මිරුසුවිල් සමූලඝාතනය

විකිපීඩියා වෙතින්
මිරුසුවිල් ඝාතනය
ස්ථානයමිරුසුවිල්, යාපනය දිස්ත්‍රික්කය, ශ්‍රී ලංකාව
දිනයදෙසැම්බර් 20, 2000
ඉලක්කයශ්‍රී ලංකා දෙමළ පුද්ගලයන්
ප්‍රහාර මාදිලියකැපුම් ආයුධ වලින් පහර දීම
ආයුධය(න්)පිහි
මරණ8

මිරුසුවිල් ඝාතනය [1] ලෙස හැඳින්වෙන්නේ 2000 වර්ෂයේ දෙසැම්බර් 20 වැනි දිනදී [2] ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු විසින් ශ්‍රී ලාංකික දෙමළ අට දෙනෙකු ත්‍රස්තවාදීන් යැයි සැක සිතා ඝාතනය කිරීමේ සිදුවීම වේ. [1][3][4]

සිදුවීම[සංස්කරණය]

2000 වර්ෂයේ දෙසැම්බර් 19වන දින සිය දේපල සෝදිසිකර බැලීමට පැමිණි සිවිල් වැසියන් අටදෙනෙකු යාපනයට නුදුරු මිරුසුවිල් ග්‍රාමයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතරතුර දෙසැම්බර් 20 වන දිනදී [5]සමූලඝාතනය සිදුවිය. ඔවුන් සියළුදෙනා ශ්‍රී ලංකා හමුදාවෙහි යැයි සැක කෙරෙන සෙබළුන් පිරිසක් විසින් ඝාතනය කර දමනු ලැබ යාපනය නගරයට සැතපුම් 16ක් පමණ නැගෙනහිරින් පිහිටි පෙදෙසක වැසිකිලි වලක දමා තිබී හමුවී තිබිණ.[1][3]

උඩුපිඩ්ඩි ප්‍රදේශයේ සිට නැවත පැමිණ සිටි සරණාගත පිරිස දෙසැම්බර් 19වන දින මිරුසුවිල් වෙත, සිය නිවාස සෝදිසි කර බැලීමට සහ දර එකතු කිරීම පිණිස පැමිණ සිටියදී ශ්‍රී ලංකා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. සිය පැරණි දේපල නිරික්ෂණය කිරීම සඳහා පැමිණීමට පෙරාතුව සරණාගත පිරිස විසින් ප්‍රාදේශීය බලධරයින්ගෙන් අවසර ගෙන තිබූ බව පැවසෙයි. දිස්ත්‍රික් වෙෙද්‍ය නිළදාරී වෙෙද්‍ය සී. කදිර්වෙට්පිල්ලෙයිගේ සාකෂ්‍ය අනූව ඝාතනයට ලක්වූ වින්දිතයින්ගේ ගෙල කපාදමා තිබී ඇත. ගාතනයට ලක්වූ සියලුම පුද්ගලයින් සාමාන්‍ය සිවිල් වැසියන් ලෙස සැලකේ. අත්අඩංගුවේ සිට දරුණු තුවාලද සහිතව හමුදා භාරයෙන් පලා ආ යැයි කියන අයෙකු විසින් සිය ඥාතීන්ට මෙය සැළකිරීමෙන් අනතුරුව ඝාතන සිද්ධිය වෙත භාහිර අවධානය යොමු විය.[3] අවසානයේ ශ්‍රී ලංකා රජය විසින්, නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම, අඩන්තේට්ටම් කිරීම, ඝාතනය කිරීම සහ ඔවුන්ගේ මෘත දේහ සමූහ මිනීවලක භූමදානය කිරීම යන චෝදනා යටතේ ශ්‍රී ලංකා හමුදා සෙබළු පස්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.[6]

නඩු විභාගය[සංස්කරණය]

සිදුවීමට සම්බන්ධව මුලදී ශ්‍රී ලංකා හමුදා සෙබළුන් 14දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුණි. ඔවුන් පිරිස යාපනය, චාවකච්චේරි මහේස්ත්‍රාත් ඉදිරියට පමුණුවීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත්කරන ලදී. අත්අඩංගුවට ගත් 14දෙනාගෙන් 9දෙනෙකු සියළු චෝදනා වලින් නිදහස් කරනු ලැබුණු නමුත් නීතිපති විසින් ඔවුන්ගෙන් පස්දෙනෙකුට එරෙහිව සිදුවීමට සම්බන්ධ චෝදනා ගොනුකරන ලදී. පසුව නඩු විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙනයන ලදී. 2002 වසරේදී නඩුව කොළඹ මහාධිකරණයට හරවා යැවුණු අතර එදින් වසර 13ක් මුළුල්ලේ නඩු විභාගය පැවැත්විණි.[7]

තීන්දුව[සංස්කරණය]

වසර 13ක් තිස්සේ විභාගයට ගැණුනු නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් 2015 ජූනි 25වන දිනදී හමුදා සැරයන් සුනිල් රත්නායක විරුවා, යාපනය මිරුසුවිල්හී සිදුකල සිවිල් වැසියන් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාල චෝදනා 15කට වරදකරු කරමින් ඔහු වෙත මරණ දණ්ඩනය නියම කරන ලදී.[8][9][10] මෙම ඝාතනය කෙරේ අත්අඩංගුවට ලක්වූ අනෙක් සෙබලුන් හතර දෙනා වෙත එල්ල වූ චෝදනාවල සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඔවුන් සිවුදෙනා නිදහස් කොට දැමුණි.[11]

සුනිල් රත්නායක මරුවා නිදහස් වීම[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මරණ දණ්ඩනය හිමි වී සිටි සුනිල් රත්නායක 2020 මාර්තු මස 26 වන දින ජනාධිපති සමාව යටතේ නිදහස් කරන ලදී. මෙම නිදහස් කිරීමට එරෙහිව දෙමල ඩයස්‌පෝරාවේ, එක්සත් ජාතීන්ගේ සහ ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාවගේ විවේචනාත්මක මතවාද ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එල්ල විය. කෙසේ වුවද ශ්‍රී ලංකාව තුල බයි ජනතාව මින් සතුටට පත්විය.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "මිරුසුවිල් මැසක්‍රෙ කේස්". බීබීසී.කොම්. 2007-05-09.
  2. "චයිල්ඩ් සෝල්ජර්ස්:අන්ඩර්ස්ටෑන්ඩින් ද කන්ටෙක්ස්" (PDF). BMJ.com. 2007-05-06.
  3. 3.0 3.1 3.2 "මිරුසුවිල් මෑස් ග්‍රේව්ස්". බ්‍රිතාන්‍ය සරණාගත කවුන්සිලය: ශ්‍රී ලංකා මොනිටර්. 2007-05-09. 2008-10-06 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-16.
  4. "ඇක්ටිවිටීස් ඔෆ් සෙන්ටර් ෆෝර් හියුමන් රයිට්ස් ඩිවලොප්මන්ට්". chrdsrilanka.org. 2007-05-09.
  5. "හිරවො කන්ට්‍රි රිපෝට් – ශ්‍රී ලංකා". HRW.කොම්. 2007-05-09.
  6. "නිව් පැනල් ටු ප්‍රොබ් මිරුසුවිල් මැසක්‍රෙ". බීබීසී.කොම්. 2007-05-09.
  7. "මිරුසුවිල් මැසක්‍රෙ වර්ඩික්ට් ඇන් අයිඕපනර් ටු වර්ල්ඩ් - බ්‍රිගේඩියර්". ඩේලිනිව්ස්. 2015.
  8. "8 සිවිලියන්ස් මර්ඩර්ඩ් ඉන් ජැෆ්නා: සෝල්ජර් සෙන්ටෙන්ස්ඩ් ටු ඩෙත්". ඩේලිමිරර්. 25 ජූනි 2015.
  9. "ආමි ස්ටාෆ් සජන්ට් සෙන්ටෙන්ස්ඩ් ටු ඩෙත් ඕවර් මිරුසුවිල් මැසක්‍රෙ". ඒෂියන්ට්‍රිබියුන්. 25 ජූනි 2015. 2016-11-25 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2016-08-16.
  10. "මිරුසුවිල් මැසක්‍රෙ; කලම්බු HC ඩිලිවර්ස් ඩෙත් සෙන්ටෙන්ස්". omlanka.net. 26 ජූනි 2015.
  11. "ආමි සෝල්ජර් සෙන්ටෙන්සඩ් ටු ඩෙත් ඕවර් මිරුසුවිල් මැසක්‍රෙ". අද දෙරණ. 25 ජූනි 2015.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිරුසුවිල්_සමූලඝාතනය&oldid=653038" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි