බටහිරාරාම

විකිපීඩියා වෙතින්
(බටහිරාරාමය වෙතින් යළි-යොමු කරන ලදි)
බටහිරාරාමය නටඹුන්

බටහිරාරාම (හෝ පශ්චිමාරම, පධානඝර) යනුවෙන් ප්‍රකට ආරාම සංකීර්ණ ශ්‍රී ලංකාවේ අනුරාධපුර ලෝලුගස්වැවට ආසන්නව පිහිටා තිබේ. මෙම ප්‍රදේශය පණ්ඩුකාභය රජු විසින් මහා සූසානය සඳහා වෙන්කල පෙදෙස සේ සැළකේ.

බටහිරාරාම පධානඝරය[සංස්කරණය]

කැටයමින් අලංකෘත වැසිකිලියක්

ක්‍රි. පූ. යුගයේ සිටම ඉදිවූ බවට සාධක සහිත පතනගල, පියංගල ආදී නම් වලින් හැඳින්වෙන පධානඝරය, භාවනායෝගී භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදිකරනු ලැබූ ආරාම විශේෂයක් වේ. ආවේණික සුවිශේෂී වාස්තු විද්‍යාත්මක සැලසුමකට අනූව සකස් කොට ඇති පධානඝර, ප්‍රධාන සංඝාරාම හා ජනාවාසවලට දුරින් පිහිටුවා තිබේ.

උඩට නෙරා ගිය පිහිටි ගලක් පාදක කොට ගෙන දිය අගලකින් වටවූ ද්විත්ව ගොඩනැගිල්ලක් ලෙස, බටහිරාරාම පධානඝරය නිර්මාණය කර ඇත. කැටයම් හා මූර්ති කිසිවක් ආරාම නිර්මාණයේදී භාවිතාකර නොමැති අතර, කැසිකිලි හා වැසිකිලි පමණක් අලංකාර කැටයමින් යුක්ත වේ. බටහිරාරාම පධානඝරයේ කැසිකිළි ගල් පුවරු වල පමණක්‌ මෙලෙස කැටයම් මෝස්‌තර යොදා ඇත්තේ, භික්‌ෂූන් වහන්සේලා විසින් ඒවා ප්‍රතික්‍ෂේප කරන බව දැක්‌වීම පිණිස උන්වහන්සෙලාගේ අදහස්‌ අනුව යමින් දායකයින් විසින් ඒවා ඉදි කරන්නට ඇති නිසාය. [1]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. අනූෂි තිසාරා කාරියවසම්. "පුරාණ ලංකාවේ වනවාසී ආරාම". දිවයින. 2016-03-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2015 අගෝස්තු 30. {{cite news}}: Check date values in: |accessdate= (help)
"https://si.wikipedia.org/w/index.php?title=බටහිරාරාම&oldid=596666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි