හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය
| හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය | |||||||
|---|---|---|---|---|---|---|---|
| මෙහි කොටසකි දෙවන පියුනික් යුද්ධය | |||||||
ඉතාලිය වෙත හැනිබල්ගේ පථය |
|||||||
|
|||||||
| රණපත්හු | |||||||
| රෝමානු ජනරජය | කාර්තේජ් | ||||||
| ආඥාපතීන් සහ නායකයන් | |||||||
| පුබිලියුස් කොර්නේලියුස් ස්කීපියෝ ටිබේරියස් සෙම්ප්‍රෝනියස් ලොන්ගුස් |
හැනිබල් හස්ඩ්රුබල් මාගෝ හස්ඩ්රුබල් ජිස්කෝ සයිෆැක්ස් වෘද්ධ හැනෝ හිස මුඩු හස්ඩ්රුබල් හැම්ප්සිකෝරා මහර්බල් |
||||||
| ප්‍රබලතාව | |||||||
| 94,000+ | |||||||
| ආපතිකයන් සහ හානියන් | |||||||
| 68,000+ | |||||||
ක්‍රිපූ 218 දී සිදුවූ හැනිබල්ගේ ඇල්ෆ්ස් තරණය දෙවන පියුනික් යුද්ධයෙහි සිදුවූ ප්‍රධාන සිද්ධීන් අතරින් එකක් වන අතර, ඕනෑම කිසියම් හමුදාමය බලකායක් විසින් පුරාතන යුධකරණයෙහිදි සාක්ෂාත් කල මහත් කීර්තිමත් මස්තකප්‍රාප්තීන් අතරින් එකක් ලෙසින් සැලකෙයි. [1] රෝමානු සහ මිත්‍ර පාක්ෂික භූමි හමුදා ඛණ්ඩ ස්ථාපිතයන් මෙන්ම රෝමානු නාවික ආධිපත්‍යයද පසුකර ඉදිරියට පැමිණි හැනිබල් විසින්, ඔහුගේ කාර්තජේනියානු හමුදාව ඇල්ෆ්ස් මතින් ඉතාලිය වෙතට තරණය කරවා රෝමානු ජනරජය අබියසට යුද්ධය ගෙන ඒමට සමත් විය.
පසුබිම[සංස්කරණය කරන්න]
ඊගට්ස් දිවයින් වෙතදී සිදුවූ අවසන් කාර්තජේනියානු නාවික පරාජයෙන් පසුව,[2] කාර්තජේනියානුවෝ යටත් වෙමින් පළමු පියුනික් යුද්ධයෙහි පරාජය භාර ගත්හ. [3]කාර්තේජ්හී දේශමාමක පක්ෂයෙහි ප්‍රධාන සාමාජිකයෙක්වූ සහ පළමු පියුනික් යුද්ධය පැවති වකවානුවේදී තම හැකියාව ප්‍රදර්ශනය කරමින් ක්‍රියාන්විතයෙහි යෙදුනු ජෙනරාල්වරයෙක්වූ හැමිල්කර් බාර්කා (බාර්කා යන්නෙහි අර්ථය අකුණුපහර යන්නයි) විසින්,[4] සිසිලියේදී රෝමානුවන් අබියසදී පරාජයට පත්වීමෙන් කාර්තේජයට ඇතිවූ අලාභයන් වෙනුවෙන් පිළියම් යෙදීමේ මාර්ග විමසමින් සිටියේය.[5]මෙයට අමතරව, සාර්ඩිනියාව අහිමිවීම පිළිබඳව, කාර්තජේනියානුවෝ (සහ පුද්ගලික වශයෙන් හැමිල්කර්)[6] අප්‍රසන්නව සිටියහ. රෝමානුවන්ට යුද්ධය පරාජය වීමත් හා සමගම, රෝමානුවන් විසින් කාර්තජේනියානුවන් වෙත පැනවුනු කොන්දේසි සැලසුම් කර තිබුනේ, රෝමයට කප්පම් ගෙවන පුරවරයක් බවට කාර්තේජ් පත් කරන අතරම එහි නාවික බල ඇණිය එයට අහිමි කරන ලෙසිනි.[7]සාම ගිවිසුමෙහි කොන්දේසි කර්කශ වුවද, කාර්තේජයේ ශක්තිය බිඳලීමට රෝමානුවෝ උත්සුක නොවූහ; කාර්තේජය එම කාලයේදී අතිශය සෞභාග්‍යමත් සාමුද්‍රික වෙළෙඳ වරායක් වූ බැවින්, රෝමානුවන් විසින් ඔවුන් වෙත පනවන ලද කප්පම වාර්ෂීක පදනමකින් පහසුවෙන් ගෙවා දමන ලද අතරම කාර්තජේනියානු කුළී හේවායින් විසින් සිදු කල කැරලි ගැසීම් වලට කාර්තේජය නියැලී සිටියේය.[7]
පළමු පියුනික් යුද්ධයෙන් පසුව රෝමානු භාණ්ඩාගාරයන් පුරවමින් කාර්කේජය වෙතින් ගිලිහී ගිය සිසිලයේ ධන සම්පත්තිය වෙනුවට ආදේශ කරලීම සඳහා සහ ඔවුන්ගේ භාණ්ඩාගාරයට ඉතාමත් ආවශ්‍යයිකව තිබූ ආදායම සැපයීම [8] සඳහා අවශ්‍ය විවිධාංගික ස්වභාවික සම්පතෙන් හෙබියාවූ දේශයක්වූ අයිබීරියාව යටත් කර ගැනීමේ අභිලාෂයක් කාර්කජේනියානු දේශමාමක පක්ෂය වෙත තිබුණි. මෙයට අමතරව, දේශමාමක පක්ෂයේ ප්‍රමුඛ කුලවත් පවුලක් වූ බාර්කාවරුන්ගේ අභිලාෂයක් වූයේ, රෝමානු හමුදාමය සන්ධානයට එරෙහිව පළිගැනීමේ යුද්ධයක් දියත් කිරීමට මෙහෙයුම් මූලයක් ලෙසින් කිසියම් දිනයක අයිබීරියානු අර්ධද්වීපය භාවිතා කිරීමය. මෙම කරුණු දෙක අත්වැල් බැඳ ගත් අතර, ගවේෂණය වෙත මධ්‍යස්ථමතධාරීන්ගේ විරෝධය එල්ල වුවද, ක්‍රිපූ 238 දී[8][9][10] හැමිල්කාර් විසින් අයිබීරියානු අර්ධද්වීපය යටත් කර ගැනුමෙහි මෙහෙයුම දියත් කෙරුණේ මෙම පරමාර්ථයන් සිහි දරා ගෙනය.
ආශ්‍රිත[සංස්කරණය කරන්න]
- ↑ ලොන්සෙල්, සර්ජ්, හැනිබල්, පි. 71
- ↑ වල්බෑන්ක් 1979, පි. 187
- ↑ කණි, හන්ස් ඩීල්බ්රුක්; වෝල්ටර් ජේ. රෙන්ෆ්‍රෝ විසින් ජර්මානු භාෂාවෙන් පරිවර්තනය කරන ලදි, (1990). හිස්ට්‍රි ඔෆ් ද ආට් ඔෆ් වෝ. ලින්කන්, නෙබ්‍රාස්කා: නෙබ්‍රාස්කා විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය / බයිසන් බුක්. ISBN 978-0-8032-9199-7.
- ↑ ඩොජ් 1994, පි. 131
- ↑ ඩොජ්, තියඩෝර් (1994). හැනිබල්. මිකැනික්ස්බර්ග්, පෙන්සල්වේනියා: ග්‍රීන්හිල් බුක්ස්.
- ↑ වල්බෑන්ක් 1979, පි. 189
- ↑ 7.0 7.1 ඩීල්බ්රුක් 1990, පි. 303
- ↑ 8.0 8.1 ඩීල්බ්රුක් 1990, පි. 312
- ↑ ඩොජ් 1994, පි. 146
- ↑ පැටන් 1922, පි. 243