සාකච්ඡාව:ශ්‍රී ලංකාවේ කුල ක්‍රමය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

කුල ක්‍රමයේ බමුණු මතය[සංස්කරණය]

කුල ක්‍රමය සංකීර්ණය. කුල ක්‍රමය මානවයාගේ ස්වභාවික පාලන අවශ්‍යතාවයකි.ඉන්දියානු කුල ක්‍රමය ඊටත් සංකීර්ණය .එහිදී වැදගත් කරුණු කීපයක් ඔස්සේ එය විමර්ශනය කිරීම වැටී. ඉන්දියාවේ මුල් කාලයේ හින්දු ආගම යනු ආගමක් ලෙස පැවතිය එකක් නොවේ., එය පර්සියාවේ> පකිස්ථාන දිශාවේ සිට වර්තමාන ඉන්දියාව දෙසට ආක්‍රමණය කළ ජනවාර්ගික කණ්ඩායමක් වන බ්‍රාහ්මණයින් විසින් නිර්මාණය කරන ලද පාලන සංස්කෘතියකි.එතෙක් ගෝත්‍ර වශයෙන් ගතකල මිනිස්සුන් එනම් ප්‍රදේශයේ ස්වදේශිකයන් පහත් කුලවලට පත් කළ අතර ඔවුන්ගේ පාලනය පවත්වා ගැනීම සඳහා කුලවාදය නමින් සමාජ පාලන ක්‍රමයක් ස්ථාපිත කළහ. බ්‍රාහ්මණයන් සංක්‍රමණිකයන් නොව ආක්‍රමණිකයන් විය. විවිධ ගෝත්‍රවල සහ ආගම්වල දෙවිවරුන් හින්දු ආගමට ඒකාබද්ධ කිරීම සඳහා බ්‍රාහ්මණයෝ එයම පසුව බහු දේවවාදී ක්‍රමයක් ද නිර්මාණය කළහ. එකල බහුවිධ ගෝත්‍ර තුළ පැවති ගෝත්‍රික ගැටුම් දියකර හැරීමට මෙම ක්‍රියාවලිය ඉවහල් විය. මෙය ලංකාවේ යක්ෂ නාග දේව වංශ වලින් සිංහලය ජාතියක් ලෙස නිර්මාණය වීමට සමානය. බ්‍රාහ්මණයන්ගේ මූලික මූලධර්මය වූයේ අවශෝෂණ මූලධර්මයයි. මුළු අර්ධද්වීපයේම ප්‍රමුඛව පැවති බුදුදහම ඉන්දියාවෙන් තුරන් වීමට එය මුලිකව හේතුව විය. බුදුදහම ඉන්දියාවෙන් අතුගා දැමූ අය පවසන්නේ බුදුන් හින්දු භක්තිකයන්ගේ දෙවියෙකු බවයි. ඒ සමග්‍රහණය වීමේ බ්‍රාහ්මණවාදයයි. RsEkanayake 09:16, 13 ජනවාරි 2023 (යූටීසී)[reply]