ජං-ගුම්

විකිපීඩියා වෙතින්
ජං ගුම්
උපත15වන සියවස
ජොසොන් (කොරියාව)
ජාතිකත්වයජොසොන්
වෙනත් නම්දේ ජං ගුම් (මහා ජං ගුම්)
රැකියාවවෛද්‍යවරිය
ප්‍රසිද්ධව ඇත්තේකොරියානු රජකුගේ (ජොසොන් හි ජුංජොං) ප්‍රථම පෞද්ගලික වෛද්‍යවරිය වීම
ජං-ගුම්
හංගුල්장금
හන්ජා長今
ප්‍රතිශෝධිත රෝමානුකරණයJang-geum
මැකූන්–‍රයිෂවර්Changgeum
"ජං-ගුම්" ‍යනු ඇගේ පෞද්ගලික නාමය බව සලකන්න.

ජං-ගුම් ආර්යාව (මුල්කාලීන 16වන සියවස) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු ඉතිහාසය තුළ බිහිවූ ප්‍රථම රාජකීය වෛද්‍යවරියයි. ඇයගේ නාමය ජොසොන් රාජවංශයේ අනුවාර්ෂික වාර්තා තුළ 10 වරක් සඳහන් වේ. ජං-ගුම්ගේ වෛද්‍ය ඥානය දැක පැහැදුණු ජුංජොං රජු ඇයට රාජකීය පවුලේ සෞඛ්‍යය පිළිබඳ වගකීම පැවරූ බැව් පෙනේ. එම නිසා, මාලිගයෙහි තෙවන ඉහළම නිලධාරිනිය වූ ජ-ගුම් හට දේ (කොරියානු; හන්ජා; ප්‍රරෝDae; මැ.ර.Tae) (මෙහි අර්ථය "මහා" යන්නයි) යන ගෞරව ආමන්ත්‍රණය පිරිනැමිණි.

ඇතැම් මූලාශ්‍රවල ජං-ගුම් සැබැවින්ම ජීවත් වූ තැනැත්තියක බව සඳහන් වෙතත්[1][2][3] එනමින් සැබෑ පුද්ගලයකු සිටියේ ද යන්න විද්වතුන්ගේ මතභේදයට තුඩුදුන් කරුණකි.

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Daejanggeum (Jewel in the Palace)". Korea Tourism Organization. සම්ප්‍රවේශය 21 February 2012. ...only woman to serve as head physician to the King in the rigidly hierarchical and male-dominated social structure of the Joseon Dynasty.
  2. "Daejanggeum spurs continuing interest in royal court cuisine". Hancinema. 8 January 2009. සම්ප්‍රවේශය 21 February 2012. Janggeum was a real person, mentioned in Joseon Dynasty annals who lived in Korea some 500 years ago.
  3. Shin, Myung-Ho (2008). "Annals of Joseon History Brought To Life by the Digital Era" (PDF). 26 September 2013 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 21 February 2012. When the producer Lee Byung Hoon was working on the historical drama "Heo Jun," he came across a noteworthy passage while searching the Annals of the Joseon Dynasty for information about Heo Jun (1539-1615), a Joseon court physician who attended the royal family. It was a statement by King Jungjong (r. 1506-1544) who declared: "No one knows my illnesses as well as Jang Geum."
"https://si.wikipedia.org/w/index.php?title=ජං-ගුම්&oldid=478425" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි