රෝමානු මහේස්ත්‍රාත්

විකිපීඩියා වෙතින්
(රෝමානු මහේස්ත්‍රාත්වරයා වෙතින් යළි-යොමු කරන ලදි)

රෝමානු මහේස්ත්‍රාත්වරු යනු, පුරාතන රෝමයේ තෝරා පත් කර ගනු ලැබූ නිලධාරින් කොටසක් වූහ. රෝමානු රාජධානි කාල පරිච්ඡේදයේදී, ප්‍රධාන විධායක මහේස්ත්‍රාත්වරයා වූයේ රෝමයේ රජ විය.[1] එකල ක්‍රියාත්මක වූ ආතාරයෙන්, ඔහුගේ බලය පරමාධිකාරී විය. ඔහු ප්‍රධාන පූජකයා, ව්‍යවස්ථා නිර්මාතෘ, විනිශ්චයකාරයා සහ, යුද්ධ හමුදාවේ එකම සෙන්පතියාද විය.[1][2] රජු මිය ගිය කල්හී, ඔහුගේ බලයන්, රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙත ප්‍රතිවර්තිත වූ අතර, එය විසින්, නව රජෙකු තෝරා පත් කර ගැනුමට ඉඩ සලසන, අතුරු-රජෙකු තෝරා ගනු ලැබිණි. රාජාණ්ඩුව වෙතින් ජනරජය වෙත සංක්‍රාන්තියෙහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බල තුලනය, විධායකයෙහි (රෝමානු රජ) සිට රෝමානු සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙත පැවරිණි. ක්‍රිපූ 509 දී රෝමානු ජනරජය සංස්ථාපනය කල විටදී, රජ විසින් දරණ ලද බලතල, රෝමානු කොන්සල්වරුන්ට පවරන ලද අතර, සෑම වසරකදීම, මෙම කොන්සල්වරුන් දෙදෙනෙකු තෝරා පත් කර ගන්නා ලදහ. ජනරජයේ මහේස්ත්‍රාත්වරු තෝරා පත් කර ගන්නා ලද්දේ රෝමයේ ජනතාව විසින් වන අතර, මෙම එක් එක් මහේස්ත්‍රාත්වරයා වෙත "ප්‍රධාන බලතල" (මෙයර් පොටෙස්ටස්) නමින් හැඳින්වුනු යම් මට්ටමක බලතල පවරා දෙන ලදි.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  • ඇබට්, ෆ්‍රෑන්ක් ෆ්‍රොස්ට් (1901). අ හිස්ට්‍රි ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් ඔෆ් රෝමන් පොලිටිකල් ඉන්ස්ටිට්‍යුෂන්ස්. එලිබ්‍රෝන් ක්ලැසික්ස් (ISBN 0-543-92749-0).

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 ඇබට්, 8
  2. ඇබට්, 15
  3. ඇබට්, 151
"https://si.wikipedia.org/w/index.php?title=රෝමානු_මහේස්ත්‍රාත්&oldid=325374" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි