හතරවන ඊලාම් යුද්ධය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
  • සිව්වන ඊළාම් යුද්ධය(2006 ජූලි 26 -2009 මැයි 19).-(Y.W.B).
==================================[සංස්කරණය]
  • මහින්ද රාජපක්ෂ ගේ උතුර සහ නැගෙනහිර මුදාගැනීමේ "මානුෂීය මෙහෙයුම".
=================================================[සංස්කරණය]
  • මාවිල්ආරු.
=[සංස්කරණය]
  • මෙහි ආරම්භක අවස්ථාව ලෙස 2006 ජූලි 21 වැනිදා ති‍්‍රකුණාමලයෙන් දකුණේ වූ 30,000කට ජනතාවකට ජල සැපයුම අහිමි කරමින් එල්ටීටී ය මාවිල්ආරු ජල දොරටුව වසා දැමුවේ අමානුෂික කි‍්‍රයාවත් සමඟ ය.
  • මේ නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය 2006 ජූලි 26 දා මාවිල්ආරු මුදා ගැනීමේ මානුෂික මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ සිව්වන ඊළාම් යුද්ධය ආරම්භ විය.
  • ඉන් ඇරඹි "මානුෂීය මෙහෙයුම" ඉතාමත් තීරණාත්මක විය මෙලෙස ආරම්භ කළ යුද්ධයේදි පෙනුණු දෙයක් නම් ලංකාව මහා පරිමාණ සිවිල් යුද්ධයකට ගමන් කරවීමේ මංසලකුණු සටහන් කළ බවය. මේ වන විට ආණ්ඩුවේ අරමුණු දෙකක් පැහැදිලිය.
  • එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කර එහි යුධ ශක්තීන් විනාශ කර දාවිඩ ජාතිකවාදී ව්‍යාපෘතියේ නියෝජිතයෙකු හැටියට එල්ටීටීඊ ය නැති කිරීමය.
  • දෙවැන්න සම්පූර්ණයෙන් ම පරාජය කිරීමට නොහැකි වුවත් ලංකාවේ රාජ්‍යයට තව දුරටත් තර්ජනයක් නොවන පරිදි එල්ටීටීඊ ය යුධ හා දේශපාලන වශයෙන් දුර්වල කිරීමය.මෙකී අරමුණු ඇතිව ආරම්භ වූ යුද්ධයේදී ආණ්ඩුව විශ්වාස කළ දෙයක් වූයේ අතීතයේ ද එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය කිරීමට සන්නද්ධ හමුදාවන්ට හැකියාවක් තිබුණ ද කරුණු කිහිපයක් නිසා ඒ අවස්ථාව වැළකී ගිය බවය.

I.යුද්ධය සැලසුම් කිරීමේ දී සහ කි‍්‍රයාත්මක කිරීමේ දී ආණ්ඩුවේ බලයේ සිටින දේශපාලඥයින් ඒවාට මැදිහත් වී යුධ කි‍්‍රයා මාර්ග දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට යටත් කර අවුල් කිරීම.

II.යුධමය විසඳුම් ක්‍රියාමාර්ගයෙන් ඉවත්වන ලෙස කෙරුණු ජාත්‍යන්තර බලපෑම්වලට ආණ්ඩුව යට වීම.

III.යුද්ධයේ දී සිදුවන මානව අයිතිවාසිකම් කඩකිරීම් හා මනුෂිකවාදී ගැටළු ගැන අනවශ්‍ය ලෙස වැදගත්කමක් දීම මඟින් යුද මෙහයුම් දුර්වල කිරීම.

  • මේ නිසා රාජපක්ෂ ආණඩුව එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධය සැලසුම් කිරීමේදී මූලෝපායන් සකස් කිරීම හා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම හා ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම ආරක්ෂක අමාත්‍යාංශයටත් සන්නද්ධ හමුදා ප‍්‍රධානීන්ටත් භාර දී ඇත
  • මේ තත්ත්වය තුළ එල්ටීටීඊ ය කල්පනා කලේ යුද්ධය දිග්ගැස්සෙන විට එයින් ඇතිවන මානව අයිති වාසිකම් කඩවීම් හා මානුෂවාදී අර්බුද හේතුවෙන් ආණ්ඩුව ජාත්‍යන්‍තර වශයෙන් හුදකලා විය හැකි බවත් යුද්ධයේ ආර්ථික පිරිවැය වැඩිවීමත් සමඟ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පැතිරෙන විට ආර්ථිකයට හානි පැමිණ ආණ්ඩුවේ මහජන සහයෝගීතා පදනම අඩු වී යුද්ධය ආර්ථික වශයෙන් නඩත්තු කිරීමට ආණ්ඩුවට නොහැකි වන බවයි.
  • එපමණක් නොව ආර්ථිකයට හානි පමුණුවන නීතියේ පාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය දුබල කරන යුද්ධයක පසුබිම තුළ දකුණේ දේශපාලන ප‍්‍රතිවිරෝධතා ඇති වීමත් සමඟ යුද්ධය පවත්වාගෙන යාම ආණ්ඩුවට දුෂ්කර වෙද්දී නව බල තුලනයන් ගොඩනැගීමට මූලෝපායික ඉඩකඩ තමාට උදාවේය යන්නය.
  • නමුත් 2006 අවසානයේදී නැගෙනහිර පළාතේ කෙරුණු යුද්ධයේ දී නැගෙනහිර පළාත ජය ගැනීමට පහසුවෙන්ම ආණ්ඩුවට හැකි විය.
  • යුද්ධය යළි ඇරඹීමත් සමඟ විශාල මානුෂිකවාදී ප‍්‍රශ්න උග‍්‍ර විය.ඒ අතර සිවිල් ජනයාට උන් හිටි තැන් අහිමි වීම, ගේ දොර මෙන්ම ආර්ථික ජීවන රටා අහිම් වීම, සිවිල් වැසියන් යුද්ධයට ගොදුරු වී මිය යෑම, තුවාල ලැබීම, යුද්ධය කේන්දා ගතවී නොමැති කොළඹ වැනි ප‍්‍රදේශවල බෝම්බ පිපිරීම් සිදුවීම, උදාහරණ ලෙස කොටුව බෝම්බ ප‍්‍රහාරය, මේ ආකාරයට සිදු වූ මානව අයිතීන් කඩවීම සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර විරෝධය හා බලපෑම් නොසලකා හැරීමට තීරණය කර ඇත.
  • ආණ්ඩුවේ තර්කය වූයේ ‘‘ආණ්ඩුව ඒවාට යටවුවහොත් ඒ මඟින් තම යුධ ප‍්‍රයත්නය අඩාල වන බවයි. මානව අයිතිවාසිකම් හා මානුෂවාදී කරුණු රණවිරුවන් අධෛර්යමත් කරන සහ එල්ටීටීඊ යට සේවය කරන පියවරක් ලෙස ද ආණ්ඩුව හඳුන්වයි.
  • ”ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ” යුද්ධයේ දී මානව අයිතිවාසිකම්වලට වැඩි ප‍්‍රමුඛත්වයක් දිය යුතු නැත යන තර්කය මත ආණ්ඩුව තම ස්ථාවරය සාධාරණය කර ඇත.
  • මේ ආකාරයට දශක තුනකට ආසන්න කාලයක් පුරා ලංකාවේ සමාජ දේශපාලනික ආර්ථික මෙන්ම සංස්කෘතික ප‍්‍රපංචයන්ට බරපතල හානි සිදු කළ ත‍්‍රස්තවාදය 2009.05.19 වන දින යුධමය වශයෙන් පරාජය කළේය.එය මුළු ආණ්ඩුව පමණක් නොව රාජ්‍යම ලැබූ ජයග‍්‍රහණයකි.(Y.W.B).
"https://si.wikipedia.org/w/index.php?title=හතරවන_ඊලාම්_යුද්ධය&oldid=431188" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි