ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ගෝල රැස් කරන්නන් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්
මෙයද බලන්න: ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලි වැඩිම ගෝල රැස් කරන්නෝ

ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී එක් එක් රටෙහි ගෝල් රැස් කරන්නන් මෙම ලිපිය විසින් ලැයිස්තු ගත කෙරෙයි . ලෝක කුසලාන පාපන්දු අවසන් තරගාවලි 20 තුලදී රැස් කෙරුණු ගෝල 2300 ට වැඩි ප්‍රමාණය සඳහා ගෝල රැස් කරන්නන් 1200 වඩා සිටිති.

සම්මතය ප්‍රකාර, පහර එල්ල කිරීම් වලදී ලකුණු බවට හැරවුනු දඬුවම් පහර නොසලකා හැර ඇත.

වැඩිම ගෝල රැස් කළ ක්‍රීඩකයෝ[සංස්කරණය]

සටහන: තදකුරු වලින් දක්වා ඇති ක්‍රීඩකයෝ, 2014 ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය තුල තවමත් ක්‍රීඩා කරති.

  • රවුම් වරහන් වලින් දක්වා ඇති තරගාවලී, නිද., (1982): තරගාවලිය තුලදී ක්‍රීඩා කෙරුණු නමුත් ගෝලයක් හෝ රැස් නොකෙරිණි
  • සතරැස් වරහන් වලින් දක්වා ඇති තරගාවලී: නිද., [1994]: තරගාවලිය සඳහා පිරිසෙන් කොටසක්ව සිටි මුත්, තරග නොකලේය
අනුස්ථිතිය ක්‍රීඩකයා කණ්ඩායම රැස් කල ගෝල ක්‍රීඩා කල තරග ගෝල සාමාන්‍යය තරගාවලි
1 මිරොස්ලව් ක්ලෝසර්  ජර්මනිය 16 23 0.70 2002, 2006, 2010, 2014
2 රොනල්ඩෝ  බ්‍රසීලය 15 19 0.79 [1994], 1998, 2002, 2006
3 ගර්ඩ් මුලර්  බටහිර ජර්මනිය 14 13 1.08 1970, 1974
4 ජෙස්ට් ෆොන්ටේන්  ප්‍රංශය 13 6 2.17 1958
5 පේලෙ  බ්‍රසීලය 12 14 0.86 1958, 1962, 1966, 1970
6 සන්ඩෝර් කොචිස්  හන්ගේරියාව 11 5 2.20 1954
ජෝගන් ක්ලීන්ස්මාන්  ජර්මනිය 11 17 0.65 1990, 1994, 1998
8 හෙල්මුට් රාන්  බටහිර ජර්මනිය 10 10 1.00 1954, 1958
ගේබ්‍රියල් බැටිස්ටුටා  ආර්ජන්ටිනාව 10 12 0.83 1994, 1998, 2002
ගැරී ලිනෙකර්  එංගලන්තය 10 12 0.83 1986, 1990