Jump to content

හයාම් වුරූක්

විකිපීඩියා වෙතින්
ශ්‍රී රජසනගර ජයවිෂ්ණුවර්ධන
මජපහිත් හි රජ
රාජ්‍ය සමය1350 – 1389
පූර්වප්‍රාප්තිකයාත්‍රිභුවන විජයතුංගදේවී
අනුප්‍රාප්තිකයාවික්‍රමවර්ධන
උපත1334
මජපහිත් අධිරාජ්‍යය
මරණය1389 (වයස 54–55)
මජපහිත් අධිරාජ්‍යය
වල්ලභයාපාදුකා සොරි
තවත් උපබිසවක (වීරභූමිගේ මව)
සම්පූර්ණ නාමය
හයාම් වුරූක්
රාජවංශයරජස රාජවංශය
පියාචක්‍රධර
මවත්‍රිභුවන විජයතුංගදේවී
ආගමහින්දු ආගම
සිංහසාරි සහ මජපහිත් හි රාජකීය පවුල් වන රජස රාජවංශයේ වංශාවලිය. පාලකයින්ගේ නම් මෙහි වෙනත් පැහැයකින් ඉස්මතු කොට ඇත.

හයාම් වුරූක්, හෙවත් (1350න් පසු) රජසනගර, ප-ත-න-ප-නා-වූ, නැතහිත් භතර ප්‍රභූ (1334–1389) යනුවෙන් හැඳින්වෙන්නේ රජස රාජවංශයේ ජාවානු හින්දු රජකෙනෙකි.[1]:234[2] මොහු ඉන්දියානුකෘත මජපහිත් අධිරාජ්‍යයේ සිව්වන පාලකයා වේ. ඔහු සිය ප්‍රධාන අමාත්‍යවරයා වූ ගජහ් මඩා සමඟ එක්ව සිය අධිරාජ්‍යය බලය අතින් උච්චස්ථානයට ගෙනගියේ ය. මොහුගේ රාජ්‍ය සමයේ රාමායණය සහ මහාභාරතය වැනි හින්දු වීරකාව්‍ය වයාං කුලිත් (“සම් රූකඩ”) කථා තේමා සඳහා භාවිතා වීම ඇරඹිණි.[3] ඔහුට පෙර ත්‍රිභුවන විජයතුංගදේවී ද, ඔහුට පසු ඔහුගේ බෑණනුවන් වූ වික්‍රමවර්ධන ද රාජ්‍ය විචාළහ. ඔහුගේ දිඑඉය පිළිබඳ බොහෝ තොරතුරු ලැබෙන්නේ නගරක්‍රෙතාගම සහ පරරතොන් යන මූලාශ්‍රවලිනි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ↑ Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.
  2. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; "JejakNusantara" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. ↑ Mark Juergensmeyer and Wade Clark Roof, 2012, Encyclopedia of Global Religion, Volume 1, Page 557.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
ත්‍රිභුවන විජයතුංගදේවී
මජපහිත් අධිරාජ්‍යයේ රජ
1350–1389
අනුප්‍රාප්තික
වික්‍රමවර්ධන
"https://si.wikipedia.org/w/index.php?title=හයාම්_වුරූක්&oldid=796771" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි