රිවිරැස ‍මෙ‍‍හෙයුම

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

රිවිරැස මෙහෙයුම 1995 ඔක්තොමිබර් 17 වන දින ශ්‍රී ලංකා හමුදා විසින් ඒකබද්ධ මෙහෙයුමක් ලෙස යාපනයේදී ක්‍රියාත්මක කරන ලදි. මෙහි මූලික අරමුණ වුයේ LTTE ත්‍රස්තවාදීන් ගේ ග්‍රහණයේ තිබු යාපනය නගරය හා යාපනය අර්ධද්වීපය මුදා ගැනීමය. මෙය ශ්‍රී ලංකා හමුදාවන් කරන ලද සාර්ථක හා විශාලතම මෙහෙයුම් වලින් එකකි.

පසුබිම[සංස්කරණය]

මෙම මෙහෙයුම ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වුයේ LTTE ත්‍රස්තවාදීන් ත්‍රිකුණාමලය වරායට ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එවකට රජය සමග පැවති සාම ක්‍රියාදමයෙන් ඉවත් වීමය.එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග LTTE යට එරෙහිව සක්‍රීය යුධ ක්‍රියාවලියකට එලඹීමට අදහස් කරන ලදි. මෙහෙයුමේ මුලික සැලසුම් කටයුතු මෙහෙයුම් අණදෙන නිලධාරී මේජර් ජෙනරල්(පසුව ජෙනරල්) රොහන් දළුවත්ත විසින් එවකට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ලුතිනල් ජෙනරල් (පසුව ජෙනරල්) අනුරුද්ධ රත්වත්ත මහතාගේ අනුදැනුම යටතේ කරන සිදු ලදි. මෙම මෙහෙයුමේ මුලික සැලසුම් 1993 ජූනි මාසය තරම් ඈතකදී මේජර් ජෙනරල් ගැමුණු කුලතුංග මහතා ගේ අනුදැනුම යටතේ කර්නල් ලකී රාජසිංහ විසින් කර්නල් මොහාන් රෙක්වුඩ් මහතාගේ සහය ලබාගෙන කරන ලදි. එවකට එහි අරමුණ වුයේ ජනපති රණසිංහ ප්‍රේමදාස 1993 මෑයි 1 වන දින ඝාතනය කල LTTE යට ප්‍රතිරෝධයක් දැක්වීමය. හමුදාව මෙම මෙහෙයුම කිරීමට සූදානම් වුවත් එවකට ජනාධිපති ඩී.බී. විජේතුංග විසින් යාපනයේ සිවිල් ජනතාවට හනි වේ යැයි සලකා එය නතර කරන ලදි.

යාපනය මුදා ගැනීමේ රජයේ සැලැස්ම ගැන දැනැගත් LTTEය පූනරීන් හා කිලාලි වල පිහිටා තිබූ යුද්ධ හමුදා හා නාවික හමුදා කඳවුරු වලට 1993 නොවැම්බර් වලදී ප්‍රහාර එල්ලකොට හමුදා දුර්වල කිරිමට කටයුතු කරන ලදි. මෙම බරපතල පරාජය හමුවේ ශ්‍රී ලංකා හමුදව යාපන අර්ද්ධද්වීපය තුල පලාලි, අලිමංකඩ හා කයිට්ස් යන ප්‍රදේශ වලට සීමා කිරිමට LTTEය සමත් විය. රිවිරැස මෙහෙයුම ආරම්භ කිරිමට පෙර එහි ප්‍රධාන මෙහෙයුම් මධස්ථානය වූ පලාලි ප්‍රදේශයේ කොටස් මුදා ගැනීමට ඉදිරි පිම්ම මෙහෙයුම (මේජර් ජෙනරල් ශ්‍රීලාල් වීරසූරිය, කර්නල් හිරාන් හලන්ගොඩ විසින් සැලසුම් සිදුකරන ලදි ) ආරම්භ කරන ලදි. පසුව රිවිරැස මෙහෙයුම මගින් බටහිර කරේනගර් ප්‍රදේශය මුදා ගන්නා ලදි.

මෙහෙයුම[සංස්කරණය]

ආරම්භක මෙහෙයුමක් වශයෙන් අකුණු පහර මෙහෙයුම රජයේ හමුදා යටතේ පවතින ප්‍රදේශ නැගෙනහිරට ව්‍යාප්ත කිරීමේ අරමුණ ඇතිව 1995 සැප්තැමිබර් 28 ආරමිභ කරන ලදි. මෙහිදි 532 වැනි බලසේනාංකාධිපති කර්නල් ලකී රජසිංහගේ අණදීම යටතේ එම බලසේනාංකය 53 වන සේනාංකයේ ( බ්‍රිගේඩියර් ජානක පෙරේරා අණදුන් ) සහය ඇතිව අච්චුවේලි ප්‍රදේශය අත්පත් කර ගන්නා ලදි. 53 වන සේනාංකය අච්චුවේලි ප්‍රදේශය අත්පත් කර ගත් පසු ඹක්තෝබර් 31 රාත්‍රියේ LTTEය ප්‍රබල ප්‍රහාරයක් එම සේනාංකය වෙත එල්ල කළ වුවත් LTTE යට බරපතල හානි ගෙන දෙමින් බ්‍රිගේඩියර් ජානක පෙරේරා ප්‍රමුඛ 53 වන සෙනාංකය එම ප්‍රහාරය මැඩ පවත්වන ලදි. මෙම ප්‍රහාරය LTTEය බරපතල පසුබෑමකට ලක් කිරිමට මෙන්ම රජයේ හමුදා වල ධෛර්ය නංවාලීමට සමත්විය.

රිවිරැස මෙහෙයුමේ සාර්ථකත්වය පිටු පස මෙජර් ජෙනරල් (පසුව ජෙනරල්) රොහන් දළුවත්ත හා බ්‍රිගේඩියර් ( පසුව මෙජෙර් ජෙනරල්) ජානක පෙරේරාගේ සංග්‍රාමික හැකියවන් හා නායකත්වය විය. 20,000 ක යුද්ධ බට පිරිසකගේ සහ ගුවන් නාවික හමුදා වල සහභාගිත්වයෙන් ඇරඹුණ මෙහෙයුම සදහා සමස්ථ මෙහෙයුම් අණ දෙන නිළධාරි වශයෙන් මේජර් ජෙනරාල් දළුවත්ත විසින් අණ දෙන ලද මෙහෙයුම සදහා සේනාංක 03ක් සහභාගි විය.

බ්‍රිගේඩියර් (පසුව මේජර් ජෙනරාල්) නීල් ඩයස් විසින් අණ දුන් 51 වන සේනාංකය (දෙවන අණ දෙන නිළධාරි ලෙස බ්‍රිගේඩියර් (පසුව ජෙනරාල්) සරත් ෆොන්සේකා සහභාගි විය)හා බ්‍රිගේඩියර් පී. ඒ. කරණාතිලක (දෙවන අණ දෙන නිළධාරි ලෙස බ්‍රිගේඩියර් (පසුව මේජර් ජෙනරාල් )ඇන්ටන් විජේන්ද්‍ර සහභාගි විය) අණ දුන් 52 වන සේනාංකයත් යාපනය - පේදුරුතුඩුව මාර්ගය කෝපායි දක්වා හා යාපන-පලාලි මාර්ගය කොණ්ඩාවිල් දක්වා මුදා ගන්නා ලදි. කි.මී. 12 ක මුදා ගැනිම LTTE දැඩි ප්‍රහාර හමුවේ මාසයක් පමණ කාලයකදි කරණ ලදි. මෙම ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට ශී ලංකා හමුදාව යාපන නගරයට නැගෙනහිරින් ඇති සංග්‍රාමික වශයෙන් වැදගත් මාර්ග කිහිපයක් අත් පත් කර ගන්නා ලදි. මේ සදහා බ්‍රිගේඩියර් ජානක පෙරේරා අණ දුන් විශේෂ බලකායත් (දෙවන අණ දෙන නිළධාරි කර්නල් (පසුව මේජර් ජෙනරාල්) ගාමිණි හෙටිටිආරචිචි )සමත් විය. 534 වන නිදහස් බළ සේනාව (අණ දෙන නිළධාරි කර්නල් පීරිස් ප්‍රනාන්දු ) 531 වන ගුවන් සංචාරක බළ සේනාව (අණ දෙන නිළධාරි කර්නල් හිරාන් හලන්ගොඩ ) 533 වන සන්නාහ සන්නද්ධ බළ සේනාව ( අණ දෙන නිලධාරි කර්නල් ගාමිණි බාලසුරිය ) සහ 532 වන පාබළ බළ සේනාවත් (අණ දෙන නිළධාරි ලකි රාජසිංහ )සහභාගි විය.

LTTEය මෙම ප්‍රහාරය සදහා පදවිය පුරා වැලලූ බිම් බෝමිබ සහ නැගෙනහිරින් ගෙන ආ අමතර ත්‍රස්තවාදින් සමග කල් ඇතිව සුදානම්ව සිටියහ. 531 වන බළ සේනාව නොවැම්බර් 18 වන දින ප්‍රබල ප්‍රතිප්‍රහාර හමුවේ භට පිරිස් බිම් බෝම්බ වළලා ඇති භූමිය මගහරිමින් නැගෙනහිර කොටස් අත් පත් කර ගැනිමට සමත් විය. 19 වන දින 534 වන බලසේනාව අති දුෂ්කර සටනකින් පසු යාපන නගරය ගොඩ බිමට සමිබන්ධ වන ප්‍රධාන මාර්ගය අත් පත් කර ගන්නා ලදි. ත්‍රස්තවාදීන්ට ප්‍රතිසංවිධානය වීමට අවස්ථාවක් නොදී 532 වන බළ සේනාවට අණ දුන් බ්‍රිගේඩියර් ජානක පෙරේරා 1995 නොවැමිබර් 22 වන දින වන විට භට පිරිස් කොළොම්බුතුරෙයි දක්වා මෙහෙය විමෙන් යාපන නගරය අනෙකුත් LTTE පාලන ප්‍රදේශ වලින් වෙන් කර ගැනිමට සමත් වූ නමුත් නගරය තුළ සිටි ත්‍රස්තවාදින් මර්ධනයට දැඩි සටනක් කිරිමට හමුදාවන්ට සිදුවිය.

යාපනයේ සටන[සංස්කරණය]

1995 නොවැමිබර් 29 වන දින බ්‍රිගේඩියර් ජානක පෙරේරා අණ දීම යටත් 53 වන සේනාංකය යාපන නගරයේ රැදි සිටි ත්‍රස්තවාදින් හට ප්‍රහාර එල්ල කිරිම ආරම්භ කරන ලදි. එහිදි සිවිල් වැසියන්ට වන හානි අවම කිරිමට පටු ඉදිරි පෙරමුණක් භාවිතා කරන ලදි. 532 වන බලසේනාංකය ( කර්නල් ලකි රාජසිංහ අණ දෙන ලදි) නගරයට නැගෙනහිර දෙසින් නගරයට කඩා වැදුනු පාබල හමුදාව LTTE විසින් දැඩි ලෙස රැකවල් කළ නල්ලූර් මාර්ගය මුදා ගැනිමට කර්නල් ලකි රාජසිංහයන් විසින් නගරයට උතුරින් මෙහෙයුම් කළ අතර ඉන් නල්ලූර් ප්‍රදේශය මුදා ගන්නා ලදි. බ්‍රිගේඩියර් ජානක පෙරේරා ක්‍රමයෙන් පාබළ හමුදාව සමගාමිව 531 වන ගුවන් සංග්‍රාමික බළකාය (කර්නල් හිරාන් හලංගොඩ අණ දෙන) යාපනය කොටුව මුදා ගැනිමට මෙහෙය විය. ඒ අතර 534 වන නිදහස් බළකායේ (කර්නල් පර්සි ප්‍රනාන්දු අණදෙන) නැගෙනහිර දෙසින් වෙරළ ඹස්සේ යාපන ජැටිය අත්පත් කර ගැනිමට ඉදිරියට භට පිරිස් මෙහෙය විය. බළසේනාංක 03 ක් එක වර තුන් පැත්තකින් එල්ල කළ ප්‍රහාර හමුවේ LTTEයට ඔවුන්ගේ ඉදිරි ආරක්ෂක වළලු අතර සංනිවේදනය පවත්වා ගැනිමට අපහසු විය. දෙසැම්බර් 01 වන දින මෙම සේනාංකය තුනම ඉදිරි ආරක්ෂ වළලු කඩා ගෙන ඉදිරියටම එන විට වික්ෂිප්ත වු LTTEය දෙසැමිබර් 01 වන දින රාත්‍රියේ අඳුර තම වාසියට හරවාගෙන බෝට්ටු මගින් කිලාලි කලපුව හරහා නගරය අතහැර පලා යන ලදි. 1995 දෙසැම්බර් 02 වන දින 53 වන සේනාංකයේ භට පිරිස් සටනකින් තොරවම නගරයට ඇතළු විය. දින 50 ක ප්‍රබල සටනකින් පසු ශ්‍රී ලංකා හමුදාව යාපන නගරය අත්පත් කර ගන්නා ලදි.LTTEය පසු බසින විට රැගෙන ගිය යාපන නගරයේ බොහෝ සමිපත් අතර යාපන ශික්ෂණ රෝහලේ උපකරණ පවා විය.

"https://si.wikipedia.org/w/index.php?title=රිවිරැස_‍මෙ‍‍හෙයුම&oldid=142542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි