රම්බොඩ උමඟ

විකිපීඩියා වෙතින්
රම්බොඩ උමඟේ පිවිසුම් කොනක්

රම්බොඩ උමං මාර්ගය ශ්‍රී ලංකාවේ දිගම උමං මාර්ගයයි. ගම්පොළ - නුවර එළිය මහා මාර්ගයේ පිහිටා ඇති මෙය රම්බොඩ කපොල්ලට විකල්ප මාර්ගයක් වශයෙන් ඉදි කරන ලද්දකි. උමග මීටර 225 දිගකින් හා මීටර 7 පළලකින් හා ධාවන මං තීරු දෙකකින් සමන්විතය​.[1] රම්බොඩ කපොල්ල හා රම්බොඩ ඇල්ල මේ උමං මාර්ගය ආසන්නයේ පිහිටා ඇත​.

මධ්‍යම පළාතේ ගම්පොළ - නුවරඑළිය(B 13)​, ගම්පොළ - නාවලපිටිය(A 5) මාර්ග සංවර්ධනය කිරීමේ අරමුණින් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක ප්‍රථිඵලයක් වශයෙන්, මෙම උමං මාර්ගයේ වැඩ කටයුතු 2006 ජූනි අරඹන ලද අතර 2008 පෙබරවාරි වන විට එහි වැඩ කටයුතු නිම විය​.[2]

2008 පෙබරවාරි මස 24 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් මෙම උමං මාර්ගය විවෘත කරන ලදී. 2008 මාර්තු දෙවන දින මෙම උමං මාර්ගය මහ ජනතාව වෙනුවෙන් විවෘත විය​.​[3]

මෙම මහා මාර්ග සංවර්ධන​ ව්‍යාපෘතියට, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා බැංකුව හරහා ජපන් රජය විසින් ජපන් යෙන් මිලියන 3,078 ක(ආසන්න වශයෙන් රුපියල් බිලියන 3.1 ක) අරමුදලක් සපයා ඇත​.[4] උමං මාර්ගය සඳහා පමණක් වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.[5]

ආශ්‍රිත[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රම්බොඩ_උමඟ&oldid=593091" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි