විකිපීඩියා:මකාදැමීම සඳහා යෝජිත ලිපි/ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය[සංස්කරණය]

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (සංස්කරණය|talk|ඉතිහාසය|සබැඳි|මුරකිරීම|ලඝු-සටහන්) – (View log)
(තොරතුරු ප්‍රභව: ගූගල් (පොත්  පුවත්  scholar  නිදහස් රූප  WP refs FENS  JSTOR  NYT  TWL)

[[පරිශීලක:තඹරු විජේසේකර පිළිගත නොහැකි එකමුතුවක් නිසා විකි පිටුවක් සඳහා උචිත නොවෙයි. තඹරු විජේසේකර සාකච්ඡාව 18:13, 20 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

සාකච්ඡාව[සංස්කරණය]

  • මකාදැමීමට විරුද්ධතාවයක් නොමැතිව අදට දින පහක් (5) ගතවී ඇත. --Lee (talk) 08:51, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • රජයේ ලියාපදිංචි නොවීම මකා දැමීමට හේතුවක් නොවේ. එහි ඇති තොරතුරු සත්‍ය නම් ලිපිය පවත්වා ගෙන යා යුතුයි. කිසියම් ලිපියක තොරතුරු අසත්‍ය නම් වුවද සංස්කරණය කොට පවත්වා ගෙන යා හැකිය. පරිශීලකයා විසින් විකිපීඩියාවෙන් පිටත මෙම ආයතනයට විරුද්ධව ගෙන යන ව්‍යාපාරය පෞද්ගලික වෙයි. එය විකිපීඩියාවට අදාල නොවෙයි. මකාදැමීමට විරුද්ධත්වය පල කරමි.--- Shwetha (talk) 09:53, 25 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • පෞද්ගලික ගැටළු විකිපීඩියාවට ගෙන ඒම කිසිසේත් යුතු නොවෙයි. ඔවුන්ගේ මූලික පරමාර්ථය SEO වාසි ගැනීමයි. ඕනෑම කෙනෙක් ගූග්ල් කළ විට විකි ලිපියක් දුටුවිට එය සත්‍යයකැයි සිතයි. එසේ නම් අපේ ගම්වල සිටින සෑම සංවිධානයකට ම, මිතුරු හවුලකට ම, කෝපි කඩේ සෙට් එකටත් ලිපි තිබිය යුතුයි. ලිපියක් සඳහා සුදුසුකම් ලබන්නට තරම් මේ සංගමයේ තත්ත්වයක් නොමැති නිසා මෙම යෝජනාව කළ අතර ඉන් එපිට කිසිදු අරමුණක් නොමැත. කිසියම් ම කෙනෙක් තොරතුරු තාක්ෂණය තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයට භාවිතා කරමින් ජනතාව බියවද්දන්නේ නම් ඔවුන් පිළිගත හැකි පිරිසක් වන්නේ නොවෙයි. "ශ්‍රී ලංකා" යන නම සමඟ ඔවුන් රජයේ අනුග්‍රහයක් ඇති බව සමාජ ජාලවල මවා පාමින් ජනතාව සහ මාධ්‍යයන් නොමඟ යවන අතර දැන් ඔවුන්ය එය විකිපීඩියාවට ගෙනැවිත් ඇත්තේ. එහෙයින් ඊට උල්පන්දම් නොදී අනවශ්‍ය වාසි සලසා ගැනීම වළක්වනු වස් මෙය මැකිය යුතු යැයි තවදුරටත් යෝජනා කරමි. --තඹරු විජේසේකර සාකච්ඡාව 02:00, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]
  • ඔවුන් පිළිබඳ කරුණු අවබෝධ කරගැනීම පහසු කරනු පිණිස සහ මකා දැමුම තහවුරු කරනු පිණිස පහත ලින්ක් සහ කරුණු ඉදිරිපත් කරමි.
  1. ෆේස්බුක් පිටුව - මෙහි සිටින්නේ 2000කටත් අඩු පිරිසක් වන අතර තනි පෝ්ස්ට්වල ඇති ප්‍රතිචාර ද අවමය. පළ කරන ලද ඒවායෙන් තොරතුරු තාක්ෂණය යනු බිය විය යුතු දෙයක් ය යන්න විදහා පාමින් Clickbait ආකාරයේ පුවත් පළ කරති. එසේම ඔවුන්ගේ සිංහල භාවිතය සැලකිල්ලට ගන්න. පැරණි නිවේදනවල ශ්‍රී ලංකා ධජය යොදාගෙන ඇති ආකාරය බලන්න. ඔවුන් තොරතුරු තාක්ෂණයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූවන් නොව, තමන් වෙත අවධානය ලබා ගැනීම සඳහා එකතුවුණු හුදෙක් මිතුරන් කණ්ඩායමක් බව මෙය ම සාක්ෂි දරයි.
  2. ITSSL.pdf ජනමාධ්‍ය ආයතන සඳහා සැකසූ ලිපියක අන්තර්ජාලයෙන් එල්ලවන විරෝධය දක්වන පිටුවක්. මෙම සංගමය මූලාශ්‍ර පිළිබඳව කිසිදු අවධානයකින් තොරව, දකින දකින සෑම දේටම නිවේදන පළ කරන විහිළුකාරීන් පිරිසක් බව විවිධ අය පෙන්වා දෙති.
  3. මෙම තොරතුරු ගොනු කිරීමට පෙර, ඔවුන්ගේ පදනම තහවුරු කිරීමට අවස්ථාව ලබාදෙමින් සභාපතිතුමා වෙත යොමු කරන ලද ඊමේල් ලිපියට ඔවුන් ප්‍රතිචාර නොදැක්වූ අතර, අවම වශයෙන් සභා වාර්තා හෝ තබා ගන්නා සංගමයක් නොවන බව පසුව පෙනී ගියේය. තනතුරු පත් වූ ආකාරය, ඉදිරි සැලැස්ම ආදී කිසිවක් නොමැතිව ඕපපාතිකව පහළ වූ පිරිසකට රටේ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුවත් මැවීමට ඉඩදීම කෙතරම් සාධාරණදැයි නොපෙනේ. ලෝකයේ අනාගතය තාක්ෂණය බැවින්, තාක්ෂණික විද්‍යාගාර තම පාසලට එපා යැයි පවසන දෙමව්පියන් සිටින සාමාජයක, තවදුරටත් අපේ රටේ ජනතාවට තාක්ෂණය යනු බියවිය යුත්තක් ය යන්න පෙන්වා දීමට ඉඩ හැරිය නොහැකිය. මේ සංගමය ඒ කටයුත්ත නම් මැනවින් ම කරමින් සිටිති. සැබැවින් ම ඔවුන්ට අවශ්‍ය වූයේ දැනුම සැපයීම නම්, බ්ලොග් අඩවියක් අරඹන්නට තිබිණි. මෙය හුදෙක් ම අවධානය ලබා ගැනීමට කරන පුහු මවා පෑමකි. එය සිංහල විකිපීඩියාව වෙත ද ගෙන ඒම කනගාටුදායක ය. --තඹරු විජේසේකර සාකච්ඡාව 02:36, 26 සැප්තැම්බර් 2019 (යූටීසී)[reply]

දැනට දින කිහිපයකට පෙර මොහු ජනතාව බියගැන්වෙන, ව්‍යාජ ප්‍රවෘත්තියක් පල කරනු ලැබුවා අගමැතිතුමාගේ වෙබ්අඩවිය ඇතුලු රජයේ පද්ධති හැක්වී ඇති බවට. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම අසත්‍ය ප්‍රකාශ පැතිරවීම ගැන රජය විසින් කරන ලද පැමිණිල්ලට අනුව "සභාපතිවරයා" ‌ගෙන්වා කටඋත්තර ගනු ලැබුවා. දැන් ඔහු මෙම "සංගමයේ" වෙබ් අඩවියද අක්‍රිය කර, දැන් ෆේස්බුක් හි සමාව අයැද පෝස්ට් එකක් දමා ඒහි කමෙන්ට් වසා ඇත. එම පෝස්ට් එකෙන් සභාපති යන කොටස හැලී ඇත. ලිපි ශීර්ෂය ද හැලී ඇත. https://www.facebook.com/itssl.org/photos/a.2552308864793754/4350882138269742/ වෘත්තීමය නොවන, හුදෙක් ප්‍රකාශ නිකුත් කර තම පෞද්ගලික ප්‍රසිද්ධිය ලබාගනු පිණිස තරුණ දරුවෙකු විසින් අටවාගනු ලැබූ නාමික ලිපිශීර්ෂවලට සීමා වූ මෙම නාමික සංවිධානය සත්‍යයක් බවට මාධ්‍යවේදීන් හා ජනතාව රැවටීමට මෙම විකි පිටුවද හේතුවක්. ඒයට යම් ඔ්තෙන්ටික් බවක් මෙමගින් ලැබුණා. මේ ඇත්තේ සැබෑ ලෙසම පවතින පරිගණක වෘත්තියවේදීන්ගේ එකමුතුවයි. https://en.wikipedia.org/wiki/Computer_Society_of_Sri_Lanka මේ තිබෙන්නේ ඔහුගේ නම ගූගල් කළ විට සමු වූ තවත් ලිපියක් https://www.timesoflanka.com/2020/03/07/21-year-old-campus-student-tarnish-sampath-bank-image/


Question? මකා දැමීමට එකඟතාවයක් ඇතැයි තවම සැලකිය නොහැක. ඉංග්‍රීසි විකිපීඩියාවේ මේ සඳහා පිටුවක් නෑ නේද? වෙනත් ගතහැකි පියවරවල් ඇතොත් දැනුම් දෙන්න. --Lee (talk) 15:35, 9 ඔක්තෝබර් 2019 (යූටීසී)[reply]