හුර් ජුන්, දි ඔරිජිනල් ස්ටෝරි

විකිපීඩියා වෙතින්
හුර් ජුන්, ද ඔරිජිනල් ස්ටෝරි
ප්‍රවර්ධන ‍පෝස්ටරයක්
මෙලෙසද හැඳින්වේගුඅම් හෝ ජුන්
ගු-අම් හෝ ජූන්
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
වෛද්‍ය නාට්‍ය
ප්‍රේම වෘත්තාන්ත
රචනය කලේචෝයි වන්-ක්‍යු
අධ්‍යක්ෂණය කලේකිම් ග්‍යුන්-හොං
ක්වොන් සුං-චං
රඟපෑමකිම් ජූ-හ්‍යුක්
පාක් ජින්-හී
පාක් ඉයුන්-බින්
නම්ගුං මින්
බෙක් යූන්-සික්
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන135
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ෂින් හ්‍යුන්-චං
ධාවන කාලයමිනිත්තු 35
ප්‍රචාරණය
මුල් නාලිකාවමුන්හ්වා විකාශන සංස්ථාව
මුල් ධාවනයමාර්තු 18, 2013 (2013-03-18) – සැප්තැම්බර් 23, 2013 (2013-09-23)
කාලානුක්‍රමය
සබැඳි දර්ශනහුර් ජුන්
බාහිර සබැඳි
වෙබ් අඩවිය

හුර් ජුන්, ද ඔරිජිනල් ස්ටෝරි (කොරියානු구암 허준; ප්‍රරෝGuam Heo Jun) යනු 2013 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලාවකි. මෙමගින් සාමාන්‍ය වැසියකුව උපත ලබා ජොසොන්හි රාජකීය වෙදැදුරුවරයා බවට පත් හෝ ජුන්ගේ ජීවිත කථාව නිරූපණය වේ. (ඔහු "ගුඅම්" යන ලේඛන නාමය භාවිතා කළේ ය)[1][2] Iමෙය 2013 මාර්තු 18 සිට සැප්තැම්බර් 23 දක්වා සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල 20:50ට MBC නාළිකාවෙන් විකාශය වූයේ කථාංග 135කින් යුක්තව ය.[3]

හෝ ජුන් යනු සුප්‍රකට පෙරදිග වෛද්‍ය පාඨ ග්‍රන්ථයක් වන දොන්ගුයි බෝගම් (සාහිත්‍ය. "පෙරදිග වෙදකමේ කැඩපත") නම් ග්‍රන්ථයේ කතුවරයා ද වේ. මෙය සම්ප්‍රදායික කොරියානු වෙදකමේ නිර්දිෂ්ට ග්‍රන්ථයක් ද වේ.[4] මෙම කතාමාලාව ඔහුගේ දිවිය පිළිබඳ වන පස්වන නාට්‍යකරණයයි.[5] මෙහි ප්‍රධාන නළුවා වන කිම් ජූ-හ්‍යුක් යනු 1975 Tenacity කතාමාලාවේ මෙම චරිතයම නිරූපණය කළ කිම් මු-සෙංගේ පුත්‍රයායි.[6][7]

කථාපුවත[සංස්කරණය]

හෝ ජුන් යනු යොංචොන්හි ආණ්ඩුකාරවරයාගේ උපභාර්යාවකගේ පුත්‍රයෙකි. ඔහු දක්ෂ වෛද්‍යවරයකු වන යූ උයි-තේ විසින් මියයන තැනැත්තකුගේ දිවි බේරාගනු දැකීමෙන් පසුව, වෛද්‍යවරයකු වීමට තීරණය කරයි. පළමුව ඔහු ‍ඖෂධ පැළෑටි රැස් කරන්නකු ලෙස සේවය කරන අතර, යූ උයි-තේගේ වෛද්‍ය සායනයේ දී යේ-ජින්ගේ සහාය ඇතිව ඔහු මිං රාජවංශයෙන් ආනයනය කළ විරළ වෛද්‍ය ග්‍රන්ථ කියවීමේ අවස්ථාව උදා කරගනියි. සිය වෛද්‍ය විද්‍යා දැනුම පුළුල් කරගන්නා හෝ ජුන්, යූ උයි-තේ යටතේ රෝගීනට ප්‍රතිකාර කිරීම අරඹයි. නමුත් පසුව සිය ගුරුවරයාට වැළඳුණු ආමාශ පිළිකාව සුව කිරීමට නොහැකි වීම පිළිබඳ ඔහු වික්ෂිප්ත වේ. යුගයේ පීඩාකාරී කුල ක්‍රමය සහ ඔහුගේ සාමාන්‍ය සමාජ පසුබිම හමුවේ, හෝ ජුන් සිය ක්ෂේත්‍රයේ උච්චත්වය කරා ළඟාවන අතර සොන්ජෝ රජුගේ රාජකීය වෙදැදුරුවරයා බවට පත්වේ.

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය චරිත[සංස්කරණය]

හෝ පවුල[සංස්කරණය]

  • ගෝ දූ-ෂිම්, සොන් මැතිණිය ලෙස
  • ලී ජේ-යොං, කිම් මින්-සේ ලෙස
  • ජුං හෝ-බින්, ආන් ක්වං-ඉක් ලෙස
  • යෝ හෝ-මින්, යැං-තේ ලෙස
    • ජං ජේ-වොන්, ලාබාල යැං-තේ ලෙස
  • චෝයි සං-හූන්, හෝ ර්යුන් ලෙස
  • කිම් හ්යේ-ජුං, ජං ජුං-ෂිල් ආර්යාව ලෙස
  • වොන් කි-ජූන්, හෝ සොක් ලෙස
  • කිම් සෝ-යොන්, ඉම් මි-හ්‍යුන් ලෙස
  • ලී හේ-වූ, හෝ ග්යොම් ලෙස

ගු පවුල[සංස්කරණය]

යූ පවුල[සංස්කරණය]

  • කිම් මි-සූක්, ඕ ආර්යාව ලෙස
  • කිම් හ්යෝ-යොන්, ක්වොන් සූක්-ජුං ලෙස
  • ෂින් ක්වි-ෂික්, ක්වොන් හ්‍යුක්-සූ ලෙස

ඔසුසල[සංස්කරණය]

  • ජුං ඉයුන්-ප්යෝ, ඉම් හෝ-ග්‍යුන් ලෙස
  • කිම් සෝ-යි, හා දොං-දෙක් ලෙස
  • ලී දා-යොන්, යූ වොල්-යි ලෙස
  • ජුං ජි-ආ, චෝ-ර්යේ ලෙස
  • යූන් ස්‍යුල්, මි-ග්‍යුම් ලෙස
  • කිම් ජූං-කි, බුසන්පෝ ලෙස
  • ඕ දේ-හ්වන්, ජං-ස්වේ ලෙස
  • ගෝ යොං-මින්, යොං-දල් ලෙස
  • ඕ යොං, ගුක්-ස්වේ ලෙස

රාජමාලිගය[සංස්කරණය]

රාජකීය රෝහල[සංස්කරණය]

  • චෝයි ජොං-හ්වන්, යැං යේ-‍සූ ලෙස
  • ලී හන්-වි, කිම් මන්-ක්‍යුං ලෙස
  • කිම් හ්‍යුන්, කිම් හොං-කි ලෙස
  • කිම් ජුං-හ්වන්, ලී මියුං-හ්වන් ලෙස
  • ගෝ යූන්-හෝ, ජුං තේ-ඉයුන් ලෙස
  • යූ ස්‍යුං-බොං, ජුං ජක් ලෙස
  • කිම් ජින්-හෝ, කිම් යුං-තෙක් ලෙස
  • හ්වං බුම්-ෂික්, සොං හක්-ග්‍යු ලෙස
  • සොන් යෝ-ඉයුන්, සෝ-හ්‍යුන් ලෙස
  • හන් බෝ-බේ, චේ-සුන් ලෙස
  • යූන් ‍යූ-සුන්, හොං චූන්-යි ලෙස
  • චෝයි යේ-ජින්, දොක්-ග්‍යුම් ලෙස
  • ගා ද්‍යුක්-හී, සේ-හී ලෙස
  • ෂින් බොක්-සූක්, මාලිග වෛද්‍යවරිය ලෙස
  • ලී මස්‍යුං-ආ, ගේ-ග්‍යුම් ලෙස
  • කං චෝ-හී, ඕන්-ජි ලෙස
  • ලී සෝ-ඉන්, ඔක්-ජුං ලෙස
  • පාක් ක්‍යුං-හ්වන්, දෝයක් සර්යොං ලෙස

විස්තීර්ණ රංගනය[සංස්කරණය]

  • ජි සං-හ්‍යුක්, සං-හ්වා ලෙස
  • ජෝ සූ-ජුං, සූ-යොන් ලෙස
  • ජෝ වූ-ජින්, වූ ගොං-බෝ ලෙස
  • ලී ක්යේ-ඉන්, දොල්-ස්වේ ලෙස
  • හ්‍යුන් චුල්-හෝ, මහජන නිලධාරී කිම් ලෙස
  • කිම් බ්යුං-කි, සුං ඉන්-චුල් ලෙස
  • නා සුං-ක්‍යුන්, ජුං සුං-පිල් ලෙස
  • සොං ජේ-හී, ලී ජුං-මියුං ලෙස
  • කිම් චොල්-කි, බේ චුන්-සූ ලෙස
  • යූ තේ-වූං, කිම් ගොං-ර්යං ලෙස
  • ලී චන්, කිම් බ්යුං-ජෝ ලෙස
  • ෂින් ගූක්, අග්‍රාමාත්‍ය ලෙස
  • ඉම් ස්‍යුං-දේ, පණ්ඩක ලෙස
  • ජූ ආ-සුං, ගු තේ-හූන් ලෙස
  • හ්වං බෝ-මි, ජං ආර්යාව ලෙස
  • චෝයි හ්‍යුන්-සෝ, ඉයුන්-ඔක් ලෙස
  • ර්යු සං-හූන්, ජං ජුං ලෙස
  • හ්‍යුන් චුල්-හෝ, කිම් මහතා ලෙස

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මාන උළෙල ප්‍රවර්ගය ලාභියා ප්‍රතිඵලය
2013 MBC නාට්‍ය සම්මාන විශිෂ්ඨතම සම්මානය, මාලා නාට්‍යයක නළුවා කිම් ජූ-හ්‍යුක් නිර්දේශිත
විශිෂ්ඨ සම්මානය, මාලා නාට්‍යයක නළුවා නම්ගුං මින් නිර්දේශිත
රන් රංගන සම්මානය, නළුවා බෙක් යූන්-සික් නිර්දේශිත
හොඳම නවක නිළිය පාක් ඉයුන්-බින් නිර්දේශිත

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Hur Jun, the Original Story script reading of MBC's new drama series". MBC Global Media. March 7, 2013. සම්ප්‍රවේශය February 10, 2015.
  2. "Hur Jun, the Original Story Casts Interview". MBC Global Media. April 9, 2013. සම්ප්‍රවේශය February 10, 2015.
  3. Kang, Jung-yeon (March 14, 2013). "Heo Jun, production report conference". BNTNews. සම්ප්‍රවේශය February 10, 2015.
  4. Chung, Suzy (March 27, 2013). "Heo Jun, the Legendary Doctor of Joseon". The Korea Blog. සම්ප්‍රවේශය February 10, 2015.
  5. Oh, Jean (March 13, 2013). "Period piece overload? Spring drama lineup goes heavy on historical settings". The Korea Herald. සම්ප්‍රවේශය February 10, 2015.
  6. Kang, Hyo-jin (March 6, 2013). "Kim Joo Hyuk seeks to bring his new interpretation of Heo Jun in Gu Am Heo Jun". Korea Star Daily via Yahoo!. August 1, 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  7. Kim, Yeon-ji (October 22, 2013). "Hur Jun role was actor's "destiny"". Korea JoongAng Daily. සම්ප්‍රවේශය February 10, 2015.

බාහිර සබැඳි[සංස්කරණය]