Jump to content

ද්‍රව

විකිපීඩියා වෙතින්
(Liquid වෙතින් යළි-යොමු කරන ලදි)

ද්‍රව යනු පදාර්ථය පවතින පදාර්ථයේ ප්‍රධාන අවස්ථා සතර අතරින් (අනෙක්වා වන්නේ ඝන, වායු, සහ ප්ලාස්මා), එක් ප්‍රධාන අවස්ථාවක් වේ. ද්‍රවයක් යනු අංශු ලිහිල්ව පවතින සමූහ වශයෙන් ඇති විට සීමාවෙහි දී නිදහස් පෘෂ්ටයක් නිර්මාණය කළ හැකි තරලයකි. මෙම නිදහස් පෘෂ්ටයේ දී ද්‍රවය වෙනත් කිසිවක් මඟින් සීමා වීමක් සිදු නොවේ.

The formation of a spherical droplet of liquid water minimizes the surface area, which is the natural result of surface tension in liquids.


කඩ ඉරි මඟින් ජලයේ අනියම් හැසිරීම පෙන්වයි. කොළ පැහැ රේඛාව මඟින් පීඩනයක් සමඟ හිමාංකයේ විචලනයත් නිල් පැහැ රේඛාව මඟින් පීඩනය සමඟ තාපාංකයේ විචලනයක් දැක්වේ. රතු පැහැ ඉරි මඟින් ඌර්ධවපාතනය හෝ අවසාධනය ඇති විය හැකි සීමාව පෙන්නුම් කෙරේ.

ගුණාංග

[සංස්කරණය]

ද්‍රවයක හැඩය එය අඩංගු වන බඳුනෙහි හැඩය මඟින් සීමා වන නමුත් එමඟින් එහි හැඩය තීරණය වීමක් සිදු නොවේ. එනම් ද්‍රව අංශුවල ඒවා අඩංගු පරිමාව තුළ නිදහසේ චලිත වීමේ හැකියාව (සාමාන්‍යයෙන් අණු හෝ අණු සමූහ වශයෙන්) පවතින නමුත් ද්‍රවය බඳුනේ පෘෂ්ටයක් හා බැඳී තිබීමක් අවශ්‍ය නොවන නිදහස් පෘෂ්ටයක් සාදයි. නමුත් තරලයක් අතරට ගත හැකි වන වායු මෙම ගුණය නොදක්වන අතර වායුවක් හැමවිටම එය අඩංගු බඳුනේ හැඩයට සම්පූර්ණයෙන් අනුකූල වේ. ද්‍රවයක අංශු එකිනෙක පසු කර ලිස්සා යා හැකි අතර ඒවා වේගයෙන් චලනය වේ.

තාපාංකයට පහළ උෂ්ණත්වයක දී සංවෘත අවකාශයක් තුළ පවතින විට ද්‍රවයක් එහි වාෂ්පයේ සාන්ද්‍රණය වායුවේ කිසියම් සමතුලිත ආංශික පීඩනයක් දක්වා ළඟා වන තෙක් වාෂ්පීභවනය වනු ඇත. එබැවින් කිසිම ද්‍රවයකට පූර්ණ රික්තයක් තුළ ඉතා දිගු වේලාවක් පැවතිය නොහැක. ද්‍රවයේ පෘෂ්ඨයට පෘෂ්ඨික ආතතිය සහිත ආකන්‍ය පටලයක් ලෙස හැසිරෙන අතර එනයින් ද්‍රව බින්දු සහ ගෝල ඇතිවීමේ හැකියාව ඇති වේ. පෘෂ්ඨික ආතතියේ තවත් එක් ඵලයකි කේෂාකර්ෂණය. අමිශ්‍ර ගුණ පෙන්විය හැක්කේ ද්‍රව වලට පමණි. එදිනෙදා ජීවිතයේ දී හමුවන අමිශ්‍ර ද්‍රව දෙකක් සඳහා උදාහරණ ලෙස ආහාර සැකසීමේ දී භාවිතා වන එළවළු තෙල් සහ ජලය පෙන්වා දිය හැක. මිශ්‍ර ද්‍රව දෙකක් සඳහා උදාහරණ ලෙස ජලය සහ මධ්‍යසාර දැක්විය හැක. තෙත් කාරක ගුණ පෙන්වන්නේ ද ද්‍රව පමණක් වේ.

A typical phase diagram. The dotted line gives the anomalous behaviour of water. The green lines show how the freezing point can vary with pressure, and the blue line shows how the boiling point can vary with pressure. The red line shows the boundary where sublimation or deposition can occur.

ද්‍රව ඒවායේ තාපාංකයේ දී (අධි තාපනය සිදු නොවන විට) වායූන් බවට පරිවර්තනය වන අතර හිමාංකයේ දී (අධිශීතනය සිදු නොවන විට) ඝන බට පත්වේ. තාපාංකයට පහල උෂ්ණත්වයක දී පවා ද්‍රවයේ පෘෂ්ඨය මතින් එය වාෂ්පීභවනය සිදු වේ. ද්‍රව තුළ ගිල් වූ වස්තු උත්ප්ලාවකතාව නම් සංසිද්ධියට යටත් වේ. මෙය අන් තරල තුළ ද දැක ගත හැකි නමුත් ඝනත්වයෙන් වැඩි ද්‍රව තුළ වඩාත් ප්‍රබලව දැකගත හැක. මිශ්‍රණයක ඇති ද්‍රවමය සංරචක බොහෝ විට භාගික ආසවන මඟින් එකිනෙකින් වෙන් කරගත හැක.

කිසියම් ද්‍රව ප්‍රමාණයක පරිමාව එහි උෂ්ණත්වය හා පීඩනය මත රඳා පවතී. යම් හෙයකින් සලකනු ලබන ද්‍රව පරිමාව එය අන්තර්ගත බඳුනෙහි පරිමාවට අසමාන වේ නම් නිදහස් ද්‍රව පෘෂ්ඨයක් ද නිරීක්ෂණය කළ හැක. අනෙක් තරල මෙන්ම ද්‍රවයක් ද ගුරුත්ව ක්ෂේත්‍රයක් තුළ පවතින විට ඒවා මඟින් අඩංගු බඳුනෙහි බිත්ති මෙන්ම ද්‍රවය තුළ ඇති ඕනෑම වස්තුවක් මත ද පීඩනයක් යොදයි. මෙම පීඩනය සෑම දිශාවක් ඔස්සේම ක්‍රියා කරන අතර ගැඹුරත් සමඟ එහි අගය ද වැඩි වේ. තරල ගතිකය යටතේ බොහෝ විට ද්‍රව අසම්පීඩ්‍ය ලෙස සැලකෙන අතර අසම්පීඩ්‍ය ප්‍රවාහ අධ්‍යයනයේ දී මෙය විශේෂයෙන්ම සත්‍ය වේ.

ඒකකාර ගුරුත්වජ ක්ෂේත්‍රයක් තුළ ද්‍රවයක් නිශ්චලව පවතින විට එතුළ කිසියම් ලක්ෂ්‍යයක පීඩනය පහත සමිකරණය මඟින් ලබා ගත හැක.

මෙහි = ද්‍රවයේ ඝනත්වය (නියතයක් ලෙස සැලකේ)

= ගුරුත්වය
= සලකන ලක්ෂ්‍යයට පෘෂ්ඨයේ සිට පවතින ගැඹුර

මෙම සමීකරණය යෙදීමේ දී ද්‍රව පෘෂ්ටය මත දී පීඩනය ශුන්‍ය බව සලකා ඇති අතර ආතති බලපෑම් නොසලකා හැර ඇති බව සලකන්න.

සාමාන්‍යයෙන් ද්‍රව උණුසුම් කරන විට ප්‍රසාරණය වන අතර සිසිල් කරන විට සංකෝචනය වේ. නමුත් 0 °C හා 4 °C අතර පරාසය තුළ ජලයේ හැසිරීම මීට අනුකූල නොවන අතර එනයින් අයිස් ජලය මත පාවේ. ද්‍රවයන්හි සම්පීඩ්‍යතාව ඉතා සුළු වේ. උදාහරණයක් ලෙස ජලයෙහි ඝනත්වය සැලකිය යුතු තරම් වෙනස් වීම සඳහා අවම වශයෙන් බාර් 100 පරිමාණයේ පීඩනයකට යටත් විය යුතුය. ඛනිජ තෙල් හා පෙට්‍රල් එදිනෙදා ජීවිතයේ දී හමුවන අනෙක් ද්‍රව සඳහා උදාහරණ වේ. ඒ හැරුණු විට කිරි සහ රුධිරය වැනි මිශ්‍රණ මෙන්ම ගෘහස්ථ විරංජන වැනි ජලීය ද්‍රාවණ ද එදිනෙදා ජීවිතයේ දී භාවිතා වේ. කාමර උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී හෝ ඊට ආසන්නයේ දී ද්‍රව තත්වයේ පවතින්නේ මූලද්‍රව්‍ය 6ක් පමණි. ඒවා රසදිය (ඝනත්වයෙන් උපරිම ද්‍රවයයි) බ්‍රෝමීන්, ෆ්‍රැන්සියම්, සීසියම්, ගැලියම් සහ රුබීඩියම් වේ. ජීවයේ පැවැත්ම සඳහා ජලය අත්‍යවශ්‍ය වන අතර ග්‍රහලෝක මත ජීවය පැවැත්ම සැලකීමේ දී මෙය ‍වැදගත් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=ද්‍රව&oldid=539434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි