සී.ඩබ්.ඩබ්. කන්නන්ගර
ගරු සී.ඩබ්.ඩබ්. කන්නන්ගර | |
---|---|
ගොනුව:C.W.W. Kannangara.jpg සී.ඩබ්.ඩබ් කන්නග්ගර යනු බ්‍රිතාන්‍ය ලංකාවේ පළමු අධ්‍යාපන ඇමතිවරයා වන අතර ශ්‍රී ලංකිකයෝ මොහු " නිදහස් අධ්‍යාපනයේ පියා" ලෙසින් සැලකෙයි | |
නිවාස හා පළාත්පාලන ඇමති | |
ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති | |
පුද්ගලික තොරතුරු | |
උපත | ඔක්තොම්බර් 13, 1884 රන්දොඹේ, ශ්‍රී ලංකාව |
මරණය | සැප්තැම්බර් 23, 1969 කොළඹ, ලංකාව |
ජාතිකත්වය | [සිංහල] |
උගත් ශාස්ත්‍රාලය | රිච්මන්ඩ් විද්‍යාලය |
වෘත්තිය | නීතිඥ |
ආචාර්ය ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නග්ගර (ඔක්තෝබර් 13, 1884 - සැප්තැම්බර් 23, 1969) බ්‍රිතාන්‍ය ලංකාවේ පලමු අධ්‍යාපන අමාත්‍යයවරයා විය. ''නිදහස් අධ්‍යාපනයේ පියා'' ලෙස විරුදාවලිය ලබාඇත. රැකියාවෙන් නීතිඥවරයෙකුවිය. අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඔහුට යටත් විජිත ලංකාවේ අධ්‍යාපන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
මුල් දිවිය[සංස්කරණය]
ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර, දකුණු ශ්‍රී ලංකාවේ බලපිටිය සහ අම්බලන්ගොඩ අතර පිහිටි ගම්මානයක් වූ රන්දොඹේහි උපත ලද්දේ 1884, ඔක්තොම්බර් 13 වන දිනදීය .[1] බලපිටිය උසාවියෙහි නියෝජ්‍ය පිස්කල් නිලධාරිවූ ජෝන් ඩැනියෙල් විජේකෝන් කන්නන්ගර සහ එමිලි විජේසිංහගේ පුත්‍රයා වූ හෙතෙම, ඔහුගේ ප්‍රාථමික අධ්‍යාපනය ලද්දේ රන්දොඹේහී වෙස්ලියානු මිෂනාරි පාසැලෙහිදීය.[2]
ලමා වියෙහිදී කන්නන්ගර විසින් මහත්වූ අධ්‍යාපන හැකියාවක් ප්‍රදර්ශනය කල අතර, වෙස්ලියානු මිෂනාරි පාසැලෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයකට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලෙහි විදුහල්පති දේවගැති ජේ.එච්.ඩැරල් මහතා මොහුගේ දක්ෂතා මැනැවින් නිරික්ෂණය කල බව කියැවේ. ප්‍රදානය කල ත්‍යාග වලින් බොහෝමයක් කන්නන්ගර විසින් දිනාගත් බව දුටු හෙතෙම, “පුතා, මෙම තෑගි බෙදා දීමෙහි ඔබ ලද තෑගි ගෙදර රැගෙන යෑමට ඔබට ගොන් කරත්තයක් කුලියට ගැනීමට සිදුවේවි ”යැයි පැවසුවේලු.[3] රිච්මන්ඩ් විද්‍යාල මූලාරම්භ විභාගයට පෙනීසිටීමේ වරමද ඩැරල් විසින් කන්නන්ගර වෙත ලබා දුනි. විභාගයෙහිදී ගණිතයෙන් මහත් කුසලතා පෙන්වමින්, හෙතෙම ශිෂ්‍යත්වය දිනාගත්තේ, රිච්මන්ඩ් විද්‍යාලයට නොමිලේ ඇතුළුවීම හා නවාතැන සඳහාද ප්‍රධානයක් ලබමිනි. ඔහුගේ ගමේ පාසැලෙහි ලබා දුන් අධ්‍යාපනයට වඩා ඉමහත් ඉහළ මට්ටමක පැවැති උගැන්වීමක්, එකල විශිෂ්ට ලෙස සැලකුනු පාසැලක ලැබීමට හේ එහිදී වරම් ලදි.[3]
ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ[සංස්කරණය]
C.W.W. කන්නන්ගර ලංකාවේ පලමු අධ්‍යාපනික අමාත්‍යය වරයාවේ. නිදහස් අධ්‍යාපනයේ පියා ද නමින් විරුදාවලිය ලබා ඇත. ආචාර්ය C.W.W. කන්නන්ගර (1884 ඔක්තොම්බර් 13 සිට 1956 සැප්තැම්බර් 23 දක්වා) ලාංකික නීතිඥ්ඥවරයකු හා දේශපාලකයකුද වුයේය. අධ්‍යාපනික ඇමතිවරයා ලෙස ඔහුට රටේ දේශපාලන පද්ධතිය විශාල ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට හැකිවිය.
පලමු කාලයේදී නිතිඥ්ඥවරයකු ලෙස කටයුතු කල ඔහු පසුව ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේය. 1923 දී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවට තේරි පත්වූ ඔහු පසුව රාජ්‍යය කවුන්සිලයටද තේරුණේය. ලංකා ජාතික කොංග්‍රසයේ සභාපති ලෙසද ඔහු කටයුතු කලේය.අධ්‍යාපන ඇමතිවරයා ලෙස වරප්‍රසාද අඩු ළමයින්ට නොමිලේ අධ්‍යාපනය දීමට පනත් සංශෝධනය කිරිමට ඔහුට හැකිවිය. තවද කේන්ද්‍ර පාසල් ක්‍රමයක් ස්ථාපිත කල ඔහු දුෂ්කර පළාත්වල ද්විතියික පාසල්වල තත්වය වර්ධනය කිරීමටත් කටයුතු කලේය.කන්නන්ගරගේ ප්‍රධානත්වයෙන් 1942 දී පත්කල කොමිටිය මගින් 1943 දී පහත නිර්දේශ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබාදෙන ලදී. Automatic Kolam
එසේම ඔහු රටපුරා මධ්‍ය මහා විද්‍යාල රාශියක් ඇතිකිරීමට සමත්විය. ඔහුගේ අවශ්‍යතාවය වුයේ මධ්‍ය මහා විද්‍යාලයක් සෑම ප්‍රාදේශීය කොට්ඨාශයකම ඇති කිරීමයි. මධ්‍ය මහා විද්‍යාලවල නේවාසිකාගාර ගාස්තු පියවීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ශිෂ්‍යයන් වෙනුවෙන් 1943 දී කන්නන්ගර විසින් ඇති කලේය.ඔහුගේ වසර 16 ක අධ්‍යාපන ඇමතිවරයා ලෙස කල සේවා කාලයේදී කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාපිත කිරීමටත් පුරාතණ පිරිවෙන් වැඩිදියුණු කිරීමටත් ඔහුට හැකිවිය. මව් භාෂාව ඉගෙනීමට ශිෂ්‍යයන්ට අවධාරණය කරන අතරම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමටත් ඔහු අවවාද කර සිටියේය.
ගුණසමරු පදනම[සංස්කරණය]
සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගරයන්ගේ ගුණ සිහි කිරීමත් ඔහු පිලිබදව වත්මන් හා අනාගත ප්‍රජාව දැනුවත් කිරීමත් පිණිස 2012 වසරේදී ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ගුණසමරු පදනම පිහිටුවා ඇත.කොට්ටේ ශ්‍රි කල්‍යණි සමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර අනු නායක හිමියන්ගේ අනු ශාසකත්වයෙන් එම පදනම ක්‍රියාත්මයි.
බාහිර සබැඳි[සංස්කරණය]
- ශ්‍රී ලංකාවේ බිහිවූ එකම දාර්ශනික අධ්‍යාපන අමාත්‍යවරයා...
- " මෙතෙක් කතාව 1"
- " මෙතෙක් කතාව 2"
- " නිදහස් අධ්‍යාපනයේ පිය උරුමය සොයා ගියෙමි"
- " අකුරු පෙන්වූ මිනිසා"
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ද ග්‍රේට් රිෆෝමර් ඔෆ් එඩියුකේෂන්". ද සන්ඩේ ටයිම්ස්. 2006-10-08. http://www.sundaytimes.lk/061008/FunDay/heritage.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07.
- ↑ විජේනායක, වෝල්ටර් (2003-09-24). "සී.ඩබ්.ඩබ්. කන්නන්ගර: ෆාදර් ඔෆ් ෆ්‍රී එඩියුකේෂන්". ද ඩේලි නිවුස්. http://www.dailynews.lk/2003/09/24/fea09.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-08.
- ↑ 3.0 3.1 ඈපාසිංහ, ප්‍රේමසර (2006-09-06). "ෆාදරි ඔෆ් ෆ්‍රී එඩියුකේෂන් ඉන් සිලෝන්". ද ඩේලි මිරර්. http://www.dailymirror.lk/2006/09/20/feat/03.asp. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2007-10-07. [මළ බැඳිය]
- සිංහලයෝ
- ශ්‍රී ලාංකික බෞද්ධයෝ
- ලංකික දේශපාලනඥයෝ
- නිදහස් අධ්‍යාපනය - ශ්‍රී ලංකා
- පාසල් අධ්‍යාපනය - ශ්‍රී ලංකාව
- ශ්‍රී ලංකාවේ ජාතික වීරයෝ
- ලංකා ආණ්ඩුවේ අමාත්‍යවරු
- එක්සත් ජාතික පක්ෂයෙහි දේශපාලනඥයන්
- ශ්‍රී ලංකාවේ විදේශ තානාපතිවරුන්
- ශ්‍රී ලංකාවේ අධ්‍යාපනඥයන්
- ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන්
- ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයන්
- ශ්‍රී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයන්
- 1884 උපත්
- 1969 මරණ