වාහක තරංගය

විකිපීඩියා වෙතින්

දුරසන්නිවේදනයෙහි, වාහක තරංගයක් හෝ වාහකයක් හෝ යනු, තොරතුරු අවගමනය කිරීමේ අවශ්‍යතාවය උදෙසා ප්‍රදාන සංඥාවක් විසින් මූර්ජනය කෙරෙන (විකරණය හෝ වෙනස් හෝ කෙරෙන) (සාමාන්‍යයෙන් සයිනාකාර) තරංග හැඩයකි. [1] සාමාන්‍ය වශයෙන් මෙම වාහක තරංගයෙහි සංඛ්‍යාතය ප්‍රදාන සංඥාවෙහි එයට වඩා ඉහළ අගයක් ගනියි. සාමාන්‍ය වශයෙන් වාහකයෙහි අරමුණ වන්නේ විද්‍යුත්චුම්බක තරංගයක් (ගුවන්විදුලි සන්නිවේදනයෙහිදී ලෙසින්) ලෙසින් අවකාශය ඔස්සේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීම හෝ, සංඛ්‍යාත බෙදුම් බහු-පථකරණය (නිදසුනක් ලෙසින් කේබල රූපවාහිනී පද්ධතියක සිදු වන්නක් ලෙසින්) මගින් විභින්න සංඛ්‍යාත අගයයන් දරන වාහකයන් කිහිපයකට පොදු භෞතික මාධ්‍යයක් හවුලේ භාවිතා කිරීමට ඉඩ සැලසීමයි.

සංඛ්‍යාත මූර්ඡනය (FM) (සංමූ) සහ විස්තාර මූර්ඡනය (AM) (විමූ) යනු වාහකය මූර්ඡනය කිරීමේ ප්‍රචලිත ආකාර වෙති. තනි-පැති කලාප මූර්ඡනයෙහිදී (SSB) (තපැක), වාහකය යටපත් කෙරෙයි (සමහරක් SSB ආකාර වලදී ඉවත් නෙරෙයි). ග්‍රාහකයෙහිදී (රිසීවරයෙහිදී) නුගැසුම් සංඛ්‍යාත දෝලකයක් (BFO) භාවිතයෙන් වාහකය යළි ප්‍රත්‍යාඇතුළත් කළ යුතු වෙයි. ගුවන්විදුලි හෝ රූපවාහිනී හෝ ප්‍රචාරයක සංඛ්‍යාතය වනාහි සත්‍ය වශයෙන් වාහක තරංගයෙහි මධ්‍ය සංඛ්‍යාතය වෙයි.

ආශ්‍රිත[සංස්කරණය]

  1. "Carrier wave with no modulation transports no information". University Of Texas. සම්ප්‍රවේශය 2008-05-30. {{cite web}}: Italic or bold markup not allowed in: |publisher= (help)
"https://si.wikipedia.org/w/index.php?title=වාහක_තරංගය&oldid=278857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි