පරිණාමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ජීව විද්‍යාව පිළිබඳ ලිපි මාලාවෙහි කොටසකි
පරිණාමය
පරිණාමීය ජීව විද්‍යාවෙහි ව්‍යුහය සහ අනෙකුත් ජීව විද්‍යාත්මක ශික්ෂණයන් කෙරෙහි එහි ඇති සම්බන්ධතාවය.
‍යාන්ත්‍රණ සහ ක්‍රියාවලියන්

අනුවර්තනය
ජාන ප්ලාවිතය
ජාන ගලනය
විකෘතිය
ස්වභාවික වරණය
විශේෂ ප්‍රාප්තිය

පර්යේෂණ සහ ඉතිහාසය

හැඳින්වීම
සාක්ෂි
ජීවයේ පරිණාමීය ඉතිහාසය
ඉතිහාසය
අනුග්‍රහයෙහි මට්ටම
නූතන සංස්ලේෂණය
විරෝධයන් / මතභේදය
සමාජීය ආචරණය
සිද්ධාන්තයක් සහ පරිසිද්ධියක්

පරිණාමීය ජීව විද්‍යා ක්ෂේත්‍රයන්

වංශප්‍රවේණික බන්ධුතා වර්ගීකරණ ක්‍රම
පාරිසරික ප්‍රවේණි විද්‍යාව
පරිණාමීය ප්‍රවර්ධනය
පරිණාමීය මනෝවිද්‍යාව
අණුක පරිණාමය
වංශ ප්‍රවේණිය
ගහන ප්‍රවේණි විද්‍යාව
වර්ගීකරණය

ජීව විද්‍යාව ද්වාරය ·

පරිණාමය යනු පරම්පරාවෙන් පරම්පරාවට ජීව විශේෂයක ගහණයක ප්‍රවේණික ද්‍රව්‍යයේ ජාන ලක්ෂණවල වෙනස්කම් ඇතිවීමේ ක්‍රියාවලියයි. ජීවියෙකුගෙන් ඔහුගේ දුහිතෘ ජීවියාට යැවෙන ජාන මගින් මෙම ප්‍රවේණික ලක්ෂණ ඇති කරයි. ජානවල විකෘතිතාව හෝ වෙනස් ලක්ෂණ ජීවීන්ට ඇති කිරීම මගින් ජීවීන් අතර පරම්පරාවෙන් පරම්පරාවට උරුමවන ලක්ෂණ ඇති වේ. එම නිසා නව ලක්ෂණ ජීවී ගහණ අතර ජාන මාරුවීමෙන්ද (ආගමන / විගමනය ) විශේෂ අතර තිරස් ජාන මාරුවෙන්ද ඇති වේ. ලිංගිකව වර්ගයා බෝ කරන ජීවීන්ගේ ජාන ප්‍රතිසංවිධානය (recombination) මගින් නව ජාන සම්මිශ්‍රණ සෑදෙන අතර මේවා නිසා ජීවීන් අතර ලක්ෂණවල වෙනස්කම් වැඩි වේ.

පරිණාමයට හේතු සාධක වූ ප්‍රධාන ක්‍රම 2 ක් ඇත. පළමුවැන්න ස්වභාවික වරණයයි. නොනැසී පැවති වර්ගයා බෝකිරීමේ හැකියාව ඇති ප්‍රවේණික ලක්ෂණ ගහණයක වැඩිපුර ප්‍රචලිත වීමත් එසේ කළ නොහැකි ගති ලක්ෂණ වඳවීමත්ය. වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් කාර්යක්ෂමව වර්ගයා බෝකිරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මෙම වාසි දායක ලක්ෂණ ගමන් කිරීම නිසා ඉහත කී දෙය සිදු වේ. පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණවල සාර්ථක, කුඩා, අහඹු වෙනස්කම්වීම මගින් තැනට / කලට සුදුසු සේ අනුගත වේ. එම ස්වභාවික වරණය පරිසරයට ඉතා සුදුසු ජීවීන් තෝරයි. ප්‍රතිවිරුද්ධ ලෙස ජාන ගලනය ගහණයක ලක්ෂණවල සංඛ්‍යාතයෙහි අහඹු වෙනස්කම් ඇති කරයි. යම්කිසි ජීවියෙක් නොනැසී සාර්ථකව වර්ගයා බෝකරනවාද නැද්ද යන්න තුලින් එය ඇති වේ. ජාන ගලනය මගින් හෝ වරණය තුලින් ඇතිවන වෙනස්කම් කුඩා වුවද පරම්පරා ගණනාවක් තිස්සේ එකතුවන මෙම වෙනස්කම් තුලින් කාලයත් සමග ජීවීන්ගේ සැලකිය යුතු වෙනස්කම් ඇති වේ.

විශේෂය යන්නෙහි එක් අර්ථකථනයක් නම් තවෙකෙක් හා එක්ව සරු ජීවියෙක් බිහිකිරීමේ හැකියාව ඇති ජීවීන් කාණ්ඩයකටය. විශේෂ ගහණ තුළට වෙන් වූ පසු එම ගහණයන් (දෙක) අතර විකෘති, ජාන ගලනය, ස්වභාවික වරණය අන්තර්වර්ගයා බෝකිරීම් සිදු නොවේනම් නව විශේෂයක ඇරඹුමක් ඇති වේ. ජීවීන් අතර ඇතිවන සමානත්වය නිසා සෑම විශේෂයක්ම මීමුත්තෙකුගෙන් හෙමින් හෙමින් සිදුවන මෙම වෙනස්කම් නිසා අපසරණය වී පැවත එන්නැතැයි විශ්වාස කෙරේ.

පරිණාමික ජීව විද්‍යාව තුලින් පරිණාමය සිදුවූවා යන්න සඳහා කරුණු ලේඛනගත කරන අතර එය එසේ වූයේ ඇයිද යන්න සොයා බැලීමට පරීක්ෂණ සොයාගන්නා අතර ඒවාට පරීක්ෂණ ද සිදු කරයි. පොසිල වාර්තා හා ජීවී විවිධත්වය නිසා බොහෝ විද්‍යාඥයින්ට 19 වැනි ශතවර්ෂයේ මැද භාගයේ සිටම විශේෂ කාලයක් තිස්සේ වෙනස් වූ බව පැහැදිලි විය. කෙසේ වුවද, 1859 දී චාල්ස් ඩාවින්ගේ ස්වභාවිකවරණයෙන් පරිණාමයට සාධක වූ බව කියැවෙන ජීවීන්ගේ සම්භවය නම් කෘතිය එළි දක්වන තුරුම මෙම පරිණාමය කෙසේ සිදුවුනිද යන්න අපැහැදිලිව පැවතිනි. විද්‍යාඥයින්ගේ සංගමය තුළ ඩාවින්ගේ එම සොයා ගැනීම ඉතා ඉක්මණින් පිළිගැනීමට ලක් වූ අතර 1930 දී ඩාවින්ගේ ස්වභාවික වරණය මෙන්ඩලිය ප්‍රවේණිය සමග එක්කර නවතම පරිණාමික නිමැවුම බිහි වූ අතර එයින් පරිණාමයේ ඒකකය වූ ජානය සමග පරිණාමයේ ක්‍රියාවලිය වූ ස්වභාවිකවරණය සම්බන්ධ විය. මෙම ශක්තිමත් පැහැදිලි කළ හැකි හා අනාවැකි පලකළ හැකි මතය නව සමීක්ෂණ පරීක්ෂණවලට මග සෑදූ අතර (නිතර ඇතිවන නව ප්‍රශ්න නිසා), එය නව ජීව විද්‍යාවේ ජීව විවිධත්වය පිළිබඳ පිළිගන්නා පැහැදිලි කිරීම ලෙස මාධ්‍යයක වැදගත් මූලධර්මයක් බවට පත් විය.

ජීවයේ පරිණාමීය ඉතිහාසය[සංස්කරණය]

ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.

ජීවයේ පැවතී ඒම


එකම ආදී මී මුත්තෙක්ගෙන් මිනිසාට සමානකම් ඇති ජීවීන් පැවත ඒ. පෘථිවියේ සියලු ජීව සංවිධාන ආදි මී මුත්තෙක්ගෙන් හෝ ආදි ජාන පොකුණකින් පැවත ඒ. අද පවතින විශේෂඥ පරිණාමයේ යම් අවස්ථාවක සිටින අතර විශේෂ තැනීමේ හා විශේෂ නෂ්ඨ වීමේ දිගු කාර්යබාරයක නිරත වෙමින් සිටී.එනම ආදියෙක්ගෙන් පැවත ඒම, ජීවීන් පිළිබඳ සරල කරුණු 4 ක් නිසා නිගමනය කළේය.

1. “තැනට අවශ්‍ය පරිදි හැඩ ගැනීම” මගින් පැහැදිලි කළ නොහැකි භූගෝලීය වශයෙන් පැතිරීමක සිටීම
2. සර්ව සම්පූර්ණ ලෙස එක හා සමාන ජීවීන් නිසා නොව බාහිර රූපී සමානකම් බෙදාගන්නා ජීවීන් නිසා ජීව විවිධත්වය ඇති වීම
3. පැහැදිලි අරමුණක් නොමැති නමුත් ආදි ක්‍රියාකාරී වූ සමහර ලක්ෂණ අදත් සමහර ජීවීන් තුළ තිබීම
4. මෙම සමානකම් මත ජීවීන් යම්කිසි මණ්ඩලයකට අනුව කාණ්ඩ කළ හැකි වීම.

ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - පාෂාණීය ධාතු විද්‍යාව හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.

තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හද‍ා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.


ජීවයේ පරිණාමය

එකම ආදිතමයෙක්ගෙන් (මැද සිටින) අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස පෙන්වා දෙයි. රාජධානි 3 ක් වර්ණවලින් දක්වා ඇත. බැක්ටීරියාවන් නිල් පාටින්ද ආරකීඩාවන් කොළපාටින්ද ඉයුකැරියෝටාවන් රතු වර්ණයෙන් ද යනුවෙනි.

ජීවයේ සම්භවය කෙසේ වූයේද යන්න අවිනිශ්චිත වුවද ප්‍රෝකැරියෝටාවන් පෘථිවියේ ප්‍රථම ජීවීන් බව පැහැදිලිය. මෙය වසර බිලියන 3 , 4 කට පෙරය. සෛලික සංවිධානයේ හෝ බාහිර රූපාකාරයේ පෙනිය හැකි වෙනසක් මෙම ජීවීන්ගේ මී ළඟ වසර බිලියන කිහිපය තුළ සිදු වී නැත.

පරිණාමයේ මී ළඟ නවතමයා ඉයුකැරියෝටාවන් විය. ආදි ඉයුකැරියෝටාවන් විසින් ආදි බැක්ටීරියාවන් භක්ෂණය කර අන්තර් සහජීවනය පවත්වා ගැනීම නිසා මෙය ඇති විය. මෙම භක්ෂණය වූ බැක්ටීරියාවත් ධාරක සෛලයත් යන දෙකම පරිණාමය විය. එනම්, එම බැක්ටීරියාව මයිට්‍රොකොණ්ඩ්‍රියමක් හෝ හයිඩ්‍රොජනෝසෝමයක් බවට පරිවර්තනය වීමෙන්ය. ආදි ශාක හා ඇල්ගීවල දෙවැනි භක්ෂණයක් සිදු විය. එනම්, සයනොබැක්ටීරියාවක් වැනි ජීවියෙක් භක්ෂණය කිරීම තුළින් හරිතලව ඇති වීමය.

ඉසියකැරන් සාගරවල බහුසෛලික ජීවීන්ගේ උපත සිදුවන තෙක් ඒක සෛලික ඉයුකැරියෝටාවන් , ප්‍රොකායෝටාවන් ඒකියාවන් තුළ ජීවයේ අතීතය පැවතුනි. ස්පොන්ජින්, දුඹුරු ඇල්ගී, සයනොබැක්ටීරියා, පුස් හා මික්සොබැක්ටීරියාවන් ලෙසට බහු සෛලිකයන්ගේ පරිණාමය සිදු විය.

කේම්බ්‍රියන් පුපුරායෑම ලෙස හඳුන්වනු ලබන සිද්ධිය නිසා ආසන්න ලෙස වසර මිලියන 10 ක් තුළදී මුල්ම බහුසෛලික ජීවියාගේ උපතත් සමගම ජීව විවිධත්වයේ විශිෂ්ඨ ප්‍රමාණයක් සිදු විය. අද පවතින බොහෝ ජීවින්, පොසිල වාර්තාවල ද ඇතුළත්වන අතර කෙමෙන් නෂ්ඨ වී ගිය එක් පෙළපතක සිට පැවත එන්නක් විය. ප්‍රභාසංස්ලේෂණය නිසා වායුගෝලයේ O2 තැන්පත්වීම වැනි නොයෙකුත් ජීවයට මූලික වූ කරුණු කේම්බ්‍රියන් පිපිරීමෙන් යෝජනා විය. වසර මිලියන 500 කට ප්‍රථම ශාක හා දිලීර පොළව ආක්‍රමණය කර කොළණි සෑදූ අතර එය ඉක්මණින්ම ආත්‍රපෝඩාවන් හා අනෙකුත් සත්වයන් ද කළේය. උභය ජීවීන් වසර මිලියන 300 කට ප්‍රථම ඇති විය.ඉන්පසු ආදි ඇමිනියෝටාවන් ද වසර මිලියන 200 කට පෙර ක්ෂීරපායීන්ද මිලියන 100 කට පෙර පක්ෂීන්ද (දෙදෙනාම උරග වැනි සම්භවයකින් පැවතේ) පැමිණියහ. මහා ජීවීන් මෙන්ම කුඩා ජීවීන්ද ( පරිණාමික ක්‍රියාවලියේ ආදි කාලයේ විකසනය වූ අයට සමාන ක්ෂුද්‍ර ජීවීන් ) පරිණාමයේ ඉතා සාර්ථක ලෙස යෙදී පෘථිවියේ වැදගත් තැනක් ගෙන ඇත. එනම්, බොහෝ ජීව ස්කන්ධ හා විශේෂ යන දෙකම ප්‍රොකැරයෝටාවන් වීමයි.


පරිණාමයේ විශේෂප්‍රාප්තිය[සංස්කරණය]

විශේෂ ප්‍රාප්තිය යනු එක් ජීවි විශේෂයක් තවත් ජීවි විශේෂයක් නිර්මාණය කළ හැකි සත්ත්ව පරම්පරාවක් ලෙස ප්‍රභේදනය වීමේ ක්‍රියාවලි මෙම ක්‍රියාවලිය විද්‍යාගාර තුළ සහ ස්වාභවික පරිසයෙන්හි පවත්වන ලද පරික්ෂණ තුළින් නිර්ක්ෂණය කර ඇත. විශේෂප්‍රාප්තිය උදෙසා ක්‍රියාවලින් හතරක් පවති. සත්ත්වයන්ගේ විශේෂප්‍රාප්කිය සිදු කිරිම ඇලොපැථරින් විෂේඡාප්තිය ඔස්සේ වැඩි වශයෙන් සිදු කරයි. මෙහිදි සංක්‍රමණය විම වනි ක්‍රියා හේතුවෙන් භූගෝලීය තනිවන ශිෂ්ටාචාරනයන්හි සිදු වු විශේෂපත්‍රාප්තිය පිළිබද පරික්ෂණය සිදු කර ඇත.

පෙරිපට්‍රික් විශේෂප්‍රාප්තිය දෙවැනි ක්‍රියාවලිය වේ. මෙම ක්‍රියාවලියේ දි ද කුඩා ශිෂ්ටාචාර නව පරිසරක් තුළ තනි වු විට සිදුවන විශේෂ ප්‍රාප්තිය පිළිබද පරික්ෂණ සිදු කෙරේ. අලොපැට්රික් විශේප්‍රාප්තියදි විශාල ශිෂ්ඨාචාර පිළිබද ගවේෂණය කරන අතර මෙහිදී කුඩා ශිෂ්ටාචාර පිළිබද රපික්ෂණය පවත්වයි.

තුන්වන ක්‍රියාවලිය පැරපැට්‍රික් විශේෂප්‍රාප්තිය වේ. මෙහි දී පෙරිපැට්‍රික් විශේෂප්‍රාප්තියේ මෙන්ම කුඩා ශිෂ්ඨාචාර ගවේෂණ කරයි. නමුත් මෙහිදි කුඩා වශිෂ්ඨාචාර සහ මහා ශිෂ්ටාචාර දෙක පිළිබදවම ගෙව්ෂණය කිරිම පෙරිප්‍රැටික් විශේෂප්‍රාප්තියට වඩා වෙනස් වේ.

ජීවින් භූගෝලීය තිවිමෙන් තාරව හා තම ව්වාසස්ථාන වෙනස් විමකින් තොරව බේදනය වු ආකාරය පිළිබද සිම්ප්‍රැටික් විශේෂප්‍රාප්තිය තුළින් ගවේෂළුය කරනු ලබයි. මෙම ක්‍රමය තුලින් සත්ත්වයන්ගේ විශේඹප්‍රාප්තිය අවම වශයෙන් සිදු වී ඇත. එකම ශිෂ්ටාචාරය තුළ සිදුවන ජාන ගලන තුළින් නව ජීවින් ප්‍රභේද අවම විම මිට හේතු සාධක ලෙසින් දැක්විය හැකිය.



පරිණාමය සදහා වු අනුවර්තනය[සංස්කරණය]

ජීවින් හට වඩා හොඳ පැවැත්මක් සහ ප්‍රජනනයක් ඇති කිරිමේ අරමුණින් යම් නිශ්චිත ක්‍රියාකාරිත්වයක සංස්ථිතිය හෝ පැවැත්ම වැඩි දියුණු කිරිම අනුවර්තනය තුළින් සිදු කරනු ලැබේ. මෙලෙස අනුවර්තනය සිදු කිරිම එක් එක් සත්ත්ව ප්‍රභේදයන් සදහා විශේෂ වු ගති ලක්ෂණ ස්වල්ප වශයෙන් වෙනස් කිරිම කුළින් හෝ ස්වාභාවික පරිසරයට වඩාත්ම සුදුසු ලෙස විචල්‍ය ඇති කිරිමෙන් සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය තුළින් ශරිරි අංග එක් වතාවක් සේම සමහර අවස්ථාවන්හිදි ශරිර අනුවර්තන අංග නැතිවිමද සිදු විය හැකිය. උදාහරණයක් ලෙස බැක්ටීරියා අනුවර්තනය සැළකිල්ලට ගැනිමේදි මෙම අවස්ථාවන් දෙකම දැක ගැනිමට ලැබේ. එහි බැක්ටිරියාවක් ප්‍රතිජිවකය ප්‍රතිචාර දැක්විමෙහි සමහර අවස්ථාවන්හිදි බැක්ටිරියාව ඉවත් කිරිම තුළින් ප්‍රතිජිවක ඖෂධ සෛලය තුළය යෑම අවහිර කරනු ඇත. මෙලෙස ගති ලක්ෂණ වෙනස් කර ගැනිම ඉතා සරළ අනුවර්තනය ලෙස දැක්වවුද සමහර අවස්ථාවන්හිදි මෙලෙස එක් අවස්ථාවක් මුල් කරගෙන ඇති කර ගන්නා අනුවර්තන අහඹු ලෙස වෙනත් ක්‍රියාවක් සදහා ද ප්‍රයෝජනයවත් වන අවස්ථා ඇත. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු කටුස්සා හොල්පිසිස් ගැසැන්කරි කවුළු තුළ සැග වි සිටිම සදහා පැතලි හිසක් වර්ධනය කර ගන්නා ලදි. නමුත් පසු කරළක මෙම පැතලි හිස මෙම සක්තක්ව ප්‍රභේසට ගසින් ගස යෑම සදහා හොද අනුවර්තනයක් විය.

දැනට පවත්නා සංස්ථිතිය කුළින් අනුවර්තන නිර්මාණයව වන නමුත් එක හා සමන සංස්ථිතිය සහිත සත්ත්ත විශේෂයන්හි එම සංස්ථිතික අවයව කුළින් ගන්නා ප්‍රයෝජන සම්පුර්ණයෙන් වෙනස්විය හැකි. උදාහරණයක් වශයෙන් වවුලාගේ අත්තටු වල පිහිටා ඇති අස්ථි සැලැවිම මනුෂ්‍ය දැතෙහි සහ සිල් මත්සයාගේ අත්වල පිහිටා ඇති අස්ථි සැලැස්ම හා සමාන වේ. සිල් මත්ස්‍යා වවුලා සහ මනුශ්‍යයා එකම ප්‍රභේදයකට අයක් මුතුන් මිත්තෙක් මගින් පැවත එන බව විශ්වාස කරන අතරඑම මුතුන්මිත්තා සතුව ඉදිරි ගාත්‍රා වල අංගුලිකා පහක් පිහිටා තිබි ඇත. මෙම අනුවර්තනය වි මනුෂ්‍යයන් එම ප්‍රභේදයකට අයත් මුතුමිත්තා සතුව ඉදිරි ගාත්‍රා වල අංගුලිකා පහක් පිහිටා තිබි ඇත. මෙම අනුවර්තනය වි මනුෂ්‍යන් හට ඇගලි ලෙසද වවුලන්ගේ සහ සීල් මත්සයන්ගේ අත්තටු සහ අත්වල ස්ථිර ලෙස ද පිහිටා ඇත.

අනුවර්තන ක්‍රියාවලියේදි සමහර අවස්ථාවන්හි දී අයවය වල මුලික කර්තව්‍ය ගිලිහි ගොස් අවශිෂ්ඨ සැලැසක් බවට එය වික්වනු ඇත එවැනි අයවය වර්තමාන ජීවියා හට කිසිදු ප්‍රයෝජනයක් ගෙන නොදුන්නද අතීත ජීවියා හට බෙහෙවින් ප්‍රයෝජනයත් වන්නට ඇත. උදාහරණයක් වශයෙනි වර්තමානයේදි පියාසාර කිරිමට නොහැකි පක්ෂින් හට පිහිටා ඇති අත්තටු සහ කලිමසුන් සහ සර්පයන්ට පිහිටා ඇති උකුල් අස්ථිය දැක්විය හැකිය.

පරිණාමය ප්‍රේණිය[සංස්කරණය]

DNA ව්යුරහය : මධ්ය්යේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත. ජීවියෙකුගේ සමහර ගති ලක්ෂණ වැනි වෙන වෙනම ප්රලභින්න ලක්ෂණ තුළින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වේ. උදා:- ඇස්ව වර්ණය ප්‍රවේණිගත ලක්ෂණයක් වන අතර එය එක් මාතෘ ජීවියෙක් ගෙන් දුහිතෘ පියාට උරුම වේ. මෙම උරුමගත වන ලක්ෂණ ජානවලින් පාලනය කරන අතර එවැනි පාලනය කර සම්පූර්ණ ජාන කණ්ඩායමකම එම ජීවියාගේ ගෙෙනා්මය ලෙස හඳුන්වන අතර එය එම ජීවියාගේ ජාන කේතය හා ප්‍රවේණි දර්ශක එකය. ජීවියකුගේ රූපාණුදර්ශය සෑම විටම ප්‍රවේණික ලක්ෂණයක් නොවේ. තලෙළු සම උරුම වන්නේ පුද්ගලයෙක්ගේ ‍ප්‍රවේණි දර්ශය හිරු එළිය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසාය. එම නිසා තලෙළු සම ප්රයවේණික ලක්ෂණයක් නොවේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්‍රියා කරන ආකාරය වෙනස් වේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රිසයා කරන ආකාරය වෙනස් වේ. එය ඔවුන්ගේ ප්‍රිනෝමයේ ඇති වෙනස්කම් මත සිදුවේ. ඉතා හොඳ උදා වන්නේ ප්‍රවේණික ලක්ෂණයක් වන ඇල්බින්සම් ඇල බවයි. මෙහි දී පුද්ගලයා හිරු එළියට කෙතරම් හසු නොවුවද තලෙළු නොවන අතර හිරු එළියට ඉතාමත් සංවේදී වේ.

ප්‍රවේණික ලක්ෂණ පරම්පාර‍ාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්‍රෝටින හා එක්ව ප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්‍යුහ සාදයි. මෙම ප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව ඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.

පරිණාමීය වෙනස්වීම[සංස්කරණය]

යමෙකුගේ ජාන ආකාරය, පරිසරය හා අන්තර් ක්‍රියා කිරීම නිසා ඔහුගේ රූපාකාරය රඳා පවතී. එම නිසා වෙනස් රූපාකාර යම්කිසි ගහණයක ඇති ජාන ආකාරයෙහි වෙනස්කම් නිරූපණය කරයි. කාලයක් තිස්සේ ජාන විවිධත්වයෙහි සිදුවන වෙනස පරිණාමය ලෙස නව පරිණාමික වාදයෙහි ඇතුළත්ය. යම්කිසි ඇලීලයක සංඛ්‍යාතය කාලයත් සමග උස් පහත් වන අතර එය අනෙක් ජානවල‍ට සාපේක්ෂව බලද්දී ඇලීල සංඛ්‍යාතයේ ඉදිරි ගමන පරිණාමික බලයන් මත තීරණය වේ. ඇලීලයක් නියතයකට ආ විට පරිණාමික වෙනස්කම් නැති වී යන අතර එසේ වන්නේ ඇලීලය ගහණයෙන් ඉවත් වූ විට හෝ එය ඓන්ද්‍ර ඇලීලයේ ස්ථානය සම්පූර්ණයෙන්ම ගත් විටය. වෙනස්කම් ප්‍රවේණි දේහයේ විකෘතිතා ඇති වූ විට ජාන ගලනය , ලිංගික ප්‍රජනනයේදී ජාන ප්‍රතිසංවිධානය වූ විටය. තවද, වෙන වෙනස් විශේෂ අතර හුවමාරු වූ විටදී ද මෙය සිදු වේ. උදාහරණ ලෙස බැක්ටීරියාවන්ගේ තිරස් ජාන මාරුව, ශාකවල මුහුම්කරණය ඉහත සඳහන් කළ අයුරින් කෙතරම් වෙනස්කම් පැමිණියද යම් විශේෂයක පිනෝමය එම විශේෂයට පමණක් විශේෂිතයි. කෙසේ වුවද ජානයේ ඉතා කුඩා වෙනසක් වුව රූපාකාරයේ ඉතා වැදගත් වෙනසක් ඇති කල හැක. චිම්පන්සියා මානවයාගෙන් වෙසනස් වන්නේ පිනෝම අතර ඇති 5% ක වෙනස නිසාය.


පරිණාමික විකෘති තැනීම[සංස්කරණය]

ප්‍රවේණි දේහයක කොටසක පිටපත් තැනීම ජීවියකුගේ ප්‍රවේනි ද්‍රව්‍යවල සිදුවන අහඹු විකෘති නිසා ජාන විවිධත්වයන් ඇති වේ. විකිරණ, වෛරස, ට්‍රාන්පොසෝන, විකෘති ජනක රසායන ද්‍රව්‍ය, DNA බෙදීමේ දී හෝ සෛල විභාජනය (ලිංගික) ඌනනයේ දී සිදුවන වැරදි නිසා සෛලවල ප්‍රවේණි ද්‍රව්‍යවල DNA අනුපිළිවෙලෙන් ඇතිවන‍වෙනස්කම් විකෘති නම් වේ. මෙම විකෘති DNA අනුපිළිවෙලේ විකෘති වර්ග කිහිපයක් තනයි. බලපෑමක් ඇති නොකරන, ජානයේ ඵලයට බලපෑමක් ඇති කරන, ජානය ක්‍රියාකාරී වීම වළකන ආදී විකෘතිය. ඩ්‍රොසපිලා මෙලනොගාස්ටර් නම් පළතුරු මැස්සාගෙන් කළ අධ්‍යයනවලට අනුව, විකෘතියක් නිසා ජානයකින් නිෂ්පාදනය කරන ප්‍රෝටීනයක වෙනසක් වුවහොත්, එය බොහෝ ‍දුරට හානිදායක වන අතර, මෙම විකෘතිවලින් 70%ක් හානිදායක ප්‍රතිඵල ඇති කරන අතර ඉතිරි කොටස ඉතා ස්වල්ප ප්‍රමාණයෙන් වාසිදායක වේ හෝ කිසිම වෙනසක් ඇති නොකරයි. විකෘති මඟින් සෛලවලට ඇතිවන හානිය මඟ ඇරවා ගැනීමට විකෘති ඉවත් කිරීමට DNA අලුත්වැඩියා සිදු කරන ක්‍රියාලි සිදුවේ. එමනිසා විශේෂයකට වඩා හොඳ/ ශුද්ධ විකාති සංඛ්‍යානය විනාශකාරී විකෘති වැනි ඉහල විකෘති වේගයක වැයත් DNA අලුත්වැඩියා පද්ධති වැනි සෛලයක විකෘති අඩු කිරීමට සෛලයක ඇති පරිවෘත්තීය වැය අතර ගණු දෙණුව මත පවතී. රෙට් රෝ වෛයිරස වැනි සමහර විශේෂ ඉතා ඉහල විකෘති වේග දක්වන අතර ඔවුනගේ දුහිතෘ ජිවීන් බොහෝමයක් විකෘති ජාන අඩංගු වේ. මෙම වේගවත් විකෘති සෑදීම වර්ණගත වී ඇත්තේය. එම නිසා වෛරසවට නිරන්තර වේගවත්ව විකසනය විය හැකි අතර මානව ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාවලීන් බේරී සිටිය හැක. DNA විශාල කොටස්වල පිටපත් සාදමින් සිදුවන විකෘති, නව ජාන තැනීමේ විශාල ප්‍රමාණයේ අමුද්‍රව්‍ය සඳහා ප්‍රභවයන් වේ. සෑම අවුරුදු මිලියන ගණනකම සත්ත්ව ප්‍රවේනි ද්‍රව්‍යවල දහයේ සිට සිය ගණනක් ජාන මෙලෙස පිටපත් වේ. බොහෝ ජාන ආදි ජීවීන්ගේ විශාල ජාන පවුල්වලට අයත් වේ. නව ජාන විකෘති මඟින් හෝ ආදීන්ගේ ජාන විකෘති වීමෙන් හෝ තැනේ. නැතහොත් ජානවල කොටස් ප්‍රති සංවිධානය වී නව ක්‍රියාකාරීත්ව ඇති නව සංයෝජන තැනීමෙන් සිදුවේ. ආලෝකයට සංවේදනය වන ව්‍යුහ සෑදීමට ඇස ජාන 4ක් යොදා ගනී. 3ක් වර්ණ දෘශ්ඨිකත්වයට හා 1ක් අදුරේදී පෙනීම සඳහා සෑම 4කම එකම ආදී ජානයකින් පැමිණ ඇත. ජානයක් පිටපත් විමෙන් ඇති වාසිය නම් සමපාත වන හෝ අතිරික්ත ක්‍රියා (ජාන කිහිපයක) නිසා විනාශකාරී විය හැකි ඇලීල බැද තබා ගනී. එම නිසා ජාන විවිධත්වය වැඩි වනවා ඇත.

පරිණාමික ගහණ ප්‍රවේණිය[සංස්කරණය]

පරිණාමික ගහණ ප්‍රවේණිය සුදු පැහැති තිත් සළඹයා ඔවුන්ගේ පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ කළු පැහැති සළඹයා

ජානමය පැත්තෙන් බැලූ කළ පරිණාමය නම් පොදු ජාන කිටුවක් බෙදා හදා ගන්නා ගහණයක ජීවීන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට සිදු වන ඇලීල සංඛ්‍යාතයේ වෙනසකි. ගහණයක් යනු එකම විශේෂයක ජීවීන් යම් කිසි නියමිත ඉඩ ප්‍රමාණයක, කාලයක සිටින ජිවීන් කාණ්ඩයකි. උදා:- ලෙස හුදකලා වනාන්තරවල වෙසෙන එකම විශේෂයකට අයත් සියලු සළඹයන් ගත හැක. ජිවීන්ගේ රූපාකාර වල වෙනස්කම් සිදු කරන එකම ජානයක් මෙම ගහණ තුළ විකල්ප ආකාර කිහිපයක් තිබිය හැක. උදා - ලෙස සළඹයාගේ වර්ණය තීරණය කරනු ලබන ජාන සඳහා ඇලීල සියල්ලේම එකතුව වන අතර එක එක ඇලීල ජාන කිටුව තුළ නියමිත / යම්කිසි ගණනක් තිබේ. යම් කිසි ඇලීලයක, ජාන කිටුව තුළ පවතින භාගය ඇලීල සංඛ්‍යාතය නම් වේ. එකිනෙක සමඟ අභිජනයෙන් සිදු කරන ජීවී ගහණයක මෙම ඇලීල සංඛ්‍යාතයෙහි වෙනසක් වු විට පරිණාමය සිදු වේ. උදා :- සළඹ ගහණයක කළු වර්ණ ඇති වුත් බොහෝ සුළභ උන් බවට පත්වීම. ගහණයක පරිණාමය සිදු කළ ක්‍රියාවලීන් මොනවාද යන්න තේරුම් ගැනීමට නම් යම් කිසි ගහණයක පරිණාමය සිදු නොවීමට තිබිය යුතු තත්ව මොනවදා යන්න සොයා ‍බැලීම ප්‍රයෝජනවත්ය. හාඩ් වෙන්බර්ග්ගේ මූලධර්මයන්ට අනුව සෑහෙන පමණ වූ විශාලත්වයක් ඇති ගහණයක ඇලිල සංඛ්‍යාතය, එම ගහණය මත වෙන එකම බලපෑම ශුක්‍රාණු හා ඩිම්බ සෑදීමේ දී සිදු වන ඇලීලවල සිදුවන අහඹු සැකසීම හා සංසේචිත ලිංගික සෛලවල සිදු වන අහඹු සංයෝජන පමණක්නම් නියතයක්ව පවතී. එවැනි ගහණයක් හාජි වෙන්බර්ග් සමතුලිතයේ පවතී යයි කියනු ලබන අතර පරිණාමයට ලක් නොවේ.


සුදු පුල්ලි සහිත සළඹයා.


සුදු පුල්ලි සහිත සළඹයා කලු පැහැ සළඹයකු බවට පරිණාමනය වි ඇති අයුරු.

පරිණාමය සඳහා මූලික ක්‍රමවේද[සංස්කරණය]

පරිණාමය සඳහා මූලික ක්‍රමවේද 3 කි. ස්වභාවිකවරණය ජාන ගලනය ස්වභාවික වරණය මගින් නොනැසී පැවතිය හැකි වර්ගයා බෝකළ හැකියාව වැඩිකරන ජාන වැඩිකරන අතර ජාන ගලනය ( genetic drift) මගින් වර්ගයා බෝ කිරීමේදී සිදුවන විභාජන‍යේදී යම්කිසි පරම්පරාවක ජාන අහඹු ලෙස සාම්පල් ගත වීම තුළින් එම ඇලිලවල සංඛ්යා තය අහඹුව වැඩි කර ගනී. ජාන ගලනය යනු ගහණය තුළ හා අතර ජාන හුවමාරුවයි. ගහණයක ස්වභාවික වරණයද , (genetic drift) ගලනය ද වඩා වැදගත් යන්න තීරණය වන්නේ වරණයේ ශක්තිමත් භාවය හා සාර්ථක ගහණයේ විශාලත්වය ( වර්ගයා බෝකළ හැකි ජීවීන්ගේ සංඛ්යාකව) මතයි. විශාල ගහණයක් තුළ ස්වභාවික වරණය වැදගත් තැනක් ගන්නා අතර කුඩා ගහණයක් තුළ ගලනය ප්‍රධාන තැනක් ගැනීම තුළින් අහිතකර විකෘතීන්ට ගහණයක් තුළ පැවැත්මක් ඇතිකළ හැක. එම නිසා ප්‍රතිඵලයක් ලෙස වෙනස්වන ගහණ විශාලත්වය මගින් පරිණාමයේ මාවතට විස්මයානුකූල වෙනසක් ඇති කළ හැක. ඒකාකාර ගහණයක් තුළ ගහණයේ විශාලත්වයට තාවකාලිකව හැකිලීමක් සිදු වී ජාන විවිධත්වය නැතිවී යාමක් එනම් ගහණ අවහිරය සිදු වේ. ගහණයන් අතර ජාන ගලනය ( ආගමන විගමනය අඩුවීම තුළින් ) අඩුවීම නිසා නව වාසස්ථානවලට පුළුල්වීම් නිසා හෝ ගහණ උප බෙදීම් තුළින් ද එම අවහිරවීම් සිදු වේ.

පරිණාමීය ප්‍රතිඵල[සංස්කරණය]

ජීවියකුගේ ආකාරය හා හැසිරීමෙහි සෑම පැත්තක්ම මත පරිණාමය බලපායි. වඩාත්ම ප්‍රකට වී ඇති ලෙසට ස්භාවික වර්ණයේ ප්‍රතිඵලයක් ලෙසට සිදු වූ විශේෂිත හැසිරීම් හා කායික අනුරූපකාය. ආහාර සොයා ගැනීම්, ගොදුරක් වීමෙන් වැළකීමට, සහකරු සොයා ගැනීමට මෙම අනුරූපතා සතත්වයන්ට උපකාරී වේ. වර්ණය සඳහා ජීවීන් එකිනෙකා සමඟ සහයෝගීව ක්‍රියා කර, අනෙකාට උදව් කරගනිමින් හෝ පරස්පර ලෙස ක්‍රියා කරන්නන් සමඟ හෝ සහජීවනයෙන් කටයුතු කරයි. දිගු කාලීන ලෙස පරිණාමය විසින් ආදී මී මුතු ගහණවල ජීවීන්ගෙන් අන්තර් ලිංගිකව වර්ගයා බෝ නොකරන නව විශේෂ තනයි. පරිණාමික ප්‍රථිපල මහා පරිණාමය (පරිණාමය විශේෂය මට්ටමින් හෝ ඊට ඉහල මට්ටමින් සිදු වන විට (නව විශේෂ තැනීම වැනි) ක්ෂුද්‍ර පරිණාමය (ගහණයක/ විශේෂයක අනුරූපතා ගොඩ නැඟීම වැනි කුඩා පරිනාමික සිද්ධි) ලෙස දෙකකට බෙදිය හැක. සාමාන්‍යයෙන් ගත් කළ ක්ෂුද්‍ර පරිනාමික සිද්ධි දිගු කාලයක් තිස්සේ සිදු වූ විට මහා පරිනාමික සිද්ධි සිදුවේ. කාලයේ ඇති වෙනස මිස ක්ෂුද්‍ර හා මහා පරිණාම‍ය අතර මූලික වෙනසක් නැත. නමුදු මහා පරිනාමයේ දී සියලුම විශේෂවල ලක්ෂණ වැදගත් වේ. පුද්ගලයන්/ සත්ත්වයන් අතර ඇති විශාල ප්‍රමාණයේ වෙනස්කම් යම් විශේෂයකට නව වාසස්ථානවලට හැඩ ගැසීම වේගවත් කරයි. වඳ වීමේ සම්භාවිතාවය අඩු කරයි. ගහණයක කොටසක් තනි වීම නිසා විශාල / පුළුල් භූ විද්‍යාත්මක පරාසයන් විසින් නව විශේෂ තැනීමේ අවස්ථා වැඩි කරයි. මෙවැනි අවස්ථාවල ක්ෂුද්‍ර හා මහා පරිනාමය වෙනස් කොට සමහර විට සැලකිය හැක. පොදු වැරදි චින්තනයක් වන්නේ පරිනාමය දිගින් දිගටම සිදුවේ යන්නයි. නමුත් ස්භාවික වරණය සඳහා දිගු කාලීන අභිමතාර්ථයන් නොමැති අතර විශාල සංකීර්ණතා අත්‍යවශ්‍යයෙන් ඇති නොකරයි. සංකීර්ණ විශේෂ බිහිවී ඇති නමුත්, සියලු ජිවීන්ගේ සංඛ්‍යාව ඉහල යෑමත් සරල ජීවී ආකාර බහුල වීමත් නිසා ඇති වුණු අතුරු ඵලයක් ලෙස සිදු වූවකි. උදා:- ලෙස සම්පූර්ණයෙන්ම වාගේ බහුතරයක් ජීව විශේෂ අන්වීක්ෂාකාර ප්‍රොකැැරියෝටාවන් වන අතර, ඔවුන්ගේ කුඩා ශරීර ප්‍රමාණය නොතකා පෘථිවියේ ජෛව ස්කන්ධයෙන් අඩක් පමණ අයත් කරගන්නා, පෘථිවියේ පුළුල් බොහෝ ජෛව විවිධත්වයක් පවතින ජීවී කොටසක් වේ. එම නිසා අතීතය පුරාම සරල ජීවී ආකාර පොළව මත ප්‍රමුඛ ජීවීන් ආකාර වී ඇති අතර, අද දක්වා ඔවුන් ප්‍රධාන ජීවී ආකාර බවට පත්වීම නොකඩවා සිදු විය. එමෙන්ම සංකීර්ණ ජීවී ආකාර පෙනුමින් පුළුල් ජෛව විවිධත්වයක් ඇති ලෙස පෙනුන ද එසේ වන්නේ ඔවුන් පියවි ඇසට හොඳින් පෙනෙන බැවින්ය.

ජීවයේ පරිණාමීය ඉතිහාසය[සංස්කරණය]

ජීවයේ සම්භවය - ජීවයේ සම්භවය පරිණාමය සඳහා අත්‍යවශ්‍ය මුල් පුරුකක් වන්නට ඇත. නමුදු ජීවින් ඇන්ජිමත් සමග පරිණාමය ඇතිවූවා යන්න තේරුම් ගිය පසු හා පරිණාමය සඳහා පරීක්ෂණ කළ තොරතුරු ලබාගත් පසු ජීවයේ සම්භවය පරිණාමයට සරල ඇති වීම මත නොයැපුනි. දැනට පවතින විද්‍යාඥයින්ගේ ඒකමතික තීරණයට අනුව ජීවය, රසායන ක්‍රියාවල සිට සංකිර්ණ ජීව රසායනික ක්‍රියාවලීන් නිසා ඇති වූවක් බව එය ඒසේ වූයේ කෙසේ ද යන්න පැහැදිලි නැති නමුත් පිළිගැනේ‍. ජීවයේ වර්ධනය මුල් ජීවීන්ගේ ව්‍යුහය, විශ්වයේ ඇදීම, මීමුතු ජීවියාගේ හැඳින්වීම හා ස්වභාවය, ආදී ජාන එකතුව / පොකුණ පිළිබඳ ස්ථිරත්වයක් නොමැත‍. තනිව බෙදන RNA අණු, සරල සෛලවල එකතුව ආදී ලෙසට ඇත‍‍‍. යෝජනා මිස ජීවයේ සම්භවය පිළිබඳ විද්‍යඥයින්ගේ ඒකමතිකත්වයක් නොමැත.

ජීවයේ පැවතී ඒම


එකම ආදී මී මුත්තෙක්ගෙන් මිනිසාට සමානකම් ඇති ජීවීන් පැවත ඒ. පෘථිවියේ සියලු ජීව සංවිධාන ආදි මී මුත්තෙක්ගෙන් හෝ ආදි ජාන පොකුණකින් පැවත ඒ. අද පවතින විශේෂඥ පරිණාමයේ යම් අවස්ථාවක සිටින අතර විශේෂ තැනීමේ හා විශේෂ නෂ්ඨ වීමේ දිගු කාර්යබාරයක නිරත වෙමින් සිටී.එනම ආදියෙක්ගෙන් පැවත ඒම, ජීවීන් පිළිබඳ සරල කරුණු 4 ක් නිසා නිගමනය කළේය.

1. “තැනට අවශ්‍ය පරිදි හැඩ ගැනීම” මගින් පැහැදිලි කළ නොහැකි භූගෝලීය වශයෙන් පැතිරීමක සිටීම
2. සර්ව සම්පූර්ණ ලෙස එක හා සමාන ජීවීන් නිසා නොව බාහිර රූපී සමානකම් බෙදාගන්නා ජීවීන් නිසා ජීව විවිධත්වය ඇති වීම
3. පැහැදිලි අරමුණක් නොමැති නමුත් ආදි ක්‍රියාකාරී වූ සමහර ලක්ෂණ අදත් සමහර ජීවීන් තුළ තිබීම
4. මෙම සමානකම් මත ජීවීන් යම්කිසි මණ්ඩලයකට අනුව කාණ්ඩ කළ හැකි වීම.

ආදී විශේෂ ඔවුන්ගේ පරිණාමික ඉතිහාසයේ සමහර වාර්තා තබා ගොස් ඇත. පොසිල, අද ජීවත්වන ජීවීන්ගේ ශරීර ස්ථානය සමග ගත් කළ රූපානුආකාර හෝ ශරීර ස්ථාන වාර්තා අඩංගු වේ. අද ජීවත්වන ජීවීන් හා නෂ්ඨ විශේෂවල ශරීර ස්ථානය, කායිච්චේද විද්‍යාව සංසන්දනය කළවිට පාශාන විද්‍යාඥ - පාෂාණීය ධාතු විද්‍යාව හට එම විශේෂ කාගෙන් විකරණය වූවේද යන්න පිළිබඳ කිව හැක. නමුත් මෙම ආකාරයෙන් සාර්ථක විග්‍රහයක් කළ හැක්කේ කවච, කටු, දත්, අස්ථි වැනි තද කොටස් අඩංගු ජීවීන්ටය.

තව දුරටත් කියනවානම් ප්‍රොකැරියෝටාවන් (බැක්ටීරියා හා ඇකයා වැනි) සමාන රූපාකාර සීමාකාර සංඛ්‍යාවක බෙදා හද‍ා ගෙන ඇති නමුදු ඔවුන්ගේ පොසිල මගින් ඔවුන්ගේ ආදිතමයා පිළිබඳ තොරතුරු ලබා නොදෙයි. නවතම සාක්ෂි, ජීවීන්ගේ ජීව රසායනයන්ගේ සමානකම් නිසා සැපයේ. උදාහරණ ලෙස සෑම ජීවී සෛලයක්ම නියුක්ලික් අම්ල හා ඇපනේ අම්ල භාවිතා කිරීම, ජීවීන්ගේ ජානවල ඉතිරි වූ පරිණාමික වාර්තා, අණුක ජාන විද්‍යාවෙහි වර්ධනය සමග හෙළි විය. විකෘති නිසා ඇති වූ අණූක ඔරලෝසුව, වෙලාව අනුව ජීවීන් විශේෂ 2 ක් ආදිතමයන්ගෙන් වෙන් වී දෙපැත්තකට ගමන් කිරීමට ඇරඹූ කාලය නිගමනය කළ හැකි වීම. උදාහරණ ලෙස මිනිසාගේ හා චිම්පන්සියාගේ DNA වල ඇති සමීප ජානමය සමානතා එක් ආදිතමයෙක්ගෙන් මේ දෙදෙනාම පැවත එන බව ආලෝකමත් කළේය.

ජීවයේ පරිණාමය[සංස්කරණය]

එකම ආදිතමයෙක්ගෙන් (මැද සිටින) අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස පෙන්වා දෙයි. රාජධානි 3 ක් වර්ණවලින් දක්වා ඇත. බැක්ටීරියාවන් නිල් පාටින්ද ආරකීඩාවන් කොළපාටින්ද ඉයුකැරියෝටාවන් රතු වර්ණයෙන් ද යනුවෙනි.

ජීවයේ සම්භවය කෙසේ වූයේද යන්න අවිනිශ්චිත වුවද ප්‍රෝකැරියෝටාවන් පෘථිවියේ ප්‍රථම ජීවීන් බව පැහැදිලිය. මෙය වසර බිලියන 3 , 4 කට පෙරය. සෛලික සංවිධානයේ හෝ බාහිර රූපාකාරයේ පෙනිය හැකි වෙනසක් මෙම ජීවීන්ගේ මී ළඟ වසර බිලියන කිහිපය තුළ සිදු වී නැත.

පරිණාමයේ මී ළඟ නවතමයා ඉයුකැරියෝටාවන් විය. ආදි ඉයුකැරියෝටාවන් විසින් ආදි බැක්ටීරියාවන් භක්ෂණය කර අන්තර් සහජීවනය පවත්වා ගැනීම නිසා මෙය ඇති විය. මෙම භක්ෂණය වූ බැක්ටීරියාවත් ධාරක සෛලයත් යන දෙකම පරිණාමය විය. එනම්, එම බැක්ටීරියාව මයිට්‍රොකොණ්ඩ්‍රියමක් හෝ හයිඩ්‍රොජනෝසෝමයක් බවට පරිවර්තනය වීමෙන්ය. ආදි ශාක හා ඇල්ගීවල දෙවැනි භක්ෂණයක් සිදු විය. එනම්, සයනොබැක්ටීරියාවක් වැනි ජීවියෙක් භක්ෂණය කිරීම තුළින් හරිතලව ඇති වීමය.

ඉසියකැරන් සාගරවල බහුසෛලික ජීවීන්ගේ උපත සිදුවන තෙක් ඒක සෛලික ඉයුකැරියෝටාවන් , ප්‍රොකායෝටාවන් ඒකියාවන් තුළ ජීවයේ අතීතය පැවතුනි. ස්පොන්ජින්, දුඹුරු ඇල්ගී, සයනොබැක්ටීරියා, පුස් හා මික්සොබැක්ටීරියාවන් ලෙසට බහු සෛලිකයන්ගේ පරිණාමය සිදු විය.

කේම්බ්‍රියන් පුපුරායෑම ලෙස හඳුන්වනු ලබන සිද්ධිය නිසා ආසන්න ලෙස වසර මිලියන 10 ක් තුළදී මුල්ම බහුසෛලික ජීවියාගේ උපතත් සමගම ජීව විවිධත්වයේ විශිෂ්ඨ ප්‍රමාණයක් සිදු විය. අද පවතින බොහෝ ජීවින්, පොසිල වාර්තාවල ද ඇතුළත්වන අතර කෙමෙන් නෂ්ඨ වී ගිය එක් පෙළපතක සිට පැවත එන්නක් විය. ප්‍රභාසංස්ලේෂණය නිසා වායුගෝලයේ O2 තැන්පත්වීම වැනි නොයෙකුත් ජීවයට මූලික වූ කරුණු කේම්බ්‍රියන් පිපිරීමෙන් යෝජනා විය. වසර මිලියන 500 කට ප්‍රථම ශාක හා දිලීර පොළව ආක්‍රමණය කර කොළණි සෑදූ අතර එය ඉක්මණින්ම ආත්‍රපෝඩාවන් හා අනෙකුත් සත්වයන් ද කළේය. උභය ජීවීන් වසර මිලියන 300 කට ප්‍රථම ඇති විය.ඉන්පසු ආදි ඇමිනියෝටාවන් ද වසර මිලියන 200 කට පෙර ක්ෂීරපායීන්ද මිලියන 100 කට පෙර පක්ෂීන්ද (දෙදෙනාම උරග වැනි සම්භවයකින් පැවතේ) පැමිණියහ. මහා ජීවීන් මෙන්ම කුඩා ජීවීන්ද ( පරිණාමික ක්‍රියාවලියේ ආදි කාලයේ විකසනය වූ අයට සමාන ක්ෂුද්‍ර ජීවීන් ) පරිණාමයේ ඉතා සාර්ථක ලෙස යෙදී පෘථිවියේ වැදගත් තැනක් ගෙන ඇත. එනම්, බොහෝ ජීව ස්කන්ධ හා විශේෂ යන දෙකම ප්‍රොකැරයෝටාවන් වීමයි.


පරිනාමික නෂ්ඨ වීම[සංස්කරණය]

ටාබොසොරස් ඇට සැකිල්ලක් ක්‍රිටේපියස් යුගයේ අගභාගයේ දී සිදු වූ ක්‍රිටේපියස් තෘතීක නෂ්ටවීම නිසා වඳ වී ගිය පක්ෂි නොවූ ඩයිනෝසෝරසයෙකි.

යම් විශේෂක සිදුවන, එම විශේෂය සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීම/වඳ වීම නෂ්ඨ වීම ලෙස හැඳින්වේ. මෙය අසාමාන්‍ය සංසිද්ධි‍යක් නොවන අතර නව විශේෂ තැනෙනවා සේම තිබෙන විශේෂ වඳ විම සාමාන්‍ය සිද්ධියකි. මෙම නෂ්ඨ වීම් අතීතය පුරා සිද්ධ වූ අතර එම වේගය ඉහල නඟින්නේ කලාතුරකින් සිදුවන මහා නෂ්ඨ සිද්ධීන් නිසාය. ක්‍රිටේපියස් - තෘතීක නෂ්ඨවීම් උදාහරණයකි. මෙය බොහෝ දෙනා දන්නා ලෙස ඩයිනෝසෝරයන් වඳ වී ගිය සංසිද්ධියකි. නමුත් ඊටත් කලින් සිදු වූ පර්මියන් - ට්‍රයසික් නෂ්ඨ වී ගියේය. හොලොසීන නෂ්ඨ වීමේ සංසිද්ධිය තවමත් සිදුවෙමින් පවතින, අතීතයේ අවුරුදු දහස් ගණනක සිට මිනිසා පෘථිවි ‍ගෝලයෙහි ව්‍යාප්ත වීමත් සමඟ සිදු වන මහා නෂ්ඨ සිද්ධියකි. අද නෂ්ඨ වීමේ වේගය පසුබිමේ එම වේගයට වඩා 100-1000 ගුණයකින් වැඩි අතර 21 සියවස මැද භාගය වන විට විශේෂ 30% පමණ වඳ වී යනු ඇතැයි විශ්වාස කෙරේ. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයන් මෙම නෂ්ඨවීම්වලට පෙරමුණ ගන්නා අතර ගෝලීය උණුසුම අනාගතයේ දී මෙහි වේගය ‍තවත් වැඩි කරනු ඇත.

කුමන වර්ගය ද යන්න අනුව මෙම නෂ්ඨ වීම් බොහෝමයකට හේතු වන අතර එයට හේතුව නොපැහැදිලි නමුත් විශේෂ අතර සම්පත්වලට ඇති තරඟය බලපාන්නේ නම් මෙය ස්භාවික වර්ණයේ ප්‍රතිඵලයක් ලෙසට එක් විශේෂයක් තෝරා පත්වීමේ ක්‍රියාවලියක් විය හැක. අතරතුර සිදුවන මහා නෂ්ඨ වීම සංසිද්ධින් ද වැදගත් වන අතර වරණ ක්‍රියාකාරීත්වයක් ලෙස ක්‍රියා කරනවාට වඩා ජෛව විවිධත්වය ප්‍රබල ලෙස අඩු කරන අතර එය නොනැසී පවතින්න්ගේ විශේෂ තැනීම් හා පරිණාමයේ වේගවත් පුපුරවා හැරීම් ලෙස නොවිසෙස් ආකාරයෙන් සිදුවේ.


පරිණාමික ප්‍රවේණිය[සංස්කරණය]

DNA ව්යුහය : මධ්යයේ ඇති භෂ්ම පොස්පොලිපිඩ සීනි දාමවලින් වට වී ද්විත්ව හෙලික්සයක් ලෙසට සැකසී ඇත.

ජීවියෙකුගේ සමහර ගති ලක්ෂණ වැනි වෙන වෙනම ප්රභින්න ලක්ෂණ තුළින් පරම්පරාවෙන් පරම්පරාවට උරුම වේ. උදා:- ඇස්ව වර්ණය ප්‍රවේණිගත ලක්ෂණයක් වන අතර එය එක් මාතෘ ජීවියෙක් ගෙන් දුහිතෘ ජීවියාට උරුම වේ. මෙම උරුමගත වන ලක්ෂණ ජානවලින් පාලනය කරන අතර එවැනි පාලනය කර සම්පූර්ණ ජාන කණ්ඩායමකම එම ජීවියාගේ ගෙනෝමය ලෙස හඳුන්වන අතර එය එම ජීවියාගේ ජාන කේතය හා ප්‍රවේණි දර්ශක එකය.

ජීවියකුගේ රූපාණුදර්ශය සෑම විටම ප්‍රවේණික ලක්ෂණයක් නොවේ. තලෙළු සම උරුම වන්නේ පුද්ගලයෙක්ගේ ප්‍රවේණි දර්ශය හිරු එළිය සමඟ ප්‍රතික්‍රියා කිරීම නිසාය. එම නිසා තලෙළු සම ප්‍රවේණික ලක්ෂණයක් නොවේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්‍රියා කරන ආකාරය වෙනස් වේ. කෙසේ නමුත් පුද්ගලයා අනුව හිරු එළියටත් සමඟ ක්රියා කරන ආකාරය වෙනස් වේ. එය ඔවුන්ගේ ප්‍රිනෝමයේ ඇති වෙනස්කම් මත සිදුවේ. ඉතා හොඳ උදා වන්නේ ප්‍රවේණික ලක්ෂණයක් වන ඇල්බින්සම් ඇල බවයි. මෙහි දී පුද්ගලයා හිරු එළියට කෙතරම් හසු නොවුවද තලෙළු නොවන අතර හිරු එළියට ඉතාමත් සංවේදී වේ.


ප්‍රවේණික ලක්ෂණ පරම්පරාවන් අතර DNA (ජානමය තොරතුරු ගබඩා කර තබා ගන්නා අණුවකි) අණු හරහා ප්‍රචලිත වේ. භෂ්ම අණු වර්ග 4කින් යුත් මහා අණුවකි. DNA.DNA අණුවෙහි භෂ්ම අනුපිළිවෙල හා ජාන තොරතුරු අඩංගු වේ. එය යම් වගන්තියක තේරුමක් දීමට එහි ඇති අකුරු එකිනෙකට සම්බන්ධ වෙන අයුරින් නැතහොත් පරිගණක වැඩසටහනක එහි bits අනුපිළිවෙලට දක්වන සම්බන්ධයට සමාන වේ. DNA අණු කොටසක තනි ක්‍රියාකාරී ඒකකයක් ජානයක් ලෙස හැඳින්වේ. වෙන වෙනත් ජානවල වෙන වෙනත් භෂ්ම අඩංගුය. සෛලවල මෙම දිගු දාම DNA අනු ප්‍රෝටින හා එක්ව ප්‍රවේණි දේහ නම් සංක්ෂිප්ත ව්යුහ සාදයි. මෙම ප්‍රවේණි දේහයක එක් නියමිත ස්ථානයක් ලෙස හඳුන්වයි. පුද්ගලයන් අතර මෙම ස්ථානය/ පථය තිබෙන DNA අනුපිළිවෙල වෙනස්කම් මෙම එකිනෙකට වෙනස් අනුපිළිවෙලවල් ඇලීල ලෙස හඳුන්වයි. නව ඇලීල සාදමින් විකෘති මඟින් මෙම DNA අනුපිළිවෙලවල් වෙනස් වේ. ජානයක මෙලෙස විකෘතියක් සිදු වූ විට ඇති වන නව ඇලීලය ජානය කලින් පාලනය කළ රූපාකාරය (phenotype එක) සිදුවූ විට ඇතිවන වෙනස්කම් සිදුවේ. සමහර අවස්ථාවල දී ඇලිලයක් හා ප්‍රවේණික ලක්ෂණ අතර සරල අනුරූපතාවයක් තිබුණ ද බොහෝ ලක්ෂණ නූගත් සංකීර්ණ වන අතර බහු අන්තර් ක්‍රියා කරන ජාන මඟින් පාලනය වේ.

පරිණාමය සහ පොදු පරිණාමය[සංස්කරණය]

සුලබ ගර්ටර් සර්පයෙක්

ජීවින් අතර අන්තර් ක්‍රියා නිසා තරගය සහ සහයොගිත්වය යන දෙකම ඇති වි ඇත. විශේෂ දෙකක් අතර තරගයක් ඇති අවස්ථාවලට එනම් උදාහරණ වශයෙන් රෝගකාරකයා සහ ධාරකයා, විලෝපිකයා සහ විලෝපිතයා අතර ඇති තරඟය දැක්විය හැකිය. මෙවිට මෙම ජිවින්ට මෙම අන්තර් ක්‍රියාවලට ගැලපෙන අනුවර්තන ඇති කර ගත හැකිවේ. මෙහිදි එක් විශේෂයක පරිණාමය අනෙක් විශේෂයේ ද පරිණාමයට හේතු වේ. මෙම දෙවන විශේෂයේ පරිණාමය නැවත මුල් විශේෂයේ තවත් පරිණාමයක් ඇති කිරීමට හේතු වේ. මෙම වර්ණ සහ ප්‍රතිචාර චක්‍රය පරිණාමය ලෙස හඳුන්වයි.

උදාහරණ ලෙස රළු සමක් ඇති Nowt සත්ව ආකාරය tetrodotoxin නම් විශේෂ රසායනිකයක් නිෂ්පාදනය කරන අතර ඔවුන්ගේ විලෝපිකයන් වන (commongarer snake) නම් සර්පයින්ගේ Tetradoxin ප්‍රතිරෝධය ඇති කිරීමට සමත්වීම නිදසුන් ලෙස දැක්විය හැකිය. මෙම විලෝපික, විලෝපිත යුවලගේ පරිණාමික ක්‍රියාවලිය බලවත් විම නිසා ඉතා විශාල ලෙස Nowt සතුන් tetrodotoxin නිපදවන අතර විලෝපිත සර්පයින්ගේ tetrodotoxin ප්‍රතිරෝධය අධික වීම සිදුව ඇත.


පරිණාම යෙදීම[සංස්කරණය]

කෘත්‍රිම වරණය, තාක්ෂණික පරිණාම යෙදීම් අතරින් මුල් තැනක් ගන්නේය. සත්වයන් හීලෑකිරීමේදී සහ නොයෙකුත් පැලෑටි පරිහරණය කරන විට අතීතයේ පටන් කෘත්‍රිම වරණය යොදා ගෙන ඇත. තවද මෙම යෙදීම් ජාන ඉංජිනේරු විද්‍යාවේදී ඉතාමත් වැදගත් වන්නේය.

වඩා යහපත් ක්‍රියාවලීන් සපයා දෙන හේතුව මත පරිඝණක විද්‍යාව තුල පරිණාමය වැදගත් ස්ථානයක් ගන්නේය. මෙහිදී පරිණාමයේ ආභාශයන් එක් කොට 1960 වර්ශයන් හීදි නොයෙකුත් ලියකියවිලි මුද්‍රනය වී ඇත.

තවද පරිණාමවාදී ඇල්ගොරිදම මේ වන විට බොහෝ සේ උපයෝගී කරගන්නේය.


පරිණාම සම්බන්ධතාවය[සංස්කරණය]

නොයෙකුත් සත්ව වර්ගයන් අතර ඇති වන සියලුම අන්තර් ක්‍රියාවන් ඝට්ටනයක් පෙන්නුම් නොකරන්නේය. බොහෝ පැලෑටීන් වල කඳන්මත හට ගන්නා දිලීර මෙයට හොඳම උදාහරණයකි. මෙම දිලීරත් පැලෑටිත් එකිනෙකාගේ ඇති පෝෂනයන් හුවමාරු කරගන්නේය. එකම වර්ගයා තුලත් සංයෝගයක් පෙන්නුම් කරන්නේය. මෙය වඩාත් පෙන්නුම් කරන ජීවීන් වන්නේ මීමැස්සන් කුහුඹුවන් සහ වේයන්ය.


පරිණාම ලිංගිකත්ව ප්‍රතිසංයෝජනය[සංස්කරණය]

ලිංගහීන ජීවීන් ගේ ජාන එකිනෙකට සම්බන්ධ වී ඇත. කෙසේ නමුත් අනෙකුත් ජීවීන් ඔවුනොවුන්ගේ මව්පිය වර්ණ දේහයන් උපයෝග වන්නේය. ඉන් අනතුරුව තව තවත් ජාන සුසංයෝගයකින් අනතුරුව අනෙකුත් ප්‍රජාවයන් බිහි වන්නේය. මෑත යුගයේදී හඳුනාගෙන ඇත්තේ ජීවියක ලිංගිකත්වය ජාන ප්‍රභේදයන්ට ඉඩ සලස්වන බවය.

මානව පරිණාමය[සංස්කරණය]

මානව පරිණාමය, හෝමෝසේපියන්, අනෙකුත් මානයන් මහා වානයින් සහ ක්ෂිරපායින්ගෙන් වෙනස් වු විශේෂ ප්‍රභේදයක් ලෙස මතුවීම සම්බන්ධ ජීව විද්‍යාත්මක විකාශනයෙහි කොටසකි. එය මෙම වෙනස සිදුවු ආකාරය තේරුම් ගැනීමට හා විස්තර කිරීමට උත්සාහ ගන්නා පෘථුල විද්‍යාත්මක විමසුමක විෂය පථය වෙයි. මානව පරිණාමය පිලිබද අධ්‍යනයෙහි බොහෝ විද්‍යාත්මක ශික්ෂණයන්, වඩාත් සැළකිය යුතු ලෙස, භෞතික මානව විද්‍යාව, වාග් විද්‍යාව හා ජාන විද්‍යාව අඩංගුවේ.

මානව පරිණාමයට අදාලව "මානවයා " යන පදයෙන් ‍හැදින් වනුයේ හෝමෝ නැමැති ජානයයි. නමුත් මානව පරිණාමය පිලිබද අධ්‍යයනයන් හි ඇස්ටුලෝපිකිසිනුන් වැනි අනෙකුත් හෝමෝන වර්ගයන්ද සමාන්‍යයෙන් ඇතුලත් වේ. හෝමෝ ජානය අවුරැදු මිලියන 2 කට පමණ පෙර අප්‍රිකාවේදී ඔස්ට්‍රලෝපිකිසීනුන්ගෙන් ප්‍රභේද විය. ආසියාවට ව්‍යාප්ත වු හෝමෝ ඉරෙක්ටස් සහ යුරෝපය ව්‍යාප්ත වු හෝමෝ ඇන්ඩලෙන්සිස් ඇතුළු හොමොවන්ගේ ප්‍රභේද කිහිපයක් විකාශනය විය. හොමෝසේපියන්ස් වර්ගයා විකාශනය වුයේ. අවුරැදු 400,000 සහ 250,000 කට පෙර කාල සිමාව තුලයි. බොහෝ විද්‍යාඥයින් නුතන මානවයා එච්ඉරෙක්ටස් සහ නිඇන්ඩර්තාල් වර්ගයන් අප්‍රිකාවේ විකාශනය වි ලෝකය සිසාරා ව්‍යාප්ත වුන අදහස පිලිගනි. අනෙකුත් අය නුතන මානවයා එකීය පුළුල් ලෙස ව්‍යාප්ත වු ජනගහනයක් ලෙස විකාශනය විය යන මතය දරති.

හැබිලිස්ගෙන් ඇරඹි මානවයන් වැඩි සංකිර්ණතාවයකින් යුත් ගල් මෙවලම් පාවිච්චි කළහ. අවුරැදු 50,000 කට පමණ පෙර සිට ආරම්භ වි මානව තාක්ෂණය සහ සංස්කෘතිය වඩා වේගයෙන් වෙනස් විමක් ආරම්භ විය.


සටහන්[සංස්කරණය]

| Evolution - Sex and recombination |}

"http://si.wikipedia.org/w/index.php?title=පරිණාමය&oldid=249788" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි