තිවංක පිළිම ගෙය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
තිවංක පිළිමගෙය සිතුවම් (කළු-සුදු රූපය)

පොළොන්නරුව පෞරාණික නගරයේ දැකගත හැකි තිවංක පිළිම ගෙය මහා පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1153-1186) විසින් ඉදිකරවූ ජේතවනාරාමයට අයත් විහාර මන්දියක් බව ප්‍රකාශ වේ.[1] විහාර මන්දිරය තුල දැකගත හැකි දැවැන්ත බුද්ධ ප්‍රථිමාව තුන් තැනකින් වක්‍රවූ ආකාරයට නිමවා ඇති බැවින් මෙයට තිවංක යන නාමය ලැබුණු බව පැහැදිලි වේ.

ඇතුලත වූ දොළොස්වන සියවසට අයත් වටිනා බිතුසිතුවම් නිසාවෙන් මෙම ප්‍රථිමා මන්දිරය වඩාත් ජනප්‍රියත්වයට පත්වී තිබේ. ජාතක කතා හා බුද්ධ චරිතයේ ඇතැම් සිදුවීම් අළලා මෙම බිතු සිතුවම් නිර්මාණය වී ඇත. තිවංක පිළිමගෙය, ලංකාතිලක සහ ථූපාරාමය මෙන්ම ගෙඩිගේ ඉදිකිරීම් සම්ප්‍රදායට අයත් පිළිමගෙයක් සේ සැළකේ. එහි ගඩොල් පියස්සේ කොටසක්, ගොඩනැගිල්ලට දකුණු පෙදෙසේ ශේෂව පවතී. ගොඩනැගිල්ලෙහි පිටත බිත්තිහී දැකගත හැකි දේව රූප සහිත විමාන හා විවිධ ඉරියව්වලින් යුතු වාමන රූප උසස් කලා කෘති සේ සැළකේ.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "තිවංක පිලිම ගෙය". අමේසිං ලංකා. Retrieved 28 දෙසැම්බර් 2015.
"https://si.wikipedia.org/w/index.php?title=තිවංක_පිළිම_ගෙය&oldid=399584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි