ඒ.පි.එන්.සී. ද එස්. වාස් ගුණවර්ධන

විකිපීඩියා වෙතින්
වාස් ගුනවර්ධන  
උපතඔක්තෝබර් 13, 1961(1961-10-13)
මරනයJuly 23, 1983(1983-07-23) (වයස 21)
තිරුනෙල්වේලි, යාපනය අර්ධද්වීපය
පක්ෂපාතීත්වයශ්‍රී ලංකාව
සේවාව/ශාඛාවශ්‍රී ලංකා යුද්ධ හමුදාව
සේවා කාලය1980–1983
නිලයදෙවෙනි ලුතිනන්
ඒකකයශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාව
දැරූ තනතුරුෆෝ ෆෝ බ්‍රාවෝ මුර සංචාර ඛන්ඩය
සටන් / යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය

දෙවෙනි ලුතිනන් ඒ. පී. එන්. සී. ද එස්. වාස් ගුනවර්ධණ,[1] (ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාව) 1983 ජුලි 23 වැනිදා දෙඊවිකො විසින් රැක සිට පහරදුන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ෆෝ ෆෝ බ්‍රාවෝ මුර සංචාර ඛන්ඩයේ අණ දෙන නිලධාරියා විය. මෙම සිදුවීම නිසා කලු ජූලි කෝලාහල ඇතිවු අතර ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ ආරම්භය ලෙසද සැලකේ.

අධ්‍යාපනය සහ හමුදා වෘත්තිය[සංස්කරණය]

වාස් ගුණවර්ධන කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ඉගැනුම ලබා, 1980 දී නිලදාරි කැඩෙට් භටයෙකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳුනු අතර මද්‍රාස් හි නිළධාරි පුහුනු පාසලෙන් පුහුනුව ලබා ඇත. ඔහුව ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ දෙවෙනි ලුතිනන්වරයෙකු ලෙස පත් කරන ලදි. 1983 දි ඔහු ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ පලමු පාබල සේනාංකයෙහි සී භට කණ්ඩායමට සම්බන්ධ කරන ලදි.

රැක සිට පහරදීම[සංස්කරණය]

සැතපුම් 20 ක් පමණ එපිටින්වූ මාදගල්හී කඳවුරු ලා සිටි ශ්‍රී ලංකා සැහැල්ලු පාබල හමුදාවේ පළමු පාබල සේනාංකයෙහි සී භට කණ්ඩායම විසින් චර්යානුගතව සිදුකෙරෙන මුර සංචාරයක් සිදු කරනු වස්, (කේත නාමය ෆෝ ෆෝ සහිතවූ) ගුරුනගර් කඳවුරෙන් ෆෝ ෆෝ බ්‍රාවෝ මුර සංචාරක ඛණ්ඩය පැය 2200 වන විට පිටත්වීමට නියමිතව තිබුණි. මුර සංචාර ඛණ්ඩය පැය 2147 වන විට පැමිණ තිබුණි. එය සමන්විත වූයේ දෙවන ලුතිනන් ඒ.පී.එන්.සී. ද එස්. වාස් ගුණවර්ධන විසින් මෙහෙයවුනු සොල්දාදුවන්15 කින් සමන්වික අනුඛණ්ඩයකිනි. බ්‍රිගේඩියර්වරයාගේ උපදෙස් වූයේ, අවශ්‍ය නම් නිර්දිෂ්ට පෙත කෙටි කර හෝ, මුර සංචාර ඛණ්ඩය, පැය 2359 ට පෙරාතුව මාදගල් වෙත සපැමිණි විය යුතු බවය: ගුරුනගර් - යාපනය - නාග විහාරය - නල්ලූර් - කෝපායි - උරුම්පිරායි - කොන්ඩවිල් - කොකුවිල් - යාපනය- කාලියන් - කාඩු - මාදගල්. දෙවන ලුතිනන් ගුණවර්ධන විසින් මේජර් ද සිල්වා වෙතින් උපදෙස් ලබා ගත් අතර, ඔහු තවදුරටත් අවධාරණය කොට සිටියේ මධ්‍යම රාත්‍රිය වන විට මුර සංචාර ඛණ්ඩය මාදගල් කඳවුර වෙත ගොස් සිටිය යුතු බවයි. ෆෝ ෆෝ බ්‍රාවෝ පැය 2206 වන විට ගුරුනගර් වෙතින් පිටත්වූ අතර සෑම විනාඩි පහකට වරක් සිදු කල රේඩියෝ සම්බන්ධතා සියල්ලෙන්ම කියැවුනේ යාපනය සන්සුන් බවකි.

මේ වන විට, සීලන් නමින්ද හැඳින්වුනු චාල්ස් ලූකස් ඇන්තනීගේ මරණය  වෙනුවෙන් පළිගැනීමට සෙල්ලකිලි විසින් සැලසුම් කර තිබුණු අතර, යුද්ධ හමුදා මුර සංචාර ඔහු විසින් නිරික්ෂණය කෙරිණි. වේළුපිල්ලේ ප‍්‍රභාකරන්, කිට්ටු, අයියර්, වික්ටර්, පුලෙන්ද්‍රන්, සෙල්ලකිලි, සන්තෝසම් සහ අප්පයියා ඇතුළු දෙඊවිකො සාමාජිකයන් 25 දෙනෙකුගේ කණ්ඩායමක්, එම රාත්‍රියෙහිදී, පලාලි-යාපනය මාර්ගයේ, නව දුරසන්නිවේදන උපකරණ සවි කිරීමට මාර්ගය කැණ තිබූ ස්ථානයක් වූ තින්නවේලි හිදී රැස්වූහ. එවැනි එක් කැණීම් ස්ථානයක් අසල බිම් බෝම්බ සතරක් තැන්පත් කරන ලද අතර කන්කසන්තුරෙයි පොලිස් ස්ථානයෙන් සොරකම් කරන ලද නිමජ්ජකයක් අසල නිවසක සඳලුතලයෙහි තබන ලදි. මැෂින් තුවක්කු කදලු ස්පෝඨකය අසල සහ මාර්ගයෙන් අනික් පස ස්ථාපනය කෙරිණි. බල පිරිස දෙකඩ කොට මාර්ගයේ දෙපස ස්ථානගත කරන ලද අතර සෙල්ලකිලිද එහි විය.

පැය 2328 වන විට මුර සංචාර ඛණ්ඩය වාර්තා කලේ එය උරුම්පිරෙයි මං සන්ධියෙන් පිටත් වන බවත් සියල්ල සන්සුන් බවත්ය. මුර සංචාර ඛණ්ඩය සැදී තිබුණේ දෙවන ලුතිනන් වාස් ගුණවර්ධන, සාමාන්‍ය සෙබළ එන්.ඒ.එස්. මනුතුංග රිය පදවමින් සහ කෝප්‍රල් ජී.ඩී. පෙරේරා, සාමාන්‍ය සෙබළ එස්.එස්. අමරසිංහ, සාමාන්‍ය සෙබළ එස්.පී.ජී. රාජතිලක සහ සාමාන්‍ය සෙබළ කේ.පී. කරුණාරත්න පසුපස ගමන් කල ජීප් රථයකින් සහ ඉදිරි අසුනෙහි සාජන්ට් එස්.අයි. තිලකරත්න සහ රියැදුරු ලෙසින් කෝප්‍රල් ජී.ආර්. පෙරේරා ද මැදින් සාමාන්‍ය සෙබළ ඒ.ජේ.ආර්. ප්‍රනාන්දු සහ ඛණ්ඩයෙහි සෙසු පිරිස පිටුපස ගමන් කල ටාටා බෙන්ස් බාග ට්‍රක් රථයකින්ද විය. උරුම්පිරෙයි මං සන්ධිය පසුවී විනාඩි පහකට පසුව තින්නවේලි අසලදී ජීප් රථය එහි වේගය අඩාල කලේ දුරසන්නිවේදන උපකරණ සවි කිරීමේ ක්‍රියා නිසා මාර්ගයෙහි ගමනට ඇතිව තිබූ බාධා නිසාය. එය මාර්ගයේ කැණීම පසු කරනවාත් හා සමගම, ස්පෝඨකය ඇසුරෙන් බිම් බෝම්ප පුපුරවා හැරීමෙන් අනුතුරුව ජීප් රථය හා බාග ට්‍රක් රථය වෙත මැෂින් තුවක්කු ප්‍රහාර වර්ෂාවක් එල්ල කෙරිණි.

ජිප් රථය පුපුරා යනු දුටු භාග ට්‍රක් රථය නවත්වන ලද අතර එයටද ත්‍රස්තවාදි කල්ලියේ දෙපිරිසෙන්ම වෙඩි ප්‍රහාර එල්ල විය. වෙඩි ප්‍රහාරයෙන් ඉදිරිපස රියදුරු අසුනේ සිටි කෝප්‍රල් පෙරේරා සහ පසුපස සිටි සාමාන්‍ය සෙබළ රොබට්, සුනිල් සහ විජේසිරි මරණයට පත්වුනු අතර සාමාන්‍ය සෙබළ මනපිටියට තුවාළ සිදුවිය. තුවාළ ලැබු සාජන් තිලකරත්න සහ සාමන්‍ය සෙබළ ප්‍රනාන්දු වාහනයෙන් පිටට විත් එයට මුවාවී ත්‍රස්තවාදීන්ට විවෘතව වෙඩි ප්‍රහාර එල්ල කළ නමුත් ප්‍රනාන්දු සුලු මොහොතකින් මරණයට පත්විය. තිලකරත්න අත් බෝම්බයකින් ඔහුගේ අත පුපුරා යන තෙක් දිගටම වෙඩි ප්‍රහාර එල්ල කළේය. කෝප්‍රල් පෙරේරා සහ කෝප්‍රල් සුමතිපාල ද දිගින් දිගටම වෙඩි ප්‍රහාර එල්ල කල අතර සුමතිපාල ඔහුගේ අත් බෝම්බයද සතුරන් වෙත එල්ල කළේය. මරණයට පත්වීමට පෙර සාමාන්‍ය සෙබළ මනපිටිය සිය අත්බෝම්බය කෝප්‍රල් සුමතිපාලට ලබාදුන් අතර ඔහු සිය ගිනි අවියෙන් සතුරාට දිගටම පීඩනය එල්ල කලේය. පැය 2340 වනවිට බ්‍රිගේඩියර් බල්තසාර්ට, මුර සංචාර ඛන්ඩය සමග රේඩියෝ සබඳතාව අහිමි වී ඇති බවත්, ආරක්ෂක සෙබලෙකුට ඈතින් වෙඩි ශබ්ද සහ පිපිරීම් ඇසී ඇති බවත්‍ සඳහන් පනිවුඩයක් ලැබිනි. පලාලි, මදගාල්, තොණ්ඩමනාර් සහ වැල්වෙට්ටිතුරෙයි හමුදා කඳවුරු ප්‍රහාරය ගැන දැනුවත් වූ අතර ෆෝ ෆෝ බ්‍රාවෝ කන්ඩායම සෙවීමට ෆෝ ෆෝ චාලි කන්ඩායම එවන ලදි.

ෆෝ ෆෝ චාලි කන්ඩායම පැය 0009 වනවිට විනාශ වූ වාහන සොයාගත් අතර ඔවුන් එය වාර්තා කරනවිට කෝප්‍රල් පෙරේරාද කොන්ඩාවිල් ලංගම ඩිපෝවේ සිට දුරකථනයෙන් කඳවුර අමතා ඇත. ඔහු සිය ගිනිඅවියේ උන්ඩ අවසන් වන තෙක් වෙඩි එල්ල කොට, පාද දෙකෙහිම තුවාල සහිතව පසුබැස ඇත. ඔහු, උන්ඩ අවසන් වී තුවාල සහිතව පසුබැස සිටි කෝප්‍රල් සුමතිපාල සිටින ස්ථානය පිලිබඳව දැනුවත් කර ඇත. බ්‍රිගේඩියර් බල්තසාර් ප්‍රහාරය වූ ස්ථානයට යනවිට එහි සාජන් තිලකරත්න බරපතල තත්වයෙන් සිටි අතර ඔහුව රෝහලට රැගෙන යන අතරතුර මරණයට පත්විය.

යොමු කිරීම්[සංස්කරණය]

බාහිර සබැදි[සංස්කරණය]