සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය

විකිපීඩියා වෙතින්
සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය
දෙවන ලෝක යුද්ධයෙහි පෝලන්තය ආක්‍රමණය කිරීම හි කොටසකි
ලිවීව්හී සෝවියට් යුද්ධ පෙළපාළිය, 1939
ලිවීව්හී සෝවියට් යුද්ධ පෙළපාළිය,1939
දිනය17 සැප්තැම්බර් – 6 ඔක්තොම්බර් 1939
පිහිටුම

සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය යනු, විධිමත් යුද්ධ ප්‍රකාශ කිරීමකින් තොරව, 1939 සැප්තැම්බර් 17 දිනදී ඇරඹුනු, සෝවියට් හමුදාමය මෙහෙයුමකි. බටහිර දිශාවෙන් නාසි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් දින දහසයකට පසුව, එම දිනයේදී, සෝවියට් සංගමය විසින් එලෙසින්ම නැගෙනහිර දිශාවෙන් ආක්‍රමණය කරන ලදි. ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සම්පූර්ණ පෝලන්තය දෙකොටසකට බෙදා වෙන් කොට ඈඳාගැනීම හා සමගම 1939 ඔක්තොම්බර් 6 දිනදී ආක්‍රමණය අවසන් විය.[1]

නාසි ජර්මනියට එරෙහිව එක්සත් රාජධානිය, ප්‍රංශය, පෝලන්තය සහ, රුමේකියාව හා සමග යුද උපායශීලි සන්ධානයකට එළඹීමේ සාකච්ඡාවන්හී නිරතවීම, 1939 මුල් අවධියෙහිදී සෝවියට් සංගමය විසින් අරඹන ලදි. සාමුහික ආරක්ෂා එකඟතාවක කොටසක් ලෙසින්, ඔවුන්ගේ භූමිප්‍රදේශ තුලින් සංක්‍රමණ අයිතිවාසිකම්, පෝලන්තය සහ රුමේනියාව විසින් සෝවියට් හමුදා ඛණ්ඩ වෙත ලබා දිය යුතු බවට, සෝවියට් සංගමය විසින් උදක්ම කියා සිටි විට, මෙම කතිකාවන් බිඳ වැටුණි.[2] ඉහත කොන්දේසි නිෂ්ප්‍රභා කෙරුණු අතර, මේ නිසා, නාසි ජර්මනිය හා සමගින් මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම පිළිබඳ අනුසරණයෙහි යෙදීමට ස්වාධිකාරියක් සෝවියට් සංගමය වෙත ලැබුණු අතර, එම ගිවිසුම 1939 අගෝස්තු 23 දිනදී අත්සන් තැබිණි. යුද්ධ තත්ත්වයක් යටතේ, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ජර්මානු සහ සෝවියට් බල ඉම් ගෝල වෙත වෙන්කිරීම සිදු කරන බවට රහස් නියමාවලියන්, මෙම ආක්‍රමණය-නොකිරීමේ ගිවිසුම තුල ගැබ්වී තිබුණි.[3] මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම අත්සන් කොට සතියක් ගතවත්ම, ජර්මානු හමුදාවන් විසින්, බටහිරින්, උතුරින් සහ දකුණින් පෝලන්තය ආක්‍රමණය කරන ලදි. පෝලන්ත හමුදා ක්‍රමයෙන් ගිණිකොණ දෙසට පසුබැස්ස අතර එහිදී ඔවුන් සූදානම් වූයේ රුමේනියානු පිවිසුම් රැකපොළ ආරක්ෂා කර ගැනීමේ දිගුකාලීන මෙහෙයුමකට වූ අතර, ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය සහාය සහ අතිරේක බලඇණි ගැන අපේක්ෂාවෙන් සිටියහ. 1939 සැප්තැම්බර් 17 දිනදී සෝවියට් රතු හමුදාව විසින් ක්‍රෙසි ප්‍රදේශ ආක්‍රමණය කලේ රහස් නියමාවලී පරිදීය.[4][Note 1] එදිරිවාදිකම් ඇරඹෙත්ම, ඩුබනෝ, ඌත්ස්ක් සහ වෝජීනියස් වොවින්ස්කි ඇතුළු පෝලන්ත නගර කිහිපයක් විසින් රතු හමුදාවන්ට සාමාකාමී ලෙසින් ඇතුළු වීමට ඉඩ හරින ලද්දේ, ඔවුන් පැමිණ ඇත්තේ ජර්මානුවන් හා සටන් කිරීමට බව ඒත්තු ගොස් සිටි බැවිනි. පෝලන්ත යුද්ධ හමුදාවේ ජනරාල් ජූලියුස් රොමෙල් විසින් අනවසර අධිකාරියක් නිකුත් කරමින් අණ කර සිටියේ ඔවුන් මිත්‍ර පාක්ෂිකයන් ලෙසින් සලකන ලෙසටයි; එහි වරද අවබෝධ කර ගන්නා විට අතිශයින් පමා වී තිබුණි. [7]

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. වෝර්සෝ නගරය ජර්මානුවන් අතට පත් වන තුරු අරගලයට මැදිහත්වීමට සෝවියට් සංගමය අදිමදි කලේය.[5] [5] පෝලන්තය ආක්‍රමණය කිරීමේ තීරණය ජර්මානු තානාපති ෆ්‍රීඩ්රිච් වෙයානර් ෆොන් ඩෙයා ෂූලෙන්බෝර්ග් වෙත සැප්තැම්බර් 9 දිනදී දන්වා සිටීමෙන් සතියකට වඩා කාලයක් ඉක්මවන තුරු, සැබෑ ප්‍රහාරය දියත් කිරීම පමා කෙරිණි. ගිවිසුම පරිදී නියමිතවූ සෝවියට් බල ඉම් ගෝලය කොටස් කර ගනු ලද්දේ උපායශීලි මෙහෙයුම් තුලිනි.[6]

අධෝසටහන්[සංස්කරණය]


පුස්තක නාමාවලිය[සංස්කරණය]

  • ග්‍රොස්, ජෑන් ටෝමාස් (2002). රෙවලූෂන් ෆ්‍රොම් අබ්‍රෝඩ්: ද සෝවියට් කොන්ක්වෙස්ට් ඔෆ් පෝලන්ඩ්ස් වෙස්ටර්න් යුක්‍රේන් ඇන්ඩ් වෙස්ටර්න් බෙලරෂියා. ප්‍රින්ස්ටන්, NJ: ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. ISBN 0-691-09603-1. 
  • කිචන්, මාටින් (1990). අ වර්ල්ඩ් ඉන් ෆ්ලේම්ස්: අ ෂෝට් හිස්ට්‍රි ඔෆ් ද සෙකන්ඩ් වර්ල්ඩ් වෝ. ලෝංමන්. ISBN 0-582-03408-6. 
  • රොබර්ට්ස්, ජෙෆ්රි (1992). "ද සෝවියට් ඩිසිෂන් ෆො අ පැක්ට් විත් නාසි ජර්මනි". සෝවියට් ස්ටඩීස්. 44 (1): 57–78. doi:10.1080/09668139208411994.
  • වොට්සන්, ඩෙරෙක් (2000). "මොල්ටොෆ්ස් ඇප්‍රෙන්ටිෂිප් ඉන් ෆොරින් පොලිසි: ද ට්‍රිපල් එලයන්ස් නෙගෝෂියේෂන්ස් ඉන් 1939". යුරෝප-ආසියා අධ්‍යයන. 52 (4): 695–722. doi:10.1080/713663077.