2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 13°44′40″N 100°32′26″E / 13.74444°N 100.54056°E / 13.74444; 100.54056

2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය
300px
පිපිරීමෙන් පසුව ඊරවන් සිද්ධස්ථානය
2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය is located in Bangkok
2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය
2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය (Bangkok)
ස්ථානය රට්චප්‍රාසොං මංසන්ධිය, බැංකොක්, තායිලන්තය
දිනය17 අගෝස්තු 2015 (2015-08-17)
18:55 ICT (UTC+07:00)
ප්‍රහාර මාදිලියසමූල ඝාතනය, බෝම්බ ප්‍රහාරය
ආයුධය(න්)ටීඑන්ටී
මරණ20[1]
තුවාලකරුවන්125[1]
අපරාධකරුවෝනොදනී

2015 බැංකොක් බෝම්බ ප්‍රහාරය සිදු වූයේ, තායිලන්තයේ, බැංකොක් නගරයේ, පතුම් වන් දිස්ත්‍රික්කයෙහි, රට්චප්‍රාසොං මංසන්ධියෙහි, ඊරවන් සිද්ධස්ථානය තුල 2015 අගෝස්තු 17 දිනදීය.[2][3] විසි දෙනෙකු මියගොස් 125 දෙදෙනෙකු තුවාල ලදහ. [1] ආරක්ෂිත කැමරා පටිගත සටහන් දක්වන්නේ, පිපිරීමට ටික වේලාවකට පෙර, සැකකරුවෙක් විසින් උර පොදියක් තබා යන බවකි. අද දිනය වන තුරු, ආරක්ෂිත කැමරා සටහනෙහි සඳහන් සැකකරු අත්අඩංගුවට පත්ව නැත.[4]

පූර්ව සිදුවීම්[සංස්කරණය]

මෙම බෝම්බ ප්‍රහාර සිද්ධියට පෙර, තායිලන්තය තුල මෙම වසරෙහිදීම තවත් වෙනත් බෝම්බ ප්‍රහාර දෙකක් සිදු විය. 2015 පෙබරවාරි මාසයේදී, අසබඩ පිහිටි සියාම් පැරගෝන් සාප්පු සංකීර්ණයට පිටත රට්චප්‍රාසොං ස්කයිවෝක් හිදී බෝම්බ දෙකක් පුපරා ගොස් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලදහ. මෙම ප්‍රහාරය සඳහා දේශපාලන අභිප්‍රේරණයක් සහිත වූ බවක් විශ්වාස කෙරිණි.[5] 2015 අප්‍රේල් මාසයේදී, කෝ සමූයී හිදී, කාර් බෝම්බයක් පුපරා ගොස් තිදෙනෙක් තුවාල ලදහ.[6]

ප්‍රහාරය[සංස්කරණය]

[[ගොනු|thumb|left| රට්චප්‍රාසොං මංසන්ධිය සහ ඊරවන් සිද්ධස්ථානය 2015 මැයි මාසයේදී]] 2015 අගෝස්තු 17 දින, 18:55 ICT (11:55 UTC) වේලාවට, බැංකොක් නගර මධ්‍යයෙහි, කාර්යබහුල රට්චප්‍රාසොං මංසන්ධිය අසබඩ, ඊරවන් සිද්ධස්ථානය භූමිය තුල බෝම්බයක් පුපුරා ගියේය.[7][8] රාජකීය තායි පොලීසිය පැවසුවේ 3 කිලෝග්‍රෑම් (6.6 රාත්) බරැති ටීඑන්ටී ප්‍රමාණයක් බටයක් තුල පුරවා, සිද්ධස්ථානය වටකොට ඇති පිටියෙහි පිටස්තර ගැටිය අසබඩ බංකුවක් යට තබා තිබූ බවත්, සිද්ධිය වූ ස්ථානයෙහි සිට 30 මීටර (98 අඩි) දුරක තිබී, ප්‍රහාරය සඳහා භාවිතා කල බවට සැක කෙරෙන ඉලෙක්ට්‍රොනික පරිපථයක් මොයා ගත් බවත්ය.[2][සපයා ඇති උපහරණයෙහි නොමැති]

ප්‍රහාරය පිළිබඳව තවමත් කිසිවකු වගකීම භාරගෙන නොමැත.[9] මෙම ප්‍රහාරයන් විසින්, තායිලන්තයේ සංචාරක ව්‍යාපාරය සහ ආර්ථිතය එල්ල කර ඇති බව සිතනු ලබයි.[2]

ගොදුරුවූවෝ[සංස්කරණය]

ජාතිකත්වය අනුව මරණ[10]
ජාතිය මරණ
තායිලන්තය 6
මලයාසියාව 5[11]
චීනය 4
හොංකොං[lower-alpha 1] 2
ඉන්දුනීසියාව 1
සිංගප්පූරුව 1
නොදනී 1
සම්පූර්ණ 20
සමහරක් ගොදුරුවූවන් බහු පුරවැසිභාවය සහිත වෙති. ගණනය පදනම්ව ඇත්තේ මූලික දත්ත පදනම්ව වෙයි.

පිපීරීමට ගොදුරුවූවන්ගෙන් බොහෝමයක් සිද්ධස්ථානය නැරඹීම සඳහා පැමිණි සංචාරකයෝ වෙති.[12] රාජකීය තායි පොලීසිය විසින් වාර්තා කරනු ලැබුවේ, 20 දෙනෙකු මිය ගොස් 125 දෙනෙකු තුවාල ලද බවයි.[1] මිය ගිය වුන් අතර තායි ජාතිකයින් සය දෙනෙකුද,[10] මලයාසියානු ජාතිකයන් පස් දෙනෙකුද,[11] ප්‍රධාන භූමිප්‍රදේශ චීන ජාතිකයින් සතර දෙනෙකුද, හොංකොං ජාතිකයින් දෙදෙනෙකුද (හොංකොං හී නිවැසි බ්‍රිතාන්‍ය ජාතිකයින් එක් අයෙකුද ඇතුළුව),[12] ඉන්දුනීසියානු ජාතිකයින් එක් අයෙකුද සහ, සිංගප්පූරු ජාතිකයින් එක් අයෙකුද වූහ.[10] මීට අමතර වශයෙන්, තුවාල වූවන් අතර, ජපාන, මලයාසියානු, මාලදිවයින්ල ඕමාන්, පිලිපීන, කාටාර් සඑ තායිවාන පුරවැසියන් වූහ.[12]

සැකකරුවෝ[සංස්කරණය]

ගොනුව:150819103336-bombing-suspect-sketch-medium-plus-169.jpg
තායි පොලීසිය විසින් නිතුත්කරනු ලැබූ, බෝම්බ ප්‍රහාර සැකකරුවාගේ දළ රූපයක්.

විමර්ශකයන් පැවසුවේ, සිද්ධිය වූ ස්ථානයෙහි උර මල්ලත් තැබූ බවට පෙනී ගිය පුරුෂයා, මෙම පිපිරිවීමට වගකිය යුතු බවට ඔවුනට "සහතික" බවයි. ආරක්ෂක කැමරා පටිගත දර්ශන, ජාත්‍යන්තර වශයෙන් විකාශය කෙරුණු අතර, එහි දැක්වෙනුයේ, කොට කලිසමක් සහ කහ පැහැති ටී ෂර්ට් එකක් හැඳි පුරුෂයෙක්, බංකුවක් මත හිඳිමින් සිටියදී, තද-පැහැති උර මල්ලක් ගලවා, ඉන්පසු නැගී සිට, බංකුව යට උර මල්ල බහා ලා, ඔහුගේ දුරකතනය දෙස බලමින් එතැනින් ඉවත්ව ඇවිද යන බවකි.[13] හුවා ලම්පෝං අසබඩ පටුමගක් වෙතින් ත්‍රි-රෝද රියකින් සැකකරු පැමිණ ඇති බවට බොහෝ දුරට ඉඩ ඇත.[14]

මෙම ප්‍රහාරය සිදු කර ඇත්තේ කිසියම් ජාලයක් විසින් බව පැවසූ තායිලන්තයේ පොලිස්පතිවරයා, සැකකරුගේ දළ රූපයක් නිකුත් කලේය. මෙම පටිගත සටහන් වලම අඩංගු බවට පෙනෙන තවත් පුද්ගලයන් දෙදෙනෙකුද සැකකරුවන් ලෙසින් සැලකෙන බවද පොලීසිය පවසයි.[13] මෙය ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් සිදු කල දෙයක් බවට "සිතිය නොහැකි" බව තායි රජය පවත්වයි. පොලීසිය පැවසුවේ, අඩුම වශයෙන් 10 දෙනෙකු හෝ ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන බවයි.[15]

සටහන්[සංස්කරණය]

  1. හොංකොං හී නිවැසි එක් බ්‍රිතාන්‍ය ජාතිකයෙක්ද අයත් වෙයි [12]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "බොම් ටෝල් රිවයිස්ඩ්: 20 ඩෙඩ්, 125 ඉන්ජර්ඩ්". බැංකොක් පෝස්ට්. 18 අගෝස්තු 2015. http://www.bangkokpost.com/news/security/659848/bomb-toll-revised-20-dead-125-injured. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015. 
  2. 2.0 2.1 2.2 "බැංකොක් බොම්: සීසීටීවී වීඩියෝ ෂෝස් මෑන් ලීව් බැක්පැක්". බීබීසී නිවුස්. 19 අගෝස්තු 2015. http://www.bbc.com/news/world-asia-33969621. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 අගෝස්තු 2015. 
  3. "බොම් බ්ලාස්ට් ඉන් සෙන්ට්‍රල් බැංකොක් කිල්ස් ඇට් ලීස්ට් 15". ස්කයි නිවුස්. 17 අගෝස්තු 2015. http://news.sky.com/story/1537096/bomb-blast-in-central-bangkok-kills-at-least-15. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අගෝස්තු 2015. 
  4. හෝම්ස්, ඔලිවර් (18 අගෝස්තු 2015). "බැංකොක් බොඹර් ඊස් මෑන් සීන් ඩ්‍රොපිං බැක්පැක්, තායි පලීස් සේ". ද ගාඩියන්. http://www.theguardian.com/world/2015/aug/18/bangkok-bomber-is-man-seen-dropping-backpack-say-thai-police. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015. 
  5. "තායිලන්ඩ් ස්ටෙප්ස් අප් සෙකියුරිටි ඉන් බැංකොක් ආෆ්ටර් බොම් බ්ලාස්ටිස් ඇට් ලක්ෂරි මෝල්". යුරෝනිවුස්. 2 පෙබරවාරි 2015. http://www.euronews.com/2015/02/02/thailand-steps-up-security-in-bangkok-after-bomb-blasts-at-luxury-mall/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අගෝස්තු 2015. 
  6. "කෝ සමූයී කා බොම්: සෙවන් හර්ට් ඉන් එක්ස්ප්ලෝෂන් ඉන් ෂෙපිං මෝල් කා පාක් ඉන් තායිලන්ඩ්". ඒබීසී නිවුස්. 11 අප්‍රේල් 2015. http://www.abc.net.au/news/2015-04-11/koh-samui-hit-by-car-bomb/6385906. සම්ප්‍රවේශය කෙරුණු දිනය 18 අගෝස්තු 2015. 
  7. "බැංකොක් බොම්: එක්ස්ප්ලෝෂන් ක්ලෝස් ටු ඊරවන් ෂ්රයින් කිල්ස් ඇට් ලීස්ට් 27 පීප්ල් ඉන්ක්ලූඩින් ෆෝ ෆොරිනර්ස් –ලේටස්ට් අප්ඩේට්ස්". ද ඩේලි ටෙලිග්‍රාෆ්. 17 අගෝස්තු 2015. http://www.telegraph.co.uk/news/worldnews/asia/thailand/11807583/Explosion-rocks-Bangkok-close-to-Erawan-shrine-with-reports-of-casualties-live.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අගෝස්තු 2015. 
  8. ෆුලර්, තෝමස් (17 අගෝස්තු 2015). "ඒක්ස්ප්ලෝෂන් ඉන් බැංකොක් කිල්ස් ඇට් ලීස්ට් 12". ද නිව්යෝර්ක් ටයිම්ස්. . http://www.nytimes.com/2015/08/18/world/asia/bangkok-explosion.html. 
  9. "පලීස් සීක් ඇක්ටිව් බොම් නියර් බැංකොක් එක්ස්ප්ලෝෂන්". සීඑන්එන්. 17 අගෝස්තු 2015. http://www.cnn.com/2015/08/17/asia/thailand-bangkok-bomb/index.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 17 අගෝස්තු 2015. 
  10. 10.0 10.1 10.2 "තායි පලීස් සීක් ‘ෆොරීන් මෑන්’ ඉන් බොමිං ඔෆ් බැංකොක් ෂ්‍රයින්". ද නිව්යෝක් ටයිම්ස්. 19 අගෝස්තු 2015. http://www.nytimes.com/2015/08/20/world/asia/bangkok-explosion-shrine.html. 
  11. 11.0 11.1 "බැංකොක් බ්ලාස්ට්: ෆිෆ්ත් මැලේෂියන් වික්ටිම් කන්ෆර්ම්ඩ්". ද ස්ටාර් මලයාසියාව. 19 අගෝස්තු 2015. http://www.msn.com/en-my/news/national/bangkok-blast-fifth-malaysian-victim-confirmed/ar-BBlRzUq?ocid=HPCDHP. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015. 
  12. 12.0 12.1 12.2 12.3 "බැංකොක් බොම්: වික්ටිම්ස් ඇන්ඩ් සර්වයිවර්ස්". බීබීසී පුවත්. 19 අගෝස්තු 2015. http://www.bbc.co.uk/news/world-asia-33970145. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015. 
  13. 13.0 13.1 "බැංකොක් බොම්: ඊරවන් ශ්‍රයින් ඇටෑකර් වෝස් 'පාට් ඔෆ් නෙට්වර්ක්', පලීස් සේ". බීබීසි පුවත්. 19 අගෝස්තු 2015. http://www.bbc.co.uk/news/world-asia-33984177. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015. 
  14. "ටුක්-ටුක් ඩ්‍රයිවර් හූ ටුක් බොඹර් ටු ෂ්‍රයින් කම්ස් ෆෝවඩ්". කාඕ සොඩ් ඉංග්‍රීසි. 20 අගෝස්තු 2015. http://www.khaosodenglish.com/detail.php?newsid=1440073727&section=12&typecate=06. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 අගෝස්තු 2015. 
  15. "බැංකොක් බොම්: ෆොරීන් රෝල් ඉන් ඇටෑක් අන්ලයික්ලි, සේස් ගවර්න්මන්ට්". බීබීසී පුවත්. http://www.bbc.co.uk/news/world-asia-33998929. සම්ප්‍රවේශය කෙරුණු දිනය 20 අගෝස්තු 2015.