රන්ජිත් ප්‍රේමසිරි
| රන්ජිත් ප්‍රේමසිරි † DPS, PBP | |
|---|---|
| මුල්ම නම | රන්ජිත් ප්‍රේමසිරි මැදලාන |
| උපත | පල්ලම, ශ්‍රී ලංකාව |
| මරනය | 2009 අප්‍රේල් 28 |
| පක්ෂපාතීත්වය | |
| සේවාව/ශාඛාව | |
| සේවා කාලය | 1991–2009 |
| නිලය | |
| ඒකකය | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බළකාය 5 වැනි සේනාංකය, ගජබා රෙජිමේන්තුව |
| සටන් / යුද්ධ | ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය |
| සම්මාන |
|
කෝප්‍රල් රන්ජිත් ප්‍රේමසිරි (නීරෝ නමින් ප්‍රකට) යනු ඊළාම් යුද්ධයේදී සතුරන් 217 දෙනෙක් (තහවුරු කළ) මරණයට පත් කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකි.[1] 2009 අප්‍රේල් 28, එනම් ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය අවසන් වීමට දින 20 කට පෙර ඔහු ක්‍රියාන්විතයේදී මිය ගියේ ය.
හමුදා වෘත්තිය
[සංස්කරණය]1991 දී, වසය 22 ක් වූ ප්‍රේමසිරි ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්වේඡ්චා බළකායට එකතු විය. දියතලාව හමුදා මූලස්ථානයේදී පුහුණුව ලැබීමෙන් පසු ඔහු ගජබා රෙජිමේන්තුවේ 5 වැනි සේනාංකයට බැඳිණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 8 වැනි ස්නයිපර් පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, 2000 දී ඔහු හමුදා ස්නයිපර්වරුන්ට එකතු විය. හමුදා සේවය අතරතුර කිහිපවරක්ම තුවාල සිදු වුවද ඔහු දිගටම එහි සේවය කළේය.
2009 අප්‍රේල් 28 වැනිදා, දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ සටන්කරුවන්, පුදුමාතලන් වෙත පලා යන සිවිල් වැසියන් අතර සැඟවී ගමන් කළ අතර, ඔවුන් ගැන අවධානය යොමු කර සිටි කෝප්‍රල් ප්‍රේමසිරි LTTE ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් මරණයට පත් විය.
ඔහුගේ මරණයෙන් දින 20 කට පසු, 2009 මැයි 28 වැනිදා ශ්‍රී ලංකානු සිවිල් යුද්ධය අවසන් විය. මරණයට පත් වන අවස්ථාවේදී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 18 ක් ද, එයින් 9 ක් ස්නයිපර්වරයෙකු ලෙස ද සේවය කර තිබූ අතර ඔහු විසින් සතුරු සටන්කරුවන් 217 දෙනෙක් මරණයට පත් කරන ලදි.
මරණයෙන් පසු
[සංස්කරණය]2021 දී ඇරිමැක් ලංකා පුද්ගලික සමාගම විසින් ඔහුට ගෞරවයක් ලෙසින් "නීරෝ" (NERO) නමින් ප්‍රථම පුරුෂ දෘෂ්ඨිකෝනයකින් යුත් වීඩියෝ ක්‍රීඩාවක් එළි දක්වන ලදී.