ඊශ්වර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඊශ්වර යනු හින්දු ආගමේ දාර්ශනික සංකල්පයකි. ඊශ්වර යන සංස්කෘත විශේෂණ අර්ථ පදයේ තේරුම “හැකියාව ඇත” නැතිනම් “බලවත්” යන්නයි. මෙම වචනයෙන් ස්වාමියා, පාලකයා යන අදහස ද ප්‍රකාශ ‍කරයි. ඒක දේව සංකල්පය අනුව සහ ඉෂ්ට දේව සංකල්පය අනුව ඊශ්වර යන්නෙන් පරම දෙවියන් යන තේරුම ගෙන දෙයි. ලෞකික වශයෙන් ඊශ්වර යන්නෙන් රදළ නැතහොත් වංශවත් නායකයකු යන තේරුම සඳහා භාවිතා කරයි. ඉංග්‍රීසි භාෂාවේ ද Lord යන වදනෙන් මේ ද්විත්ව තේරුම ප්‍රකාශ වේ.

මෙම යෙදුම බුදුදහම තුළ ද යෙදෙන අවස්ථා වෙයි. උදාහරණ වශයෙන් “අවලෝකිතේෂ්වර” යන්න දැක්විය හැකිය. මෙහිදි එම වචනය මඟින් බලවත් යන තේරුම පමණක් දනවන නමුත් “සර්ව බලධාරි” යන්න අදහස් නොකෙරේ.

විවිධ මත දරන කණ්ඩායම්

සය වැදෑරුම් හින්දු දර්ශන වාදයේ සම්ඛ්‍යා සහ වීමංසා යන දර්ශනයන්ට අනුව ඊශ්වර සංකල්පය පිළිනොගනී. එහෙත් ඒක දේවවාදි මත කණ්ඩායම් සතර වන යෝග, වෛශික, වේද්‍රන්ත,න්‍යාය යන මතධාරීන් ඊෂ්වර දෙවියන්ගේ පැවැත්ම පිළිගනී. පස් වැදැරුම් දෙවිවරුන්ගෙන් ඕනැම දෙවි කෙනෙක් සඳහා ඊශ්වර දේව සංකල්පය ගැලපුනද (අද්වෛත වේද්‍රන්ත අනුව) වෛශ්න විසම් (Vaishanavism) මත විසින් සර්ව බලධාරි දෙවියන් ලෙස පිළිගන්නේ විෂ්ණු සහ ඔහුගේ අනෙකුත් දේව ස්වරූපයන් පමණි.

සටහන්[සංස්කරණය]

Ishwara
"http://si.wikipedia.org/w/index.php?title=ඊශ්වර&oldid=250301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි