ඊරවන් සිද්ධස්ථානය
Jump to navigation
Jump to search

සිව්-මුහුණු සහිත බ්‍රහ්ම (ප්‍රා ප්‍රොම්) පිළිමයෙහි සමීප දසුනක්
ඊරවන් සිද්ධස්ථානය, පෙරදී තඕ මහා ප්‍රොම් සිද්ධස්ථානය (තායි: ศาลท้าวมหาพรหม; rtgs: සන් තඕ මහා ප්‍රොම්; "මහා බ්‍රහ්ම දෙවිමහෝත්තමයාණන්ගේ සිද්ධස්ථානය") යනු, තායිලන්තයේ, බැංකොක් නුවර පිහිටි, හින්දු සිද්ධස්ථානයක් වන අතර, මැවීම පිළිබඳ හින්දු දෙවියන් වන බ්‍රහ්ම දෙවිමහෝත්තමයාණන්ගේ තායි නිරූපණය වන ප්‍රා ප්‍රොම් ගේ පිළිමයක් එහි තැන්පත් කර ඇත. විශේෂයෙන් චීන ජාතිකයන් අතරෙහි ප්‍රසිද්ධ වන්දනා ස්ථානයක් වන මෙහි වන්දනාකරුවන්ගේ යැදුම් ඉටු වීම වෙනුවෙන් කුළියට ගන්නා ලද නේවාසික තායි නැටුම් කණ්ඩායම් වල රැඟුම් මෙහි බොහෝ විට දක්නට ලැබේ.
2015 අගෝස්තු 17 දිනදී, සිද්ධස්ථානය අසබඩදී බෝම්බයක් පුපුරා ගොස්, 25 දෙනෙකු මිය ගොස් 120 දෙනෙකුට වඩා තුවාල ලදහ.[1]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "බැංකොක් බොම් හොරර්: ඇට් ලීස්ට් 20 ඩයි, 125 හර්ට් ඉන් ඊරවන් ෂ්රයින් බ්ලාස්ට්". බැංකොක් පෝස්ට්. 18 අගෝස්තු 2015. http://www.bangkokpost.com/news/politics/658808/city-bomb-horror. සම්ප්‍රවේශය කෙරුණු දිනය 19 අගෝස්තු 2015.