රජස රාජවංශය

විකිපීඩියා වෙතින්

රජස යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර ජාවා හි 13වන සිට 15වන සියවස දක්වා කාලයේ සිංහසාරි රාජධානියේ සහ පසුකාලීන මජපහිත් අධිරාජ්‍යයේ විසූ පාලන වංශයයි. සිංහසාරි සහ මජපහිත් පාලකයන්ගේ සම්භවය මුල්කාලීන 13වන සියවසේ රජස රාජවංශය පිහිටුවූ කෙන් අරොක් හෙවත් ශ්‍රී රංගහ් රජස නම් අද්භූත චරිතය හා සබැඳේ. පරරතොන් අනුව, කෙන් අරොක් උපත ලැබූයේ තුමාපෙල් ප්‍රදේශයේ ය (වර්තමාන මලන්ග්, නැගෙනහිර ජාවා).[1] එම තැනැත්තා විසින් සිංහසාරි සහ මජපහිත් රාජ වංශ ආරම්භ කළේ යැයි සැළකේ.[2]

සංස්කෘත බසින්, රජස යන්නෙන් "ආශාව" හෝ "දුහුවිලි"/"පාංශු" යන්න හැඟවේ.[3]

පාලකයින් ලැයිස්තුව[සංස්කරණය]

රජස රාජවංශයේ, සිංහසාරි සහ මජපහිත් රාජකීය පවුලේ වංශාවලික සටහන. රාජ්‍ය පාලකයන් මෙහි විශේෂ පැහැයකින් දක්වා ඇත.

සිංහසාරි යුගය:

  1. කෙන් අරොක් (1222—1227)[4]:185–187
  2. අනූසපති (1227—1248)[4]:187–188
  3. පංජි තොහ්ජය (1248)[4]:188
  4. විෂ්ණුවර්ධන-නරසිංහමූර්ති (1248—1268)[4]:188
  5. කෙර්තනගර (1268—1292)[4]:188

මජපහිත් ‍යුගය:

  1. රාදෙන් විජය (1294—1309)[4]:232–233
  2. ජයනගර (1309—1328)[4]:233
  3. ත්‍රිභුවන විජයතුංගදේවී (1328—1350)[4]:234
  4. හයාම් වුරූක් (1350—1389)[4]:234

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Rajasa Dynasty". East Java.com. සම්ප්‍රවේශය 2010-07-25.
  2. Southeast Asia: a historical encyclopedia. Books Google. 2004. ISBN 9781576077702. සම්ප්‍රවේශය 2010-07-25.
  3. "Rajasa". Sanskrit dictionary.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 4.6 4.7 4.8 Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.

බාහිර සබැඳි[සංස්කරණය]

"Indonesia" යනු සැකිල්ල:ඛණ්ඩාංක නොමැත සඳහා බාරගත නොහැකි ප්‍රවර්ග පරාමිතියකි.
The problem is usually caused either by a spelling mistake or by an-over-precise category.
For a full list of categories, see ප්‍රවර්ගය:වර්ගීකරණය කර නොමැති භූගෝලීය ඛණ්ඩාංක සපයා නොමැති ලිපි and its subcategories.

"https://si.wikipedia.org/w/index.php?title=රජස_රාජවංශය&oldid=467134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි