රෝමානු කොන්සල්
විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
මෙම ලිපිය රෝමානු ජනරජයේ උසස්තම නිලය පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, කොන්සල්වරයා බලන්න.
| මෙම ලිපිය, පුරාතන රෝමයේ දේශපාලනය සහ ආණ්ඩුව පිළිබඳ ලිපි පෙලක කොටසකි |
||||
| යුග | ||||
|
||||
| රෝමානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා | ||||
| සාමාන්‍ය මහේස්ත්‍රාත්වරු | ||||
|
||||
| අතිවිශේෂ මහේස්ත්‍රාත්වරු | ||||
|
||||
| Titles and honours | ||||
|
||||
| Precedent and law | ||||
|
||||
කොන්සල්වරු යනු, රෝමානු ජනරජයේ උසස්ම ශ්‍රේණිගත තෝරා පත් කර ගැනුණු දේශපාලන නිලධාරින් වූහ. කුර්සුස් ඔනෝරුම් නම් සාම්ප්‍රදායික තනතුරු අනුප්‍රාප්තියෙහි උසස්ම මට්ටම ලෙසින් කොන්සල්භාවය සැලකිණි.
සෑස වසරකදීම, කොන්සල්වරු දෙදෙනෙකු එක්වර තෝරා පත් කර ගනු ලැබූ අතර, ඔවුන්ගේ සේවා-කාලය එක්-අවුරුදු කාල සීමාවක් විය. සෑම මසකදීම, ඉම්පිරීයම් නම් බලාධිකාරිය මාරුවෙන් මාරුවට භුක්තිවිඳීමට, කොන්සල්වරුන් දෙදෙනා හට ඉඩ සැලසුණු අතර, කොන්සල්වරයෙතුගේ ඉම්පිරීයම් අධිකාරිය, රෝමය, ඉතාලිය සහ, පළාත් මත බල පැවැත්විණි. කෙසේවෙතත්, අධිරාජ්‍යය සංස්ථාපනය කිරීමෙන් පසුව, කොන්සල්වරු යනු, රෝමයේ ජනරජමය දායාදයෙහි නාමමාත්‍රික නියෝජිතයන් පමණක් වූ අතර, ඔවුන් සතුව ඉතා කුඩා බලතල ප්‍රමාණයක් සහ අධිකාරියක් වූයේ, අධිරාජයා උත්තරීතර නායකයා ලෙසින් ක්‍රියා කල නිසාය.