සංඛ්‍යාත මූර්ඡනය

විකිපීඩියා වෙතින්
Animation of audio, AM and FM signals
විමූ (AM) හෝ සංමූ (FM) හෝ රේඩියෝ තරංගයක් මගින් සංඥාවක් ගෙන යා හැක.
Graphs of carrier, modulation and FM output
සංමූ (FM) හිදී සංඥාවක් විසින් වාහකයක සංඛ්‍යාතය විකරණය කරයි (වෙනස් කරයි).

දුරසන්නිවේදනයෙහිදී සහ සංඥා සැකසුමෙහිදී, සංඛ්‍යාත මූර්ඡනය (FM) (සංමූ) යන්න විසින් වාහක තරංගයක් ඔස්සේ තොරතුරු සමර්පණය කරන්නේ (ගෙන යන්නේ) එම වාහක තරංගයේ ක්ෂණික සංඛ්‍යාතය විචලනය කිරීමෙනි (වෙනස් කිරීමෙනි). මෙම ක්‍රියාවලිය විස්තාර මූර්ඡනය හා සමගින් සැසඳූ කළ හාත්පසින්ම වෙනස් බවක් පෙන්නුම් කරන්නේ, එම විස්තාර මූර්ඡනයේදී වාහකයෙහි සංඛ්‍යාතය නොවෙනස්ව තබා ගනිමින් එහි විස්තාරය පමණක් විචලනය කෙරෙන බැවිනි. ප්‍රතිසම උපයෝගයන් සඳහා සංඛ්‍යාත මූර්ඡනය භාවිතා කෙරෙන විට, වාහකයේ ක්ෂණික හා පාදම සංඛ්‍යාතයන් අතර වෙනස, ප්‍රදාන-සංඥා විස්තාරයෙහි ක්ෂණික අගයට සෘජු ලෙසින් සමානුපාතික වෙයි. කෙසේවෙතත්, වාහකයක් තුලින් සංඛ්‍යාංක දත්ත යැවීම සඳහා සංඛ්‍යාත මූර්ඡනය භාවිතා කිරීමේදී, සංඛ්‍යාත-මාරු යැතිරීම නම් ශිල්පක්‍රමයක් ඔස්සේ පුළුල් පරාසයක පරිස්ථිතීන් උපයෝගී කරගනිමින් වාහකයක සංඛ්‍යාතය සීරුමාරු කරනු ලැබේ .

"https://si.wikipedia.org/w/index.php?title=සංඛ්‍යාත_මූර්ඡනය&oldid=180920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි