Jump to content

මිරොස්ලව් ක්ලෝසර්

විකිපීඩියා වෙතින්
මිරොස්ලව් ක්ලෝසර්
ජර්මනිය සඳහා 2012දී ක්ලෝසර් ක්‍රීඩා කරමින්
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නම මිරොස්ලව් ජෝසෙෆ් ක්ලෝසර්[1]
උපන් දිනය 9 ජුනි 1978 (1978-06-09) (වයස 48)[2]
උපන් ස්ථානය ඔපෝලෙ, පෝලන්තය
උස 1.84 මී (6 අඩි  12 අඟ)[3]
ස්ථානය පහර එල්ල කරන්නා
කණ්ඩායම් තොරතුරු
වර්තමාන කණ්ඩායම
ලාසියෝ
අංකය 11
යෞවන අභිවෘත්තිය
1987–1997 එස්ගීෆ් බ්ලූබොක්-ඩෙයිඩ්ල්කොෆ්
ජ්‍යෙෂ්ඨ අභිවෘත්තිය*
වසර කණ්ඩායම Apps (Gls)
1997–1998 එස්ගීෆ් බ්ලූබොක්-ඩෙයිඩ්ල්කොෆ්
1998–1999 එෆ්සී 08 හොම්බර්ග් II 15 (10)
1998–1999 එෆ්සී 08 හොම්බර්ග් 18 (1)
1999–2001 1. එෆ්සී කේසර්ස්ලෝටර්න් II 50 (26)
1999–2004 1. එෆ්සී කේසර්ස්ලෝටර්න් 120 (44)
2004–2007 වෙයාර්ඩර් බ්‍රීමන් 89 (53)
2007–2011 බයාන් මියුනික් 98 (24)
2011– ලාසියෝ 80 (35)
ජාත්‍යන්තර අභිවෘත්තිය
2001– ජර්මනිය 136 (71)
* දේශීය සමාජ ලීග සහභාගිත්ව සහ ගෝල මෙදින වන විට 23:33, 10 මැයි 2014 (UTC)
‡ ජාතික කණ්ඩායම් සහභාගිත්ව සහ ගෝල මෙදින වන විට 21:57, 8 ජූලි 2014 (UTC)

මිරොස්ලව් ජෝසෙෆ් ක්ලෝසර් (උපත 9 ජූනි 1978)[4] යනු, ලාසියෝ ඉතාලියානු සේරියේ ආ සහ ජර්මානු ජාතික පාපන්දු කණ්ඩායම සඳහා පහර එල්ල කරන්නෙකු ලෙස ක්‍රීඩාකරන ජර්මානු වෘත්තිය පාපන්දු ක්‍රීඩකයෙකි.

ගෝල 71 ක් ලබා සිටින ක්ලෝසර් ජර්මනියේ සමස්ත කාලීන හොඳම ලකුණු රැස්කරන්නා වෙයි. 2002 මංගලාවතරණ ලෝක කුසලානයෙහිදී ගෝල පහක් රැස් කර ගත් ඔහු, ජර්මනියේ පැවති 2006 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී යළිත් පස් වතාවක් ලකුණු රැස් කරමින්, රන් සපත්තුව දිනා ගත් අතර[5] (පෙරුවියානු ක්‍රීඩක ටෙයොෆිලො කුබිලාස් සිදු කලාට පසුව) වෙනස් ලෝක කුසලාන දෙකකදී අඩුම වශයෙන් ගෝල පහක් හෝ රැස් කල දෙවන ක්‍රීඩකයා බවට පත් විය (ක්ලෝසර්ගේ ජර්මානු සමදේශීක තෝමස් මුලර් විසින් මෙම වාර්තාව ඉන්පසු සම කරන ලදි). 2010 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී සතරවතාවක් ලකුණු රැස් කිරීමටද ක්ලෝසර් සමත්වූ අතර, 2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී, බ්‍රසීලයට එරෙහි 7–1 අර්ධ-අවසාන ජයග්‍රහණයේදී එක් ගෝලයක්ද සහිතව, දෙවරක් ලකුණු රැස් කරමින්, ගෝල 16 ක මුළු ලකුණු සංඛයාවක් රැස්කිරීම හා සමගින්, ෆීෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඉතිහාසයේ සමස්ත ඉහළම ලකුණු රැස් කරන්නා වෙමින් රොනල්ඩෝ අභිබවා ගියේය. [6] 2014 තරගාවලියේදී ලකුණු රැස් කිරීම හා සමගින්, විවිධ ලෝක කුසලාන පාපන්දු තරගාවලි සතරක ගෝල රැස් කිරීම සිදු කල එකම ක්‍රීඩකයන් වෙමින්, ඔහුගේ සමදේශීක ඌවෙ සීලා සහ බ්‍රසීලියානු පේලෙ යන ක්‍රීඩකයන් විසින් හිමි කර තුබූ මස්තකප්‍රාප්තීන් සම කිරීමට ක්ලෝසර් විසින් සමත් වූ අතරම[7] විවිධ තරගාවලි තුනකදී අඩුම වශයෙන් ලකුණු සතර බැගින් හෝ රැස් කල එකම ක්‍රීඩකයා විය. [8] ක්ලෝසර් විසින් ලකුණු රැස් කල කිසිදු තරගයක් ජර්මානු ජාතික කණ්ඩායම විසින් පරාජය වී නොමැත. [9]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "List of Players" (PDF). FIFA. සම්ප්‍රවේශය 8 November 2010.
  2. "Miroslav Klose". Soccerway. Global Sports Media. සම්ප්‍රවේශය 19 September 2011.
  3. "Miroslav Klose". FC Bayern Munich. සම්ප්‍රවේශය 4 April 2011.[භින්න වූ සබැඳිය]
  4. "Miroslav Klose". worldfootball.net. සම්ප්‍රවේශය 30 June 2010.
  5. "අඩිඩාස් ගෝලඩන් බූට්". ෆීෆා. සම්ප්‍රවේශය 9 ජූලි 2014.
  6. "ක්ලෝසර් ඊක්වල්ස් රෙකෝඩ් ඈස් ජර්මනි ඇන්ඩ් ඝානා ඩ්‍රෝ එපික්". යහූ!ස්පෝට්. 21 ජූනි 2014. සම්ප්‍රවේශය 22 ජූනි 2014.
  7. "ලයික් ෆයින් වයින්, මිරොස්ලව් ක්ලෝසර් ඊස් ඔන්ලි ගෙටිං බෙටර් විත් ඒජ්". Goal.com. 15 නොවැම්බර් 2012. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2012.
  8. "ජර්මනි නෙවර් ලූස් වෙන් හී ස්කෝර්ස් අ ගෝල්: වයි මිරොස්ලව් ක්ලෝසර් විල් ස්ටාර්ට් ඉන්ස්ටෙඩ් ඔෆ් මාරියෝ ගොමෙස්". Goal.com. 9 ජූනි 2012. සම්ප්‍රවේශය 16 දෙසැම්බර් 2012.
"https://si.wikipedia.org/w/index.php?title=මිරොස්ලව්_ක්ලෝසර්&oldid=309750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි