රංජිත් ප්‍රනාන්දු
| පුද්ගලික තොරතුරු | ||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| පිතිකරන විලාසය | දකුණතින් පිත්ත හසුරුවන | |||||||||||||||||||||||||||||||||||||||
| පන්දුයැවීම් විලාසය | කඩුළු රකින්නා | |||||||||||||||||||||||||||||||||||||||
| වෘත්තියමය සංඛ්‍යාන | ||||||||||||||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||||||||||||||
| මූලාශ්‍රය: [1], 2006 1 මැයි | ||||||||||||||||||||||||||||||||||||||||
එඩ්වඩ් රංජිත් ප්‍රනාන්දු (උපත 22 පෙබරවාරි 1944 දිනදී ශ්‍රී ලංකාවේ, කොළඹදී) යනු, 1975 ක්‍රිකට් ලෝක කුසලාන තුලදී, එදිජා තුනක ක්‍රීඩා කල සහ, ඒවායෙහිදී කඩුළු-රකින්නා සහ ආරම්භක පිතිකරු ලෙසින් ක්‍රීඩා කල, හිටපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
1960 දී ඔහු, කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙහි, පළමු පෙළ පාසැල් ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩා කිරීම ඇරඹූ අතර, පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින් එකල පෙරමුණ ගෙන සිටි අතර හොඳම කඩුළු රකින්නා-පිතිකරුවන් අතරින් එක් අයෙකු විය. 1964දී වසරෙහි පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් ඔහු තීරණය කෙරිණි.
පාසැල් ජීවිතය නිමවත්ම, මයිකල් තිසේරාගේ නායකත්වය යටතේවූ, ලංකා කණ්ඩායමෙහි 1964 වසරෙහි ඉන්දියානු සංචාරය සඳහා ඔහු තෝරා ගන්නා ලදි. නිලනොලත් ටෙස්ට් තරග වල ඔහු ක්‍රීඩා නොකලද, තුන්වන නිලනොලත් ටෙස්ට් තරගයේදී ලංකාව විසින් ඉන්දියාව පරදවමින් රටෙන් පිටතදී ලඅබූ රටෙහි පළමු ප්‍රධාන ජයග්‍රහණය ලබා ගන්නා ලදි.