Jump to content

මානවවාදී මනෝවිද්‍යාව

විකිපීඩියා වෙතින්

මානවවාදී මනෝවිද්‍යාව යනු චර්යාවාදය සහ මනෝවිශ්ලේෂණය යන ද්වයයට ප්‍රතිචාර වශයෙන් 1950 ගණන් වලදී පැනනැගුණු මනෝවිද්‍යා විෂයපථයකි. එය නිශ්චිත වශයෙන් සැලකිල්ලට භාජනය කරන්නේ මනෝවිද්‍යාව මානවවාදී ලෙසින් මැණුම සහ මනෝවිද්‍යාත්මක න්‍යාය සංවර්ධනය කෙරුමෙහිදී මානව සන්දර්භය යෙදීම පිළිබඳවයි.

සංකල්පයෙහි සම්භවය

[සංස්කරණය]

මානවවාදී ප්‍රවේශයෙහි මූලාරම්භය සංද්‍රෘෂ්ඨිකවාදී චින්තනය හා බැඳෙයි. ( කියකගාඩ්, නෙයිට්ස්ච්, හෙයිඩෙගර්, සහ සාර්ටේ බලන්න). මනෝවිද්‍යාවෙහි බලකණු ත්‍රිත්වයෙහි සන්දර්භය තුලින්ද එය සමහරවිට වටහාගැනුමට උත්සාහ කෙරේ; චර්යාවාදය, මනෝවිශ්ලේෂණය සහ මානවීයවාදය. චර්යාවාදයෙහි තිඹිරිගෙය වූයේ තත්වාරෝපිත ප්‍රතීකය පිළිබඳ අයිවන් පැව්ලොව් ගේ කෘතීන් වන අතර, ජෝන් බී. වොට්සන් සහ බී.එෆ්. ස්කිනර් වැන්නවුන් හා සබැඳි එක්සත් ජනපදෙයහි ශාස්ත්‍රීය මනෝවිද්‍යාව සඳහා පදනම වූයේය. මෙම ගුරුකුලය පසුව හැඳින්වූ‍යේ චර්යාව පිළිබඳ විද්‍යාව ලෙසිනි. ඒබ්‍රහම් මැස්ලෝ විසින් චර්යාවාදය සඳහා පසුව ලබාදුන් නම වූයේ "පළමු බලවේගය" යන්නය. "දෙවන බලවේගය" ඉස්මතු වූයේ මනෝවිශ්ලේෂණය පිළිබඳ ෆ්‍රොයිඩ්ගේ පර්යේෂණ සහ, ඇල්ෆ්‍රඩ් ඇඩ්ලර්, එරික් එරික්සන්, කාල් ජන්ග්, එරිච් ෆ්‍රොම්, කැරන් හෝර්නි, ඔටෝ රෑන්ක්, මෙලනි ක්ලෙයින්, හැරි ස්ටැක් සලිවන්, සහ අනෙකුන් ගේ මනෝවේදයන් හේතුවෙනි. මෙම න්‍යායවාදීන් අවධානය යොමු කලේ මානව චෛත්‍යනයෙහි ගැඹුර පිලිබඳ වන අතර, ඔවුන් විසින් අවධාරනයෙන් ප්‍රකාශ කර සිටියේ, සුඛිත මානව පෞරුෂත්වයක් නිර්මාණය කෙරුම සඳහා සවිඥානක මනස හා සමග එය සංයෝග කල යුතු බවයි.

පුද්ගලානුගත වීම (ආත්ම රූපී ) නියතිවාදය ප්‍රතික්ෂේප කිරීම සහ ව්‍යාධිවේදයන්ට වඩා ධනාත්මක වර්ධනය ගැන වඩා සලකා තිබීම වැනි කරුණු නිසා මානවවේදී ප්‍රවේෂණය මනෝවිද්‍යාවේ මනෝවිද්‍යාවේ අනෙකුත් ප්‍රවේෂණයන්ගෙන් වෙනස්වේ. ඇතැම් අයෙකු විසින් යහපත් වර්ධනයක් සඳහා මනෝගතික සෛද්ධාන්තයන් මග පෙන්වතැයි විවාද කළද අනෙකුත් ලක්ෂණ මගින් මානවවාදී ප්‍රවේෂණය අනෙකුත් සියළුම ප්‍රවේෂණයන්ගෙන් වෙනස්ව ප්‍රතිමාන වේ. මෙම නිසා ඇතැම් සෛද්ධාන්තිකයන් විසින් මාවනවේදී ප්‍රවේෂණය විද්‍යාව නොවන බවද ප්‍රකාශ කොට ඇත. බොහෝ මනෝවිද්‍යාඥයෝ චර්යාවන් බාහිරව හඳුනාගත හැකි බවට විශ්වාස කරති. (මධ්‍යස්ත නිරික්ෂකයෙකු මගින්) නමුදු මානවවාදීන්ගේ මතය වනුයේ මෙමගින් තමාගේ හැසිරීම් එම පුද්ගලයාටම හඳුනා ගත නොහැකි බව ගම්‍යය වන නිසා එය යහපත් පැවැත්මකට බාධා වන බවය. එමනිසා කාල් රොජර්ස් (Carl Rogers) වැනි මානව වේදීන් විසින් චර්යාවන් පුද්ගලානුබද්ධ සඳහා ආත්මරූපී වන බවට විවාද කළේය. තවද, ඔහු විසින් අවසානයේ සෑම පුද්ගලයෙකුම ආත්මරූපී වන ( පුද්ගල නිශ්‍රිත) නිසා විද්‍යාව විශ්වාස කිරීමට හේතුවනුයේ සෑම අයෙකුම මුළුමනින්ම බාහිර නිරීක්ෂණ මත පදනම් වීම නොව නිරීක්ෂණය කළ අවස්ථා විවිධ නිරීක්ෂකයන් අතර එකඟතාවයකට පත්වීමේ ස්වභාවය අනුව බවද විවාද කළේය.

මානවවාදී ප්‍රවේෂණයේ ලක්ෂණ සහ එය අනෙකුත් ප්‍රවේෂණයන්ගෙන් වෙනස්වන ආකාරය වඩා පුළුල්ව පාඨ ග්‍රන්ථයේ සඳහන්ව ඇත. නමුදු පහත සඳහන් ප්‍රභවයන් මගින් ද අමතර තොරතුරු සපයා ගත හැක. කෙසේවුවත් ඔබට මානවවාදී ප්‍රවේෂණය වඩා හොඳින් ග්‍රහණය කර ගැනීමට නම් එය අමුර්ත පදයන් භාවිතයෙන් කළ නොහැක. ඒ වෙනුවට එම අදහස් ඔබගේම අත්දැකීම් හා ඇති සම්බන්ධතා විමසා බැලීම මගින් කළ හැක. එමගින් ඔබගේ චර්යාවන් ඇතිවීමට හේතුවද සොයා ගැනීමට හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මානවවාදී_මනෝවිද්‍යාව&oldid=594162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි