Jump to content

ආප්ප

විකිපීඩියා වෙතින්
ආප්ප
ආප්ප
වෙනත් නම්Hoppers
TypePancake or griddle cake
Courseඋදෑසන ආහාරය හෝ ආත්‍රී ආහාරය
Main ingredientsRice batter
Variationsබිත්තර ආප්ප
si:Cookbook:ආප්ප  Media: ආප්ප

ආප්ප (ඉංග්‍රීසි:  Hoppers) යනු ශ්‍රී ලංකාව, කේරල,[1]සහ තමිල් නාඩු යන රටවල දැකගතහැකි සම්ප්‍රදායික ආහාර වර්ගයකි. ආප්ප ප්‍රධාන වශයෙන් උදෑසන හෝ රාත්‍රී ආහාරය වේලක් ලෙස භාවිතා කරන අතර එය ලුණු මිරිස් සමඟ අනුභව කරනු ලබති. ආප්ප සෑදීමට හාල් පිටි, පොල් කිරි හා කිතුල් රා ස්වල්පයක් භාවිතා කරයි. රා ස්වල්පයක් යෙදීමෙන් හාල් පිටි මිශ්‍රණය ඉක්මණින් පැසීමට ලක්වන අතර බොහෝ අවස්ථාවල දී රා වෙනුවට යීස්ට් යොදා ගනී. පසුව මෙම මිශ්‍රණය තාච්චියක දමා පිස ගනු ලැබේ. බිත්තර ආප්ප, කිරි ආප්ප, වණ්ඩු ආප්ප හා පැණි ආප්ප ලෙස විවිධ ආප්ප වර්ග ඇති අතර ඒවායින් පැණි රසයෙන් යුක්ත වන්නේ වණ්ඩු ආප්ප හා පැණි ආප්ප පමණි.

  1. ^ K.T. Achaya (1997). ඉන්ඩියන් ෆුඩ්: අ හිස්ටොරිකල් කම්පෙනියන්. ඔක්ස්ෆර්ඩ් යුනිවසිටි ප්‍රෙස්. ISBN 0195644166.
"https://si.wikipedia.org/w/index.php?title=ආප්ප&oldid=575936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි