුල බෑමෙන් වැළකී සිටීම, ඇතැම් ආහාරපාන ගැනීමෙන් වැළකීම හෝ දිනකට දෙවරක් ආහාර නොගැනීම මෙන්ම නිවසින් බැහර නොයාම.


ස්වාධ්‍යාය යාගය - වේද අධ්‍යයනයෙහි නියැලීම පිණිස කැපවීම.

ප‍්‍රසස්තකර්මනී යාගය - තමාගේ යුතුකම් ඉටුකිරීම. සිය වර්ණය කුමක්වුව ද එයට නියමිත යුතුකම් ඉටුකිරීම මෙයින් අදහස් කෙරේ.

හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවිඳුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම

විවාහ යාගය - හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.



හරේර් නාමානුකිර්තානාන් යාගය - හරි දෙවි`දුන්ගේ බලමහිමය ඇසීම සහ ගායනා කිරීම


විවාහ යාගය -


හින්දු විවාහ උත්සව අවස්ථාවන්හිදී මෙය සිදුකරනු ලැබේ.

"http://si.wikipedia.org/w/index.php?title=යාග&oldid=250179" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි