රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව
| රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාව | |
|---|---|
![]() | |
| පිහිටීම | පේරාදෙණිය, ශ්‍රී ලංකාව |
| නඩත්තු කිරීම | කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව |
| තත්වය | වසර පුරාම විවෘතයි |
| ඉදිකිරීම | වර්ෂ 1750 දී පමණ |
රාජකීය උද්භිද උද්‍යානය, ශ්‍රී ලංකාවේ පේරාදෙණියේ පිහිටා ඇත. එය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිද උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිද උද්‍යානය ලෙසින් සැලකෙයි.
පිහිටීම
[සංස්කරණය]මුහුදු මට්ටමේ සිට මීටර 460 ක් පමණ උසින් පිහිටා ඇති මෙහි භූමී ප්‍රමාණය අක්කර 147 ක් වේ. මහනුවර සිට කිලෝමීටර් 5.5 ක් බටහිරින් මෙය පිහිටා ඇත.
දේශගුණය
[සංස්කරණය]වසරේ දින 365 න් දින 200 කම වාර්ෂික වර්ෂාපතනයක් මෙයට ලැබේ.
ඉතිහාසය
[සංස්කරණය]| මෙම ලිපිය |
| ශ්‍රී ලංකාවේ වනජීවීන් |
|---|
මෙහි ඉතිහාසය 1371 දක්වා දිවෙයි. තුන්වන වික්‍රමබාහු රජුගේ රාජ සභාව පිහිටා තිබී ඇත්තේ වර්තමානයේ මේ උද්‍යානය පිහිටි ප්‍රදේශයේ මහවැලි ගඟ අසල යි. එ සේ ම මේ බිමෙහි විමලධර්මසූරිය රජු විහාරයක් ඉදිකළ බවත් පසුව ලංකාව 1815 වේ දී බ්‍රිතාන්‍ය කිරීටයට යටත් වීමෙන් පසු එම විහාරය කඩා බිඳැ දමා වැනැසූ බවත් සඳහන් වෙයි. පසුව මෙහි උද්භිද උද්‍යානයක් සෑදීමට අවශ්‍ය බිම් සැකැස්ම කර ඇත්තේ 1821 ඇලෙක්සැන්ඩර් මූං විසිනි. 1912 දී මෙහි අයිතිය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පැවරී ඇත. මෙහි ඉපැරණි තාල වර්ගයට අයත් ශාක දැකිය හැකි අතර ලංකාවේ පළමු තේ පැළය සිටුවා ඇත්තේ ද මෙම උද්‍යානයේ දී ය. ඉංග්‍රීසින් මේ උද්‍යානය ඉදිකර ඇත්තේ තම විවේක කාලය නිදහසේ ගෙවීමට යි.
සංචාරක ආකර්ෂණය
[සංස්කරණය]මෙම උද්‍යානය ඕකිඩ් විශේෂයන් සදහා ප්‍රසිද්ධියක් උසුලයි. එසේම මෙහි ශාක විශේෂයන් 4000 ට වඩා ඇත. ඒ අතර විශේෂයෙන්ම බෙහෙත් පැළෑටි, කුළු බඩු ශාක, තාල වර්ගයට අයත් ශාක සහා ඕකිඩ් විශේෂයන් වේ. වාර්ෂිකව දෙස් විදෙස් ආකර්ශකයින් මිලියන 2ක් පමණ මෙහි පැමිණේ.
වර්තමානයේ මෙහි වැඩකටයුතු කරගෙන යන්නේ උද්භිත උද්‍යාන දෙපාර්තමෙන්තුවත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුවත් ඒකාබද්ධවය.
ගැලරිය
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ පිහිටි අනෙකුත් උද්භිද උද්‍යාන
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2010-04-20 at the Wayback Machine
- [1]
- More images on Botanical Garden, Peradeniya සංරක්ෂණය කළ පිටපත 2016-01-22 at the Wayback Machine
- [2]
- Botanic Gardens of Sri Lanka
- The Peradeniya Royal Botanic Gardens, travelsrilanka.com[permanent dead link]
