ගෝලීයකරණය

විකිපීඩියා වෙතින්

ගෝලීයකරණය යනු ගෝලීය වීමේ ක්‍රියාදාමයයි. යම් දේවල් හෝ විද්‍යාමාන දේවල් ගෝලීය දේවල් බවට පත් වී‍මේදී සිදුවන . එය විශ්ව ප්‍රජාව එකම සමාජයක් බවට ඒකාබද්ධ වීමේ සහ එකට වැඩ කිරීමේ ක්‍රියාදාමයක් ලෙසද විස්තර කළ හැකිය. මෙම ක්‍රියාදාමය ආර්ථික, තාක්ෂණික, සමාජීය සංස්කෘතික හා දේශපාලනික බලවේගවල සම්මිශ්‍රණයකි. ගෝලීයකරණය යන වචනය බහුලව භාවිතා වන්නේ වෙළඳාම, විදේශීය ඍජු ආයෝජනය, මුදල් ගලනයන්, සංක්‍රමණ සහ තාක්ෂණ ව්‍යාප්තිය යනාදීන් හරහා ජාතික ආර්ථිකයන් අන්තර්ජාතික ආර්ථිකය බවට එක්වීම හඟවන ආර්ථික ගෝලීයකරණය අර්ථ දැක්වීම සඳහාය. තෝමස් එල්. ෆ්‍රයිඩ්මන් ගෝලීය ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ පර්යේෂණ කරන අතර ඔහු, ගෝලීයකරණය වූ වෙළඳාම, සැපයුම් දාම සහ දේශපාලනික බලවේග විසින් ලෝකය, වඩා හොඳ සහ වඩා නරක යන දෙයාකාරයෙන්ම වෙනස් කොට ඇති බවට තර්ක කරයි. තවද, ඔහු ගෝලීයකරණයේ විචලන වේගය ඉක්මන් බවද ව්‍යාපාර සංවිධානයේ සහ ව්‍යවහාරයේ ඝට්ඨන වර්ධනය තව දුරටත් පවතිනු ඇතැයිද කියා සිටියි.

නෝර්ම් චොම්ස්කි තර්ක කරන්නේ ගෝලීයකරණය යන වචනය ආර්ථික ගෝලීයකරණයේ නව නිදහස් ආකෘතිය විස්තර කරන ආගමික අර්ථයකින් ද යුක්ත බවයි.

ගෝලීයකරණය යනු ප්‍රජාව සහ සමාජයන් ‍තොරතුරු යැවීමේ හා බෙදා වෙන් කිරීමේ පටිපාටියේ විප්ලවයක් යැයි ගෝඩන් මැතිස් “පශ්චාත් නවමු ලෝකයේ තේරුම් ගැනීම” නම් වූ ඔහුගේ, වි‍ශේෂ සිදුවීම් රැගත් ව්‍යාපෘතියේ අවිවාදයෙන් පිළිගෙන ඇත. හර්මන් ඊ ඩාලි කියා සිටින්නේ යම් අවස්ථාවන්හිදී ජාත්‍යන්තරීකරණය සහ ගෝලීයකරණය යන පද ද්විත්වය එකම අර්ථ ගෙන දෙන්නක් ලෙස හැඟවෙන්නා වුවද එහි ඉතා සුළු වෙනසක් ඇති බවයි.

ජාත්‍යන්තරීකරණය යන වදන අදාල වන්නේ ජාත්‍යන්තර වෙළඳාම, සම්බන්ධතා ගිවිසුම් යනාදියේ වැදගත්කමටයි. අන්තර්ජාතික යන්නෙන් අදහස් වන්නේ ජාතීන් දෙකක් හෝ කිහිපයක් අතර යන්නය. ගෝලීයකරණය යනු, ආර්ථිකමය අරමුණු වෙනුවෙන්, ජාතික යන සීමාව ඉවත් කිරීමයි.

ගෝලීයකරණය නිසා ඇතිවන බලපෑම්[සංස්කරණය]

ගෝලීයකරණය නිසා ලෝකයට සිදුවන බලපෑම්

  • කාර්මීකරණය - නිෂ්පාදන ද්‍රව්‍ය වල ඇති අවශ්‍යතාව හා වෙනත් රට වලින් ආනයනය කිරීමේ අවශ්‍යතාව
  • මුල්‍යමය - ලොවපුරා ඇති මුල්‍යමය ආයතන හා මුදල් හුවමාරුවේ අවශ්‍යතාව
  • ආර්ථික - වෙළෙදපොල තත්ත්වය සහ භාණ්ඩ හා මුදල් හුවමාරැව
  • දේශපාලනමය - ගෝලීයකරණය හේතුවෙන් සමාජීය හා ආර්ථිකමය හේතූන්ගේ අයිතින් ගැන රජයන් විසින් වගා බලා ගනී. දේශපාලන වශයෙන් ඇමරිකානුවන් ආර්ථිකමය ප්‍රබලභාවයක් පෙන්වයි. එමෙන්ම චීනයේද පැහැදිලි ආර්ථික වර්ධනයක් පෙන්වන්නේ සියලුම තාක්ෂණ හා සම්පත් එරට සතු නිසාය. තවත් අවුරුදු 20 ක් තුළ ලෝකයේ බලවත්ම රාජ්‍ය කුමක්දැයි යන්න ප්‍රශ්නයක් විය හැකිය. යුරෝපානු සංගමය, රුසියාව හා ඉන්දියාවද මේ අතර සිටී.
  • තොරතුරු ලබා ගැනිම් - දුරස්ථ ප්‍රදේශ වලින් ඉක්මණින් තොරතුරු ලබා ගැනීම
  • සංස්කෘතික මත - විවිධ සංස්කෘතීන් එකතුවන නිසා එක් පොදු භාෂාවක් භාවිතය.
  • පාරිසරික බලපෑම - ජාත්‍යන්තර සමාගම් සමග සබදතා අවශ්‍ය වීම, ගෝලීය උණුසුම ඉහළයාම, පරිසරය දුෂණය වැනි ගැටලුවලට පිළියම් සෙවීම.
  • සාමාජීය - ජනතාවගේ ව්‍යාප්තිය සහ ඒ සදහා ඇති අඩු නීති මාලා
  • ප්‍රවාහනය - යුරෝපය තුළ යුරෝපිය වාහන අඩු වීම, තාක්ෂණය ස්ථානගත කිරීම.
  • ජාත්‍යන්තර සංස්කෘතික වෙනස් වීම්.
  • බහු සංස්කෘතිකවාදය සහ සංස්කෘතික විවිධත්වය
  • ජාත්‍යන්තර ගමනාගමනය හා සංචාරය
  • ආගමනය, නීති විරෝධී ආගමනය
  • දේශීය භාණ්ඩ ජාත්‍යන්තරට යැවීම(අපනයනය)
  • කාර්මික - ලෝකයේ ගෝලීය සන්නිවේදනයේ, යටිතල පහසුකම් දියුණු කිරීම, ඒ සදහා අන්තර්ජාලය, චන්ද්‍රිකා, ජංගම දුරකථන යොදා ගැනිම, එමෙන්ම ලෝකයේ ඇති ප්‍රමිතීන් වැඩි කිරීම, පිටපත් කිරීමේ නීති, අයිතිවාසිකම් සහතිකය ආදිය.
  • නීති - ජාත්‍යන්තර දුෂණ මර්දන ආයතන පිහිටුවීම , දුෂණය නැති කිරීම හා දැනුවත් කිරීම.මේ අතර නීති රීති පිළිපදින විට අපට සිදුවන ඕනෑම කරදරයකට මෙම අංකය ඇමතිය හැක. 119 මතක තබා ගන්න නීති රීති පිළිපදින විට පමණි

තවදුරටත් බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ගෝලීයකරණය&oldid=568476" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි