සම්බන්ධක පටකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
අපිවෘෂණයේ කඩක්. සම්බන්ධක පටකය (නිල්) අපිච්ඡදයට (දම්) ආධාරවෙමින් පවතිනු දැකගත හැක

සම්බන්ධක පටකය' යනු මූලික ජෛව විද්‍යාත්මක පටක ආකාර හතරෙන් එකකි. එය දේහයේ විවිධ අවයව හා පටක එකිනෙක සම්බන්ධ කරමින් හෝ වෙන් කරමින් ආධාරවන පටක විශේෂයකි. මෙය සම්භවය වන්නේ මධ්‍යචර්මයෙනි. සෙසු මූලික පටක ආකාර තුන නම් අපිච්ඡද, පේශී සහ ස්නායු පටකයයි. ස්නායු පද්ධතිය ඇතුළුව සිරුරේ සෑම ස්ථානයකම පාහේ සම්බන්ධක පටක දක්නට ලැබෙයි. මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය සහ සුෂුම්නාව ආවරණය කරමින් පිහිටන බාහිර පටල ත්‍රිත්වය (මෙනින්ජි පටල) ද සම්බන්ධක පටකවලින් සමන්විත ය.

සෑම සම්බන්ධක පටකයක්ම ප්‍රධාන සංරචක තුනකින් සමන්විත ය: එනම් තන්තු (ප්‍රත්‍යාස්ථ සහ කොලැජන් තන්තු),[1] පූරකය සහ සෛල වේ. (රුධිරය[2] හෝ වසා සම්බන්ධ පටකවල මෙම සියලු සංරචක දක්නට නොලැබේ) රුධිරය සහ වසා පටකයේ තන්තු සංරචකය දක්නට නැත. එහි සංරචක සියල්ල දේහ තරලයේ ගිලී ඇත.

සම්බන්ධක පටකවල ඇති සෛල වර්ග අතර, තන්තුකාරක සෛල, මේද සෛල, මහා භක්ෂාණු, කුඹ සෛල සහ සුදු රුධිර සෛල යන සෛල වර්ග දැකගත හැක.

ව්‍යූහය[සංස්කරණය]

Illu connective tissues 1.jpg

ප්‍රධානව සම්බන්ධක පටක ආකාර දෙකකට වර්ග කර දැක්විය හැක. එනම් නියම සම්බන්ධක පටක සහ විශේෂ සම්බන්ධක පටක යනුවෙනි.[3] නියම සම්බන්ධක පටක ප්‍රධාන වශයෙන් ලිහිල් සම්බන්ධක පටක සහ ඝන සම්බන්ධක පටක ලෙස ආකාර දෙකකි. (මින් ඝන සම්බන්ධක පටක නැවත ඝක විධිමත් සහ ඝන අවිධිමත් සම්බන්ධක පටක ලෙස ආකාර දෙකකට වර්ග කෙරේ.)[4] විශේෂ සම්බන්ධක පටක යටතට, ජාලාකාර සම්බන්ධක පටකය, මේද පටකය, කාටිලේජ, අස්ථි, සහ රුධිරය යන පටක අයත් වේ.[5] වෙනත් වර්ගවල සම්බන්ධක පටක අතරට, තන්තුමය සම්බන්ධක පටකය, ප්‍රත්‍යාස්ථ සම්බන්ධක පටකය සහ වසා සම්බන්ධක පටකය අයත් වේ.[6] තුවාල සුවවීමට ආධාර වන නව වාහිනික සම්බන්ධක පටකය කණිකාකාර පටකය ලෙස නම්කොට ඇත.[7] තන්තුකාරක සෛල ඇතැම් සම්බන්ධක පටක නිපදවීමට උපකාරී වන සෛල විශේෂයකි.

බොහෝ සම්බන්ධක පටක ආකාරවල දක්නට ලැබෙන වර්ගය I කොලැජන් ක්ෂීරපායී දේහයේ සම්පූර්ණ ප්‍රෝටීන අන්තර්ගතයෙන් 25%ක් පමණ ඇතිකිරීමට ආයක වේ.[8]

Illu connective tissues 2.jpg

ලාක්ෂණික[සංස්කරණය]

සම්බන්ධක පටකවල ලාක්ෂණික නම්:

  • බහිඃසෛලීය තරලය තුළ සෛල ව්‍යාප්ත වී ඇත.
  • පූරක ද්‍රව්‍යය - පැහැදිළි, නිර්වර්ණ සහ දුස්ස්‍රාවී තරලයකි. ග්ලයිකොසැමයිනොග්ලයිකැන් සහ ප්‍රෝටියොග්ලයිකැන් එක් වී දේහ තරලය (body water) සවිමත් වී ඇති අතර අන්තර්සෛලීය අවකාශවල ඇති කොලැජන් තන්තු ද මීට දායක වේ. මෙම පූරක ද්‍රව්‍යය මගින් ව්‍යාධිජනකයන් ව්‍යාප්ත වීම ප්‍රමාද කරයි.
  • තන්තු - සියලුම සම්බන්ධක පටක තන්තුමය නොවේතෙන්තුමය නොවන සම්බන්ධක පටක සඳහා උදාහරණ ලෙස මේද පටකය සහ රුධිරය දක්වා ඇත. මේද පටකය "යාන්ත්‍රික කුෂනයක්" ලෙස ක්‍රියාකරමින් කම්පන අවශෝෂණය කරයි.[9][10] මේද පටකය තුළ, ඝනකම් කොලැජන් ජාලයක් නොතිබුණත්, මේද පටකය සම්පීඩනය කර තබාගත යුතු ස්ථානවල (උදාහරණ ලෙස, පාදයේ යටිපතුල්) මේද සෛල ගොනු එකිනෙක බැඳ තබාගන්නේ කොලැජන් තන්තු සහ කොලැජන් පත් ආධාරයෙනි. රුධිරයේ පූරකය රුධිර ප්ලාස්මයයි.
  • පූරක ද්‍රව්‍යය සහ ප්‍රෝටීන (තන්තු) එක් වී සම්බන්ධක පටකවල පූරකය තනයි.

තන්තු වර්ග:

පටකය කෘත්‍යය සංරචකය පිහිටීම
කොලැජන් තන්තු අස්ථි සහ වෙනත් පටක එකිනෙක බැඳ තබා ගනියි ඇල්ෆා පොලිපෙප්ටයිඩ දාම කණ්ඩරා, බන්ධනි, සම, ස්වච්ඡය, කාටිලේජ, අස්ථි, රුධිර වාහිනී, අන්ත්‍රය, සහ අන්තර්කශේරුක මඬල.
ප්‍රත්‍යාස්ථ තන්තු ධමනි සහ පෙනහැලි වැනි ඉන්ද්‍රියයන් සංකෝචනයට උපකාරී වේ ප්‍රත්‍යාස්ථ ක්ෂුද්‍ර තන්තු සහ ඉලාස්ටින් බහිඃසෛලීය පූරකය
ජාලාකාර තන්තු වෙනත් සෛල සඳහා දැලක් ලෙස ක්‍රියා කරයි IIIවන වර්ගයේ කොලැජන් අක්මාව, අස්ථි මිදුළු, සහ වසා අවයව

කෘත්‍යය[සංස්කරණය]

අන්තර්ගත සෛල වර්ගය සහ තන්තු වර්ගය අනුව සම්බන්ධක පටක කෘත්‍යයෙන් විවිධත්වයක් පෙන්වයි. ලිහිල් සහ ඝන අවිධිමත් සම්බන්ධක පටක ප්‍රධාන වශයෙන් තන්තුකාරක සෛල සහ කොලැජන් තන්තුවලින් නිර්මාණය වී ඇති අතර, එය ඔක්සිජන් සහ පෝෂකවලට රුධිර වාහිනීවල සිට සෛල වෙත විසරණය වීමට මාධ්‍යය සලසයි. එසේම කාබන්ඩයොක්සයිඩ් සහ අපද්‍රව්‍ය සෛලවල සිට රුධිර සංසරණය වෙත විසරණය වීමට අවකාශය සලසයි. එසේම එය අවයව ඇදීම් සහ ඉරීම්වලට ප්‍රතිරෝධීතාවයක් දක්වයි. සංවිධානාත්මක ව්‍යූහ ඇති කිරීමට උපකාරී වන ඝන අවිධිමත් සම්බන්ධක පටක කණ්ඩරා, බන්ධනි ආදියෙහි ප්‍රධාන සංඝටකය ලෙස ක්‍රියාකරන අතර, ස්වච්ඡය වැනි විශේෂිත අවයවවල ද දක්නට ලැබෙයි.[11] ඉලාස්ටින් සහ ෆයිබ්‍රිලින්වලින් සැදි ප්‍රත්‍යාස්ථ තන්තු, ආතතිවලට ප්‍රතිරෝධීතාව ලබා දෙයි.[11] මෙම තන්තු විශාල රුධිර වාහිනී බිත්ති සහ ඇතැම් බන්ධනිවල දක්නට ලැබේ.[11]

රුධිර සහ වසා පටකවල, ‍ජාලාකාර සෛලවලින් ඇතිවන ජාලාකාර තන්තු මෘදුස්තරය සඳහා පංජරය සෑදීම හෝ අවයවයේ කෘත්‍යයන්ට ආධාර වීම සිදු කරයි.[11]:171

කලලයේ වර්ධනය වන අවයවවල දක්නට ලැබෙන සම්බන්ධක පටක විශේෂයක් වන මධ්‍යශ්ලේෂය සතුව ඕනෑම පරිණත සම්බන්ධක පටකයක් බවට විභේදනය වීමේ හැකියාව පවතී.[12] පෙකණිවැල ඇතුළත පිහිටි ශ්ලේෂ්මල සම්බන්ධක පටකය ද සාපේක්ෂව විභේදනය නොවූ තවත් සම්බන්ධක පටකයක් ලෙස සැලකේ.[11]

ඇතැම් විශේෂණය වූ පටක සහ සෛල ද සම්බන්ෂක පටක යටතේ වර්ගීකරණය කොට ඇත. මේ අතර දුඹුරු සහ සුදු මේද පටකය, රුධිරය, කාටිලේජ සහ අස්ථි වේ.[11] ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති, මහාභක්ෂාණු, කුඹ සෛල, ප්ලාස්ම සෛල සහ ඉයොසිනොෆිල වැනි සෛල ලිහිල් සම්බන්ධක පටකවල ද තැනින් තැන දක්නට ලැබෙයි. මේවා ප්‍රතිදේහජනක කෙරෙහි ප්‍රදාහක සහ ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කිරීමට උපකාරී වේ.[11]

සම්බන්ධක පටක වර්ණ ගැන්වීම[සංස්කරණය]

අන්වීක්ෂීය නිරීක්ෂණ සඳහා බොහෝ සම්බන්ධ පටක වර්ණ ගැන්වීමේ දී සිදුවන්නේ පටකයේ තන්තු අඳුරු කිරීමයි. පහත දැක්වෙන වර්ණක මගින් කොලැජන් පහසුවෙන් වර්ණ ගැන්විය හැක:

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන් සහ මූලාශ්‍ර[සංස්කරණය]

  1. "කනෙක්ටිව් ටිෂූ ස්ටඩි ගයිඩ්". 2 ජනවාරි 2013. සම්ප්‍රවේශය 26 ඔක්තෝබර් 2014.  Check date values in: |access-date=, |date= (help)
  2. ඩෝර්ලන්ඩ්, ඩබ්. ඒ. නිව්මන් (2012). ඩෝර්ලන්ඩ්’ස් ඉලස්ට්‍රේටඩ් මෙඩිකල් ඩික්ෂනරි (32වන සංස්.). එල්සිවියර්. පි. 1931. ISBN 978-1-4160-6257-8. 
  3. ෂොස්ටැක්, ස්ටැන්ලි. "කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.  Check date values in: |access-date= (help)
  4. පොටර්, හියු. "ද කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.  Check date values in: |access-date= (help)
  5. කැසෙසි, තෝමස්. "කනෙක්ටිව් ටිෂූස්". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.  Check date values in: |access-date= (help)
  6. කිං, ඩේවිඩ්. "හිස්ටොලොජි ඉන්ට්‍රො". සම්ප්‍රවේශය 9 දෙසැම්බර් 2012.  zero width joiner character in |title= at position 17 (help); Check date values in: |access-date= (help)
  7. "ග්‍රැන්‍යුලේෂන් ටිෂූ ඩිෆිනිෂන්". මෙමිඩෙක්ස්. සම්ප්‍රවේශය 7 මැයි 2016.  zero width joiner character in |title= at position 3 (help); Check date values in: |access-date= (help)
  8. ඩි ලුලෝ; ජී. ඒ. (2002). "මැපිං ද ලිගන්ඩ්-බයින්ඩිං සයිට්ස් ඇන්ඩ් ඩිසීස්-ඇසෝසියේටඩ් මියුටේෂන්ස් ඔන් ද මෝස්ට් ඇබන්ඩන්ට් ප්‍රෝටීන් ඉන් හියුමන්, ටයිප් I කොලැජන්". ජර්නල් ඔෆ් බයොපොජිකල් කෙමිස්ට්‍රි 277 (6): 4223–31. doi:10.1074/jbc.M110709200. PMID 11704682. http://www.jbc.org/cgi/content/abstract/277/6/4223. 
  9. ෂු, එච්. (2008). "මොනිටරිං ටිෂූ ඉංජිනියරිං යූසිං මැග්නටික් රිසොනන්ස් ඉමේජිං". ජර්නල් ඔෆ් බයෝසයන්ස් ඇන්ඩ් බයෝ ඉංජිනියරිං 106 (6): 515–527. doi:10.1263/jbb.106.515. PMID 19134545. 
  10. ලැක්ලෝස්ට්‍රා, එම්. (2007). "මෙටබොලික් සින්ඩ්‍රෝම් පැතෝෆිසියොලොජි: ද රෝල් ඔෆ් ඇඩිපෝස් ටිෂූ". නියුට්‍රිෂන්, මෙටබොලිස්ම් ඇන්ඩ් කාඩියෝවැස්කියුලර් ඩිෂීසස් 17 (2): 125–139. doi:10.1016/j.numecd.2006.10.005. PMID 17270403. 
  11. 11.0 11.1 11.2 11.3 11.4 11.5 11.6 හිස්ටොලොජි: අ ටෙක්ස්ට් ඇන්ඩ් ඇට්ලස් (6වන සංස්.). ලිපින්කොට් විලියම්ස් ඇන්ඩ් විල්කින්ස්. 2011. පිටු 158–197. ISBN 978-0-7817-7200-6. 
  12. වීටර්'ස් ෆන්ක්ෂනල් හිස්ටො‍ලොජි: අ ටෙක්ස්ට් ඇන්ඩ් කලර් ඇට්ලස් (6වන සංස්.). එල්සිවියර්. 2013. පි. 65. ISBN 978-0702047473. 

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Biological tissue සැකිල්ල:Connective tissue

"https://si.wikipedia.org/w/index.php?title=සම්බන්ධක_පටකය&oldid=385960" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි