සිංහල බොජුන්
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජන සමාජය වන සිංහල ජනතාව ගේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් වසර දහස් ගණනක් තුළ වැඩුණු අනන්‍ය ලක්‍ෂණ පෙන්වයි.
සිංහලයෝ තම දහවල් හා රාත්‍රී ප්‍රධාන ආහාර වේල් සඳහා බත් හා ව්‍යංජන යොදාගනිති. බත් හා මාළු පිනි විශේෂ උත්සව අවස්ථාවල දී ද කෑම මේසයේ නො වරදින ආහාර වේලක් ලෙස දැකිය හැකි යි.
සාම්ප්‍රදායික ආහාර
[සංස්කරණය]බත් වර්ග
[සංස්කරණය]


ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහාර වේලක් ලෙස පිසූ බත්, ව්‍යංජන සමඟ පිළිගැන්වේ. කිරිබත් නමින් හැඳින්වෙන්නේ බත්වලින් පිසගැනෙන තවත් ආහාර වර්ගයකි. ශ්‍රී ලාංකිකයෝ ව්‍යංජන ලෙස මස්, මාළු වලට අමතරව එලවළු සහ පලතුරු වලින් සකසාගැනෙන ව්‍යංජන ද භාවිතා කරති. ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලක් සාමාන්‍යයෙන් බත් වලට අමතරව ව්‍යංජන තුනකින් හෝ හතරකින් හෝ සමන්විත යි. ශ්‍රී ලාංකිකයෝ මෙම ප්‍රධාන ආහාර වර්ග වලට අමතර ව අච්චාරු, චට්නි හා පොල් සම්බෝල ප්‍රධාන ආහාර වේලට එකතු කර ගනිති. මෙම අමතර ආහාර වර්ගවලින් බත් හා මාළු පිනි වලට වැඩි රසයක් එකතුවන බව ශ්‍රී ලාංකිකයන් ගේ විශ්වාසය යි.
කිරි බත්
[සංස්කරණය]කිරිබත් යනු සිංහල සංස්කෘතියේ සුවිශේෂී ආහාරයකි.
පැණි බත්
[සංස්කරණය]දිය බත්
[සංස්කරණය]දිය බත් යනු රතු සහල්වලින් සැකැසෙන ආහාරයකි. බොහෝ විට පෙරදින රාත්‍රියේ ඉතිරි වූ බත්වලින් මේවා පිළියෙල කෙරෙයි. එම බත් සීතල කර, එයට පොල්කිරි, රතු ළූනු , අමුමිරිස් යනාදිය දමා මෙය සැකැසෙයි. රසවත් ආහාරයකි.
කහ බත්
[සංස්කරණය]කහ බත්
[සංස්කරණය]ඇගිටි හාල් බත්
[සංස්කරණය]පොලොස් සම්බෝලය
[සංස්කරණය]හුන්සල් බත්
[සංස්කරණය]හුනු සහල් බත් හෙවත් සුනු සහල් බත් යනු බොහෝ විට දුගී නැතහොත් සාමාන්‍ය ජනයා අනුභව කළ සහල් වර්ගය විය. වී කෙටීමෙන් පසු ඉතිරි වුණු කැබලිවලට කැඩී ගොස් තිබූ සහල් සුනු සහල් ලෙස හැඳින්විණි. සාමාන්‍ය ජනයාට එම සහල් ආහාරය විය. සුනු සහලේ බත් සහ ලුණු මිරිස බොහෝවිට කෑමට ගැනෙන ආහාරයකි. කෙසේ නමුත් සුනු සහල් බත් හා ලුණු මිරිසෙහි රස බොජුන් දහයක බත් පතකින්වත් ගත නොහැකි වග බොහෝ අතීත සාමාන්‍ය ජනයා පවසන අතර එය සැබෑවකි.
කහ බත්
[සංස්කරණය]කුඩු බත්
[සංස්කරණය]කහ බත්
[සංස්කරණය]කුළුබඩු
[සංස්කරණය]ශ්‍රී ලාංකිකයෝ ආහාර පිළියෙල කිරීමේ දී නොමසුරු ව කුළුබඩු යොදාගන්නා අතර ආහාර පිලියෙළ කිරීමට නිවැරදි යැ යි සම්මත ව පිළිගත් ආහාර වට්ටෝරු යොදා නො ගනිති. මේ නිසා ආහාර වර්ගවල රසය එය පිළියෙල කරන පුද්ගලයා අනුව යම්තම් වෙනස් වේ. එ පමණක් ද නොව දිවයිනේ විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාව, විවිධ ජන වර්ග හා විවිධ ආගමික කොටස් ඔවුන් ගේ චාරිත්‍ර විධිවලට අනුකූලවන ආකාරයට ආහාර වර්ග සකසනුයෙන් ඒවායේ රස ද එකිනෙක වෙන් වෙන් ව ගත් කල වෙනස් වේ. ආහාර පිළියෙල කිරීමේ දී ශ්‍රී ලාංකිකයන් මිරිස්, කරදමුංගු, දුරු, කොත්තමල්ලි සහ වෙනත් කුළුබඩු යොදාගන්නා බැවින් ඒවා දකුණු ඉන්දියානු ආහාරවලට බොහෝ සමානකමක් දක්වයි. මීට අමතර ව ආහාර රසවත් කිරීමට උම්බලකඩ වැනි ද්‍රව්‍ය ද යොදාගැනේ. නමුත් ශ්‍රී ලාංකික ආහාරවලට ඒවාට ම ආවේණික වූ විශේෂ රසයක් ඇත.
දකුණු ඉන්දියානු ආහාරවලට වඩා ශ්‍රී ලංකාවේ ආහාරවල කුළුබඩු රසය ඉහළ අගයක් ගනී. එ ලෙස ම වැඩි ප්‍රමාණයක් මිරිස් භාවිතා කෙරෙමින් ආහාර පිසීම අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන ඇත. මෙයට ප්‍රධාන හේතුවක් වන්නේ ආහාර පිලියෙළ කිරීමේ දී ශ්‍රී ලාංකිකයන් අමු මිරිස්,කොච්චි මිරිස් හා මාළු මිරිස් ලෙස විවිධ ප්‍රභේදවල මිරිස් වර්ග නොමසුරු ව භාවිතා කිරීම නිසා යි. උපතින් ම කුළුබඩු යෙදූ සැර ආහාර පාන ගැනීමට ශ්‍රී ලාංකිකයින්ට හැකියාව තිබුණ ද සංචාරකයින්ට එම හැකියාව නැත. ඔවුන් නිතර ම පවසන්නේ ශ්‍රී ලංකාවේ ආහාර පිළියෙල කිරීමේ දී යොදාගැනෙනා කුළුබඩු ප්‍රමාණය ඉතාමත් ම වැඩි බව යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ දේශීය අවන්හල් කුළුබඩු ස්වල්ප වශයෙන් යොදා පිළියෙල කළ ආහාර සංචාරකයින්ට පිළිගන්වන අතර අපරදිග ආහාර වර්ග ද ඔවුන් ගේ රුචිකත්වය පරිදි ලබා ගත හැකී. තව ද ශ්‍රී ලාංකිකයෝ සාමාන්‍යයෙන් නිවසේ දී ආහාර පිසීමට යොදා ගන්නා මිරිස් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පොදු උත්සව අවස්ථාවල ආහාර පිසීමේ දී යොදාගනිති.
ආප්ප
[සංස්කරණය]"ආප්ප" ශ්‍රී ලංකාවට ආවේණික වූ තවත් සම්ප්‍රදායික ආහාර වර්ගයකි. ප්‍රධාන ලෙස උදාසන හෝ දහවල් ආහාරය ලෙස ආප්ප භාවිතා කරන ශ්‍රී ලාංකිකයෝ එය ලුණු මිරිස් සමඟ අනුභව කරති. ආප්ප සෑදීමට හාල් පිටි, පොල් කිරි හා කිතුල් රා ස්වල්පයක් භාවිතා කෙරේ. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථාවල දී රා වෙනුවට යීස්ට් යොදාගැනේ. පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිසගැනේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නේ වණ්ඩු ආප්ප හා පැණි ආප්ප පමණි.
පොල් සම්බෝල
[සංස්කරණය]පොල් සම්බෝල, බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගැනෙන බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා සිහින් ව ගෑ පොල්, මිරිස්, උම්බලකඩ හා දෙහි යුෂ කලවම් කර අඹරා පොල් සම්බෝල සාදාගැනේ. මෙ සේ අඹරාගන්නා මිශ්‍රණය බත් සමඟ ආහාරයට ගැනෙන අතර මෙ මඟින් ආහාර රුචිය වැඩෙන බව විශ්වාස කෙරේ.
මැල්ලුම්
[සංස්කරණය]ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "මැල්ලුම්" ද එකතු කර ගනිති. මැල්ලුම් සාදාගැනෙන්නේ සිහින් ව ලියූ පලා කොළ, සිහින් ව ගෑ පොල් හා රතු ළූණු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබාගැනීමට පොල් කිරි බහුල ව භාවිතා වේ.
කිරි කොස් මාලුව
[සංස්කරණය]රසකැවිලි
[සංස්කරණය]"කැවුම්" ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් මුං කැවුම් පිළියෙල කර ගනී. තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි. ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන බොහෝ රසකැවිලි වර්ගවලට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රසකැවිලිවල ආභාෂය ලැබී ඇත.
පෘතුගීසි සහ ලන්දේසි ආභාෂ්‍ය
[සංස්කරණය]
ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට අනර්ඝ කුළු බඩු භාවිතා කරන රටක් ලෙස ලෝකයේ ප්‍රමුඛස්ථානයක් හිමි කරගෙන සිටී. පහළොස්වන සහ දහසයවන ශතවර්ෂවල දී ලෝකයේ විවිධ රටවලින් ශ්‍රි ලංකාවට පැමිණි වෙළෙන්ඳන්, ඔවුන්ගේ රටවල භාවිතා කරන ආහාර වර්ග හා විවිධ ඉවුම් පිහුම් ක්‍රම මෙරටට රැගෙන ආ අතර එවා දේශීය සාම්ප්‍රදායික ඉවුම් පිහුම් කලාවේ විශාල විවිධත්වයක් ඇති කිරීමට සමත් විය. "ලම්ප් රයිස්" ලෙස හඳුන්වන්නේ ලන්දේසි ආභාෂය ලද ශ්‍රි ලාංකික ආහාර වර්ගයකි.මෙය බත්, පිසූ මස්, විශේෂ ව්‍යංජනයක් යන සියල්ල කෙසෙල් කොළයක ඔතා පුළුස්සා ගැනීමෙන් සකස් කර ගන්නා ඉතා රසවත් ආහාරයකි. අතීතයේ සිට පැවත එන පෘතුගීසි හා ලන්දේසි රසකැවිලි වර්ග වර්තමානයේදී ද තවදුරටත් පෙර සේම ජනප්‍රියව භාවිතා වේ.බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති කාලයේ දී, බදින ලද හරක් මස් හා බදින ලද කුකුළු මස් ශ්‍රී ලාංකික ප්‍රධාන ආහාර වේලට එකතු විය.unawatuna mami hotel ekata yanna kema kanna
මැලේ ආභාෂය
[සංස්කරණය]"වටලප්පන්" ශ්‍රී ලාංකිකයන් අතින් පිළියෙල වෙන තවත් රසවත් රසකැවිලි වර්ගයක් වන අතර මෙය ප්‍රථමයෙන්ම ලංකාවට හඳුන්වා දෙන ලද්දේ මැලේ ජාතිකයන් විසිනි. නමුත් වර්තමානයේ දී මෙය ප්‍රධාන ශ්‍රී ලාංකීය රසකැවිලි විශේෂයක් ලෙස භාවිතා කරනු ලැබේ. "වටලප්පන්" පොල් කිරි, බිත්තර සහ හකුරු යොදා සාදා ගන්නා පුඩිං වර්ගයකි.
කෙටි ආහාර
[සංස්කරණය]කෙටි ආහාර ලෙස පේස්ට්‍රි, රෝල්ස් හා පැටිස් බොහෝ විට භාවිතා කෙරේ. ශ්‍රී ලාංකික දෙමළ ජනයා ගේ ප්‍රියතම කෙටි ආහාර වර්ගය වන්නේ කුළුබඩුවලින් රසවත් කැරුණු අල හා එළු මස් මිශ්‍රණයක් පිරවුමක් ලෙස යොදා සාදාගැනෙන රෝල් ය.
වෙනත් කෙටි ආහාර වර්ග:
- වඩේ
- මාළු කට්ලට්
- රෝල්ස්
- පැටිස්
ප්‍රිය සම්භාෂණවල දී හා නිවසට පැමිණෙන ආගන්තුකයනට සංග්‍රහ කිරීමට නිතරම මෙම කෙටි ආහාර භාවිතා කෙරේ. ගෝලීයකරණය සමඟ ශ්‍රී ලංකාව තුළ ක්ෂණික ආහාර සපයන අවන්හල් විශාල වශයෙන් ඇරැඹිණි. කෙටි ආහාර ලෙස ශ්‍රී ලාංකිකයෝ මෙම ක්ෂණික ආහාර පරිභෝජනය කරති.