Jump to content

ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය

විකිපීඩියා වෙතින්

කුල ක්‍රමය යනු යම් ජාතියක සමාජය කොටස් වලට බෙදී තිබූ ස්ථරයන්ය. මෙය යම් තරමකට උතුරු ඉන්දියාවේ “වර්ණ” නමින් හැදින්වෙන ක්‍රමයට වෙනස්ය. එහෙත් දකුණු ඉන්දියාවේ “ජාති” නමින් භාවිතා වන ක්‍රමයට සමාන කමක් දක්වයි. ශ්‍රි ලංකාවේ බ්‍රිතාන්‍ය යුගයට පෙර කාලයේ ඉතිහාසයේ සහ සාහිත්‍යයෙහි කුල වර්ග 4 ක් විස්තර කෙරේ. රජ, බමුණු, වෙළද සහ ගොවි වශයෙන් පුජා වලිය, සද්ධර්ම රත්නාවලිය, සහ යෝග රත්නාකරය වැනි පුරාණ ග්‍රන්ථ සහ සෙල්ලිපි වලින් ‍හෙළිවන කරුනු වලින් පෙන්වා දෙන්නේ ඉහත කුල අනු පිළිවෙල වැඩ වසම් යුගය මුලුල්ලේම පැවත ගෙන එන බවයි. බ්‍රිතාන්‍ය හා කන්ද උඩ රට පාලන යුගය පැවති 18 වන සියවස වැනි මෑත කාලය දක්වා මෙම කුල ක්‍රමය ශ්‍රී ලංකාවේ රාජාණ්ඩුවේ අවසානය දක්වා දිගටම පැවතුන බව කඩඉම් පොත් වලින්ද පෙන්වා දෙයි. එය ලෝකයේ පවතින කුල ක්‍රමයෙන් එකකි. වෙනස ඕනෑම තැනක මෙය ශ්‍රී ලංකාවේද කුල භේදය, ආගමික ජනවාර්ගික, ගෝත්‍රික අනුව මුල සිටම සම්මිශ්‍රණය වී ඇත. කුලය යනු යම් යම් සමාජ ක්‍රියාවන් හා ඒවායේ ප්‍රතිඵල ලෙසින් ගොඩ නැගී පවතින සංස්ථාදියේ සමස්ථ සංකලනයක් වන සමාජයේ පුද්ගලයකුගේ උස් පහත් බව නැතිනම් පුද්ගලයා සමාජ ස්ථරයේ අයත් මට්ටම තීරණය කරනු ලබන එක් ස්ථරයක් වේ. මෙම ක්‍රියාවන් හා සබඳතා වල එක්තරා විදියක පෙළ ගැසීමක් දැකිය හැකි වේ. එක පිට එක වැටුණු තට්ටු පරිද්දෙන්, උස් පහත් ස්වරූපයෙන් දැකිය හැකි වූ මෙම ස්ථර ගත බව සමාජය තුළ බොහෝ කාලයක සිට දක්නට තිබූ බවට සාධක ඇත.


ඉතිහාසය[සංස්කරණය]

අද අපි ලංකාවේ කුල ක්‍රමය ලෙස දන්නා කරුණ ශ්‍රී ලංකාවට හදුන්වා දෙන්නට ඇත්තේ උතුරු ඉන්දියාවෙන් පැමිණි පදුකෘත භාෂාව කථා කරන්නන් ගැනදැයි අදහසක් ඇත.[තහවුරු කර නොමැත] ඊට ප්‍රථම ‘ජාති’ ගැ‍ටළුවෙන් වූ සමාජය බෙදීමේ ක්‍රමයක් තිබුණා දැයි දැන ගැනීමට නැත. පුරාණ පුරාවෘත වල මුල්ම අනුරාධපුර යුගයේ ප්‍රධාන වෛදික කාලයක් තිබුණු බවට සාක්ෂි තිබේ. එසේ වුවත් එය ශාස්ත්‍රී කටයුතු සදහා කළ වර්ග කිරීමක් විය හැක. එය බ්‍රයස් රයන් සහ අනෙකුත් අය ඉදිරිපත් කර ඇති පරිදි ලංකාවේ පවතින කුල ක්‍රමය ඉන්දීය පුර්ව වෛදික ක්‍රමය පරිරක්ෂණය වූවක් අතර සාම්ප්‍රදායි වර්ණ ආකෘතියට සුළු සම්බන්ධතාවයක් දක්වයි.

තුන් වැනි සියවසේ ලංකාවට‍ බුදුදහම හදුන්වා දීමෙන් පසු මෙම කුල ක්‍රමය යම්තාක් දුරට මොට වී ගියේය. කෙසේ වෙතත් දුටුගැමුණු රජු ගැන සදහන් ඔහුගේ පුත් සාලිය, අශෝක මාලා නැමති පහත් සැඩෝල් කුලයේ ක්‍රි.පු. 2 වැනි සියවසේදී වු සිද්ධියෙන් ඒ වන විට කුලය සම්බන්ද තහනම් කිරීම් තිබුණු බව පෙන්විය.

පසු කලක කුල ක්‍රමය විවිධ ජන කොටස් වල සංක්‍රමණය සමග විකාශනය දක්නට ඇතැයි විශ්වාස කෙරේ. ශ්‍රී ලංකාවේ රජවරු, දාස වැව, පේෂ කර්ම, අත්කම්, ආගමික කටයුතු වලදීද බෙරවැයීම් වලදීද බෙරවැයීම් ආදි කටයුතු සදහා ද දකුණු ඉන්දීය මිනිස් බලය කෙරේ විශ්වාසය තබන ලදී.

වැඩිදුර නිර්වචනය[සංස්කරණය]

දකුණු ආසියාතික සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන් අතර කුලයට හිමි වන්නේ ප්‍රධාන ස්ථානයකි. බටහිර සමාජ වල දැකිය නොහැකි ප්‍රපංචයක් වන කුලය අනුව සමාජය ද ස්තරගතව දකුණු ආසියාතික සමාජ වල තදින් මුල් බැස ගෙන ඇත. දකුණු ආසියාතික සමාජ වල පුද්ගලයාගේ සමාජ තත්වය, සමාජ වටිනාකම තීරණය කරනු ලබන්නක් වන කුලය මෙම සමාජ වල සමස්ථ සමාජ සබඳතාවයන්ම හැඩ ගැස්වීමේ ලා මහත් බලපෑමක් කර ඇත. එ නිසා දකුණු ආසියාතික සමාජ ස්වරූපය බටහිර සමාජ හෝ නැතහොත් අනෙක් ආසියානු කලාප වල සමාජ රටාවට වඩා ඛෙහෙවින් වෙනස්ය. එනිසා පුද්ගල සබඳතා, පුද්ගල වටිනාකම් මෙම සමාජ වලට ආවේණික වූ සුවිශේෂීත්වයන්ගෙන් යුක්ත වෙයි.

Hutten නම් මානව විද්‍යාඥයා කුලය යන සංකල්පය තුළින් පහත දැක්වෙන ලක‍ෂණයන් නියෝජනය කරන බව දක්වයි.

 * කුලය වනාහි අන්තර් ජන්‍ය දෙයකි.
 * විවිධ කුලයන්ට අයත් සාමාජිකයන් අතර යම් යම් සීමාවන් පවතී.
 * කුලය ධූරාවලියක් දනවන තත්ව සමූහයකි.
 * විවිධ සන්දර්භයන්හි විශේෂයෙන්ම ආහාර, ලිංගික කටයුතු, චාරිත්‍ර යනාදිය ඇසුරින් උසස් කුලයක තැනැත්තෙකු පහත් කුලයක සාමාජිකයෙකු ස්පර්ශ කිරීමෙන් ‘දූෂණය’ වීමක් සිදුවෙතැයි පිළිගැනේ
 * කුලය සාම්ප්‍රදායික වූ රැකියාවන් ආශ්‍රිත වූ දෙයකි.
 * මිනිසෙකුගේ කුල තත්ත්වය අවසාන වශයෙන් නිර්ණය කරනු ලබන්නේ ඔහුගේ ජන්මය මගිනි. නොඑසේ නම් ඔහු තම කුලය විසින් යම් චාරිත්‍ර උල්ලංඝනයක් නිසා පලවා හරිනු ලැබූ අයෙකු විය යුතුය.
 * කුල පද්ධතිය සමස්තයක් වශයෙන් ගත් විය අභිමානය කේන්ද්‍රීය කරගත් පද්ධතියකි.(අමරසේකර, 1988:11.)


ඊ. ආර්. ලීච් (E.R. Leach) නම් මානව විද්‍යාඥයා විසින් ලියන ලද "What should we mean by cast" නම් පර්යේෂණාත්මක ලිපියෙහි කුලය හඳුනාගත හැකි ලක‍ෂණ තුනක් දක්වයි.

 # කුලය ශ්‍රම විභජන පද්ධතියක් බව.
 # කුලයක් අන් කුලයකින් වෙනස්ව හඳුනාගත හැක්කේ ආර්ථීක, දේශපාලනමය හා චාරිත්‍රමය සබඳතාවන් ජාලයන් සමඟ එම සාමාජිකයන් ආසන්න සබඳතාවයකට පත් වී ඇති ආකාරය අනුව බව.
 # කුල ක්‍රමය තුළ ව්‍යුහමය සංවිධානයක් පවතින අතර එය ඔවුන්ටම පමණක් ආවේණික වූ සංස්ථාවක් බව.(අමරසේකර, 1988:12.)

සිංහල කුල ක්‍රමය[සංස්කරණය]

සිංහල කුල ක්‍රමයේ ඓතිහාසික පසුබිම හා විකාශනය[සංස්කරණය]

මුල් යුගයේ ඉතිහාසඥයින්ගේ මතය වූයේ ඓතිහාසික වශයෙන් සිංහල කුල ක්‍රමය හින්දු කුල ක්‍රමයෙන් බිඳී ආ ආයතනයක් බවයි. බෞද්ධ වංශ කතා වල රජ බමුණු දෙපාර්ශවය ගැන ද, වෛශ්‍ය කුලිකයන් ගැන ද, ඇතැම් අවස්ථාවල චණ්ඩාලයන් ගැන ද සඳහන් වී තිබීම මේ මතයට හේතු විය. කුල ක්‍රමයේ මතවාදී නිර්මාතෘවරයන් ලෙස සැළකිය හැකි බ්‍රාහ්මණයන් විටින් විට ලංකාවේ සිටි බවට නොයෙක් උදාහරණ ඇත. කලබලකාරී දේශපාලන පසුතලය යටතේ සංක්‍රමණික ගෝත්‍ර වල ක්‍රියාකාරීත්වය හා දකුණු ඉන්දීය බලපෑම් නිසා කුල වාදය ක්‍රමයෙන් ලාංකීය සමාජයේ මුල් බැස ඇත. නමුත් සම්භාව්‍ය හින්දු වර්ණ ක්‍රම මූලික වශයෙන් බෞද්ධ සමාජයක් වූ සිංහල සමාජයේ ආයතනගතව පැවැති බවට ඇති සාක‍ෂි විරලය. පැරණි සාහිත්‍ය මූලාශ්‍ර හා සෙල්ලිපි වැනි ඓතිහාසික මූලාශ්‍ර විමසීමෙන් පසු වත්මන් ඉතිහාසඥයන් වැඩි දෙනා ඉදිරිපත් කර ඇති නිගමනය නම් සිංහල කුල ක්‍රමය ඇතැම් උතුරු හා දකුණු ඉන්දීය බලපෑම් සහිතව, එනමුත් ලංකාවේ සමාජ දේශපාලන පසුතලයට අනුරූප ලෙස ස්වාධීනව වර්ධනය වී ඇති බවයි.

ලංකාවේ කුල ක්‍රමය ස්ථාපිත කරනු සඳහා රාජ්‍ය මැදිහත්වීම සිදු වූ බව ඓතිහාසික මූලාශ්‍ර දෙස බැලීමේදී පෙනී යන කාරණයකි. යම් යම් කුල වලට දඩුවම් වශයෙන් ඔවුන් කුල තත්වයෙන් පහල දැමීම ද රජවරුන්ගේ වරප්‍රසාදයක් විය. විජයගේ අවෑමෙන් මෙරට මුල් බැසගත් කුල පදනම මහින්දාගමනයත් සමග මෙරටට පැමිණියා වූ විවිධ කර්මාන්ත පදනම් කරගත් ශ්‍රේණි වලට අයත් ජනයා විසින් ද වඩාත් විස්තීරණව ව්‍යාප්ත කළ බව පෙනේ. ලංකාවට ඒමට ප්‍රථම යම් කිසි ශිල්පීය කර්මාන්තයකට හුරුව සිටි ගෝත්‍රික පිරිස් ලංකාවට පැමිණීමෙන් පසුව මෙරට සමාජ සංවිධානයට අනුකූලව ගෝත්‍රික ජිවිතය හැර දමා තමන්ට ආවේණිකව වෘත්තීයමය අංශ කේන්ද්‍ර කරගෙන වෙන වෙනම සංවිධානය වීමට පටන් ගත්හ. මේ ආකාරයට කුල පදනම ලාංකීය සමාජය තුළ ගොඩනැගුණද, වඩාත් විධිමත් අයුරින් කුලය පදනම් වූ වැඩවසම් සමාජ ක්‍රමයක් බිහි වූයේ මහනුවර අවධියේදී බව පෙනේ.රජ මාළිගාවේ හා රාජ්‍යයේ විවිධ අවශ්‍යතාවයන් සඳහා සේවාවන් ලබා ගැනීම පිණිස කුල යොදා ගනු ලැබීම මහනුවර යුගයේදී වඩාත් දක්නට ලැබේ.

සේවා ලබා ගැනීම සඳහා ඒ ඒ කුල "කුල බද්ද" නම් සංවිධානයකට අනුයුක්ත කර තිබුණි. උදාහරණයක් ලෙස කොට්ටල් බද්ද, බඩහැල බද්ද දැක්විය හැකිය. මහනුවර යුගයේදී කුල ක්‍රමය හා ඉඩම් භුක්තිය අතර කිට්ටු සම්බන්ධතාවයක් පැවතුණි. වී කුඹුරු වල භුක්තිය රාජකාරී ක්‍රමය යටතේ විය. කුලහීනයන් තම කුල කාර්යය ඉෂ්ඨ කළේ එම කාර්යය ඉඩම් භුක්තිය වෙනුවට කළ යුත්තක් ම වශයෙන් සලකාගෙනය. නිල වශයෙන් අනු දක්නා ලද විවිධ වාර්ෂික චාරිත්‍ර විධි වලදී අනුගමනය කළ යුතු වූ ප්‍රමුඛතා පටිපාටිය තුළින් එක් එක් කුලයේ සාපේක්‍ෂ සමාජ තත්වය පැහැදිලිව දැක්විණි. සම්පූර්ණ ප්‍රජාවකගේ තත්වය රජතුමා විසින් පහතට හෙළිය හැකිව තිබුණු බව නූර් යාල්මන් දක්වයි. නොක්ස් පවසන අන්දමට කුලීනයෝ හා කුලහීනයෝ වශයෙන් ප්‍රධාන කොටස් දෙකක් මහනුවර රාජධානිය පැවති සමයේ තිබිණ.කුලය මෙම අවධියේ පුද්ගලයින්ගේ ඇදුම් ආයින්නම් තීරණය කිරීමට බලපෑවේය.වංශවත් නොවූ සාමාන්‍ය මිනිසුන් දණින් මදක් පහත් වනසේ කෙණ්ඩය අඩක් වැසෙනසේ වස්ත්‍ර හැද ඇත.ස්ත්‍රීහු බොලට දක්වා වස්ත්‍ර හැද එයම කරකවා ළපැත්ත වැසෙනසේ පටක්සේ කරේ ලා ගනිති.අඩු කුලයේ ස්ත්‍රීහු දණහිස දක්වා රෙදි කඩක් හැද උඩුකය නග්නව තබාගතයුතු විය.අසනීපයක් හෝ ශිතයක් ඇතිවුහොත් පමනක් රෙදි කඩක් පොරවා ගැනීමට තහනමක් නැත.එසේ නමුදු කුලවක් අයෙකු මුන ගැසුනහොත් වහාම රෙද්ද ඉවත්කොට ශිතල නිසයි හාමුදුරුවනේ කියා සමාව ගත යුතුය.රැල්ෆ් පීරිස්ට අනුව ඉගටියෙන් පහළට රෙදි හැදීම රොඩී අයට තහන්ම් වූ අතර දණ හිසින් පහළට හැදීම කුඹළුනට තහනම් විය.

සිංහල කුල වර්ග[සංස්කරණය]

සිංහල කුල ක්‍රමය සලකා බලන විට දළ වශයෙන් කුළ වර්ග 15 ක් පමණ දැකිය හැකිය. ඊට අමතරව කුඩා සහ අප්‍රසිද්ධ කුල විවිධ ප්‍රදේශ වල තිබිය හැකිය.පහත දක්වා ඇත්තෙ පහතරට කුල අනුපිළිවෙලයි.නමුදු උඩරට කුල ක්‍රමයේ අනුපිළිවෙල වෙනස් වන අතර එකම සිංහල බ්‍රාහ්මණ වංශිකයෝ වන නවන්දන්නා කුලයේ ප්‍රමුඛ කුලය වන රන්කරුවන් සම තැනට පත් වේ. උඩරට රාජධානි සමයේ ගම්වර හා නින්දගම් ද රාජසභාවේ ඉහල තනතුරු දැරීම හේතුවෙන් නවන්දන්නා කුලයට රදල කුලය මෙන් පිලිගැනීමක් විය.

සිංහල සමාජයේ උඩරට කුල[සංස්කරණය]

ගොවිගම කුල[සංස්කරණය]

මෙය සිංහල කුල ධූරාවලියේ ප්‍රධාන ස්ථානය ගන්නා අතර ප්‍රධාන වශයෙන් ස්ථර හතරකට බෙදී පවතී.රාජ්‍ය සේවය,ඉඩම් හිමි කෘෂිකාර්මය හා ගව පාලනය කුලයෙහි ප්‍රධාන වෘත්තීන් වේ.සාහිත්‍යය තුල මෙය ගහපති කුලය ලෙස හදුන්වා ඇති අතර විජය රජු හැර ඔහු හා පැමිණි ආර්යයන්ගෙන් උපන් ජනයා ලෙස ඉතිහාසයේ සදහන් වී ඇත.

නවන්දන්නා කුලය[සංස්කරණය]

රිදී, තඹ තල්පත්, තුඩපත් සන්නස් මගින් නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු මෙම නොයෙක් ගරු නම්බු, රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය ආදිය ලබා දෙමින් සංග්‍රහ කිරීම ඒ ඒ ක්ෂේත්‍රවල අයගේත් කලාවේත් අභිවෘද්ධියට හේතු විය. ගංගාරාම විහාරස්ථානයේ වැඩ නිම කළ ශිල්පියාට වෙනත් තෑගි බෝගවලට අමතර සම්පූර්ණ රජ ඇඳුමක් පවා පරිත්‍යාග කර ඇත. ඒ බව ආනන්ද කුමාරස්වාමි මහතාගේ “මධ්‍යකාලීන සිංහල කලා’ ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ නැතත් රජ ඇඳුම් ඇඳීමට මොවුන්ට අවසර තිබිණි.


සිංහල සමාජයේ පහතරට කුල[සංස්කරණය]

මූලාශ්‍රය : කේ. ටී. සිල්වා, 2005:26

මේ යටතට පහතරට ප්‍රදේශ වල ගොවිගම කුලයට අමතරව ප්‍රධාන ලෙස ව්‍යාප්ත වී ඇති කරාව සහ සලාගම, දුරාව සහ හුණු කුල ඇතුළත් වේ. ඓතිහාසික ද්රවිඩ සම්භවය යටත් විජිත සමයේ අත්දැකීම් සහ කුල වෘත්තීන්හි ස්වභාවයන් අනුව මේ කුල වල යම් පොදු ලක‍්ෂණ දක්නට ලැබේ. පහත රට කුල සිංහල කුල ක්‍රමයේ මධ්‍ය ස්ථරය වේ.එනමුත් සම්ප්‍රදායික සිංහල කුල ක්‍රමය(උඩරට කුල ක්‍රමය) තුල නොසලකා හැර ඇත.

කාරාව කුලය[සංස්කරණය]

කාරාව කුලය යනු මසුන් මරන්නන් වේ. ප්‍රධාන වශයෙන් මුහුදුබඩ ජීවත් වේ. අම්බලන්ගොඩ, හික්කඩුව, මීගොමුව, ජා ඇළ ප්‍රදේශවල ජීවත් වේ.

සේවා කුල[සංස්කරණය]

මේ ගනයට අයත් කුල රජු සදහා සේවා කිරීමට බැඳී සිටියි.ගොවි,නවන්දන්න, හේන/රදා, වහුම්පුර, කුඹල්, දුර, නැකති, බත්ගම කුල මේ යටතට අයත්ය. සිංහල කුල ක්‍රමයේ වැඩවසම් ලක‍්ෂණ වඩාත් ඉස්මතු වන්නේ මේ සේවා කුල වලිනි. රාජකාරී ක්‍රමය මගින් සහ ඉඩම් භුක්ති ක්‍රමය මගින් සේවා කුල ඉහල කුල මත රඳා පැවැත්ම තහවුරු කර තිබුණි. කුල ක්‍රමය මගින් තමන්ට උරුම වී ඇති ශිල්පීය ඥානය හා කුසලතා රැක ගැනීම සහ ප්‍රගුණ කිරීම සේවා කුලයන්ගේ මෙහෙවර ලෙස හඳුනා ගන්නා ලදී.

කරාව වංශිකයන් මසුන් මරන්නන් වේ. තවද ඉතිහාසයේ බොහෝ පිරිසක් කතෝලික ආගම වැළඳගෙන යුරෝපීයයන්ට සේවය කළහ.ලස්කිරිඤ්ඤ හමුදාවලට බැඳී සිංහල රජුට එරෙහිව සටන් කළහ.

සමාජයේ කොන්වීමට ලක් වූ කුල[සංස්කරණය]

මේ යටතට කින්නර, ගහල, රොඩී කුල ඇතුලත් කළ හැක. සිංහල සමාජයේ පහත්ම ස්ථරය නියෝජනය වන්නේ මේ කුල වලිනි. සෙසු කුල වල අය සමඟ සමීප ඇසුරුකම් පැවැත්වීමට ඔවුන්ට අවසර නොතිබුණි.

කුල සහ ඒවායේ කාර්යයන්[සංස්කරණය]

නවන්දන්නා කුලය[සංස්කරණය]

නවන්දන්නා වංශිකයෝ ලංකාවට ඉන්දියාවෙන් විවිධ කාලවලදී පැමින මෙහි ජනාවස වී ඇත ,මහාවංශයට අනුව  විජය රජ සමග පැමිණි සුලු පිරිසක් ද පසුව ව්ජය රජු හා එම පිරිස සදහා පාන්ඩ්‍ය දේශයෙන් ගෙන්වූ කුමරිකාව හා අනෙකුත් කාන්තාවන්  සමග පිරිසක් ද අශෝක අධිරාජ්‍යයා ලංකාවට එවූ ශ්‍රී මහා බෝධිය වැඩමෙව් සංඝමිත්තා තෙරණින් වහන්සේ සමග ද ස්වර්ණකාර් පවුල් අටක්  හා ලෝහකාර් පවුල් අටක් ඒ සමග අශෝක අධිරාජ්‍යයා විසින් දේවානම්පියතිස්ස රජුගේ පාලන සමයේ ලංකාවට එවා ඇත.මොවුන් බ්‍රාහ්මණ වංශිකයන් බැවින් මොවුන් හට බ්‍රාහ්මණ නාමයන් ඔවුනගේ පෙළපත් නාම වල දැක ගත හැක විශේෂයෙන්ම ඔවුනගේ වාසගම් නාම වල බරනාමයන් දැක ගත හැක.

දේවානම්පියතිස්ස රජුගේ කාලයේ පැමිනි මෙම නවන්දන්නා කුල ආචාරියෝ මහනුවර ජනාවාස විය.නීලවල ප්‍රදේශයේ  නීලනාරායන ද මැදවල පරම නාරායන ද අල්දෙණියේ  දේව නාරායන ද  උඩිස්පත්තුවේ තින්න නාරයන ද පදිංචි විය.මොවුන් ආචාරීන් විය.මීට පෙර විජය රජුගේ මාමන්ඩිය විසින් පවුල් දහසක් පාන්ඩ්‍ය දේශයෙන් ලංකාවට එවා ඇත.පසුව 13 සියවසේ මහා පරාක්‍රමභාහු රජ දවස රජු විසින් තවත් පිරිසක් කපිලවස්තු පුරෙන් (කිබුල්වත්පුර නුවර)ගෙන්වා ඇත.කොට්ටේ යුගයේද බුවනෙකාභාහු රජ සමයේ තවත් පිරිසක් ගෙන්වා ඇත.නායක්කාර් රජ පෙලපත ආරම්භ වීමත් සමග තවත් පිරිස් ඉන්දියාවේන් පැමින තිබේ.සංස්කෘත ස්ලෝක වලද මෙම කුලය ගැන විශාල තොරතුරු රැසක් ලියවී ඇත. ආචාරි යන නමින් මෙම කුලය හදුන්වන්නට හේතුව ද කම්මල් වැඩ කිරීමයි.ආචාරිහි  අර්ථය ලෙස පාලි සංස්කෘත භාශාවේද දැක්වෙන්නෙ ගුරුවරු ලෙසයි, තවද සිංහල භාෂාවෙන් වුවද මෙම යෙදුමට ගුරු ,ගුරුන්නාන්සෙ, 'විශේෂඥ'යන අරුත තිබූ බව පෙනේ.පනික්කිරාලට, නැකති කුල වලටද මෙමෙ ආචාරි, ඇදුරු නම භාවිත කළ අතර එහි අරුත අදාල ශාස්ත්‍රයෙහි ඇති නිපුන බවයි.

මෙම කුලය සම්ප්‍රදායිකව සිංහල සමාජයේ ඉහල පිලිගැනීමක් ලැබූ කුලයකි.එයට ප්‍රභල ලෙස රන්කරු රැකියාව හේතුවිය. නවන්දන්නා කුලයේ රන්කරුවන්,රිදී කරුවන් හා ලෝහ කරුවන්  ගොවි කුලයට මෙන්ම කුඹල් කුලයට වඩා පහත් තැන් ගනී.මොවුන් එකම සිංහල ලෝහ කම්කරු කුලය යි.මේ යුගයේ රන්කරුවෝ ඉතා ධනවත් ය.දියුණු ය.අනෙක් කුල වල ස්ත්‍රීන්ට වඩා සම පැහැපත් රන්වන් ස්වභායක් ඇත්තා හ.පුරුශයෝද එසේ ය.රත්‍රං අභරණ ආදිය කැමති සේ ඇඳ පැලඳීමට මෙන්ම හත් පොටකින් අලංකාර කරන ලද සිරිගෝ මාලය මෙම පරපුරේ ස්ත්‍රීන්ට පමණක් පැලඳීමේ අවසරය රජු විසින්  ලබා දී තිබුනේ මෙම කුලයේ ස්ත්‍රීන්ට පමනි.එකල පිරිමි පාර්ශවය ඔවුනේ කන් දෙකටම කරාබු පැලදී අතර 70 දශකයේ අගභාගයේදී ද එය දක්නට ලැබුණි. මහනුවර රජුගේ රන්කම් පට්ටලයෙහි රන්කරුවන් ඉතා දියුණු ය ධනවත් ය. මේ රන් කරුවන් හට ගම් රාශියක රන්කම් ලැබෙන්නේ ය.මොවුන් රජුගේ නියෝජිතයන් වූ හෙයින් ඔවුන් හට අනෙකුත් පහත් නොවන කුල වලින් ඔවුන්ගේ අස්වැන්න වන වී,තල කුරක්කන් භාගයක් දිය යුතුය.මෙය ඔවුන්ගේ වරදාන ලෙස පිලිගැනේ.එමෙන්ම පුරාතම සිරිතයි.මෙම කුලයේ ඉහලම කුලය ලෙස සැලකෙන රන්කරුවන් හට පැවරූ රාජකාරිය වූයේ රජුගේ නින්දගම් කෝරළවල දිසාපති නිලතල, රාජ සභාවේ විවිධ තනතුරු හා රජතුමාගේ ඔටුන්න ඇතුලු රාජආභරණ නිපදවීම හා නඩත්තුවත් රන්භාණ්ඩාගාරයේ වගකීමත් සැපරීමයි.මොවුන් රජුගේ විශ්වාසනීයම පිරිසක් ලෙස සලකයි.මොවුන්ගෙ අභිමානවත් සේවය වෙනුවෙන් රජු විසින් අගය කර, එහෙන්ම සේවය වෙනුවෙන් ආභරණ පැළදීමට අවසර දී ඇත.එසේම රජු විසින් ගෞරවය පිණිස මෙම ශිල්පීන් හට ආචාරි, ආචාරීන්, පණ්ඩිත,ආචාරිගේ මූලාචාරි, මුලාචාරීන්, මුලාචාරිගේ ස්ථපති යන නාම පටබැඳ තිබේ.

ගොවිගම කුල[සංස්කරණය]

සිංහල සමාජයේ විශාලතම කුලය ලෙස සැළකෙන ගොවිගම කුලවලට මුළු සිංහල ජනගහනයෙන් 50% ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අයත්ව ඇතැයි සැළකේ.

ගොවි කුලය යනු විජය රජ සමග පැමිණි ආර්යයන්ගෙන් බිහි වූ වංශය යයි හදුනා ගනු ලැබ ඇත.

 "අවුරුදු 2363 දී පමණ ඔවුන්ගේ දූපත නැගෙනහිර දෙසින් ජනපදකරණය විය මෙම පළමු පදිංචිකරුවන්, ඔවුන්ගේ රජුන් හැර අන් අය ගොවිවංශ."-ජෝන් ඩෙවි ,ඩෙවි දුටු ලක් දිව, 1831


 " ඒ විජය රජ තෙමේ තමන් සමග ලක්දිව්  එළබි වීරයන් සත්සිය දෙනා අතුරින් නිපුණතාව, ශක්තිය හා වීරිය ඇති අය වගාවන් බිහි කිරීම සඳහා පත් කරන ලදී.-ජනවංශය,15 වන සියවස


 වැද්දන් සිංහලයන් හදුන්වන්නට යොදා ගන්න සිංගල යන නම ගොවි වංශයේ මිනිසුන් හැදින්වීමට පමනක් යොදා ගන්නෝය.-හියූ නෙවිල් , ත්‍රැප්‍රබෝනියන්,1888


 "ඒ සිංහබාහු නරෙන්වරය සිංහ ගත්හ ,එහෙයින් ඔහු හා ඇති සම්බන්ධයෙන් විජය කුමරුත් පරිවාර මනුෂ්‍යන්ද ඔවුන්ගෙන් පැවත එන්නන්ද සිංහල නම්වෙති"-මහාවංශ,විජයාභිෂෙක


ගොවිකුල මිනිසුන් බෙංගාලයෙහි නිජබිම ඇති පිරිසක් යන කරුන භෞතික මානව විද්‍යාව මගින්ද තහවුරවන බව හියු නෙවිල් විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී.මෙරටට පැමිණි පසු ස්වදේශීය වැදි ජනයාගෙන් යම් දායකත්වයක් මෙම ජාතිය සදහා සිදු වුවද ඔවුන්ගේ බාහිර පෙනුම බොහෝ දුරට වෙනස් නොවී ආරක්ෂා වී ඇත.ඔවුන් භෞතික ලක්ෂණ වලින් පුළුල් හිස් සහ අන් අයට සාපේක්ෂව කැපී පෙනෙන සේ පැහැපත් වීමද දක්වා අැත.මෙම උරුමය ඉන්දු යුරෝපීය බස් වහරන පිරිසක කණ්ඩායමක් මධ්‍යම ආසියාවේ සිට  ඉන්දියාවේ ඊසාන දෙසින් ඇති  බෙංගාලය  (වංගය) දෙසට සංක්‍රමණය වී ව්‍රතයත්සෝම व्रात्यस्तोम  චාරිත්‍ර වලට භාජනය වීමෙන් පසුව ආර්යයන් ලෙස අවශෝෂණය කර ගන්නා ලද පිරිසකින් ලද්දක් යයිද ඔහු දක්වයි.

හියු නෙවිල් අපේ‍්‍රල් මාසයේ ටැප්රොබේනියානු භාෂාවට ලංකාවේ කළ දායකත්වය (The Contribution of Veddas to the language of Taprobane ) යන කෘතියෙදී 1888 දී ගොවිකුල සිංහලයන්ගේ ස්වාභාවික සමේ පැහැය පැහැපත්  බව නිරීක්ෂණය කරයි.

“ගෝයි(ගොවි) ජාතියේ සිංහලයෙක් තරුණ වියේ සිට ඇඳුම් අඳින විට ඔහුගේ ශරීරය පැහැපත්ය, ඔහුගේ මුහුණට, බෙල්ලට හෝ අත් වලට වඩා ඉතා පැහැපත්ය පාටය. මේ අනුව ඔවුන්ගේ සැබෑ වර්ණය ඉතා පැහැපත්  එකක් බව ඔප්පු කරයි”

නීති විඝණ්ඩු ග්‍රන්ථයට අනුව භාරතයේ සිට මෙරටට විටින් විට සංක්‍රමණය වූ කැත් (ක්‍ෂස්ත්‍රීය), බමුණු (බ්‍රාහ්මණ) සහ වෙස් (වෛශ්‍ය) කුල වල පිරිස් විසින් සාදා ගන්නා ලද පොදු කුලකය ලෙස මෙය හදුන්වා දී ඇත. සමාජ විද්‍යාත්මක නිරීක්ෂණයන් සහ ඓතිහාසික ජන මුලාශ්‍ර අශ්‍රයෙන් කරනු ලබන නිරීක්ෂණන්හිදි ගොවිගම යනු එක් තනි කුලයකට වඩා කුල කිහිපයක ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස හදුනා ගත හැක. ගොවිගම කුලය සම්බවය වීම සදහා අතීත වෛදික වර්ණ ක්‍රමයේ පැවති ද්විජ උත්පත්ති සංකල්පය මත ආර්ය සම්බවයක් ඇතැයි සැළකූ ප්‍රමුක වර්ණ ත්‍රිත්වය තුල අනාර්ය (ද්රවිඩ හෝ ගෝත්‍රික) සම්බවයක් සහිත ශුද්‍ර වර්ණයෙන් වෙනස්වූ පොදු ලක්ෂණයන් පැවතීමත්,බුදු දහමෙහි ආභාශය මත ප්‍රමුක වර්ණ ත්‍රිත්වය අතර පැවති දුරස්ථ ස්වභාවය ක්‍රමිකව තුනී වීම සහ වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදාය තවදුරටත් පවත්වාගෙන යාමේ අනවශ්‍යතාව හේතු වූ බව තර්කානුකූලව නීර්ණය කල හැක.මෙම දීර්ඝ ක්‍රියාවලියේදී අතීත සමාජයෙහි පැවති බ්‍රාහ්මණ කුලය සහ ක්‍ෂස්ත්‍රීය කුලය ගොවිගම කුලයේ ඉහල ස්ථරය වන රදල ස්ථරය ලෙසත් අතීතයේදී ගොවි ලෙස හදුනාගත් ඉන්දු ආර්ය කෟෂිකාර්මික ප්‍රජාව (වෛශ්‍ය වර්ණයට අයත්) ගොවිගම කුලයෙ දෙවන ස්ථරයට අවශෝෂනය වී ඇත.

පූජාවලියට අනුව මෙම ගොවිගම කුලයේ දෙවන ස්ථරය ලෙස හදුනා ගනු ලබන ගොවි කුලය භද්‍රකච්චායනා දේවිය සහ ඇයගේ සොහොයුරන් සමග මෙරටට පැමිණි ශාක්‍ය වංශිකයන්ගෙන් පැවත එන්නන් ලෙස හදුන්වා දෙනු ලැබේ.ඉහත දැක්වූ පිරිස් වලට අමතරව සංඝමිත්තා මෙහෙණිය සමග පසුකාලීනව ගෝපාල(සත්ව පාලනය කල)කුල අටක් පැමිණි බව මහා වංශයෙහි සදහන් වෙයි,මොවුන්ද පසුව ගොවිගම කුලයෙහි උපකුලයක් ලෙස අන්තර්ග්‍රහනය වී ඇත.

පසුකාලීනව මෙරටට සංක්‍රමණය වූ ⁣වෛශ්‍ය වර්ණයට අයත් චෙට්ටි වරුන්ගෙන් පිරිසක්ද,දකුණු ඉන්දීය වෛශ්‍රවන බ්‍රාහ්මණ පිරිස්ද ගොවිගම කුලයට අවශෝෂණය වී ඇත. අන් සෑම කුලයකටම වඩා ගොවිගම කුලය තුළ උපකුලයන් ගණනාවකට අයත් විශාල සාමාජිකයන් පිරිසක් විසිරී සිටීය,එයට හේතුව නම් විජය රජු සමග ආ පිරිසත් ඉන් පසුව දිවයිනට සංක්‍රමණය වූ ඉන්දු ආර්ය ප්‍රජාවට අමතරව පසුව දකුණු ඉන්දියාවෙන් විටින් විට පැමිණි පිරිස් ගෙන් මෙම කුලය පෝෂණය වීමයි.එභෙත් වර්තමානය වන විට එම උප කුල බොහෝ දුරට අභාවයට පත්ව ඇත. ගොවිගම කු⁣ලයේ කුල ආධිපත්‍යය අදටත් ලංකාවේ දේශපාලනික සහ ආගමික යන ක්ෂෙත්‍රයන් තුල දෘශ්‍යමානව පවතිනු දැකිය හැකිය.උදාහරණයක් වශයෙන්ජ නපති ප්‍රේමදාස හැර පලමු අග්‍රාණ්ඩුකාරවරයාගේ සිට වත්මන් ජනාධිපති දක්වා ලංකාවේ සියළුම නායකයින් ගොවිගම කුලයට අයත් පුද්ගලයින් වීම දැක්විය හැක.

ආගමික ආධිපත්‍යය සැළකූ කල දළදා වහන්සේගේ සහ දළදා මාලිගයෙහි භාරකාරීත්වය ගොවිගම කුලයෙහි ආගමික සංස්ථාව වන මල්වතු අස්ගිරි මහාවිහාරය සහ ශ්‍යාමෝපාලි මහා නිකාය යටතේ පමණක් පැවතීමත් උදාහරණයක් වේ. උප කුල ගනනාවකින් සමන්විත වන අතර ගොවිගම කුලයේ විශාල ලෙස ඉඩම් හිමි ප්‍රභූ ස්තරය ‘රදල’ යන නමින් හැඳින්වේ.මෙම ස්ථරය උඩරට සමාජයේ කැපී පෙනෙන කණ්ඩායමකි.අනර්ඝ ගෘහ නිර්මාණ ලක‍්ෂණ සහිත පාරම්පරික සුවිශේෂ කුල උරුමය තහවුරු කරන ‘වලව්ව’ ගොවිගම රදල පේරුවේ විශේෂ සංඛේතයක් විය.උඩරටට අමතරව මෙම වලව් දකුණු පලාත සහ බස්නාහිර පලාත් වලද ව්‍යාප්තව පවතී. [1][2]"

රොබට් නොක්ස්ගේ වාර්ථා[සංස්කරණය]

ඔවුන්ගේ පාරම්පරික ඉඩකඩම්, ගරුත්වය වැඩෙන පරිදි සමාජයේ සියල්ල නිර්මාණය කර ගෙන ඇත. විවාහය මගින් රදල ගොවිගම පවුල් එකිනෙකා සමග සමීපව බැඳී සිටින අතර මෙමගින් බලය හා ඉඩම් හිමිකම පිළිබඳව තම ඒකාධිකාරීත්වය රැක ගැනීමටත්, අලූතින් පොහොසත් වූ පිරිස් සමග මිත්‍ර වීමෙන් වැලකීමටත් විශේෂයෙන් උනන්දු වූහ. මොවුන් සාම්ප්‍රදායික සමාජයේ ප්‍රභූ පංතිය වූ අතර ස්වභාවයෙන් බුද්ධිමත් වූද, ස්ථීර සාර ගතිගුණෙන් යුක්ත වූද,මනා පෞර්ෂය ඇත්තාවූද රාජ්‍ය සේවය සඳහා ඉතා සුදුස්සන් වේ. ගොවි කුලයේ දෙවන මට්ටම ‘ගොවි’ යනුවෙන් හැඳින්වේ. සිංහල ජනගහනයෙන් අති බහුතරය මේ ගනයට අයත්ය. ඇතැම් උඩරට ප්‍රදේශ වල මේ මට්ටම හැඳින්වීම සඳහා ‘රටේ ඇත්තෝ’ , ‘රට කෝරළේ’ වැනි පද යොදා ගැනේ. ගොවි කුලයේ සෙසු පහත උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.

මොවුන් කේරළයේ සිට පැමිණි පිරිස් වලින් ගොවිගම කුලයට අන්තර්ග්‍රහනය වූ පිරිසක් ලෙස සැලකේ.එම නිසාම ප්‍රධාන ගොවිගම කුලයට වඩා පහත්යැයි සැළකේ.


ඉහල කොටස:

  • රදලකම්/මුධලි පෙරුව
  • පයිධ පෙරුව (පනිවිඩ)
  • වැදිවන්ස (මොවුන් ආර්ය සිංහලයන් නොව​, එම ප්‍රදේසවල මුල් ඉඩම්කරුවෝ වූ වැදි ජනයා⁣ගෙන් පැවත එන්නන්ය​)

පහල කොටස:

  • නිලමක්කාරයෝ - වී වගාව​
  • පට්ටි - එඩේර​/ගව පාලන​
  • විරමෙස්ත්‍රගොල්ල
  • පොරෝකාර - ගස් කැපීම​
  • ඇත්වල පනික්කියො - අලි කෑම සැපයීම​
  • මල්කරුවො - මල් සැපයීම​
  • කුට්ටන්වල ඇත්තො (කෙවුලො) - වෙව් මාලු මැරීම​
  • බලිබත් ගමයො - පන්සල්/දෙවාල පූජා බත් සැපයීම​
  • ගත්තර(ගස්තර ලෙසද ව්‍යවහාර වේ) කුලයන්
  • ටිබිල්ලො

ගත්තර කුලය[සංස්කරණය]

ගත්තර හෝ ගස්තර ලෙස හඳුන්වන ජන කොට්ටාශය ගොවිගම කුලයේ පහළ උප කොටසක් ලෙස හැඳින්විය හැක. මෙම කුලයට අයත් පිරිස වර්තමානය වන විට අල්ප වී තිබේ. අද වන විට මොවුන් මතුගම සහ ඇල්පිටිය යන ප්‍රදේශ වලට සීමාවීමක් දැකගත හැකිය.

කරාව කුලය[සංස්කරණය]

ධීවර කර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් ලංකාවේ මුහුදුබඩ තීරුව පුරා විහිදී සිටින කුලයකි. අනුරාධපුර රාජධානියෙ අබයගිරි විහාර ශාලාව කරාව කුලය ලංකාවේ පලමුවෙන්ම සදහන්වෙ. මයිකල් රොබට්ස්ගේ මතය අනුව තංගල්ලේ සිට මීගමුව දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල කතා කරන කරාව ප්‍රජාවද, මීගමුවේ සිට පුත්තලම දක්වා වන මුහුදු තීරයේ ජීවත් වන සිංහල හා දෙමළ යන භාෂා දෙකම කතා කරන ‘කරාව’ හා ‘පරවර’ ප්‍රජාවද, නැගෙනහිර මුහුදු තීරයේ ජීවත් වන දෙමළ කතා කරන ‘කරයාර්’ ප්‍රජාවද යන සියලූ සමාජ කණ්ඩායම් එකම සමාජ කණ්ඩායමකට අයත් වේ.මොවුන්ගෙන් බහුතරය මෙරට රජුගේ යුධ සේවයට චේරයේ(කේරළයෙන්) සිට ගෙන ආ ද්රවිඩයන් වේ.


විසිවන සියවසේදි බ්‍රිතාන්‍යන් මගින් ගොවිගම කුලය සතුවූ දේශපාලන බලය දුර්වල කිරීමේ අරමුණින් යම් යම් බලතල අනෙක් කුල වලටද ලබා දීමට කටයුතු කල අතර ඉන් එක් කුලයක් වූ කරාව මිනිසුන්ද ක්‍රිස්තියානි දහම වැලදගනිමින් රජයේ තනතුරු වලට ඇතුළු වෙමින් යම් සමාජ මට්ටමක් ගොඩනගා ගන්නා ලදී.මේ සදහා සිංහල මහා සංඝයා අතර පැවති කුලබේදයද හේතුවු බව සැළකේ.එකල ගොවිගම කුලයට පමණක් උපසම්පදාව දැරීමට අයිතිය ඇතිබවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නිකුත් කර තිබූ රාජ අණ සහ බෞද්ධ භික්ෂූන් සහ බෞද්ධ සමාජය මගින් කරාව මිනිසුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ මසුන් මැරීම පහත් ක්‍රියාවක් ලෙස සැළකීම කාරාව මිනිසුන් බුදු දහමින් ඈත්ව ක්‍රිස්තියානි ධර්මය වැලදගැනීමට හේතුවූ බව සදහන්ය.


ක්ෂත්‍රිය කෞරව වංශිකයන් හෙළදිවෙහි වාසය කරන්නේ බුදුන්ගේ කාලයටත් පෙර සිට බවත් බුදුන් වහන්සේ හෙලදිවට වැඩමකල අවස්ථාවක තම නෑයින් හමුවීමට කාචර ගාමයට ගිය බවත්

තංගල්ල සිට හලාවත දක්වා මුහුදු බඩ පටු තීරයක ජීවත් වන ජනගහනයෙන් බහුතරය කරාව කුලයට අයත්ය. මොවුන් අතරින් මොරටුවේ සිට හලාවත දක්වා වන තීරයේ ජීවත් වන කරාව ප්‍රජාවගෙන් අති විශාල බහුතරය කතෝලිකයන් වන අතර පානදුරේ සිට තංගල්ල දක්වා විහිදී යන තීරයේ ජීවත් වන ප්‍රජාවෙන් බහුතරය බෞද්ධයන්ය. කරාව කුලයට අයත් කතෝලික මිශ්‍ර පරම්පරාවක් වන නාකුලුගමුව පරම්පරාව තන්ගල්ල, බෙලිඅත්ත ප්‍රදේශය වල ඉතා ප්‍රසිද්ධය. වර්තමානයේ එම පරම්පරාවේ උදවිය කොළඹ, වත්තල, රත්නපුර, පරකඩුව වැනි ප්‍රදේශ වල විසිර ඇත.

උප කුලයන්;

  1. මුධලි පෙරුව
  2. නාවිකයො
  3. වඩූවො
  4. හෙල බැඳි කරා
  5. කොල බැඳි කරා
  6. ටොක් කෙවුල්කරා
  7. ඉදමල් කෙවුල් කරා
  8. ගම් බැඳි කරා
  9. හුණු කරා
  10. දැල් කොටු කරා

සලාගම කුලය[සංස්කරණය]

සලාගම කුලය මුහුදු බඩ ප්‍රදේශ වලට සීමා වූ කුලයකි. සලාගම කුලයේ ජනයා බහුතරයක් බෞද්ධයන් සුලුතරයක් කතෝලිකවෙ. මහා විජයබාහු රජ (1055-1010) එතුමාෙග් ඔටුණු පැළැදවීෙම් උත්සවය සඳහා උතුරු ඉන්දියාෙව් සාෙලයියා ගම (ශාලිගාම) වාසී උසස්බාහ්මණ පිරිසක්ය පැමිණ කර ඇති අතර මෙම කුලය ඔවුන්ගෙන්තා පැවැත්ව එන බවට මිථ්‍යා විශ්වාසයක් ඇත. පශ්චාත් කාලීනව ඔවුන් කුරුඳු වැවිලිකරුවන් වි මේ විදේශ විනිමය උපයන්න ගත් අතර පහත රට යහමින් මුදල් තිබු කුලයකි. ගොවිගම කුලයට සපෙක්ෂව පහත් කුලයක් වන නමුදු අනෙක් කුලවලට වඩා උසස් යයි සැලකේ සලාගම කුලය ලංදේසි යුගය වන විට බෙදී පැවතියේ මහාබ්‍රාහ්මණ සලාගම සහ ශින්න බ්‍රාහ්මණ සලාගම ලෙසිනි.ඒ අතරින් මහා බ්‍රාහ්මණ සලාගම සමූහය තුළද පණිවිඩකාර හෝ ඉලන්දාරි සලාගම, හේවාපන්න සලාගම, කුරුදුකාර සලාගම, ඌලියන්කාර සලාගම ලෙස උප වර්ග 4 කි. ශින්න බ්‍රාහ්මණ සමාජය තුලද සුත්ත,පට්ටි,රදා,බෙරවා ගැහුත්තර ලෙසින් උප වර්ග 5කි. හින්න බ්‍රාහ්මණ සමාජයේ එක් කොටසක් සලාගම සේවක පක්ෂයක් ලෙසින් බෙදී සිටී. එම සේවක පක්ෂ ආරම්බභය හින්න උප කුලය ට එහි ඉතිහාසය සමඟ ගලපන කළ ඉතා පසුකාලයේ සිදුවූවකි. කුරුඳුකාර හාළින්, අනෙතුක් හාළින් වර්ග තලා පෙලා දැමීම හේතු කොටගෙන මෙම හින්න කුලයේ රදා ගැහුත්තර සහ බෙරවා කොටස් ඇරඹුන බව සඳහන් වේ. තතු හරිහැටි නොදත් පර්‍යේක්ෂකයන් හින්න උප කුලය කුලයක් ලෙසින් වර්ග කරයි.

නැතහොත් රදා කුලයට ඇතුලත් කරයි. එනමුදු හින්න යන්න උප කුලයක් බව තරයේ වටහා ගත යුත්තේය. ගොවිගම කුලය සමඟ සලාගම කුලය සසඳන විට පහත් වුවත් සලාගම කුලය අනෙක් කුලයන්ට වඩා උසස් යැයි පිළිගැනීම හේතු කරගෙන හින්න ප්‍රජාව මහ සලාගම කුලය සමඟ සසඳන විට පහත් වුවත් අනෙක් කුල වලට වඩා ඉහළ බව පිළිගැනේ. දකුණු වෙරළබඩ ගමක් ඇර ගමක් සලාගම කරාව කුල මාරුවෙන් මාරුවට වෙසෙන්නා සේ සලාගම ග්‍රාම තුලද මහ සලාගම සහ හින්න සලාගම වෙන වෙනම ප්‍රදේශ සාදාගෙන ජීවත් වෙයි. මහ සලාගම් කුලයට අයත් ඉපැරණිම වලව්ව වන්නේ බලපිටියේ බ්‍රාහ්මණ වත්ත වලව්ව වන අතර හින්න සලාගම වංශයට අයත් ඉපැරණිම වලව්ව වන්නේ පොතුපිටියේ කංකානම් වලව්වයි. ලංකාව පුරා ප්‍රකට මහා ධානපතියන් බිහිවූවේ බලපිටියේ මහ කප්පින ආදී වලව්, ලංකාවේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස විසුවා වූ අහුංගල්ල ආරච්චි වලව් ආදිය සලාගම එක් පවුලක් ලෙසින් උපවර්ග නොසලකා රැකගතයුතු වන්නේය.ගොවිගම කුළයෙක් පිට එදා මෙදා තුර රට පාලනය කළ එකම රාජ්‍ය නායකයා වන්නේ හින්න කුලයේ සාමාජිකයෙක් වන, බලපිටිය අහුන්ගල්ල් එන් විකාශය ඌ ආර්. ප්‍රේමදාස මහතා පමණි. සලාගම සමාජය විසින් බුදුසසුනට රටට දැයට සිදුකළ මෙහෙය පිළිබඳ බොහෝ සාදක පානදුරේ සිට ගාල්ල දක්වා සලාගම බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල සංචාරය කරන අයෙකුට මනාව පසක් කරගත හැක්කේය.ව‍ර්ථමානය දක්වාම ජනගහනයෙන් 80%කට වැඩි සලාගම පිරිස් වෙසෙන ග්‍රාම ලෙසින් පිංවත්ත තල්පිටිය පොහද්දරමුල්ල පොතුපිටිය වස්කඩුව කලමුල්ල කුඩාපය්යාගල බේරුවල මොරගල්ල කළුවම්මෝදර මහඉදුරුව කොස්ගොඩ අහුන්ගල්ල බලපිටිය බ්‍රාහ්මණාවත්ත ආඳාදොළ මාදම්පාගම වේනාමුල්ල අකුරළ රත්ගම බූස්ස දඩැල්ල ආදී ග්‍රාම සඳහන් කළ හැක. එමෙන්ම රාජ්‍ය නාකයෙක් ලෙස රටේ විශාල දියුණුවක් කිරීමට අලුත් සංකල්ප රැසක්ම හඳුන්වා දුන් ප්‍රේමදාස ජනාධිපති සැලකිය හැක. ඇඟලුම්හල් ඇරඹීම, සෙවණ සරණ මාපිය කැපකරු ක්‍රමය, දුම්වැටි මත බදු පැනවීම, බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටුවීම, දළදාවට රන් වියන් බැඳීම, මාලිගාවිල ඇතුළු පිලිම නැවත පිහිටුවීම, IMF සහය ඇතිව ජ වි පෙ විනාශ කළ ආර්ථිකය ගොඩ නැංවීම ආදී ක්‍රියා රැසක් ඉටු කළේය.

දේව[සංස්කරණය]

විජයාගමනයට පෙර ශ්‍රී ලංකාවේ ජීවත් වූ යක්ෂ, නාග, දේව වංශය, රාක්ෂ යන ගෝත්‍ර හතර අතරෙන් කුලයක් ලෙස නොව ගෝත්‍රයක් ලෙස සැලකිය හැකි ජන කොටස වන්නේ දේව ගෝත්‍රික ජනතාවයි. හින්දු ආගමික මූලයන්ගෙන් පැවත නොඑන ඇදහීමවලට අනුව දේශීය දෙවියෙක් සේ වර්තමානයේ අදහන මහ සමන් දෙවියන් යනු අතීත දේව වංශිකයන්ගේ රජු වූ අතර බුදු හිමියන්ගෙන් ධර්ම ශ්‍රවණය කොට මාර්ග ඵල ලබා ගත් අපරටේ රාජ්‍ය නායකයාද වේ. නමුත් කාලිංග මාඝ යුගයේ සිට විපරිත ගොවිගම කුලය මූලික කොටගත් බ්‍රාහ්මණ වෙල්ලාල කුල ක්‍රමයේ ආරම්භයත් සමග ඔවුන් උස් කදු මුදුන්වල ජීවත් වීම ආරම්භ කලේ තම "වංශපුර්නත්වය" රැක ගනිමිනි. එනිසා ඔවුන් වංශපූර්ණ නොහොත් වහුම්පුර ලෙස හදුන්වාගත් බව බව පෙනේ.

ගොවිගම කුලයට පසුව සිංහල ජනගහනයෙන් දෙවන විශාලතම ජනතාව වන දේව ගෝත්‍රිකයන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටිති. පන්ඩුකාභය රජ සමයේ යක්ෂ, නාග, දේව, රාක්ෂ ගෝත්‍ර හා විජය ඇතුලු පිරිස එක්ව සිංහල ජාතිය ලෙස එක්සත් වීමෙන් පසු දුටුගැමුණු රජරජතුමාගේ සෙන්පතිවරු සේ බොහෝ දේව ගෝත්‍රික නායකයන් කටයුතු කලහ. අනුරාධපුර යුගයේ මෙරට පාලනය කල ලම්බ්භකර්ණ වංශිකයන්ද දේව ගෝත්‍රිකයන් බව ඉතිහාසයේ සදහන් වේ. සිංහල රජවරු මෙම දේව කුලයට අයත් වේ.[තහවුරු කර නොමැත]

වීරසුන්දර බණ්ඩාර නම් ගොවිගම පියෙක් හා කොස්බොක්කේ විමලු නම් බත්ගම මවකගෙන් උපන් යටිනුවර පේරාදෙණිය ඒදෙඩුවාවේ කොනප්පු බණ්ඩාර විමලධර්මසූරිය 1 නමින් උඩරට රජවීමෙන් හා ඔඔහුගේ පසු පරම්පරාව ඊනියා සූර්ය වංශ විවාහ සොයා කේරළ ද්‍රවිඩයන් සමග විවාහ බැදී පසු කාලිංග මාඝ යුගයේ ආරම්භ වූ ගොවිගම වෙල්ලාල මූලික හින්දු කුල ක්‍රමය මනාව මෙරට ස්ථාපනය විය. මෙනිසා කන්ද උඩරට මූලිකව කදු පලාත් වාසභුමි කරගත් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර උඩරට රජුන්ට දැකුම් සතුටු පඩුරු ලෙස ඉඩම් ලබා ඉඩම් හිමියන් වූ රදල පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මහනුවර යුගයේ ඔවුන්ට අයත් කාර්යයන් විය. (මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී.

බත්ගම කුලය (පදු කුලය)[සංස්කරණය]

ලංකාවේ අනුරාධපුර යුගයටත් එහා ගිය ඉතිහාසයක් සහිත කුලයති.ශ්‍රී රාවනා රජුගෙන් පැවත එන යක්ක ගෝත්‍රික ජනයාගෙන් පැවත එන්නන් සේ සැලකේ.අතීතයේ එනම් අනුරාධපුර යුගයේදී මොවුන් බලත්ත කුලිකයන් වශයෙන් හදුන්වා ඇති අතර එය එකල පැවති උසස්ම කුලයක් වන බවත් සමාජ මතයකි.අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ සතර දොරටු බාරව කටයුතු කර ඇත්තේද මෙම බලත්ත කුලිකයන් විසිණි. අතීතයේ සිදුවූ මහා නිර්ම‍ානයන් සියල්ලක්ම පාහේ මොවුන් අතින් සිදුවී ඇති බව සැලකේ.එමෙන්ම පුලස්ති රිසිවරයාගෙන් පැවත එන හෙළ වෙදකම තවමත් එලෙසම මොවුන් අත පවතී. පැවරුණු රාජකාරී අතර ප්‍රභූන් ගමන්ගත් දෝලා හා පැලැක්කි ඔසවාගෙන යාම, පෙරහැරවල කොඩි රැගෙන යාම, යුද සේවා වලට සහභාගී වීම, යපස් ගැරීම, කාණු හෑරීම් ආදිය ඇතුලත්ය. කුලය වර්තමානයේ ඉඩම් හිඟය, විරැකියාව සහ ප්‍රචණ්ඩකාරී ප්‍රවණතා වලට වඩාත්ම ලක් වූ කුලයක් බවට පත්ව ඇත.වර්තමානයේ බිම් පාළු ගැලවීමේ වෘත්තියේ නිරත වේ.

ශ්‍රී ලංකාවේ දෙමළ කුල ක්‍රමය[සංස්කරණය]

වර්තමාන ශ්‍රි ලාංකික දෙමළ ජනතාව අතර තිබෙන සිංහල කුල ක්‍රමයට සමාන කුල වර්ග.

වෙල්ලාල - සිංහල ගොවිගමට සමානවේ. කරෛයියර් - කරාව " පරෛයියර් - බෙරව " නලවර් - දුරාව " පල්ලර් - බත්ගම " තුරුම්බර් - හීන "

දකුණු ඉන්දීය සංස්කෘතික කලාපයේ තිබුණු මේ හා සමාන කුල ක්‍රමය සමග ඒ පෙදෙස්වලින් කෙරුණු සංක්‍රමණයන්ද හේතුවෙන් ඉහත සඳහන් කළ සමානකම් සිදු වන්නට ඇත.

කොවියාර් නම් තවත් කුලයක් තිබෙන අතර එම කුලයේ සමහරුන් තමන් සිංහල ගොවි කුලයේ යයි කියා ගනිති. මොවුහු යාපනය රාජ්යේය උතුර අල්ලා ගැනීමේදී දෙමළ ප්‍රදේශවල හුදෙකලා වූ අයයි. සිංහලයන් අතරේ මෙන්ම උතුරේ කුල ව්යු හය නැගෙනහිර දෙමළ කුල ක්‍රමය සමග සැසඳීමේදී කිසියම් වෙනසක් පෙන්නුම් කරයි. වෙරළ බඩ පෙදෙස් හැරුණු විට අනිකුත් ප්‍රදේශවල වෙල්ලාල කුලයේ අය දෙමළ කුල ක්‍රමයේ ඉහළින්ම සිටින අය වෙති. වෙරළ බඩ කලාපයේ අනිකුත් අයට වඩා සංස්කෘතිකමය හා ගති සිරිත් අනුව ආධිපත්‍යය පවත්වාගෙන යන්නේ කරෛයර් කුලයේ අයයි. නැගෙනහිර මුහුදු බඩ පෙදෙස්වල ධීවර කුලවල අය සංඛ්‍යාත්මකව වැඩි අතර ඔවුන් උතුරේ සිට අලුතෙන් පැමිණි වෙල්ලාල කුලයේ අය හැරුණු විට කුල ක්‍රමය තුළ ඉහළින් ආධිපත්‍යය දරා සිටිති. පරස්පර ලෙස පෙනුණද උතුරේ කුල ක්‍රමය තුළ පහළින්ම සිටින මුක්කුවා කුලයේ අය නැගෙනහිර දී ඉහළින් සිටිති.

මෙයද බලන්න[සංස්කරණය]

ලේඛන මූලාශ්‍ර[සංස්කරණය]

  • අමරසේකර, දයා. 1988, ශ්‍රී ලංකා සමාජය (සමාජ විද්‍යාත්මක විමසුමක්)
  • අයිවන්, වික්ටර්. 1990, ශ්‍රී ලංකාවේ නූතන කැරළිකරුවන්ගේ සමාජ පසුබිම
  • නොක්ස්, රොබට්. 2003, එදා හෙළදිව, ඩේවිඩ් කරුණාරත්න:(පරි)
  • පීරිස්, රැල්ෆ්. 1964, සිංහල සමාජ සංවිධානය (මහනුවර යුගය)
  • සිල්වා, කේ.ටී. 2005, කුලය පන්තිය සහ ලංකාවේ සමාජ ගැටුම්
  • යාල්මාන්, නූර්. 2004, කුල ක්‍රමයේ නම්‍යශීලී බව: උඩරට ගමක අත්දැකීම්, නිස්සංක, රුක්මණී. (පරි) ඉඳුවර
  • Ryan, Bryce. 1953, Cast In Modern Ceylon.
  1. උඩරට ගිවිසුම, http://si.wikipedia.org/wiki/%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80:Udarata_giwisuma.jpg, ප්‍රතිෂ්ඨාපනය 2022-09-30 
  2. Pilimatalavuva